එකසිය දහය කිස්ටල් ලයිට් එක නම් හොඳයි
අනිත් එකේ ෆුල් ඔප්ෂන් එක අව්ලක් නෑ
ඉන්නකෝ මං ඔකේ එන grades ටික කියන්න
- DX
- LX
- XE Saloon
- XE Saloon Limited
- 2.0 XLi
- SE Saloon G Grade
- SE Saloon L Grade
- SE Saloon Riviera
ඕවයින් DX, LX, XE Saloon, SE Saloon ඔක්කොම pre facelift (normal lights), facelift (crystal lights) දෙකටම් ආවා
SE Saloon G Grade ආවෙ pre facelift එකට
XE Saloon Limited, 2.0 XL, SE Saloon L Grade, SE Saloon Riviera ආවෙ facelift එකට
DX කියන්නෙ lowesetම grade එක
ඒ කියන්නේ options අඩුම eka
dickey door opener, intermittent wiper control වත් නැහැ
pre facelift එකේ side mirrors and bumpers black colour එකෙන් ආවෙ
ඕකෙන් පස්සෙ grade එක LX
මේකේ pre facelift එකේ bumpers and side mirrors body coloured එකෙන් ඇවිල්ල තියෙනවා
තව seats එහෙම ටිකක් හොඳයි
ඊට පස්සේ XE Saloon
power mirrors (without retractable)
power shutters
central lock ඇවිත් තියනවා
Intermittent wiper controls තියනවා
Door upholsteries කාඩ් එකක් විදියට වගේ තමයි තියෙන්නෙ
Rear Head Rest ඇවිල්ල තියෙනවා facelift model එකට
අන්තිමට ආවෙ SE Saloon
මේකෙදිත් ඔප්ශන් ඔක්කොම තියනවා
Door upholsteries card විදියට නැතුව plastic සහ leather mix එකකින් ටිකක් premium look එකක් එන්න හදලා තියනවා
RPM meter එක වගේම retractable mirrors එහෙමත් තියනවා
XE Saloon Limited
මේක ආවෙ facelift ඒවාට
SE Saloon options ටිකක් ඇවිල්ල තියෙනවා
Glasses green tinted කරලා එන්නෙ
තව නම් මතක නෑ වැඩිය
SE Saloon G Grade
pre facelift model එකේ highest grade එක
Climate control units එහෙම එනවා මේකේ
මං ගාව තියෙන්නේ මේකක්
SE Saloon L Grade
මේක ආවෙ facelift ඒවාට
පොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙනවා SE Saloon එකයි L Grade එකයි එකක බලද්දී
SE Saloon එකට වඩා L Grade එක හොඳයි
SE Saloon Riviera
facelift model එකේ highest grade එක
nickel door handles එහෙමත් තියනවා
ආහ් තව
110 එකේ corolla, sprinter කියල model දෙකක් එනවා
දෙකේ Body types වෙනස් එච්චරයි
engine ඔක්කොම එකයි
ඒ දෙකේත් ඔය grades එනවා
හැබැයි sprinter වල එන්නෙ saloon නෙමේ vintage
ඒ කියන්නෙ XE Vintage, SE Vintage එහෙම
2.0 XLi
brand new diesel ආව model එක
මේකේ single air bag (සමහර ඒවායේ dual එනවා) වගේ option තියනව
ඉතින් එහෙම ගත්තම pre facellift එකේ XE Saloon එක හොඳයි facelift එකේ DX, LX ඒවාට වඩා
manual ජිර් මාර්කට් අඩුයි
ඕක නම් ඇත්තටම බයිලයක්
දැන් මම personally පදින්න කැමති manual
transmission type එක depends වෙන්නේ තමන්ගේ choice එක අනුව
අනික auto වලට වඩා manual වල තෙල් කරනවා
ඔයා daily පදින කෙනෙක් නම් වැඩියෙන්ම හොඳ manual එකක්
p.s
ඔස්තාර්ලාගේ ගානට තෙල් නම් කරන්නේ නෑ දැන් 110. ඔය එන්ජින් දැන් ලක්ස 3ක් විතර දුවල තින්නේ. ඒක දැනගෙන ගන්න.
මෙහෙමයි බං
කොච්චර දිව්වත්
වාහනේට හරියට සැලකුවේ නැත්තම්
ඒ කියන්නේ හරියට repair නොකර වෙලාවට එවෙලේට අටවල service නොකර ඔහේ දුවනවා නම් ඉතින් ලෙඩ එනවා සැහෙන්න
තෙල් කරන එකත් ඒ ගමන්ම අඩු වෙනවා
හරියට maintain කරලා බලහන් fuel consumption එක කොහොමද කියල
මං ගාව තියෙන්නේ 1500cc manual එකක්
එකේ ළඟ ඒ කියන්නේ traffic එකේ කරනවා 12ක්
දුර කරනවා 16ක්
මගේ යාලුවෙක් ගාව තියෙනවා manual diesel එකක්
උගේ එකේ traffic එකේ 15, දුර 18ක් වගේ කරනවා