LED lights විකුනනවද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Slab එකට ගහන්න පුලුවන් කොටු LED lights ගන්න පුලුවන් අය ඉන්නවද අඩුවට???
    finnian-square-led-ceiling-light-250x250.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Branded ganinm... nththm owa awul... payment wla ehem wikunana local ewage kiyna eliya nha...

    මිල අඩුයි කියලා බාල බඩු දාන්නැතිව Orange, Green, Kevilton වගේ Brand එකකින් දාපං.
    :yes::yes::yes:
    ------ Post added on Oct 1, 2021 at 4:21 PM
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Time ⌚ vs Brightness 🔆
    Good brand ekak ganna.. E kiyanne eliya adu wenawa kaleth ekka.
    ow nee bn
    lankawen ganna ona bn
    ටිකක් හොඳ වොරන්ටි තියෙන බ්‍රෑන්ඩ් එකකින් ගන්න. නැත්තං කාලයක් ගියාම මැද අඳුරුපාට වෙනව...
    ow hoda brand thama baluwe company price ganna thanak
    thnx
    මිල අඩුයි කියලා බාල බඩු දාන්නැතිව Orange, Green, Kevilton වගේ Brand එකකින් දාපං.
    ow bn brand eka hoda ekak company price ganna baluwe
    Branded ganinm... nththm owa awul... payment wla ehem wikunana local ewage kiyna eliya nha...


    :yes::yes::yes:
    ------ Post added on Oct 1, 2021 at 4:21 PM
    owow
    ela
    ela
    ela
    Buy a good brand yako. Salli wage newi owa kadunama.
    mm ow ow
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    දැන් ටික කාලෙකට කලින් පිලිප්ස් එකේ stock එකක් warehouse එකෙන් සේල් එකක් දැම්මා..මම ඔය වගේ ඒවා රු.200 ගානේ ගත්තේ.24 box 5 ගත්තා.
     
    • Wow
    Reactions: NRTG and Any.key

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් ටික කාලෙකට කලින් පිලිප්ස් එකේ stock එකක් warehouse එකෙන් සේල් එකක් දැම්මා..මම ඔය වගේ ඒවා රු.200 ගානේ ගත්තේ.24 box 5 ගත්තා.
    Koheda bn tiyenne??
     

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    මං ඉගනගත්ත දෙයක් ගැන කියන්නම් කිරියෙ සාමාජිකයන් වෙනුවෙන්. කවදාවත් මචන්ලා පිටකොටුවේ පේමන්ට් එකෙන් තියන බල්බ් ගන්න යන්න එපා.පලවෙනි දේ ඒවගේ කල්පැවත්ම අඩුයි. දෙවනියට කිසිම බලශක්ති ඉතිරියක් ඒවායෙන් ලැබෙන්නෙ නෑ. ලොකුම දේ හා ලොකුම හානිය තමයි කාලයත් එක්ක අපිට නොමිලේ ලැබෙන්න පුලුවන් ඔලුවේ කැක්කුම් ඇස් පෙනීමේ දුබලතා වගේ රෝග.සරලවම ඒ ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.

    හැම බ්‍රෑන්ඩඩ් බල්බ් එකකම එහි වොට් ගණන,ශ්‍රේණිගත කිරීම එලිය විහිදුවන ආලොක කෝණය , එක වොට් එකක් දහනය තුළ විහිදුවන ආලෝක ප්‍රමානය ගැන වැදගත් ලෙස සදහන් වෙනවා.ලැබ් පර්යේශන මට්ටම් ගණනාවක් පහුකරලා තමයි මේ ප්‍රත්‍යස්ත මට්ටමකට ගොඩනගන්නෙ.

    1.වොට් ගණන

    හැමෝම දන්නවා වගේ බල්බ් එක දහනය කරන බලශක්ති ප්‍රමණය

    2.ආලෝක කෝණය

    ගොඩක් දෙනෙක් නොහිතන වැදගත්ම සාධකයක් තමයි ආලෝක කෝණය කියන්නෙ. සමහරවිට ඔයාලා දැකල ඇති සමහර බල්බ් සවි කළාම කාමරය හොදින් එලිය උනත් සිවිලිම පැත්ත අදුරු ගතියක් තියනව.බල්බ් එකේ දැල්වෙන රවුම් කොටස වැඩි එකක් ගන්න සැමවිට වගබලාගන්න. මේ දේ පහසුවෙන් අදුරගන්න බල්බ් එකේ බීම් ඈන්ගල් එක අංශක 280 හෝ ඊට වැඩි එකක් ගන්න බලන්න.

    3.ලුමන්ස් ප්‍රමාණය

    වොට් 5ක බල්බ් එකකින් ලුමන්ස් 500ක් දෙනකොට තවත් වොට් 5බල්බ් එකකින් ලුමන්ස් 600ක් දෙන්න පුලුවන් කියල සදහන් වුනොත් වොට් 5හෙ ලුමන්ස් 600 බල්බයෙන් තමයි වැඩි කාර්යක්ශමතවයක් තියෙන්නෙ.ඒ නිසා මින් ඉදිරියට බල්බ් ගන්න යනකොට බල්බ් වල සදහන් වැඩි ලුමන්ස් ප්‍රමනයෙ බල්බ සසදා බල මිලදී ගන්න වග බලා ගන්න.

    4. ආලෝක වර්ග

    ලංකාව වගේ රටවල් වැඩිපුර සුදු එලිය පාවිච්චි කරනවා වගේම යුරොපා රටවල් වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ කහ පැහැති එලියට. ලන්කාව වගේ රටවල අය පැහැදිලි තීව්‍ර රූපයක් දකින්න වැඩි කැමැත්තක් දක්වනවා. එය 6400ක් වර්ණාවලියයි. කහ එලිය රාත්‍රී කාලයේ තීව්‍ර වඩා පැහැදිලි රූපයක් නොදුන්නද ඇසට අපහසු නොමැති පහසු දිගු වෙලාවක් උවද ගත කළ හැති එලියක් ලබා දෙනව. එය 3200-3400ක් වර්ණවලි පද්ධතියයි. බොහෝවිට අධිවේගී මාර්ගයේ රියදුරන්ට වැඩි වේලාවක් පහසුවෙන් ධාවනයේ යෙදීම ඇසට පහසු කරවන්න මෙම වර්ණය යොදාගන තියනවා දකින්න පුලුවන්

    මෙම ප්‍රමිතිගත දත්ත සදහන් නැති, බල්බ වල විහිදෙන ආලොක වර්නක තිව්‍රතවයන් ගැන පවා කිසිදු සදහනක් නැත්නම් එම බල්බ මිලදී නොගන්න එක තමයි නුවණට හුරු. අපිට සූර්යාලොකයෙන් කොතරම්නම් අහිතකර කිරන එනවද? ඒ වගෙමයි නිසි ආලොක කිරන විහිදුම් ප්‍රෙරනයකින් තත්ව ප්‍රමිතිය බලලා නැතිනම් ඒවගෙන් එන අහිතකර කිරන මොලයටත් අඩු අලෝක තත්ව යටතේ ඇස් පෙනීමටත් දීර්ග කාලීනව මෙය පිලිකා මට්ටමටත් උනත් හේතු සාධක වෙන්න පුලුවන්.

    ගාන ටිකක් වැඩිඋනත් බ්‍රැන්ඩඩ් බල්බ් දැම්මොත් ලොකු කල්පැවැත්මක් විදුලිය ඉතිරියත් නිරොගීතාවයත් ඔක්කොම ලබාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: kepu