සුජිත් රත්නායක දැක්ක යොහානි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    app-facebook
    Irra Asura
    on Wednesday

    ■ බිතෝවන්, චූන් පාන් සහ යොහානිලා
    වර්තමාන චූන්පාන් කැබ් වල වාදනය වන සංගීත ඛණ්ඩයේ මුල් කතෘ බිතෝවන් ය. බිතෝවන් ජර්මානු ජාතික සංගීතඥයෙකි . බිතෝවන් 1770 දී ඉපදිනි. ඔහුගේ ප්‍රධාන පළමු සංධ්වනිය 1800 දී ප්‍රකාශයට පත් වූ බව කියවේ. සියවස් දෙකකට ආසන්න කාලයකට පසු චූන්පාන් කැබ් හදුනා ගැනීමේ සංගීත නාදය හැටියට මේ භාවිතා කරන්නේ බිතෝවන්ගේ සංගීතය යි කියලා නූගත් මෝඩයා දන්නැති උනාට දන්න මිනිහා එය දනී. ඒ අනුව සියවස් දෙකකට පසුව චූන් පාන් වාදනයට බිතෝවන් ගැනීමෙන් බිතෝවන් අවලංගු වනවා වෙනුවට සිදු වන්නේ බිතෝවන්ගේ තරම තව තවත් තහවුරු වීමයි.
    යොහානිගෙ නමින් ප්‍රසිද්ධ වී ඇති ‘‘මැණිකේ මගේ හිතේ‘‘ ගීතය මුලින්ම ගැයුවේ සතිශාන් රත්නායක ය. එම ගීතයේ පද රචකයා වන්නේ දුලාන් ARX වේ. එම ගීතය ගයන විදිය හෙවත් තනුව හා සංගීතය චමත් සංගීත් ය. මෙම ගීතයේ පමණක් නොව ගොඩාක් ගීත වල ගායකයා හෝ ගායිකාව තරමට සංගීත නිර්මාපකයා එතරම් ජනප්‍රිය නොවීම සාමාන්‍ය දෙයකි. එය වෙනම කතාවකි.
    සතිශාන් ගයන ‘‘මැණිකේ මගේ හිතේ‘‘ ගීතයට වඩා සතිශාන් යොහානිත් සමග යුග ගීතයක් හැටියට ගයන ‘‘මැණිකේ මගේ හිතේ‘‘ ගීතය ජනප්‍රිය උනත් යුග ගායනය ඉදිරිපත් කරන සතිශාන් ජනප්‍රිය නොවීම මෙහි ඇති පුදුමයයි. යුග ගීතයකදී එක් අයකු පමණක් ජනප්‍රිය වූ ඓතිහාසික අවස්ථාවක් ද මෙය විය හැකියි. බොහෝ ජනමාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය මේ ගීතයේ ජනප්‍රියත්වය වාර්තා කරේ ‘‘යොහානිගේ මැණිකේ මගේ හිතේ‘‘ ගීතය යන නාමකරණයෙනි. මේ ගීතය ලංකාවෙන් පිටත ජනප්‍රිය උනේ මුල් වරට ඉන්දියාවේ ය. ඉන්දියාවේ මේ ගීතය ජනප්‍රිය වීමට හේතු වූයේ මේ ගීතය ඇතුලත් වීඩියෝවට Kaalia සිනමාපටයේ අබිතාබ් බච්චන් ඇතුලු පිරිසක් නටමින් හින්දියෙන් ඉදිරිපත් කරන ගීතයක හඩ ඉවත් කොට රූප රාමු සමග මෙම ගීතය බට් කොට සංස්කරණය කොට තිබීමයි. Kaalia සිනමාපටයේ හින්දි සින්දුවේ පදරචනය අපිට නොතේරුණත් නර්තනය සමග ගීතයේ තනුව හා සංගීතය සමග අපිට අනන්‍ය විය හැකිවා වගේ ම මේ මැණිකේ ඔබේ මගේ ගීතයේ පදරචනයේ තේරුම නොදැන ගීතයේ තනුව හා සංගීතය සමග නර්තනය ගැලපී ඇති ආකාරයත් සමග ඉන්දියානුවන්ට ද අනන්‍ය විය හැකි ය. මේ ගීතය විවිධ භාෂාවල් වලින් කුඩා ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා තරගයට ගැයීම මේ වන තෙක් රැල්ලක් බවට පත්ව ඇත. මේ කිසිවකු මේ ගීතයේ පදරචනයේ තේරුම දැනගෙන එය බාර ගෙන නැති බව මගේ හැගීමයි. මේ ගීතයේ පදරචනයට අනුව මේ ගීතය ගායනා කළ යුත්තේ පිරිමියෙකි. මේ මගින් කියවෙන්නේ ගැහැණියකගේ ඇගපසග වර්ණනා කරමින් ආදරය හා ශෘංගාරය යැදීමකි. ගීතයෙන් කොටසක් ඉදිරිපත් කළොත් එය මෙහෙමයි.
    මැණිකේ මගේ හිතේ
    මුදුවේ නුරා හැඟුම් යාවී
    ඇවිලේ වී
    නෙරියේ නුඹේ නගේ
    මගෙ නෙත් එහා මෙහා යාවී
    සිහිවේ වී
    මා හිත ළඟම දැවටෙනා
    හුරු පෙමක පැටලෙනා
    රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
    හිත ළඟම දැවටෙනා
    හුරු පෙමක පැටලෙනා
    රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
    මැණිකේ මගේ හිතේ
    මුදුවේ නුරා හැඟුම් යාවී
    ඇවිලේ වී
    නෙරියේ නුඹේ නගේ
    මගෙ නෙත් එහා මෙහා යාවී
    සිහිවේ වී
    අන්තර්ගතය කුමක් උවත් පිරිමියකු ගැහැණියකට ආමන්ත්‍රණය කරන පිරිමියකු ගයන ගීතයක් පසුව යුග ගායනයක් උනේ ඇයි? ඊටත් පසුව එය කාන්තාවක වන ‘‘යොහානිගේ ගීතයක්‘‘ උනේ ඇයි ? මෙතැන සිදු වෙලා ඇත්තේ බල්ලාගේ වැඩේ බූරුවා කරන වැඩක් උනත් එය සමාජයට ප්‍රශ්නයක් නොවුණේ ඇයි ? මෙතැනදි එය සමාජය බාර අරගෙන ඇත්තේ පදරචනය හා ගායනය හැටියට නොව තනුව හා සංගීත නිර්මාණය හැටියටයි. දෙමළ, හින්දි, ඉංගිරිසි කුමන භාෂාවෙන් ගැයූවත් මේ ගීතය නොබෝදා කැලිෆෝනියාවේ වීදියකදී දැරිවියක් වයලීන වාදනයක් මගින් පමණක් ඉදිරිපත් කිරීමත් සමග ඒ අනුව ඇය මගින් ගීතයේ පදරචනය සහ කටහඩ මුල් කර ගත් ගායනය නොව ගීතයේ තනුව මේ ජනප්‍රියත්වයට හේතුව බව අපිට පෙන්නුම් කරයි.
    2009 දී ලංකාවේ යුද්ධය අවසන් වීමෙන් පසු යුධ ජයග්‍රහණයේ කතෘ වෙනුවෙන් එකිනෙකා කුලල් කා ගත්තා වගේ ම මේ ගීතය අරබයාද දැන් කුලල් කා ගැනීම ඇරඹී ඇත. එවක යුද්ධයේ යුධ පෙරමුණේ හිටපු යොහානිගේ තාත්තා ප්‍රසන්න සිල්වා මේ කුලල් කා ගැනීමට සෘජුව සම්බන්ධ උනේ නැති උවත් පදරචනය හා ගායනය ද්විතීයික වෙලා තනුව හා සංගීතය තීරණාත්මක උන මේ ගීතයේ සංගීත නිර්මාපකයා අමතක කරලා තනිව උදම් වීමට යොහානි පට්ට චපල වී ඇත. ගැහැණියක විසින් ගැහැණියක අරබයා ආදරය හා ශෘංගාරය පිණිස ලිසිබියානු අර්ථයෙන් විෂය වීම අපුලක් දනවන දෙයක් නොවුණත් ගැහැණියකට කෙරෙන පුරුෂ ආමන්ත්‍රණයක් සදහාම පිඑිමියකු විසින් නිර්මාණය කර ගත්ත ගීතයක් ගැහැණියක හැටියට එය තමන්ගේ කර ගැනීම ඉල ඇදෙන විහිළුවකට වඩා එය භ්‍රාන්තියක් වන්නේ මොසාට්ගේ සංගීත ඛණ්ඩයක් චූන්පාන් වාදනයකට ගත්තාට වඩා මේ තත්වය වෙනස් නිසා ය. මොකද මෙහෙම තනුව හා සංගීතය අභිබවා මේ තරමටම කටහඩ උඩ දමන රටක නදීක ගුරුගේලාට අනාගතයක් තිබිය හැකි ද යන්න හිතෙන නිසයි. ඕනිනම් අර ඇමරිකානු දැරිවියයි මේ ගීතයේ සංගීත නිර්මාපක චමත් සංගීත් වයි එකට තියලා දෙරණ වගේ චැනල් වලට කතාන්දරයේ සුලමුල පොදුජනයාට ඇඩ්වාන්ස් විදියට අනාවරණය කළ හැකිය.
    උපුටාගැනීම - Sujith Rathnayake
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිතට දැනේන tune එකක් මෙලඩියක් එක්ක එකට රයිම් වෙලා යන තනුවක් තියනවා නම් අපි කවුරුත් අහනවා
    හොදම උදාහරණය Despacito..... වැඩියෙන්ම ලෝකේ බලපු සින්දුව. අද වෙනකන් ලංකාවේ ඉන්න 0.01% වත් දන්නේ නැහැ, තේරුම. හැබැයි 60%-80% වත් අහලා නම් ඇති. අඩුම මෙලදීය, tune එක.......
    අපි අහන්නේ ඉස්සරලාම tune එක මෙලඩිය. ඊටපස්සේ තමා අනිත්වා............
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Eka Ekaage labbawal walata pal hali liyana welawe tamange wadk karaganinko..

