View attachment 141527
පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.
මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.
මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ. මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වාහන මිල පෙර පැවති ගනනටම ගෙන ඒමට නොහැකි වූවත් රජයේ බදු මුදල් සමගින් නිශ්චිත මිල ගනන් සැකසීමක් සිදුකල යුතුව ඇති බව කල සොයා බැලීමකදී අනාවරණය වූ බවත්ය.
කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේදක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි .
විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.
මෙය තාවකාලිකව ගත් තීරණයක් බවත් මෙම තීරණය වර්ෂ අවසානයේදී කිසියම්වූ සමාලෝචනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය .
කෝටි විසි දාහකට වැඩි වටිනා වාහන වසරකදී මෙරටට ආනයනය කෙරෙන බව වාහන ආනයනකරුවෝ පවසති .
සුජිත් හේවාජුලිගේ
- Source
ඔය post එකට fb එකේ වැටිලා තිබුණ comment එකක්
ගොන් හරක් වගේ මේ post එකේ වාහන මිල අඩු කරන්න බෑ බෑ ගගා comments දානව. මේ දාන උන්ගෙන් බාගයක්වත් post එක කියවන්නෙ නෑ. අඩුමගානෙ මේකෙන් වෙන්නෙ මොකක්ද කියලවත් බලන්නෙ නෑ. Buying and selling, sale කාරයො ටික ඇවිල්ල මේක කරන්න බෑ අඩු වෙන්නෙ නෑ ගගා කට්ටියව trigger කරනව. ඊට පස්සෙ සේරම මෝඩයො වගේ comments දානව. ඕකයි ලන්කාවෙ හැමදාම වෙන්නෙ.
අඩුම තරමෙ මෙකෙන් වෙන්නෙ මොකක්ද කියල හිතල බලන්න.
ලංකාවෙ බහුතරයක් වාහන ගන්නෙ ලීසිං හෝ ෆිනෑන්ස් දාල. පොඩි වාහනයක් වේවා luxary මිල අධික වාහනයක් වේව බහුතරය ගන්නෙ finance leasing වලින්. රජය කරන්න යන්නෙ finance leasing වලට වාහනයේ නිශ්පාදිත වර්ශය, milage එක සහ වර්ගය යන ඒව මත පදනම්ව දෙන උපරිම leasing finance ප්‍රමාණය පාලනය කරනව.
එතකොට වෙන්නෙ මොකක්ද??
හිතන්න 65කට විකුනන්න දාල තියෙන wagon R එකක් ගැන. මේකෙ ඇස්තමේන්තු හැදුවම වටිනාකම එන්නෙ 35 වගේ. අපි වැඩි වටනාකමක් දාල 40යි කියමු. එතකොට lease or finance දෙන්නෙ ඒ වටිනාකමට. අපි කියමු 70% ෆිනැන්ස් දෙනව කියල. එතකොට ආසන්න වශයෙන් ලැබෙන්නෙ 28ක් වගේ. එතකොට වාහනයක් ගන්න යන කෙනාට අතින්
65 - 28 = 37ක් වගේ දාන්න වෙනව. එයාට ඒ ගාන දන්න බැරිනම් වාහනය ගන්න වෙන්නෙ නෑනෙ. ලංකාවෙ බහුතරයකට ඔය ගාන දාන්න බෑ. ඒකනෙ finance leasing දාන්නෙ. (Unless ඒ කෙනා හොද සල්ලිකාරයෙක්නම්. ඒත් ලොකු සල්ලිකාරයෙක් wagon R පදින එකක් නෑනෙ)
දැන් වාහන විකුනන උන්ට මොකද වෙන්නෙ? උන්ට ඒ ගනන් වලට දෙන්න බැරි වෙනව. අත්පිට මුදලට වාහනය ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න leasing දාන උන් මේ ගනන්වලට ගන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ. ඒ කෙනාට ඇත්තටම වාහනය විකුනන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මිල ටික ටික අඩු කරනව. එතකොට වාහන market එක බහිනව. ඉස්සර ගානටම බහින එකක් නෑ. ඒත් ලොකු ගානක් බහිනව.. ආතල් එකට විකුනන්න දාපු උන් මේ game එකෙන් හෙමීට මාරු වෙනව. උන්ට මේ ගනන් වලට දෙනවට වඩා වාහනේ පාවිච්චි කරන එක හොදයිනෙ.. ඕකයි වෙන්නෙ...
තව එකක්. අර buying selling ඩීල් දාපු එවුන්, අනවශ්‍ය ලාබ ගත්ත sale කාරයොන්ට මොකද වෙන්නෙ?? උන්ට අඩු මිලට වාහන දෙන්න වෙනව. කොටින්ම කිව්වොත් උන්ට කෙල වෙනව. ඉතින් උන් trigger වෙල මේවයි comments දාගෙන දාගෙන යනව. මොකටද?? උන්ගෙ අසරන කමට සහ කොහොමහරි මිනිස්සුන්ගෙ මතයක් හදල වාහන මිල අඩු වෙන එක නවත්තන්න.. පවු අසරන ජීවිත !!
- මගේ පෞද්ගලික අදහස බව සලකන්න
-Copied-