Irra Asura
on Wednesday
■ බිතෝවන්, චූන් පාන් සහ යොහානිලා
වර්තමාන චූන්පාන් කැබ් වල වාදනය වන සංගීත ඛණ්ඩයේ මුල් කතෘ බිතෝවන් ය. බිතෝවන් ජර්මානු ජාතික සංගීතඥයෙකි . බිතෝවන් 1770 දී ඉපදිනි. ඔහුගේ ප්‍රධාන පළමු සංධ්වනිය 1800 දී ප්‍රකාශයට පත් වූ බව කියවේ. සියවස් දෙකකට ආසන්න කාලයකට පසු චූන්පාන් කැබ් හදුනා ගැනීමේ සංගීත නාදය හැටියට මේ භාවිතා කරන්නේ බිතෝවන්ගේ සංගීතය යි කියලා නූගත් මෝඩයා දන්නැති උනාට දන්න මිනිහා එය දනී. ඒ අනුව සියවස් දෙකකට පසුව චූන් පාන් වාදනයට බිතෝවන් ගැනීමෙන් බිතෝවන් අවලංගු වනවා වෙනුවට සිදු වන්නේ බිතෝවන්ගේ තරම තව තවත් තහවුරු වීමයි.
යොහානිගෙ නමින් ප්‍රසිද්ධ වී ඇති ‘‘මැණිකේ මගේ හිතේ‘‘ ගීතය මුලින්ම ගැයුවේ සතිශාන් රත්නායක ය. එම ගීතයේ පද රචකයා වන්නේ දුලාන් ARX වේ. එම ගීතය ගයන විදිය හෙවත් තනුව හා සංගීතය චමත් සංගීත් ය. මෙම ගීතයේ පමණක් නොව ගොඩාක් ගීත වල ගායකයා හෝ ගායිකාව තරමට සංගීත නිර්මාපකයා එතරම් ජනප්‍රිය නොවීම සාමාන්‍ය දෙයකි. එය වෙනම කතාවකි.
සතිශාන් ගයන ‘‘මැණිකේ මගේ හිතේ‘‘ ගීතයට වඩා සතිශාන් යොහානිත් සමග යුග ගීතයක් හැටියට ගයන ‘‘මැණිකේ මගේ හිතේ‘‘ ගීතය ජනප්‍රිය උනත් යුග ගායනය ඉදිරිපත් කරන සතිශාන් ජනප්‍රිය නොවීම මෙහි ඇති පුදුමයයි. යුග ගීතයකදී එක් අයකු පමණක් ජනප්‍රිය වූ ඓතිහාසික අවස්ථාවක් ද මෙය විය හැකියි. බොහෝ ජනමාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය මේ ගීතයේ ජනප්‍රියත්වය වාර්තා කරේ ‘‘යොහානිගේ මැණිකේ මගේ හිතේ‘‘ ගීතය යන නාමකරණයෙනි. මේ ගීතය ලංකාවෙන් පිටත ජනප්‍රිය උනේ මුල් වරට ඉන්දියාවේ ය. ඉන්දියාවේ මේ ගීතය ජනප්‍රිය වීමට හේතු වූයේ මේ ගීතය ඇතුලත් වීඩියෝවට Kaalia සිනමාපටයේ අබිතාබ් බච්චන් ඇතුලු පිරිසක් නටමින් හින්දියෙන් ඉදිරිපත් කරන ගීතයක හඩ ඉවත් කොට රූප රාමු සමග මෙම ගීතය බට් කොට සංස්කරණය කොට තිබීමයි. Kaalia සිනමාපටයේ හින්දි සින්දුවේ පදරචනය අපිට නොතේරුණත් නර්තනය සමග ගීතයේ තනුව හා සංගීතය සමග අපිට අනන්‍ය විය හැකිවා වගේ ම මේ මැණිකේ ඔබේ මගේ ගීතයේ පදරචනයේ තේරුම නොදැන ගීතයේ තනුව හා සංගීතය සමග නර්තනය ගැලපී ඇති ආකාරයත් සමග ඉන්දියානුවන්ට ද අනන්‍ය විය හැකි ය. මේ ගීතය විවිධ භාෂාවල් වලින් කුඩා ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා තරගයට ගැයීම මේ වන තෙක් රැල්ලක් බවට පත්ව ඇත. මේ කිසිවකු මේ ගීතයේ පදරචනයේ තේරුම දැනගෙන එය බාර ගෙන නැති බව මගේ හැගීමයි. මේ ගීතයේ පදරචනයට අනුව මේ ගීතය ගායනා කළ යුත්තේ පිරිමියෙකි. මේ මගින් කියවෙන්නේ ගැහැණියකගේ ඇගපසග වර්ණනා කරමින් ආදරය හා ශෘංගාරය යැදීමකි. ගීතයෙන් කොටසක් ඉදිරිපත් කළොත් එය මෙහෙමයි.
මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
අන්තර්ගතය කුමක් උවත් පිරිමියකු ගැහැණියකට ආමන්ත්‍රණය කරන පිරිමියකු ගයන ගීතයක් පසුව යුග ගායනයක් උනේ ඇයි? ඊටත් පසුව එය කාන්තාවක වන ‘‘යොහානිගේ ගීතයක්‘‘ උනේ ඇයි ? මෙතැන සිදු වෙලා ඇත්තේ බල්ලාගේ වැඩේ බූරුවා කරන වැඩක් උනත් එය සමාජයට ප්‍රශ්නයක් නොවුණේ ඇයි ? මෙතැනදි එය සමාජය බාර අරගෙන ඇත්තේ පදරචනය හා ගායනය හැටියට නොව තනුව හා සංගීත නිර්මාණය හැටියටයි. දෙමළ, හින්දි, ඉංගිරිසි කුමන භාෂාවෙන් ගැයූවත් මේ ගීතය නොබෝදා කැලිෆෝනියාවේ වීදියකදී දැරිවියක් වයලීන වාදනයක් මගින් පමණක් ඉදිරිපත් කිරීමත් සමග ඒ අනුව ඇය මගින් ගීතයේ පදරචනය සහ කටහඩ මුල් කර ගත් ගායනය නොව ගීතයේ තනුව මේ ජනප්‍රියත්වයට හේතුව බව අපිට පෙන්නුම් කරයි.
2009 දී ලංකාවේ යුද්ධය අවසන් වීමෙන් පසු යුධ ජයග්‍රහණයේ කතෘ වෙනුවෙන් එකිනෙකා කුලල් කා ගත්තා වගේ ම මේ ගීතය අරබයාද දැන් කුලල් කා ගැනීම ඇරඹී ඇත. එවක යුද්ධයේ යුධ පෙරමුණේ හිටපු යොහානිගේ තාත්තා ප්‍රසන්න සිල්වා මේ කුලල් කා ගැනීමට සෘජුව සම්බන්ධ උනේ නැති උවත් පදරචනය හා ගායනය ද්විතීයික වෙලා තනුව හා සංගීතය තීරණාත්මක උන මේ ගීතයේ සංගීත නිර්මාපකයා අමතක කරලා තනිව උදම් වීමට යොහානි පට්ට චපල වී ඇත. ගැහැණියක විසින් ගැහැණියක අරබයා ආදරය හා ශෘංගාරය පිණිස ලිසිබියානු අර්ථයෙන් විෂය වීම අපුලක් දනවන දෙයක් නොවුණත් ගැහැණියකට කෙරෙන පුරුෂ ආමන්ත්‍රණයක් සදහාම පිඑිමියකු විසින් නිර්මාණය කර ගත්ත ගීතයක් ගැහැණියක හැටියට එය තමන්ගේ කර ගැනීම ඉල ඇදෙන විහිළුවකට වඩා එය භ්‍රාන්තියක් වන්නේ මොසාට්ගේ සංගීත ඛණ්ඩයක් චූන්පාන් වාදනයකට ගත්තාට වඩා මේ තත්වය වෙනස් නිසා ය. මොකද මෙහෙම තනුව හා සංගීතය අභිබවා මේ තරමටම කටහඩ උඩ දමන රටක නදීක ගුරුගේලාට අනාගතයක් තිබිය හැකි ද යන්න හිතෙන නිසයි. ඕනිනම් අර ඇමරිකානු දැරිවියයි මේ ගීතයේ සංගීත නිර්මාපක චමත් සංගීත් වයි එකට තියලා දෙරණ වගේ චැනල් වලට කතාන්දරයේ සුලමුල පොදුජනයාට ඇඩ්වාන්ස් විදියට අනාවරණය කළ හැකිය.
උපුටාගැනීම -
Sujith Rathnayake