දිවයින - 25 ජූලි 2021
කිරිපිටි මිල ඉහළ දැමීමට රජය මෙතෙක් අවසර ලබා නොදීම නිසා කිරිපිටි ආනයනය සියයට 70කින් පමණ නතර කර දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.
ඒ අනුව දේශීය වෙළෙඳපොළෙහි ආනයනික කිරිපිටි අලෙවියට ඇත්තේ මාසයක පමණ කාලයකට ප්‍රමාණවත් තොග බවත් ඉන්පසු ආනයනික කිරිපිටිවල හිඟයක් ඇතිවිය හැකි බවත් ඒ මහතා පවසයි.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව සියයට 30ක මිල වැඩි කිරීමක් කිරිපිටි ආනයනකරුවන් විසින් රජයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි අලෙවිවන කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 140 කින් ද වැඩිවේ.
මෙලෙස මිල වැඩි වූ විට රුපියල් 945කට මිල නියම කර ඇති කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,295ක් ද, රුපියල් 385ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 525ක් ද ලෙස ඉහළ යනු ඇත.
ලංකාදීප - 29 ජුලි 2021
ශ්‍රී ලංකාව තුළ දැඩි කිරි පිටි හිඟයක් ඇති වීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
බහුලව පරිභෝජනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ග රැසක් මේ වන විට වෙළෙඳපොලේ නොමැති තත්වයක් නිර්මාණය වී ඇති අතර එම කිරිපිටි වර්ගවල අළෙවි නියෝජිතයන් පවසන්නේ සති කීපයකින් එම කිරිපිටි තොග නොලැබුණු බවයි.
ශ්‍රී ලංකා ප්‍රධානතම කිරිපිටි සමාගමක ප්‍රධාන නිලධාරියකු පැවසුවේ කිරිපිටි මිල වැඩි කරන ලෙස රජයෙන් මාස කීපයකට සිට ඉල්ලීම් කළ ද එයට හොඳ ප්‍රතිචාරයක් නොලැබීම නිසා එම සමාගම වෙළෙඳපොලට සපයන ප්‍රධානම කිරිපිටි වර්ගයක් ආනයනය අත්හිටුවූ බවයි.
එම සමාගම වෙළෙඳපොලට සපයන අනෙක් නමගිය කිරිපිටි වර්ගය ඉදිරි මාස දෙකකට පමණ තොග තිබෙන බව කී එම නිලධාරියා පැවසුවේ කිරිපිටි වර්ග කීපයක් නොමැති වීම නිසා ඔවුන් සපයන කිරිපිටි වර්ගයට වැඩි ඉල්ලූමක් ඇති වීමෙන් කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බවත්ය.
පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගලියවන්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මිල වැඩි කිරීමේ ඉල්ලීමත් සමඟ ඇතැම් කිරිපිටි සැපයුම නැවතුණ ද ඇන්කර් කිරිපිටි සපයන පොන්ටේරා සමාගම ඇතුළු සමාගම් කීපයක් අඛණ්ඩව කිරිපිටි සපයන බවට ප්‍රකාශ කළේය.
විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි
Last edited:



