නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ ඝාතකයන් කොලොසියස් එකේ ආදායම තමයි පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවට යොදා ගෙන තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත්තා. එහිදී ඔහු සදහන් කළේ 2019 මාර්තු මස 27 වැනිදා අමාත්‍යාංශයේ තිබුණ තඹ ලබා දීම සම්බන්ධ රැුස්වීමකට රිෂාඞ් බදියුුදීන් අමාත්‍යවරයා පැමිණීලා හිටියා.

    ඒ රැුස්වීම අවසානයේදී ”ඇයි අපේ අයට කරදර කරන්නේ?” කියලා රිෂාඞ් ඇමැතිතුමා තමාගෙන් විමසා සිටියා කියලා ඒ මහතා සිය ප‍්‍රකාශයෙන් ලබා දීලා තිබුණා. පසුව මේ රැුස්වීමෙන් පසුව මිලිමීටර් 3 කම්බි අපනයනය කිරීම සදහා මෙම සමාගම ඉල්ීමක් කර තිබූ බවත් තමන් ඒ සදහා අනුමැතිය ලබා නොදුන් බවත් ඒ මහතා සිය ප‍්‍රකාශයෙන් සදහන් කර තිබුණා. ඒත් මාර්තු මස 28 වැනිදා මිලි මීටර් 3 කම්බි මෙට්‍්‍රක් ටොන් 260ක් සදහා අනුමැතිය දීලා තිබෙනවා. මේ අනුමැතිය දීලා තියෙන්නේ බාලසුබ්‍්‍රමනියම් කියන අතිරේක ලේකම්වරයා. එදාත් ඊට පෙර දිනත් රිෂාඞ් ඇමැතිවරයාත් ඔහුගේ මල්ලි රියාජ් යන අයත් බාලසුබ‍්‍රමනියම් කියන නිලධාරියාට දුරකතන ඇමතුම් ලබාගෙන තිබෙනවා.





    පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වූ සියලු වියදම් දරා ඇත්තේ සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාව අයත් ‘කොලෝසිියස් සමාගමේ” ආදායමෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කළේය.

    සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මරාගෙන මැරුණු ඉන්සාෆ් අහමඞ් නමැති ස්වයංඝාතකයාට අයත් තඹ අපනයන ආයතනය වන පිටකොටුවේ පිහිටි කොලෝසියස් පුද්ගලික සමාගමේ ගිණුම් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික බැංකුවකට ජංගම ගිණුමකට විදේශයකින් ලද ඩොලර් එම බැංකුවේම වෙනත් ගිණුමකට මාරුවී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    එලෙස මාරුවූ මුදල් චෙක්පත් මගින් අත්සන් යොදා ලබාගෙන ඇත්තේ ස්වයංඝාතක ඉන්සාෆ් අහමඞ් නැමැත්තා බවත්, ඔහුගේ බිරිද වන උම්මු රසීනා යන අය සන්තකයේ තිබී එසේ ලබාගත් තවත් රුපියල් ලක්ෂ 120ක මුදලක් ද සොයා ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සදහන් කළේය.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු අධිකරණය හමුවේ සදහන් කර සිටියේ පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේදී සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් හත්වැනි සැකකරු ලෙසින් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරමිනි.

    සැකකාර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන අය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙණීය, අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක එස්. විජේසූරිය යන නිලධාරීන් ඇතුළු පිරිසක් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර වාර්තාවක් මගින් කරුණු දැක්වූහ.

    සැකකරු වෙනුවෙන් නිතීඥ එම්. එම්. ෂහීඞ්, නිතීඥ රුස්බි හබීබ්, නිතීඥ අමීර් අලී යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

    මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප‍්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

    පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අපේ‍්‍රල් මස 21 වැනිදාය.

    මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ කරුණු සදහන් කළේය.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව : ස්වාමිණී, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බොම්බ ප‍්‍රහාරයට අදාළව මෙම සැකකරු හත්වැනි සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන අතර එහි ස්වයංඝාතක බෝම්බකරු වූ ඉන්සාෆ් අහමඞ් නමැත්තාගේ ගනුදෙනු සම්බන්ධයෙන් මෙම විශේෂ විමර්ශනය සිදුකරනු ලැබුවා. මෙහි ස්වයං ඝාතකයාට තිබුණේ තඹ ආශී‍්‍රත කර්මාන්ත ශාලාවක්. ඔහු තඹ පිටරට යැව්වා. එහි ප‍්‍රධාන ශාඛාව තිබුණේ කොළඹ පිටකොටුවේ කොලෝසියස් පුද්ගලික සමාගම වශයෙන්.

    හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ලිඛිත නියෝගයකට අනුව තඹ ලබාදීම වෙන් කරලා තිිබුණා කොටස් තුනකට. මහා පරිමාන මධ්‍ය පරිමාන සහ සුළු පරිමාන කර්මාන්තවලට තමයි මේ තඹ ලබාදීම සිදුවුණේ. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පාලනය වන ස්ථානයකින් තමයි මේ තඹ ලබාදීම සිදුවුණේ. කර්මාන්තයක් මහා පරිමාණ මධ්‍ය පරිමාන කුඩා පරිමාණ වශයෙන් වෙන් කරන්නේ ඒවායේ සේවක සංඛ්‍යාව සහ ඒවායේ පිරිවැය සැලකිල්ලට ගනිමින්. සේවකයින් 10 දෙනකුට අඩු සහ වාර්ෂික පිරිවැය මිලියන 10ට අඩු නම් එය කුඩා පරිමාණ කර්මාන්තයක් ලෙසින්ද, සේවකයින් 10ත් 50ත් අතර වාර්ෂික පිරිවැය මිලියන 10ත් 200ත් අතර නම් එය මධ්‍ය පරිමාණ කර්මාන්තයක් ලෙසින් ද සහ මහා පරිමාන කර්මාන්තයක් ලෙසින් සේවක සංඛ්‍යාව 50ත් 200ත් අතර වාර්ෂික පිරිවැය රුපියල් මිලියන 200ත් 600ත් අතර වශයෙන් බෙදා දක්වා තිබෙනවා.


    මේ කොලෝසියස් සමාගමේ වාර්ෂික පිරිවැය මිලියන 1000ට වැඩියි. මේ සමාගම මේ කර්මාන්ත අවස්ථා තුනටම වැටෙන්නේ නැහැ. මේ කොලෝසියස් සමාගමට තඹ දීලා තියෙන්නේ මේ අනුමතයට පටහැනිවයි.

    මේවිදිහට තඹ දීම තීරණය කරන්නේ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා.

    තමන්ට තඹ ලබා දෙන්න කියලා මේ ස්වයංඝාතකයා ඉල්ලිමක් කරලා තිබෙනවා. මේ විදිහට තඹ ලබා දෙන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ අතිරේක ලේකම්වරයකුව සිටි සුබ‍්‍රමනියම් කියන කෙනා. මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගන්න ඔහු ගැන විමර්ශනය කරද්දි මේ වන විට ඔහු විදේශ ගතවෙලා. ඒ නිසා ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගන්න විදිහක් නෑ.

    මේ ඝාතකයන් කොලොසියස් එකේ ආදායම තමයි පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවට යොදා ගෙන තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත්තා. එහිදී ඔහු සදහන් කළේ 2019 මාර්තු මස 27 වැනිදා අමාත්‍යාංශයේ තිබුණ තඹ ලබා දීම සම්බන්ධ රැුස්වීමකට රිෂාඞ් බදියුුදීන් අමාත්‍යවරයා පැමිණීලා හිටියා. ඒ රැුස්වීම අවසානයේදී ”ඇයි අපේ අයට කරදර කරන්නේ?” කියලා රිෂාඞ් ඇමැතිතුමා තමාගෙන් විමසා සිටියා කියලා ඒ මහතා සිය ප‍්‍රකාශයෙන් ලබා දීලා තිබුණා. පසුව මේ රැුස්වීමෙන් පසුව මිලිමීටර් 3 කම්බි අපනයනය කිරීම සදහා මෙම සමාගම ඉල්ීමක් කර තිබූ බවත් තමන් ඒ සදහා අනුමැතිය ලබා නොදුන් බවත් ඒ මහතා සිය ප‍්‍රකාශයෙන් සදහන් කර තිබුණා. ඒත් මාර්තු මස 28 වැනිදා මිලි මීටර් 3 කම්බි මෙට්‍්‍රක් ටොන් 260ක් සදහා අනුමැතිය දීලා තිබෙනවා. මේ අනුමැතිය දීලා තියෙන්නේ බාලසුබ්‍්‍රමනියම් කියන අතිරේක ලේකම්වරයා. එදාත් ඊට පෙර දිනත් රිෂාඞ් ඇමැතිවරයාත් ඔහුගේ මල්ලි රියාජ් යන අයත් බාලසුබ‍්‍රමනියම් කියන නිලධාරියාට දුරකතන ඇමතුම් ලබාගෙන තිබෙනවා. මෙම ආයතනය අවස්ථා 6කදී තඹ ආනයනය කරලා තිබෙනවා. ඒ වගේම අවස්ථා 2කදී අදාළ ගිණුමට සල්ලි බැරර කරලා තිබෙනවා. ඒ සල්ලි තමයි මේ පාස්කු ඉරුදින ප‍්‍රහාරය සදහා මොවුන් යොදා ගෙන තිබෙන්නේ. මේ සැකකරුගේ මැදිහත්වීමෙන් තමයි මේ මුදල් උපයාගෙන තිබෙන්නේ. මේ විමර්ශන මෙතෙක් අවසන් නැහැ. ඒ හේතුවෙන් සැකකරු විමර්ශන අවසන්වන තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.”
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දිග ලිපියක් උනාට පාස්කුව ගැන බොහොම සුලුවෙන් ලියවිල තියෙන්නෙ
    සරලව කිව්වොත් බෝම්බ ගහන්න සල්ලි වියදම් කරලා තියෙන්නේ ඉබ්‍රාහීම්ගේ පුතා.. ඌට හම්බකර ගන්න අවස්ථාව දීලා තියෙන්නේ බදුර්දීන් සහා උගේ මල්ලි.. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයට මුදල් හොයා ගන්න උන් තමන්ගේ බලය භාවිතා කරලා උදව් කරලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,058
    1
    57,098
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරලව කිව්වොත් බෝම්බ ගහන්න සල්ලි වියදම් කරලා තියෙන්නේ ඉබ්‍රාහීම්ගේ පුතා.. ඌට හම්බකර ගන්න අවස්ථාව දීලා තියෙන්නේ බදුර්දීන් සහා උගේ මල්ලි.. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයට මුදල් හොයා ගන්න උන් තමන්ගේ බලය භාවිතා කරලා උදව් කරලා
    වියදම් කරේ ඔය කියන කොම්පැනියෙ සල්ලි කියල ලිපියෙ තියෙනව තමයි. ඒත් බෝම්බ ප්‍රොජෙක්ට් එකට කොච්චර වියදම් වෙන්න ඇතිද? ඒ ගැන මොකුත් කියල නෑ.

