මෛත්‍රී බුදු රජාණන් වහන්සේ බුදුවරු කී නමකගෙන් විවරණය ලැබුවේ ද

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ape buduhamduruwo deshana krala tynwa eya budu wenna perum puranakota thawa buduwaru 509008k dakala tynwa kyl eyata kalin budu una
    ඒ කියන්න බන් ඊටත් වඩා බුදුවරු පහල වෙලා තියනවා කියන එක නේ නේද? මෙච්චරයි කියලා කියන්ඩ බැ මම හිතන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Budu kiyanne ithin enlightned wetcha ona ekenekne.koti ganan innawa budu wetcha.but samma sambuddha aya rare
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මතු බුදුවන ම‍‍ෙ‍ෙත්‍රි බුදුන් වහන්සේ
    මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රි බුදුරදුන් ල‍ොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවි තලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රි බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රි බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීමයි.
    මෛත්‍රී බුදුන් පහලවන කාලය...
    මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන්ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන්ගේ ආයු ප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දස වර්ෂය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන්ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බවත් ඊට අනුරූප ව මිනිසුන්ගේ ආයු ප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍ය‍ෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූ දහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රි බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත. උන්වහන්සේගේ පරමායුෂ අවුරුදු අසු දහසකි. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක් ලක්ෂ අසු දහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්‍යාධික බුදුවරයාන කෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍ය‍ෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නටත් බොහෝ කලකට පෙර සිටම මෛත්‍රි බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීමට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.
    මෛත්‍රි බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)...
    මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක පදුමුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලාට ආශ්චර්‍යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව පදුමුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍ය‍ෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.
    මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය...
    අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දේවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන්ද විය. එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රය‍ෙකුව සිටින්නාහ. දිනක් තමන්ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්‍ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් බවයි.
    මෙලොව පහළ වීම...
    සියලුම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය. එය සියලුම බුදුරජාණන් වහන්සේලාට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන්ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මේ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හි බව ඉහත දී සඳහන් කළෙමි. එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.
    අභිනිෂ්ක්‍රමණය...
    උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී සතර පෙර නිමිති දැක ගිහිගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමියි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැදට වඩනා බවත් වදාළහ. චන්ද්‍රමුඛී දේවිය විසින්ම කිරිපිඬු දානය පුජා කරන බවත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බවද වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිටදී අලුයම් යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බවද වදාළ සේක.
    මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )
    එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.
    දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා. ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා. තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා. අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා. සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා. “ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ” ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ....
    මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත් පන්සිල් රැක්කාහුද, දස කුසල්වල යෙදුනෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. දාගැබ් කරවූවෝද ධාතු කරඩු පිදුවෝද, දාන ශාලා තැනුවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වැව් පොකුණු බැන්දෝද, ඒදඩු පාලම් තැනුවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ධර්ම දේශනා කළෝද, ධර්ම ශ්‍රවණය කළෝද, ධර්මය ලියන ලද්දෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. පන්සල් තැනුවෝද, ගිලන් හල් තැනුවෝද, අනාථාගාර ඉදි කරවූවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝද, මහජනයා කුසල්හි යෙදවූවෝ පැවිද්දෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ආහාර පාන දන් දුන්නෝද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. කෙත්වතු පිදුවෝද, සිවුරු රෙදිපිලි පිදුවෝද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ආධාර උපකාර කළෝද, භාෂා ශාස්ත්‍ර දියුණුවට පොත පත කරවූවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. පිළිම ගෙවල් ඉදිකරවූවෝද පෙති පිළිම කරවූවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝද, ඒවා බිතු සිතුවම් කරවූවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ගිලනුන්ට උපස්ථාන