Privet investigator වෙමුද?

sanguine

Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    පෞද්ගලික රහස්පරීක්ෂකයෙක්, කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ ශර්ලොක් හෝම්ස්! ඇත්තටම Private investigator ලා ඉන්නවා අපරාධ පරීක්ෂණ කරන. නමුත් Private investigator ලාගෙන් බොහොමයක් කරන්නේ අපරාධ ගණයට නොවැටෙන පරීක්ෂණ. Insurance, Background and history වගේ ගොඩක් නීෂ් මාකට් තියෙනවා.

    විශේෂයෙන්ම වැඩිම ඉල්ලුම තියෙන්නේ Surveillance investigation පැත්තට. ගෑණි ගැන සැකය, මිනිහා ගැන සැකය, ළමයා ගැන සැකය වගේ දේවල් නිසා බටහිර රටවල් වල මිනිස්සු 20-30%ක් විතර ජීවිතේ එක වරක් හරි Private investigator කෙනෙක් ගේ උදව් ගන්නවා.

    PI කෙනෙක් වෙන්න ගොඩක් උදව් වෙනවා military අත්දැකීම් තිබීම. මොකද military හිටපු අයට ගිණි අවි පුහුණුව, ආත්මාරක්ෂාව, ඉවසීම, පීඩනයක් යටතේ තීරණ ගැනීම වගේම පිලිවලට වැඩ කිරීම වගේ දේවල් වලට අත්දැකීම් තියෙනවා.

    හමුදාවක් දැකලා වත් නැති අය සාර්ථක PI ලා වෙලා තියෙනවා. කාන්තාවෝ ගොඩක් ඉන්නවා.

    Private investigator කෙනෙක්ට සමහර විට එක පින්තූරයකට දවස් ගානක් කට්ට කන්න වෙන්න පුලුවන්. වාහනයක පැය 6-7 නිදා නොගෙන වාඩිවෙලා ඉන්න වෙන්න පුලුවන්. අනතුරු වලට පහරදීම් වලට ලක්වෙන්න පුලුවන්. ගිණිමද්දහනක, ෂටර් වහපු වාහනයක, එන්ජිමත් ඕෆ් කරන් පැය 3ක් ඉන්නවා කියන එක හිතන තරම් සුන්දර නෑ. නිකමට හිතන්නකෝ පැය බාගයක් වහලා අව්වේ පාක් කරලා තිබුන කාර් එකකට නැග්ගාම තියෙන සැප. හැමෝටම එහෙම පරිසරයක වැඩ කරන්න බෑ. ඒක තමයි military අත්දැකීම් මේකට විශේෂ සුදුසුකම් විදිහට සලකන්නේ.

    ඊලගට PI කෙනෙක්ට පයින් ලුහුබැඳ යන්න වෙන්න පුලුවන්. සමහර කේස් වල දවසම බෑග් එකකුත් එල්ලන් ඇවිදින්න වෙන අවස්ථා ඕන තරම්. ඒ වගේ අවස්ථාවක් මුහුණ දෙන්නත් හොද පුහුණුවක් ශාරීරික යෝග්‍යතාව ඉතා වැදගත්.

    PI කෙනෙක් කියන්නේ Investigation Photojournalist කෙනෙක්. එයාට කැමරාව ගැන හොද දැනුමක් අවශ්‍යයි. අයියෝ තව එකක් ගමු කියන්න බෑ නේ. සමහර වෙලාවට පින්තූරය ගන්න කැමරාව දිහා බලන්නේ වත් නෑ. ඒකට අත්දැකීම් ගොඩක් ඕන. ඉස්සර නම් ගොඩක් යූස් කරේ ෆිල්ම් කැමරා. Infared films. මම දන්න තරමට අපේ රටේ නම් තාම ෆිල්ම් යූස් කරනවා. ඇගිලි සලකුණු එහෙම නම් තාම උසාවිය පිලිගන්නේ 120mm film විතරයි. නෙගටිව් එක සාක්ෂි විදිහට පිළිගැනීම වැඩි වීම තමයි ඒකට හේතුව. ඉතින් මෑතක් වෙනතුරුම PI කෙනෙක් වෙන්න Film එකක් යූස් කරන්න, ඒක ඩිවලප් කරන්න, ප්‍රින්ට් එකක් ගහන්නත් දැනගන්නම ඕන. වගේම අවශ්‍ය උපකරණ තියෙන්නත් ඕන. මොකද අතිශය පෞද්ගලික දේවල් අපිට කලර් ලැබ් එකකට හෝ ස්ටූඩියෝ එකකට දෙන්න බෑ නේ.

