මැතිණිය

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අහම්බෙන් වගේ හම්බුනා සිරිමාවෝ බන්ඩාරනායක
    මැතිණිය ගැන bbc එකෙන් කරපු documentary එකක පොඩි කෑල්ලක්. මීට කලින් මැතිණිය ගැන කරපු ඒ වගේ වීඩීයෝ එකක් මං දැකල නෑ. ඒ නිසා මේ වීඩියො එක බැලුවට පස්සේ සහ මං එතුමිය ගැන අහල තියෙන සමහර කතා එක්ක , එතුමිය ගැන මං හිතාගෙන හිටපු විදිය පොඩ්ඩක් වෙනස් උනා.
    මේ වීඩියෝ එකෙ ඇය ඉංග්‍රිසි භාෂාව හසුරුවන විදිය සහ ඇයට ජාත්‍යන්තරයේ තිබුන පිළිගැනීම මං හිතාගෙන හිටපු විදියට වඩා ඉහල එකක්.
    සිරිමාවෝ බණ්ඩාරනායක ගැන අදටත් කතා කරන කිසිම ඇයට නිකන්ම සිරිමාවෝ කියල කියනව මට ඇහිලම නෑ. හුගක් වෙලාවට ඇය ගැන කතා කරන අය, ඇයට කියන්නේ මැතිණිය කියලා. ඇයට එහෙම ආමන්ත්‍රණය කරන්නේ ඇයට තියෙන ගෞරව නිසා වෙන්න ඕන?.
    වයසක පුද්ගලයෙක් මැතිණිය ගැන මට කතාවක් කිව්වා. එක පාරක් රාජ්‍ය නායකයෙක් ලංකාවට එන්න කලින් ඔහුගේ ආරක්ෂාවට කියලා හමුදා භට කණ්ඩායමක් ගුවන් යානයකින් ලංකාවට එවල තියෙනවා. මේ ගැන දැන ගත්ත ලංකාවේ ආරක්ෂක අංශ, මේ ගැන මැතිණියව දැනුවත් කරල කරන්න ඕන මොකක්ද කියල අහල තියෙනවා. ඒ වේලාවේ මැතිණිය වෙනත් බලවත් රටක නායකයෙක් එක්ක meeting එකකලු ඉන්දල තියෙන්නේ. Anyway, මැතිණිය ලංකාවේ ආරක්ෂක අංශ වලට කියල තියෙන්නේ වාහම අර ගුවන් යානය ආපහු ඒ රටට යවන්න කියලලු. මේ කතාව කියපු පුද්ගලය ඒ කතාවෙන් මට කිව්වේ, මැතිණිය රාජ්‍ය නායිකාවක් වශයෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරේ කොහොමද කියලා compared to most of her successors.
    ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?
    (I really like to know cuz this video made me curious.)
    @001flyD I appreciate if you can share your thoughts machan.

    Last edited:

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Bump.!
    මැතිණිය ගැන කතා එමටයි. මමත් අහල කියවල තියෙනවා. තවත් ආසයි. ස්තූතියි සහෝ බෙදා ගත්තට.
    කාන්තාවක් වෙලත් ඇයට තිබුණු පෞර්ෂය ඒවගේම vision ඒක එතනින් එහාට කාටවත් නැතිවීම ගැන දුක්වෙන්නත් ඕනේ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ලන්කාවේ ස්වර්ණමය කාලේ කියලා අපේ ආච්චිලා නම් කියන්නේ. අර කිව්වත් වගේ පුදුමාකාර පෞර්ෂයක් තිබිලා තියෙන්නේ. කොටින්ම පාර්ලිමේන්තුවට එනකොට එතුමිය ඉදගන්නකන් මීයට පිම්බා වගේලු කට්ටිය ඉන්නේ....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මැතිනියගේ නම සිරිමා එහෙම නැතුව සිරිමාවෝ නෙමෙයි ,නමුත් ගෞරවයක් එක්ක කරන්න වෝ කියන ප්‍රත්‍යය යොදන්නෙ,එතුමියගේ දෙශපාලන වැරදි තිරන තියෙන්න ඇති එ ගැන අපි කවුරුත් දන්නවා නේ නමුත් එඩිතර කාන්තාවක්,සිරිමාවෝ මැතිනියගේ වළව්වෙ වගේම ඇය ගිය පාසැල් වලත් තිබුනේ ඉංග්‍රීසි පරිසරයක් (මහවලතැන්න වළව්වේ ඉංග්‍රීසි පරිසරයක් තිබුනා කියන්න එක සාක්ෂියක් තමයි එ කාලේ බලංගෝඩ ආනන්ද මෛත්‍රිය ස්වාමින්වහන්සේ ඉංග්‍රීසි දැනුම මුහවත් කරගත්තෙ මැතිනියගේ පියා වුනු බාර්නස් රත්වත්තෙ රටේ මහත්තයාගෙන් ඉංග්‍රීසි පොත් අරගන..එක හාමුදුරුවෝ කියල තියනවා කිහිප අවස්ථාවකම),බණ්ඩාරනායක මැතිනියට මේ හෙතුවෙන් සිංහල චතුරව වේදිකාවේ කතා කරන්න හැකියාවක් තිබ්බෙ නැ,මුල් කාලේ මැතිනියට වේදිකාවේ සිංහල කතා කියන්න එ යුගයේ ගම්පග ගුරු විද්‍යලයේ විදුහල්පති වෙලා හිටපු අතුකෝරල මහත්තයා උදව් කරල තියනවා කියල මම අහල තියනවා,එ මහත්තයගේ දුව එක්ක මම කතා කරලා තියනවා...ඉට අමතරව මැතිනියගේ කාලයක් විශ්වාස වන්තම රියදුරු මහත්මයෙක් වෙලා හිටියා රූපසිංහ කියල,අන්න එ අංකල් එක්කත් මම ආශ්‍රය කරල තියනවා,එ අංකල් මට දවසක් කිව්වා ඔය කලබල කාලේ මැතිනියව දාගන කාර් එකේ එයා හොටෙල් එකකට ගිහින් මැතිනිය ‍රැකපු විදිය....තව කතාවක් මතක් උනා එකත් කියලම මම නවතින්නම් මචං,දවසක් මැතිනිය ගිය ‍රැස්විමකට අනුර බණ්ඩාරනායකත් අරන් ගිහින්,කට කැඩිච්ච මිනිහෙක් කියලා අන්න අද අනුරයත් ඇවිල්ලා කියලා,මැතිනිය එක බැල්මයිලු දැම්මෙ අරකා බලු වෙලා පිටිපස්සට ගිහින්.......මම සිරිමාවෝ මැතිනිය හැබහින් දැකලා නැති උනාට මල ගෙදරට ගියා (එතකොට මම බොහොම පොඩි)

