1. හරියටම 12v ද, අඩුද වැඩිද කියන එක නම් මුලින් දැනගන්න වෙනවා. (box එකේ, බල්බ් එකේ, නැත්තං ඇතුළෙ circuit එකේ හරි ඒක ගහලා තියෙනවා නම් තමයි ඒක දැනගන්න වෙන්නෙ)
2. LED bulb එක ගලවපුවාම ඇතුළෙ තියෙන්නෙ පොඩි LED ටිකයි, capacitor, resistor, ic වගේ ඒවා ටිකයි. ඒ ටික ගලවන්න නම් ගොඩක් වෙලාවට බවුත් එක (soldering iron) පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්න ඕනෙ.
3. ඒ ටික අයින් කළාට පස්සෙ පොඩි LED සෙට් එකේ +, - වලට නිවැරදි dc voltage එක දුන්නහම පත්තු වෙන්න ඕනෙ.
* ඊටත් වඩා ලේසියි පොඩි LED ටිකක් හොයාගන්න පුලුවන් නම් ඒ ටික series (ශ්‍රේණිගත) විදිහට හයි කරලා එකක් හදාගන්න එක.
*** ගොඩක්ම ලේසි ක්‍රමය 12v dc LED ගන්න එක. (රවුම් බල්බ්, ටියුබ් ලයිට් වගේ ඒවා එහෙමත් තියෙනවා)