    Mewagen kamati 1k toraganin.. :P
    1632454101802.jpeg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • හිතට දන්නේ tune එකක් මෙලඩියක් එක්ක එකට රයිම් වෙලා යන තනුවක් තියනවා නම් අපි කවුරුත් අහනවා
    හොදම උදාහරණය Despacito..... වැඩියෙන්ම ලෝකේ බලපු සින්දුව. අද වෙනකන් ලංකාවේ ඉන්න 0.01% වත් දන්නේ නැහැ, තේරුම. හැබැයි 60%-80% වත් අහලා නම් ඇති. අඩුම මෙලදීය, tune එක.......
    අපි අහන්නේ ඉස්සරලාම tune එක මෙලඩිය. ඊටපස්සේ තමා අනිත්වා............
    මටනං සෙට් වුණේ නෑ Despacito හුත්ත
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,843
    113
    sujith rathnayaka kiyanne ara chithra adina wikara kiyawana pissu huththa neda...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇහිල තියෙන එක නෙමේනෙ මචං
    ඒක රසවින්ද ද කියන දේනෙ අදාල මෙතන
    නෑ මම කියන්නේ හිතා මතා අහලා තියනවා නේ. පලවෙනිපාර අහලා, එපා නම් ආයේ අහන්නේ නැහැ නේ. මම කියන්නේ එක. ආසම නැති උනාට අහාන්ව නේ. උදා. සින්දු ගොඩක් තියන pen drive එකක් play වෙද්දී එපාම නම් සකිප් කරනවා නේ. එත් ඇහෙද්දී ස්කිප් නොකර ඉන්නවා නේ.
     

    AnuradhaRa

    Well-known member
  • නෑ මම කියන්නේ හිතා මතා අහලා තියනවා නේ. පලවෙනිපාර අහලා, එපා නම් ආයේ අහන්නේ නැහැ නේ. මම කියන්නේ එක. ආසම නැති උනාට අහාන්ව නේ. උදා. සින්දු ගොඩක් තියන pen drive එකක් play වෙද්දී එපාම නම් සකිප් කරනවා නේ. එත් ඇහෙද්දී ස්කිප් නොකර ඉන්නවා නේ.
    බාගෙට අහල නැවැත්තුව
     
    • Like
    Reactions: wqe123

    AnuradhaRa

    Well-known member
  • ane mata nm oke athi wishesayak na. amarasiri peris ge, gunadasa kapuge ge, sunil edirisingha ge sindu nm mata owata wada dahas gunayak hodai. kochchara ahuwath epa wenne na. :yes: :love:
    කෙල්ලගෙ කඩ හඬ අමුතුයි බං. (ලොකු දක්ෂතාවයක් නොතිබුණාට)
    සංගීතයත් ගානට සෙට් වෙලා තියෙනව
    මේක කොල්ල කියන එක ඇහුව. සෙට් වුණේ නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කෙල්ලගෙ කඩ හඬ අමුතුයි බං. (ලොකු දක්ෂතාවයක් නොතිබුණාට)
    සංගීතයත් ගානට සෙට් වෙලා තියෙනව
    මේක කොල්ල කියන එක ඇහුව. සෙට් වුණේ නෑ
    mn nam oya aluthen ena sindu gana melo deyak danne na. ahanneth na, moko okkoma ekama bottuwene. ekko melo rahak nathi lyrics, ekama thanuwa, nathnam sinduwa patan gaththa wele idan nahayen adanawa. :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    කෙල්ලගේ කට හඬ මරු. කලාකෘතියක තියෙන්න ඕනේ රසවින්දනය මිසක් කොපිරයිට් නෙමේ. කොපිරයිට් රසවිඳින්න බෑ. හොඳ වෙලාවට ඔය සිංදුව කොල්ලෙක්ගේ වුනේ කෙල්ලෙක්ගේ වුනා නම් මිනීමැරුමක්. මීට කලින් දිමංකගේ සිංදුවක් ඔෂානි කියලා දිමංක ඒ සිංදුවේම female version එක ඔෂානිට හදලා දුන්නේ. නියම කොල්ලො එහෙමයි