    ඒවගෙම තඹ කතාවත් මට හරියට තේරුනේ නෑ. තඹ ලංකාවෙ තියෙනවද?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වියදම් කරේ ඔය කියන කොම්පැනියෙ සල්ලි කියල ලිපියෙ තියෙනව තමයි. ඒත් බෝම්බ ප්‍රොජෙක්ට් එකට කොච්චර වියදම් වෙන්න ඇතිද? ඒ ගැන මොකුත් කියල නෑ.

    ඒවගෙම තඹ කතාවත් මට හරියට තේරුනේ නෑ. තඹ ලංකාවෙ තියෙනවද?
    ඔය රජයේ ආයතන වලින් අයින් කරන තඹ නේ..
     
    • Like
    Reactions: topkollek

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඈ බන් දැන් පොර ඔච්චර වැරදිකාරයෙක් නම් ඇයි අර මිනිහාගේ තාත්තාව නිදහස් කරේ? එතන තමයි ප්‍රශනේ.... රිශාඩ් කරන්නෙ කාගේ හරි කොන්ත්‍රාත් එකක්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඈ බන් දැන් පොර ඔච්චර වැරදිකාරයෙක් නම් ඇයි අර මිනිහාගේ තාත්තාව නිදහස් කරේ? එතන තමයි ප්‍රශනේ.... රිශාඩ් කරන්නෙ කාගේ හරි කොන්ත්‍රාත් එකක්.
    නිදහස් කලේ ඊබ්‍රාහීම් නෙමේ නේද? අනිත් බෝම්බ කාරයා, මට මතක විදිහට අල්වුදීන් ද කොහෙද නම
     
    • Like
    Reactions: lasankandy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,714
    5,661
    113
    දැන් පහුගිය ටිකේ වයරින් වයර් වල ගාන වැඩී කියලා කෑ ගැහුවා නේද? තඹ ටොන් 270 ක් සෙල්ලන්ද? අර්හත් කම්බිම මීටර් කියක්ද? අන්තිමට උන්ට රටේ තිබ්බ තඹ ටිකත් දීලා අන්තිමට බෝම්බත් කෑවා.
     
    • Sad
    • Like
    Reactions: vito and malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    nicjosh83 said:

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.



    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....

    සජිය දිනුවානම් නඩුව අහන්නේ බදුර්දීන් 🤭

    kudu dumindawa gotha eliyata demma wage da
    ------ Post added on Aug 11, 2021 at 11:14 PM
     
    • Like
    Reactions: malakadss

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    994
    1,611
    93
    අන්තිමට බදුර්දීන්ලත් නිදහස්, ඊබ්‍රාහිම්ලාත් නිදහස්, සුබ්‍රමනියම්ලාත් නිදහස්, අලවූදීන්ලාත් නිදහස්, නවුෆර්ලාත් නිදහස්, මවුලානාලාත් නිදහස්. අපරාදේ සහරාන්ලා මැරුනේ. හිටියා නම් ඌත් නිදහස්.