    කොන්ද කෙලින් තියන කාන්තාවෝ අපට කොච්චර නම් ආඩම්බරයක්ද ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,432
    113
    දැන් ඉන්න උන් වගේ කයියයි පඩ ගඳයි විතරක් තිබ්බ ගෑනියෙක් නෙවේ. ලොකු උගත් කමක් නොතිබ්බත් පාලනය ගැන හොඳ අවබෝධයක් තිබ්බා. කොන්ද කෙලින් තියන් රට රටවල් වල නායකයෝ එක්ක සහයෝගයෙන් කටයුතු කරා. කාවවත් තරහ කරගත්තෙත් නෑ, කාටවත් විශේෂව ලංවෙන්න ගියෙත් නෑ. එයාට වැරදුන්නේ, කෙටිකාලීනව මධ්‍යකාලීනව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න ඕන වැඩපිලිවෙලක් කෙටි කාලෙකින් ක්‍රියාත්මක කරවන්න ගිය එක. අරමුණ හොඳ උනාට වැඩක් නෑ යන්න ගිය පාර වැරදියි නම්.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    දැන් ඉන්න උන් වගේ කයියයි පඩ ගඳයි විතරක් තිබ්බ ගෑනියෙක් නෙවේ. ලොකු උගත් කමක් නොතිබ්බත් පාලනය ගැන හොඳ අවබෝධයක් තිබ්බා. කොන්ද කෙලින් තියන් රට රටවල් වල නායකයෝ එක්ක සහයෝගයෙන් කටයුතු කරා. කාවවත් තරහ කරගත්තෙත් නෑ, කාටවත් විශේෂව ලංවෙන්න ගියෙත් නෑ. එයාට වැරදුන්නේ, කෙටිකාලීනව මධ්‍යකාලීනව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න ඕන වැඩපිලිවෙලක් කෙටි කාලෙකින් ක්‍රියාත්මක කරවන්න ගිය එක. අරමුණ හොඳ උනාට වැඩක් නෑ යන්න ගිය පාර වැරදියි නම්.
    මේක නම් හරියටම හරි බන්.... එතුමියට තව අවුරුදු 5ක් තිබ්බානම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුනා ලු....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,432
    113
    මේක නම් හරියටම හරි බන්.... එතුමියට තව අවුරුදු 5ක් තිබ්බානම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුනා ලු....
    මැතිණිගෙ වැරදි වැඩපිලිවෙල නිසා එයාට ඡන්දෙ දුන්න නොදුන්න හැමෝම තැලුනා. එක එකාට රෙද්ද උස්සපු උන් නම් ටිකක් හරි පහසුවක් තිබ්බා. ඒත් මිනිස්ස්සුන්ව නොමරා මැරුවා. දරුවෙක්ට උනත් එක පාර බත් පාන් කටෙ ඔබන්නෙ නෑනේ. මුලින්ම දියර දෙනවා පස්සෙ බ්ලෙන්ඩ් කරලා වගේ පොඩි කරල දෙනවා, පස්සෙනෙ ඝන ආහාර වලට යන්නෙ. එක පාර ඝන ආහරයක් දරුවට දෙන්න ගියා කියන්නෙ ඒ අම්මා ෆේල්. අරමුණ දරුවගෙ බඩ පුරවන්න වෙන්න පුළුවන් ඒත් ෆේල්. මැතිණිට ඕක තේරුම්න්ගන්න බැරි උනාම නෙවේ, වටේ හිටපු උන් මැතිණිගෙ ඔළුව කෑවා. මැතිනිත් ඒකටම ගැලපෙන මතේක තදින්ම හිටියා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,307
    6,159
    113
    දැන් ඉන්න උන් වගේ කයියයි පඩ ගඳයි විතරක් තිබ්බ ගෑනියෙක් නෙවේ. ලොකු උගත් කමක් නොතිබ්බත් පාලනය ගැන හොඳ අවබෝධයක් තිබ්බා. කොන්ද කෙලින් තියන් රට රටවල් වල නායකයෝ එක්ක සහයෝගයෙන් කටයුතු කරා. කාවවත් තරහ කරගත්තෙත් නෑ, කාටවත් විශේෂව ලංවෙන්න ගියෙත් නෑ. එයාට වැරදුන්නේ, කෙටිකාලීනව මධ්‍යකාලීනව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න ඕන වැඩපිලිවෙලක් කෙටි කාලෙකින් ක්‍රියාත්මක කරවන්න ගිය එක. අරමුණ හොඳ උනාට වැඩක් නෑ යන්න ගිය පාර වැරදියි නම්.
    n m perera rata denakota godak Naya gewala iwarai kiyanwane ewagema rata baragaththa JR wade kawa kiyanwane .podda podda Naya tika gewanna thibune .owa ethin apith ahala danagaththa ewa ne .
     
    • Like
    Reactions: Night Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    It could be that none of you realise or know what damage her dumb government did to SriLanka. Ask your parents if they are discerning people. Entire Civil Administration failed because of the utter stupid decisions taken at that time. Till this day we are losers and payiing for that mistake. Not only the Civil Services, the Education was also ruined by the donkey of a Minister named Baduddin Mohammed. That's why we have 69 lakhs of retards today.
    Sorry this is the naked truth. Sirima was a person with a spine. But sadly she listened to many fools around her and lost in a grand manner. (y)
     
    hmm true :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,432
    113
    n m perera rata denakota godak Naya gewala iwarai kiyanwane ewagema rata baragaththa JR wade kawa kiyanwane .podda podda Naya tika gewanna thibune .owa ethin apith ahala danagaththa ewa ne .
    JR ගෙන් මිනිස්සු ඉල්ලුවෙ එක දෙයයි. ඌ එක දුන්නා. විපක්ශෙ මර්ධනයයි අමෙරිකාවට දෙන්න ගිය එකයි එයාට වැරදුනා.
     
