ලන්කාවේ අනාගතය සහ දේශපාලනය

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උබලා මොන විකල්ප සහ වෙන බයිලා ගැහුවත් මේ රට හදන්න ක්‍රම දෙකයි තියෙන්නෙ මට තේරෙන විදියට. සිස්ටම් චේන්ජ් කරන්න සිස්ටම් එකෙන් පිට ගිහින් නාන නෑම පේනවනෙ! ඔවා නිකන් සිල්ලර සහ මෝඩ සින්හලුන්ව ලේසියෙන් රවට්ටන්න පුලුවන් කතා. දැන් ඉන්න අයගෙන් ප්‍රදාන දේශපාලන පක්ශ 3නේම නායකයන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ.

    මේක හදනවා නම් කොක්කෙන් හරි කෙක්කෙන් හරි හදන්න වෙනවාමයි ක්‍රම දෙකයි තියෙන්නෙ

    1. හිට්ලර් වගේ ඒකාදිපති පාලකයෙක් පත් වෙන්න ඕනෙ නීතිගරුක බව සහ මිනිස්සුන්ගෙ විනය හදන්න පුලුවන් විදියෙ. ලොකු ප්‍රතිපත්ති මාලාවක් ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් පුද්ගලයෙක් අවශ්‍යයි. ඒකට බාල්දි පෙරලන ජෙප්පො හෝ වෙන වෙන එවුන් කකුලෙන් අදී ඒවාට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. මිනිස්සු කියයි හිටලර් කියලා කරන්න දෙයක් නෑ. සින්ගප්පූරැවෙ ලී කිවාන් යූ හොදම උදාහරණයක්

    දැනට ඕක කරන්න පුලුවන් දේශපාලකයො දෙන්නයි මේ රටේ ඉන්නෙ මට හිතෙන විදියට

    2. අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව තමන් හැදෙන එක. මේක ඉතින් කරන්න හරි අමාරැයි සින්හලුන්ගෙ ජාන වල සෙල්ෆ් ඩිසිප්ලීන් හදාගන්න අමාරැයි. රටක් විදියට හැමෝම එක විදියට හිතලා වැඩ කරොත් මේ රට ගොඩ යයි! නැත්තම් සදා වලේ

    මේ ටික කියන්න හිතුවෙ මොන ප්‍රශ්නෙ උනත් මම මේ රට දාලා යන්නෙ නෑ. මන් මේ රටට ආදරෙයි ඉපදුනෙත් මෙහෙ මැරෙන්නෙත් මෙහෙ ❤️
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    බල අරගලයක් යනවා ලොකෙ ඇතුලෙ.
    චීනා උඩට එනවා හැම අතින්ම ටික ටික. සමහරක් දේවල් වලින් උඩට ඇවිත් ඉවරයි .

    බටහිර ශිෂ්ඨාචාරය කඩන් වැටෙමින් පවතිනවා .
    ඒ වගෙම බටහිර ශිෂ්ඨාචාරය තමා මෙ වෙනකන් තිබ්බ හොඳම ශිෂ්ඨාචාරය .
    අපිට හොඳ මොඩල් එකක් ආදර්ශයක් දීලා තියෙනවා බරහිරින් කොලිටි එක ගැන ජීවන තත්වයට.

    මේක හදන්න පාලකයෙක් පත්කරගෙන ,ෆේස්බුක් එකෙන් දකින ඩොපැමින් පිට කරනව පොස්ට්ස් වලට චූන් වෙලා බැහැ .

    දිගුකාලීන සැලසුම් සහ ඉවසීම ඒ වගෙම හාර්ඩ් වර්ක් තියෙන්න ඔනි.

    අපෙ රටෙ එකෙක් පත් කරලා නම් මේක කරන්න අමාරු වෙයි.
    බලවතෙකුගෙ සරණ ගියොත් අපිට ගේමක් ගහගන්න පුළුවන් වෙයි .
    මොකද අපෙ රට කොහොමත් එදා ඉඳන් ඒ ඒ වකවානු වල බලවතුන්ගෙන් පීචං වෙලා ඒ බලවතුන් දීපු දේවල් එක්ක ජීවත් වෙච්ච ජාතියක් .
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Guess! මන් මගේ මතය දැම්මොත් මේක එක එක අය ප්‍රමෝට් කරන ත්‍රෙඩ් එකක් කියලා දායි

    බල අරගලයක් යනවා ලොකෙ ඇතුලෙ.
    චීනා උඩට එනවා හැම අතින්ම ටික ටික. සමහරක් දේවල් වලින් උඩට ඇවිත් ඉවරයි .

