මැත කරන්න අධෝ අමාරුව තිබ්බ නිසා කරන්න ආවාට මා ඕ ලෙවල් වල ආසාවෙන්ම කරපු සබ්ජෙක්ට් එක කොමර්ස් විය .
ප්‍රැක්ටිකල් ජීවිතෙට මහ වැඩක් නොවන කරුණු පුරවාපු සිලබස් එකක් සහිත හර සුන් හර විෂයන් අතර ටියුෂන් මරමින් පාස් වීමට හිත් කුකුසෙන් පසු වන විට
අතිරේක විෂයන් තුන වශයෙන් මා කල කොමර්ස් ,නිර්මාණ හා තාක්ෂණවේදය සහ චිත්‍ර කියන විෂයන් වලින් ආසාවෙන්ම මා කල විෂය කොමර්ස් විය.
කොමර්ස් වලට පසු මන් ආසාවෙන් හිටියෙ නිර්මාණ හා තාක්ෂණ වේදය කියන විෂයට.
එහෙත් එම විෂයට ටියුෂන් නැති නිසාත් ,ඉනා ගුරුවරයා ඔනිවාට එපාවට කළ නිසත් එම විෂයෙ නිසි ප්‍රයොජනය ලැබීමට මා මෙන් එම විෂය කල අනෙකුත් මිතුරන් අපොහොසත් විය .
එත් කොමර්ස් විෂයට මා දැක්වූයෙ පුදුම ඇල්මක් සහ ආසාවකි .
බැංකු කටයුතු,ව්‍යාපර කටයුතු ලෙජර් ගිණුම් අතර මා අනිකුත් කිසි විෂයකට නොදැක්වූ උද්යොගයකින් අධ්‍යනය කටයුතු යෙදුන සැටි අද මෙන් මතකයි.
මුඩුක්කු වල උන් බහුතරය සහිත මාගෙ පාසලෙ මුඩුක්කු වල උන්ගෙම ක්‍රියාවන් නිසා පාසල අමිහිරි තැනක් වෙන කල
ඕ ලෙවල් ටියුෂන් ක්ලාස් මා හට දේවලයක් විය.
එයිනුත් ම ආසවෙන්ම ගිය ටියුශන් ක්ලාස් එක කොමර්ස් විය.
අප පාසලෙ හොඳට ඉගැන් වූ ඒ ලෙවල් විෂය වූ කොමර්ස් තොරා ගැනීමට හිතෙ කොනක ආසාව තිබුණත්
පරිඝනක අධෝ අමාරුව ඉහ වහ ගොස් සිටි මා හට කුඩා කල සිට කිරීමට සිතා සිටි විෂය වූ ගණිත විෂය තොරා ගැනීමට මා දෙවරක් සිතුවෙ නැත.
අප පාසලෙ ගණිත විෂයට තිබු ප්‍රතිඵල එතරම් සුභදායි නොවීය.
එම නිසා ගණිත විද්‍යා විෂයන් කරන උන් බොහො අයෙකු රෝයල් ආනන්ද වැනි පාසල් කෙරෙ යොමු වෙ.
එවැන්නකට යාමට ලකුණු නැති එහෙත් විෂය කිරීමට කැමති උන් ටික පාසලෙ ගණන් කිරීමට ඉතිරි වෙ.
ගණිතය විෂය කිරිමට ආවත් බලාපොරොත්තු වූ ලෝකය එතන නොමැති බව මා හට ටික කලක් යන විට වැටහෙන්නට විය.
එනම් මා සිතා සිටියෙ ප්‍රායොගික ලොකයට වැඩක් වෙන අන්දමෙ කරුණු එකී විෂයන් තුලින් ලැබෙවි යන්නය.
එහෙත් එය එසෙ නොවීය.
මැක්ස් ප්ලාන්ක් ගෙ කොන්ටම් වාදය ,අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය ,
නිව්ටන්ගෙ ගණිත සංකල්ප වැනි දෑ ඇතැයි සිතා
එවැන්නෙකු හෝ විය හැකිය යන සිතිවිල්ලෙන් ගණිතය කිරීමට පැමිණෛ මාහට බලාපොරොත්තු සුන් කරගැනීමට ගතවූයෙ කෙටි කලක්ය .
ඉඳ හිට අමතර වෂයෙන් ටියුට් වල කොනක ප්‍රායොගික සම්බන්ධයක් පෙන්වා දී තිබුණද විභාගයක් වෙනුවෙන් පටන් ගත් වෙලෙ සිට යන්ත්‍ර මෙන් ගණන ටොන් ගණන් සැදීම කාරිය කරගත් ගණිත ඉගැන්වීම මා හට සැබවින්ම එපා වී තිබුණි.
ටියුෂන් සර්ලාගෙ වලි ,ටියුශන් සර්ලා පදින වාහනය සහ වත්කම් සහ ලොකුකම් පම්පොරි මිතුරන් අතර නිතරම විය.
අහවල් ටියුෂන් සර් ගාවට යන්නවුන් ඉහල තත්වෙ උනුත් එසෙ නොවන උන් අඩු කුලෙ උනුත් වෂයෙන් බෙදීම් ඇති වී තිබිණි.