    • Like
    Reactions: Night Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    I can write a book if needed. Remember the Janatha Committees, ration books, Bread queue, rice queue. The mothers of the guys who sing hosannas these days, had to visit the police station with the bloated tummy to get a card to obtain infant formula which was also on ration. Such was the times.

    The sad situation we now face was started by her government. Even though JR won with a resounding majority he did NOT fix what was broken. Sadly we are paying for all those mistakes now. :(
     
    Yes, i have too had heard these.. since I don’t have a first hand experience, i can only imagine..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අහම්බෙන් වගේ හම්බුනා සිරිමාවෝ බන්ඩාරනායක
    මැතිණිය ගැන bbc එකෙන් කරපු documentary එකක පොඩි කෑල්ලක්. මීට කලින් මැතිණිය ගැන කරපු ඒ වගේ වීඩීයෝ එකක් මං දැකල නෑ. ඒ නිසා මේ වීඩියො එක බැලුවට පස්සේ සහ මං එතුමිය ගැන අහල තියෙන සමහර කතා එක්ක , එතුමිය ගැන මං හිතාගෙන හිටපු විදිය පොඩ්ඩක් වෙනස් උනා.
    මේ වීඩියෝ එකෙ ඇය ඉංග්‍රිසි භාෂාව හසුරුවන විදිය සහ ඇයට ජාත්‍යන්තරයේ තිබුන පිළිගැනීම මං හිතාගෙන හිටපු විදියට වඩා ඉහල එකක්.
    සිරිමාවෝ බණ්ඩාරනායක ගැන අදටත් කතා කරන කිසිම ඇයට නිකන්ම සිරිමාවෝ කියල කියනව මට ඇහිලම නෑ. හුගක් වෙලාවට ඇය ගැන කතා කරන අය, ඇයට කියන්නේ මැතිණිය කියලා. ඇයට එහෙම ආමන්ත්‍රණය කරන්නේ ඇයට තියෙන ගෞරව නිසා වෙන්න ඕන?.
    වයසක පුද්ගලයෙක් මැතිණිය ගැන මට කතාවක් කිව්වා. එක පාරක් රාජ්‍ය නායකයෙක් ලංකාවට එන්න කලින් ඔහුගේ ආරක්ෂාවට කියලා හමුදා භට කණ්ඩායමක් ගුවන් යානයකින් ලංකාවට එවල තියෙනවා. මේ ගැන දැන ගත්ත ලංකාවේ ආරක්ෂක අංශ, මේ ගැන මැතිණියව දැනුවත් කරල කරන්න ඕන මොකක්ද කියල අහල තියෙනවා. ඒ වේලාවේ මැතිණිය වෙනත් බලවත් රටක නායකයෙක් එක්ක meeting එකකලු ඉන්දල තියෙන්නේ. Anyway, මැතිණිය ලංකාවේ ආරක්ෂක අංශ වලට කියල තියෙන්නේ වාහම අර ගුවන් යානය ආපහු ඒ රටට යවන්න කියලලු. මේ කතාව කියපු පුද්ගලය ඒ කතාවෙන් මට කිව්වේ, මැතිණිය රාජ්‍ය නායිකාවක් වශයෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරේ කොහොමද කියලා compared to most of her successors.
    ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?
    (I really like to know cuz this video made me curious.)
    @001flyD I appreciate if you can share your thoughts machan.

    //ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?//

    මේකට ඔව් හෝ නැහැ කියලා කෙලින්ම පිළිතුරක් දෙන්න අමාරුයි.

    මැතිණියට ඉතා ඉහල ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුනා. කවුරු මොනවා කිව්වත් ඒක ඇත්තයි. නමුත්, ඒ පිළිගැනීම ලැබුනේ එතුමිය කාන්තාවක් සහ ලොවේ පළමු අගමැතිණිය නිසා මිසක් එතුමියගේ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව නිසා කියලා මම හිතන්නේ නැහැ. ඒ උනාට එතුමිය අවශ්‍ය අවස්තාවන්හිදී රට වෙනුවෙන් යම් යම් රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ ලබා ගෙන තියනවා. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම (ද්‍රවිඩ වතු කම්කරුවන්ගෙන් කොටසක් ආපසු ඉන්දියාවට පිටුවහල් කිරීම) එයින් එකක්. පසු කාලීනව (1974)කච්චතිව් දුපත ලංකාවට ලබා ගැනීමත් එතුමියගේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණයට මුලිකම හේතුවක් උනේ මැතිනිය සහ ඉන්දිරා ගාන්ධි මහත්මිය සමග තියන පුද්ගලික හිතවත් කමයි.