කළොද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝද, වසංගත රෝග වළක්වාලුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. සතුනට කරන හිංසා වැලැක්වූවෝද, ගිලන් සතුනට බේත්හේත් කළෝද, බන්ධනගත සතුන් මුදා හැරියෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. තවද මවුපියන්ට උපස්ථාන කලෝද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝද, ශබ්ද පූජා පැවැත්වූවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. සුවද දුම් පිදුවෝද, පහන් ගෙවල් තැනුවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. බණ අසන්නට හඩගෑවෝද, බණ දෙසන කල්හි සාධුකාර දුන්නෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝද, වැසියන් නොතලා අයබදු ගත් රජදරුවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝද, වස් කාලයන්හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝද, මංමාවත් ඉදිකර වූවෝද, අම්බලම් තැනුවෝද, දන්සැල් පැවැත්වූවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. නැති බැරි අයගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝද, මරණාධාර සමාගම් පැවැත්තුවෝද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක්වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ඝණ්ඨාර පිදුවෝද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. කඨින පින්කම් කළෝද, වන්දනා ගමන් ගියෝද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.තවද අනුන්ට ඊර්ෂ්‍යා නොකලෝද, මුදිතාව දියුණු කළෝද මෙත් වැඩුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වෛර නොකළොද කරුණාව පැතිරවූවෝද සාමය රැක්කෝද ප්‍රිය වචන කථා කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. බුදු පිළිම කරවා නේත්‍රා පිහිටවූවෝද සලාක දන් දුන්නෝද, කොඩි කුඩ පහන් පිදුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝද, බෝධිඝර කරවූවෝද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. අනාථයන්ට උපකාර වූවෝද බෙහෙත් ගස් සිටුවූවෝද ගස් කොලන් වැවුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ජලාශ පිහිටවූවෝද සතුන්ට ඛෙහෙත් කළෝද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.ඉහත දැක්වූ කුශල ධර්මයන්හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු. කවරහෙයින්ද යත් මෙකී නොකී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන්හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙහි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහුය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන්ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහුමය. මෙසේ සසරදී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදිම ඒ මෙතේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
    මෛත්‍රී සර්වඥයන් වහන්සේ නොදකින්නෝ කවරහුද යත්...
    මව් මැරුවෝද, පියා මැරුවෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. රහතුන් වහන්සේලා මැරුවෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. සංඝ බේදය කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. දාගැබ් බින්ඳෝද පෙති පිළිම බෝ ගස් වැනසුවෝද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. බණ පොත් විනාශ කලෝද සඟසතු දේපල ගසා කෑවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මහණ බමුණන්ට හිරිහැර කළෝද, මව් පියන්ට හිංසා පීඩා කළෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝද, කපටි වංචනිකයෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. ප්‍රාණඝාත කළෝද ඒවාට අනුබල දුන්නෝද සොරකම් කලෝද සොරකමට අනුබල දුන්නෝද අනාචාරයෙහි හැසිරුණෝද එයට අනුබල දුන්නෝද, බොරු කීවෝද පරුෂ වචන කීවෝද සම්පප්‍රලාප දෙඩුවෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මත් වතුර බීවෝද මත් වතුරට අනුබල දුන්නෝද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. සතුන් මරා මස් කෑවෝද එයට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මරණු පිණිස සතුන් ඇතිකළේද මැරීමට විකුණනු ලැබූවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. බොරු සාකෂි දුන්නෝද බොරුවට දිවුරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. ණය ගෙන ණය නුදුන්නෝද ගිනි පොලීකරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝද අනුන් නොමග යැවූවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. නිසි ලෙස මහණදම් නොපුරමින් දුසිල් ඡීවිත ගත කළෝද පැවිදි ව පැවිදිකම්හි නොයෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. අල්ලස් ගත්තෝද ඒ පාපයට අනුබල දුන්නෝද, ගේ දොර ගිනි තැබුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. වස විෂ කැව්වෝද හදි හූනියම් කලෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. හොර ජාවාරමි කරුවෝද, අධික මිලට වෙළහෙලදාම් කළෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. බොරුවෙන් වංචාවෙන් මැති ඇමතිවරුන් නර දෙටුවන් නොමග යැව්වෝද නපුරු අවි ආයුධ තැනුවෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. දරුවන් නොමග යැව්වෝද, යුතුකම් පැහැර හැරියෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝද මාන්න අධිකව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. අඹුදරුවන් අතරමං කළෝද, අනුන් බය ගැන්නුවෝද, ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය.
    ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නොදකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන්ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය. ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේගේ කාලය වන විට ද මෙකී නොකී පවුකම් කළෝ ඒ අපායන්හිම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේමය.
    ම‍ෙත‍‍‍ේ බුදුන් දැක නිවන් දකින්නට දැන් දැන්ම අප්‍රමාදිව යහපත‍‍ේ හැසිර‍ිය යුතුය
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ කියන්න බන් ඊටත් වඩා බුදුවරු පහල වෙලා තියනවා කියන එක නේ නේද? මෙච්චරයි කියලා කියන්ඩ බැ මම හිතන්නේ

    ow bn mechchrai kyl kynna ba ekane sansare mechchra digai kynnne bn