    බටහිර ශිෂ්ඨාචාරය කඩන් වැටෙමින් පවතිනවා .
    ඒ වගෙම බටහිර ශිෂ්ඨාචාරය තමා මෙ වෙනකන් තිබ්බ හොඳම ශිෂ්ඨාචාරය .
    අපිට හොඳ මොඩල් එකක් ආදර්ශයක් දීලා තියෙනවා බරහිරින් කොලිටි එක ගැන ජීවන තත්වයට.

    මේක හදන්න පාලකයෙක් පත්කරගෙන ,ෆේස්බුක් එකෙන් දකින ඩොපැමින් පිට කරනව පොස්ට්ස් වලට චූන් වෙලා බැහැ .

    දිගුකාලීන සැලසුම් සහ ඉවසීම ඒ වගෙම හාර්ඩ් වර්ක් තියෙන්න ඔනි.

    අපෙ රටෙ එකෙක් පත් කරලා නම් මේක කරන්න අමාරු වෙයි.
    බලවතෙකුගෙ සරණ ගියොත් අපිට ගේමක් ගහගන්න පුළුවන් වෙයි .
    මොකද අපෙ රට කොහොමත් එදා ඉඳන් ඒ ඒ වකවානු වල බලවතුන්ගෙන් පීචං වෙලා ඒ බලවතුන් දීපු දේවල් එක්ක ජීවත් වෙච්ච ජාතියක් .
    සහතික ඇත්ත
    ------ Post added on Oct 2, 2021 at 11:49 AM


    මිත්‍යාවෙ ගිලිලා ඉන්න මිනිස්සුන්ගෙන් රට හදන්න බෑ
    ------ Post added on Oct 2, 2021 at 11:49 AM
     
    • Like
    Reactions: Gihanjs

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හොද විනිවිද ක්‍රමයක් තියෙන විවස්තාවක් , අදිකරන පොලිසිය ඇත්තටම ස්වදීන .

    හොද අද්‍යාපන ක්‍රමයක්

    ඔය දෙක ඇති අනිත් ඒවා ඉබේම වේවි. ඒකාදිපකියන්ට කරන්න දෙයක් නැනැ .
     
    • Love
    • Like
    Reactions: shenat and kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    242108318_403374507979113_2989909273497835003_n.jpg
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හැමදාම පක්ෂ විපක්ෂ ලෙස ඉන්න සෙට් එකක් ඉදලා නම් මේ රට ගොඩ යන්නේ නැහැ. ඒ වගේම දුෂිත රාජ්‍ය නිලදාරීන් ගැනත් හොයන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ. මොකද හැමදාම මීඩියා එකේ පෙන්වන්නේ දේශපාලන මුණවල් මිසක්. ඉහල නිලදාරීන් කවදාවත් පෙන්වන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: sakuntha1996

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    // සින්හලුන්ගෙ ජාන වල සෙල්ෆ් ඩිසිප්ලීන් හදාගන්න අමාරැයි. //

    මේ පෝස්ට් එකේ කියැවෙන 'ලංකාවේ අනාගතය සහ දේශපාලනය' කියන සබ්ජෙක්ට් එකට අදාළ නැති උනත්, අපේ මිනිසුන්ගේ හැසිරීම ගැන පරණ සිද්ධියක් මතක් උනා.

    1990 දී මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ බිරිඳත්, එවකට වයස මාස හතක අතදරුවෙක් උන දියණියත් සමගයි. අපි, තායි එයාවේස් එකෙන් බැංකොක් (හරහා මෙල්බර්න්) යාමට කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ රැඳී සිටියා. අද මෙන් Passenger Boarding Bridge නොතිබුණු ඒ කාලයේ, සියළුම මගීන් පර්යන්තයේ සිට බස් මගින් මීටර් හාර පන්සීයක් දුරින් නවතා ඇති ගුවන් යානයේ පඩිපෙළ දක්වා රැගෙන ගියා. මේ කියන ගුවන් යානයටත් මගීන් රැගෙන යාමට බස් දෙකක් පර්යන්තයේ දොරකඩ නවත්වා තිබුනා.

