මොකක්ද Ryzen ප්‍රොසෙසර් එක කිව්ව නම්?
ඔයා ස්ටොක් කූලර් එකනම් තවමත් පාවිච්චි කරන්නේ ඔව්, අනිවාර්යයෙන්ම එයාර් හරි AIO කූලර් එකකට යන එකෙන් ඔයාට පැහැදිලි වාසියක් තියෙනවා.
එයාර් කුලර්ස් AIO ඒවට වඩා හොදට පර්ෆොර්ම් කරන අවස්ථා තියෙනවා. හැබැයි හොදට බලන්න ඒ හැම වෙලාවකම (ඔය කියන රිවිව්වල පවා) තියෙන්නේ බ්‍රෑන්ඩ් එක අංක එක වෙන එයාර් කූලර්ස්. Noctua, b-quiet, Scythe වගේ.
මේ කූලර්ස් ලංකාවේ ගන්න නැහැ. ඉම්පොර්ට් කිරීම හෝ, ඉම්පෝරට් කරන ෂොප් එකක් හරහා ගෙන්වා ගැනීම තමයි එකම විදිහ.
අනෙක් පැත්තෙන්, AIO කූලර්ස් ඔ්න තරම් තියෙනවා ගන්න. 120 AIO කූලර් එකක් Ryzen එකකට ඇති. 10 ඉදන් ඉහළට තියෙනවා.
බලන්න SilverStone 120 (මේක තමා ලාබෙටම තිබ්බේ පහුගිය දවස්වල), ඒ වගේම NZXT 120 (මේකෙ රිවීව් එච්චර හොද නැහැ, මොකද වෙනම ඩිසයින් එකක්. ඒ වගේම ටිකක් ගණන්. හැබැයි ලොකු අවුලක් වෙන්නත් බැහැ) ඒ වගේම Corsair H60 (මෙකෙත් ගාණ NZXT එකටම සමානවයි තිබ්බේ මතක හැටියට. හැබැයි රීවීව්ස් හොදයි)
ගාණ බලනව නම් වෙන ඒ්වත් තියෙනවා, Radimax, GoldenField වගේ. මම පාවිච්චි කරලා නැති හින්දා, රෙකමෙන්ඩ් එකක් දෙන්න බැහැ.
ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මමත් ඔතනම ඉදලා, පස්සේ 240 NZXT එකකට ගිය කෙනෙක්