ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නිකංම ඉපදෙනවා..
ආණ්ඩුවෙ ඉස්කෝලෙ නිකංම ඉගෙන ගන්නවා...
ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයේ නිකංම උසස් අධ්‍යාපනය ලබනවා
ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් නිකංම බෙහෙත් ටික ගන්නවා...
ආණ්ඩුවෙන් නිකංම රස්සා ඉල්ලලා පෙලපාලි යනවා...
ඊටපස්සෙ ආණ්ඩුවෙන්ම වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණයේ කරනවා...
පලවෙනි වසරේ ඉදලා උසස්පෙළ දක්වා ඉගෙන ගන්න දරුවෙකුට රුපියල් ලක්ෂ 40 ක විතර වියදමක් ආණ්ඩුවෙන් වියදම් කරනවා..
විශ්ව විද්‍යාලයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බිහිකරන්න රුපියල් ලක්ෂ 100 ක් විතර ආණ්ඩුව වියදම් කරනවා...
රටේ එක් මනුස්සෙයෙක්ගෙ සෞඛ්‍ය සදහා වසරකට රුපියල් 35,000 ක් ආණ්ඩුව වියදම් කරනවා.
( 35,000 X 22,000,000 = 770,000,000,000)
රටේ සමස්ත බදු ආදායමෙන් 86% ක් රජයේ රැකියාලාභීන්ට ගෙවනවා. රජයේ සේවකයින් 1,500,000කට
( බදු ආදායම= 1,216,000,000,000
රජයේ සේවක වියදම= 1,051,000,000,000)
* පෞද්ගලික අංශයේ එවුන් දුක් විඳලා කට්ට කාලා ගෙවන බදු සල්ලිත් මීට ඇතුලත්. නුඹලා හම්බ කරලා බදු ගෙවන්නෙ මෙයාලාට පඩි ගෙවන්නත් එක්ක. නුඹලාට අයිතියක් තියෙනවා ඔය වර්ජකයින්ට පන්න පන්න ග හන්න
නිකං අධ්‍යාපනය, නිකං සෞඛ්‍ය දෙන ලෝකයෙ වැඩිම නිවාඩු තියෙන රට මේ සුපිරි සිරි ලංකාව.
එහෙම හැමදේම නිකං ලැබන එවුන් තමයි තව වරප්‍රසාද ඉල්ලලා පෙලපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නෙ.
රජයට බරක් නොවී පෞද්ගලික රෝහලක ඉපදිලා, පෞද්ගලික පාසලකට ගිහිල්ලා, පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබලා, පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටික අරගන්න එකෙක්වත් අරගල කරනවා දැකලා තියෙනවා ද..?
මොකද ඒ උන් මුදලේ වටිනාකම දන්න නිසා.
එහෙව් රටක වර්ජන, උද්ඝෝෂන කරන එවුන්ට කාලකණ්නි, නිකංමු නොකියා කියන්න වෙන නමක් තියෙනවාද..?
මොකද ගෞරවනීය පුරවැසියා කියලා ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නද..?
( සියලුම රජයේ සේවකයින්ට මෙය අදාල නොවේ. කාලකණ්නින්ට පමණයි )
( අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් මහ බැංකු වාර්තාව පෙරලලා හොයාගන්න. මොකද ඒකත් නිකංම හොයලා දෙන්න මම කැමති නෑ.)