    අපි එසේ ඉන්නා විට, තායි ගුවන් සේවයේ flight attendant කොල්ලෙක් ඇවිත් හොර රහසේ මට කතා කරලා, වයිෆ් වයි ලමයාවයි අරගෙන එයාගේ පස්සෙන් එන්න කියලා, අපේ හෑන්ඩ් ලගේජ් මලුත් ඒකාම උස්සාගෙන, ප්‍රධාන දොරටුව මග හැර, ගුවන් තොටුපොල සේවකයන්ගේ දොරටුවකින් බස් රථයට රැගෙන ගියා. අපිව දොර ලඟම ආසනයක හිඳවා, ඔහු බැස ගොස් ප්‍රධාන දොරටුව විවෘත කොට, මගීන්ට බස් වලට නගින ලෙස ඉල්ලා සිටියා.

    ඒ බස් දෙකට නගින්න ආපු අපේ මිනිස්සු, පොර කාලා, එකිනෙකා තල්ලු කරලා, හෑන්ඩ් ලගේජ් වල අඬු කඩාගෙන, ඇඳුම් පැළඳුම් විනාස කරගෙන දඟලපු දැඟලිල්ල දැකපු කෙනෙක් කවදාවත් අපේ අවුරුදු 2500 ඉතිහාසය ගැන හෝ අපේ හැදියාව ගැන කතා කරන්නේ නැහැ. පේන දුරින් නවතා ඇති ගුවන් යානයට විනාඩියකටත් අඩු කාලයක් ගතවන මේ බස් ගමනටත් ආසන අල්ලා ගන්න, ජනේල අයිනේ ආසන අල්ලා ගන්න, යනාදී වශයෙන් බස් එක ඇතුලෙත් ආරවුල් ඇති කරගත්තා.

    ලැජ්ජාවට කරුණ නම්, අපේ මිනිසුන්ගේ හැදියාව ගැන දන්නා පළපුරුදු (තායි)ගුවන් සේවකයෝ, ළදරුවෙකු සමග ගමන් ගන්නා අපිට අත්විය හැකි ඉරණම ගැන කලින්ම දැනගෙන, අපිව ඒ අනවශ්‍ය පොර කෑමෙන් බේරා ගැනීමයි.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගිය ආණ්ඩුවෙන් කෙටුම්පත් කරලා ක්‍රියාත්මක නොකරපු "විගණන පනත" කියල එකක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරනම් රටේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හරිම සරලයි එදා ඉදන් දුන්නු චන්ද දිහා බැලුවොත් තේරෙන්නේ බහුතර ජනතාවට ඕනේ මේ තියෙන විදියට ඉන්න .ඉතාම සුළුතරයකට තමයි මේක වෙනස් කරලා ඇමරිකාව ,යුරෝපය වගේ කරගන්න ඕනේ .බොරුනම් බලපල්ලකො මොනවහරි ටිකක් වෙනස් කරලා මොකද වෙන්නේ කියල (ගොඩක් උන් කියන්නේ චන්දෙ දුන්නේ අවරුදු 5කට අවරුදු 5 න් දුන්නු විදියට තියන්න කියලයි කියන්නේ ) උඩ පැනගෙන මේකේ වලලුනත් ඇත්ත මේකයි
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    Guess! මන් මගේ මතය දැම්මොත් මේක එක එක අය ප්‍රමෝට් කරන ත්‍රෙඩ් එකක් කියලා දායි


    සහතික ඇත්ත
    ------ Post added on Oct 2, 2021 at 11:49 AM


    මිත්‍යාවෙ ගිලිලා ඉන්න මිනිස්සුන්ගෙන් රට හදන්න බෑ
    ------ Post added on Oct 2, 2021 at 11:49 AM
    බ්‍රෝ

    අන්ඩුවේ වත් විපක්ශේ වත් කවුරුවත් කරන්නෙ නෑ.
    ඒත් පුලුවන් උනොත් ව්‍යවස්ථාවට ඇතුල් කරන්න නීතියක්

    මෙහෙම.

    දේශපාලනය කරන්න අවම සුදුසුකම්ක් අනිවාර්යයෙන් නීතීගත කරන්න.

    1. අවම යම් ක්ශේත්‍ර්‍යක උපාදියක් සහ අවුරුදු 5ක අත්දැකීම්

    2. පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය / මන්ත්‍රීකම හෝ ඇමතිකම් දැරීම සිමාවන් දැමීම. ( ජනාධිපති වීම උපරිම දෙවාරයක් වගේ)

    මෙහෙම උනොත් මේ තියෙනවට වඩා යම් වෙනසක් වෙයි නේද..

    අදසහක් විතරයි