මම ඉස්සර ඉඳල මගේ බිස්නස් එක Pvt Ltd රෙජිස්ටර් කරන්න හොඳ ෆර්ම් එකක් හෙව්ව. මේකෙ ඉන්න කෙනෙක් තමයි මට කිව්වෙ මෙයාල හොඳයි කියල. තව කෙනෙක් අමාරුවෙ වැටෙන්න කළින් මම මේ ත්රෙඩ් එක දාන්නෙ. මේ වගේ ත්රෙඩ් එකක් දාන්න හිත හදාගත්තෙත් තිබුණ කළකිරීම නිසාමයි. මේකෙ ළඟදි මෙම්බර් කෙනෙකුත්(@CloudX64) එයාලට කියල වැඩක් කරන්න ගිහිල්ල වෙලාවට මට මැසේජ් එකක් දාපු නිසා එයාව නවත්තගත්ත. මේකෙ ඉන්න ගොඩක් අය බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න බලාගෙන ඉන්න නිසා මම මේ ත්රෙඩ් එක Open කරෙත් මේ වගේ සර්විස් වලට අහුවෙන්න එපා කියන්න.
මම මෙයාලගෙ ෆුල් පැකේජ් එක ගත්තෙ 29,900 ගානක්. සති දෙකකින් වැඩේ කරල දෙනව කිව්වට මාස දෙකකට වැඩිය ගියා(ඒක කමක් නෑ කියමු කොරෝන නිසා ඒත් ඒ ගැන පැහැදිලි කිරීමක්වත් කරේ නෑ). කෝල් එකක් ගත්තට හරියට කතා කරන්නෙ නෑ. ඒ පැකේජ් එකේ TIN & Bank Resolution දෙනව කියල තිබ්බට TIN එක මාස 6කට එහා පැත්තෙ තාම ලැබුනෙ නෑ. බෑන්ක් රෙසලූෂන් ටික ගන්න මාර කට්ටක් කන්න වුණා මට. අන්තිමේදි බෑන්ක් වල Account Open කරන ඇප්ලිකේෂන් මට අරගෙන කුරියර් කරල මෙයාට කියල සීල් එක ගහගෙන ආයිත් ගෙන්නගන්න තරමටම කට්ටක් කන්න වුණා. හොඳම වැඩේ මම ඩිරෙක්ටර් කෙනෙක් ඇඩ් කරන්න රික්වෙස්ට් කරා ඒක කරල මාස දෙකක් යනකල් රිප්ලයි නෑ. ඊයෙ මට එකපාරටම එවල තියෙනව 12,000 ගානක බිලක්. දන්න අයගෙන් අහල බැලුවම වැඩේට ඇත්තටම යන්නෙ 6000කට කිට්ටු ගානක් අනිත් ඔක්කොම මෙයාලගෙ චාර්ජර්ස්. ඇත්තටම මේ වගේ සර්විස් මොකට කරනවද දන්නෙ නෑ. මාත් නොදන්න කමට ගත්ත. ඇත්තටම මම ගොඩක් අපහසුතාවයකට පත්වුණා මුංගෙ වැඩ නිසා. මම ඊයෙ සෙකට්රි සර්විස් එක මාරු කරා මෙයාලගෙන්. කිරියෙම කෙනෙකුට භාර දුන්න.
මේ වගේ ආයතන ගැන හැමෝම දැනුවත් කරන්න. ත්රෙඩ් එකට බම්ප් එකක් දාගෙන යන්න. Fb Page කරන අය හෙම ඉන්නව නම් මේව ගැන කියන්න.
මම හිතාගෙන ඉන්නව කලින් මගේ A/C Thread එක වගේම පැහැදිලි ත්රෙඩ් එකක් Business Registration ගැන දාන්න. මොකද මේකත් ගොඩක් අය නොදන්න, අපැහැදිලි ටොපික් එකක්. ළඟදිම පැහැදිලි ත්රෙඩ් එකක් අරගෙන එන්නම්.
එල!
පසුව ලියමි(18/09/2021 1:08P.M):
මේ සමාගම් අයිතිකරු තමන්ගෙ සමාගම බේරගන්න එලකිරි එකට ඇවිල්ල තියෙනව. ඔයාල බලන්න 3 වෙනි පිටුවෙ ඉඳල එයාගෙ කමෙන්ට්ස් තියෙනව. ඒවත් කියවගෙනම යන්න.

Last edited: