සංචරණ සීමා 14 වැනි දා ඉවතට

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    සංචරණ සීමා සඳුදා සිට ඉවතට​


    දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරලා ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි.

    සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර සංචාර සීමා ඇතුළු විවිධ සීමා තවදුරටත් ක්‍රියාත්ම වෙනු ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේ අවසන් තීරණයක් ගාන්නා බවත් යුද හමුදාපතිවරයා කියයි.

    සංචරණ සීමා සම්බන්ධයෙන් පැතිර යන කටතා පිළිනොගන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.

    image-8b4fd4cc17-vert.jpg


    Lankadeepa

    Update- 2021/06/11 පැය 17:40

    සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි​


    දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කර්මාන්ත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    -ලංකාදීප-
     
    Last edited:

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    එ්ක නෙමෙයි මට ප්‍රශ්නෙ ලංකාදීප මේකට ලයික් එකක් දැම්මෙ කොහොමද බන්. පත්තරත් මේකෙ හොල්මන් කරනව ද?😂
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එ්ක නෙමෙයි මට ප්‍රශ්නෙ ලංකාදීප මේකට ලයික් එකක් දැම්මෙ කොහොමද බන්. පත්තරත් මේකෙ හොල්මන් කරනව ද?😂
    ඒ පත්තරේ ලින්ක් එක. ලයික් එකක් නෙමෙයි
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    #BREAKING: Responding to claims on social media, Army Commander says no decision taken to extend travel restrictions after 4.00 am on 14 June- adaderana.lk
     
    • Like
    Reactions: Amilap1

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට
    මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.