මව් දෙමාපියන්ට වඩා ටියුශන් ගුරා දෙවියෙකු වීරයෙකු බවට මාගෙ මිතුරන්ගෙ ලෝකවල අරක් ගන්නට විය .
මා එසෙ නොවූවත් එසෙ වීමට සිදුවන්නටද විය .
අනෙක් පසට මැත්ස් සහ බයො කර කෙල්ලන්ද එතරම් පෙනුමැති එවුන් නොවීය.
පෙනුම තියෙන පට්ට කෑලි ටයිප් එකෙ උන් සිටියෙ කොමර්ස් පන්ති වලය.
එමෙන්ම මැත්ස් කළ බහුතරය කොල්ලන් ද පට්ට කුහකයන් විය.
කිසි කතා බහක් නැති තමන් ගැන පමණක්ම සිතන ආත්මාර්ථකාමීත්වයෙන් යුතු සිනහහවක් හෝ විහිළුවක් වත් නොදන්නා උන් මෙන් හැසිරුණ එවුන්ය.
ගණනක් සදා එය කියාදීමට තරම් කාරුණික ඌ බුවාලා හරි අල්පය .
කොමර්ස් ආර්ට් කරන කොල්ලන් අතර තිබු ආතල් සිනහ මුසු මුහුණු මැත්ස් බයො උන් අතර දැකිය හැක්කෙ කලාතුරකින් විය .
කොමර්ස් කරන කෙල්ලන් සතුව පැවති රූපශ්‍රීය සහ සොශල් බව බයො මැත්ස් කෙල්ලන් අතර අවාරයෙ පොල් එන්නාක් මෙන් දුලබ දෙයක් විය .
මෙවන් කෙලි අතරෙ බැඳගත් බෙරය ගැසීම විනා කල හැකි අන් කිසිවක් නොවූ හෙයින් කොමර්ස් කරා නම් හොඳයි යැයි සිතමින් මා ගණිත විෂයෙ නියැලෙන්නට විය.
ඕ ලෙවල් කල ජැන්ඩියට ඇඳ පැලඳ හැන්ඩියා ඌ මා හට ඒ ලෙවල් කල එම තත්වය සම්පූර්ණයෙන්ම පහව ගිය අයෙකු වන්නට විය.
ඇඳුම ගැන කිසිත් නොසිතන විද්‍යාත්මක ටොක්ස් වලින් කට පුරවා ගත්ත දාර්ශනික අදහස් වලින් හිත පුරවා ගත්ත අයෙකු වීමට සිදු විය .
මා පෙම් බැඳි හා මට පෙම්බැඳි ලස්සන කෙල්ලන් ,පට්ට කෑලි සියල්ලක්ම පාහෙ කොමර්ස් විෂය කරන්නට විය.
ඔවුන් දකින වරක් පාසා මට හිතුණෙ අනෙ මාත් කොමර්ස් කරානම් හොඳයි නේද යන්නය .
ගණිත විෂය තොරාගත් මුල් අවධියෙදීම බොහො මිතුරන් මා සමඟ උරණ විය.
මාගෙ එකී බොහො මිතුරන් පෙලක් ඕ ලෙවල් ෆෙල් උන්ය, අනෙකුන් ආර්ට්ස් සහ කොමර්ස් සහ බයො කල උන්ය.
ඕ ලෙවල් කල එක බත්පත කාගෙන සිටි විහිළුවෙන් තහළුවෙන් සිටි
සිනා මුසු මුහුණින් මා ඇමතු සියලු බොක්කෙ මිතුරන් මා සමඟ මෙතැන් සිට ගණු දෙනු කරෙ නන්නාදුනන අයෙකු ලෙසය.
සමහරු මාගෙ මුහුණවත් බැලුවෙ නැත.
එහෙත් ගණිත විෂයෙන් ලැබුණු පන්නරය අදටත් වැදගත්ය.
එමෙන්ම එම විෂය කරනවා හෝ කලාය කියන දේට ඇති රෙස්පෙක්ට් එක අන් කිසි විශයකට නොලැබෙ.
පාසලෙදි උවද දඬුවම් දීමෙදි කොමර්ස් ,ආර්ට්ස් එවුන් තරම් මැත්ස් බයො කළ උන් ගුටි කෑවෙ නැත.
මක් නිසාදයත් එම විෂයන් වලට ගුරුවරුන් අතරද තිබුනෙ ලොකු ගෞරවයකී .
ගණිතය නිසා දැනගත් දෑ බොහොය .
අදටත් මා අළුත් දෙයක් ඉගෙනීමට උනන්දුවක් දක්වනවිට මැත්ස් කිරිමෙ පන්නරය වක්‍රාකාරව හෝ සෘජුව ඉවහල් වෙ.
එහෙත් කොමර්ස් කරානම් නම්බුව ගෞරවය තැන කෙසෙ වෙතත් මීට වඩා සතුටක් හිතෙ තියෙවී නේදො කියන සිත්තැවුල මා හට ඉඳ හිට වද දෙන්නෙ උක්ත කී කාරණා නිසාය .
P.S : හිතෙ ඇති වෙච්ච පොඩි සංවෙගයකට ලිව්ව දෙයක් බන් ගණන් ගනන් එපා .

Mudukku set wenna nam Ananda Nalanda or DS wenna ona famous ewagen. Ekko susamawardane wennathi.