සමහරු තමන්ගේ කොටහා හරියට නොකර රටේ මහා එකට බනිනවා. මේ සිංහල ජාතිය නැති වෙන්න තව වැඩි කල් යන්නේ නැහැ. මහ උන්ට බැන බැන පොඩි උන් අත පිහද ගන්නවා. මෝඩ තර්ක. සෙට් එකක් පාරට බැහැලා ආතල් ගන්නවා. යකෝ සල්ලි හම්බ කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕන. මේ වගේ joke රටක මොන කොරෝනා පාලනද බන්. පාරට බැහැලා බලපන් කීදෙනෙක් mask එක හරියට දාන් ඉන්නවද කියලා. කීදෙනෙක් දුරස්තබවයෙන් ඉන්නවද කියලා. කඩේක බඩු ගන්න ගියත් පෝලිමේ ගිහිල්ලා එක කර ගන්න දන්නේ නැහැ. මොන ජාතියක්ද බන් මේ. කරන්න පුළුවන් ඔක්කොම වැරදි කරලා තමන්ගේ විනාසේ තමන්ම ලංකරගෙන කරන්න දෙයක් නැති උනාම අන්තිමට ආණ්ඩුවට බැනපන්. පවු අපේ සිංහලු. ආණ්ඩුවටකට උනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සුන්ට ඕන කරන එන්නත ගෙනල්ලා දීලා තියෙනවා. වැඩ කරන්න ඕන විදිහ කියලා දීලා තියෙනවා. සෞක්‍ය කාර්ය මණ්ඩලය තමන්ගේ ජීවිතේ පස්සට දාලා අනුන් වෙනුවෙන් කැප වෙනවා. ආරක්ෂක අංශ කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. තව මොනාද මේ වෙලාවේ මිනිස්සුට රජයෙන් දෙන්න ඕන. තමන්ගේ යුතුකම කරන්නේ නැතුව අපි හරක් වගේ මෝඩ ආතල් ගන්නවා. මොකක්ද බන් මේ රට. තනිකරම joke එකක්.