    එතුමියගේ 70-77 පාලන කාලය ගැන තොරතුරු ටිකක් ලියන්නම්. එතුමිය අගමැතිණිය උනාට, රටේ පාලනය මුළුමනින්ම ගෙන ගියේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට අවශ්‍ය ආකාරයටයි. රටේ ආර්ථිකය ගෙන ගියේ ඇන් ඇම් පෙරේරා මහතාට අවශ්‍ය ආකාරයටයි. ඒ සංවෘත ආර්ථිකය නිසා රටේ ජනතාව මුහුණ පෑ ප්‍රශ්න බොහොමයකට වගකිව යුත්තේ ඇන් ඇම් පෙරේරා මහතා මිසක් මැතිනිය නොවෙයි. නමුත්, රටේ අගමැතිනිය හැටියට එතුමියටත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ.

    හාල් පොලු, මිරිස් පොලු, අඟහරුවාදා/ සිකුරාදා බත් කෑම තහනම, අත්‍යවශ්‍ය ආහාර, ඇඳුම් , භාණ්ඩ හිඟකම වැනි නොයෙකුත් ප්‍රශ්න මැද වසර පහක කාලයක් ගත වන තුරුත් ඒ ක්‍රමය ලංකාවට හරි යන්නේ නැති බව එතුමියට තේරුම් ගියේ නැහැ. 1975 දී පමණ මේ සංවෘත ආර්ථික ක්‍රමය යම් පමණකට විවෘත කරන්නට රටේ පාලකයන්ට සිදු උනා. ඒ හේතුව නිසා සම සමාජ පක්ෂය (ඇන් ඇම්, කොල්වින් ඇතුළු) රජයෙන් ඉවත් උනා. නමුත් ඒ වෙනකොට ඇති වී තිබුන ජනතා අප්‍රසාදය ආපසු හරවන්න පුළුවන් කමක් කාටවත් තිබුනේ නැහැ.

    ඒ හැර, 1970 දී රජය පත් උනේ වසර 5 කටයි. මැතිවරණය පැවැත්විය යුත්තේ 1975 දීයි. 72 ඇතිකළ ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති හරඹයක් මගින් රජයේ පාලන කාලය 1977 දක්වා දීර්ඝ කිරීමත් එතුමිය තව තවත් ජනතා අප්‍රසාදයට පත්වීමේ ප්‍රතිඵලය තමයි 1977 මැතිවරණයේ ජේ ආර් ගේ 5/6 ජයග්‍රහණය.

    ලංකාවේ පාලකයන් නොයෙක් නොයෙක් අවස්ථා වලදී ජනතා අප්‍රසාදයට ලක් උනා. ඒ අප්‍රසාදය නිසා රාජ්‍ය බලයත් නැති උන අවස්ථා තිබුනා. 53 හර්තාලය නිසා ඩඩ්ලි ත්, දරුණු වචන/ක්‍රියා භාවිතය නිසා සර් ජෝන් කොතලාවලත් අප්‍රසාදයට පත් උනා. නමුත් කිසිම රජයක් 77 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජයට අත් උන ඉරණම ලබා ගන්න තරම් ජනතා අප්‍රසාදයට පත් වෙලා තිබුනේ නැහැ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    It could be that none of you realise or know what damage her dumb government did to SriLanka. Ask your parents if they are discerning people. Entire Civil Administration failed because of the utter stupid decisions taken at that time. Till this day we are losers and payiing for that mistake. Not only the Civil Services, the Education was also ruined by the donkey of a Minister named Baduddin Mohammed. That's why we have 69 lakhs of retards today.
    Sorry this is the naked truth. Sirima was a person with a spine. But sadly she listened to many fools around her and lost in a grand manner. (y)
    My grandfather was criticizing this siromawo government. I think this is one of the reasons. They have to stay in long queues for everything. I have no idea.
     
    • Like
    Reactions: Night Rider