සංචරණ සීමා සඳුදා සිට ඉවතට
දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරලා ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි.
සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර සංචාර සීමා ඇතුළු විවිධ සීමා තවදුරටත් ක්‍රියාත්ම වෙනු ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේ අවසන් තීරණයක් ගාන්නා බවත් යුද හමුදාපතිවරයා කියයි.
සංචරණ සීමා සම්බන්ධයෙන් පැතිර යන කටතා පිළිනොගන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.
Lankadeepa
Update- 2021/06/11 පැය 17:40
සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි
දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කර්මාන්ත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
-ලංකාදීප-
Last edited:


, harriyatama habayi kiwwe na