    දැන් නම් ඕන කෙනෙක්ට Phone එකෙත් 4k වීඩියෝ වුනත් කරතෑකි. හැබැයි අපි හොයන තොරතුරු ගෙඩිය පිටින් අපිට සේවා දායකයාට දෙන්න බෑ. සමහර අනෙක් පාර්ශ්වයන්ට සෙන්සිටිව් දේවල් අපි ආරක්ශා කරන්න ඕන. පැය 4-5ක වීඩියෝවක 10s කෑල්ලක් විතරක් වෙන්න පුලුවන් වැදගත්. ඉතින් Private investigator කෙනෙක් කියන්නේ Video editor කෙනෙකුත් වෙන්න ඕන.

    පැය 4ක් වීඩියෝ කරපු එකක් එඩිට් කරන්න පැය 4ක් ආපහු බලන්න වෙලා ගත්තොත් අපිට ජීවිතේට නිදියගන්න වෙන්නෑ. ඉතින් අපි වෙන හැම දේම වෙලාව ටයිම්කෝඩ් තියාගන්න ඕන. ඒකටත් හමුදා පුහුණුවත් අත්දැකීම්නුත් ගොඩක් උදව් වෙනවා.

    PI කෙනෙක් කියන්නේ Field Audio Recordist කෙනෙක්. සමහර වෙලාවට සාකච්ඡාවක් ටිකක් දුරක ඉදන් හොරෙන් රෙකෝඩ් කරන්න වෙන්න පුලුවන්. ඒවාට උපකරණ සහ දැනුම අත්දැකීම් ගොඩක්ම වැදගත්. ඊ ලගට අනවශ්‍ය නොයිස් ක්ලීන් කරලා වොයිස් අප් කරගන්න audio engineering දැනුම ඕන.

    ඊලගට හැම මගුලම අපි ඉගනගන්න ඕන. අපිට ඉන්වෙස්ටිගේට් කරන්න වෙන්නේ musician කෙනෙක් වෙන්න පුලුවන්, Doctor කෙනෙක්, Banker කෙනෙක්, Civil Engineer කෙනෙක්, නෙමෙයි කොටින්ම දේශපාලන චරිතයක් වුනත් වෙන්න පුලුවන්. අපි ඒ කෙනෙක් ෆලෝ කරනකොට එයාලා කරන්නේ මොනවාද? කන්නේ බොන්නේ, යන තැන්, හම්බුවෙන මිනිස්සු, අදින පලදින හැටි, හැම මගුලම සාපේක්ෂව ගොඩක් වෙනස්. ඉතින් මේ හැමෝම ඊලගට තියන පියවර අනුමාන කරන්න නම් ඔවුන් ගැන අපිට හොද අවබෝධයක් තිබිය යුතුමයි. ඉතින් අපිට ඉගනගන්න සෑහෙන්න දේවල් තියෙනවා.

    ඔය ඔක්කොම තිබුනත් සහජ ඉව වැදගත්. ලෝකේ හොදම ස්නයිපර් විදිහට සලකන Chris Kyle යුදපිටිය වසර ගණනාවක් සාර්ථකව සවයිව් වෙලා ගෙදර ඇවිත් ඔහුගේම ට්‍රක් එකේ, ඔහුගේම ගිණි අවියෙන් වෙඩි කනවා මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක්ට උදව් කරන්න ගිහින්. වෙඩි තැබූ කෙනා කියනනේ අනික් දෙන්නා මාත් එක්ක කතා කරන්නැති නිසා වෙඩි තිබ්බා කියලා. ඔහු හරි විදිහට ඒ කේස් එක හැඩල් කරා නම් තාමත් ජීවතුන් අතර. කොච්චර යුධ වීරයෙක් වුනත් ඔහුට සහජ ඉව ස්ථානෝචිත ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ සිවිල් ජීවිතයේදී. ඔය වගේ උදාහරණ 1000ක් දෙතෑකි. සහජ ඉව සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වගේම ලෝකයේ හැම දේම ගැන යම් හැදෑරීමක් තිබීම ඉතා වැදගත්.

    ඉතින් මම PI කෙනෙක් වෙන්න මූලික සුදුසුකම් ගැන කිව්වා. රස කතා නම් එමටයි. තව ලියන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.

    කෙනෙක් අකුරු වැරදි ගොඩක් පෙන්වලා තිබුනා.
    Sinhala ekek weyan, English ekek wenna kalin hariyata "Private" spell karanna igena ganin
    බොහොම ස්තූතියි! මම උත්සාහ කරනවා පුලුවන් තරම් සිංහලෙන් ලියන්න. මම අවුරුදු ගානක් සිංහලෙන් වත් English වලින් වත් අකුරක් ලියලා නෑ. මම වැඩ කරපු රටේ ඔය දෙකම භාවිතා වෙන් නෑ. මට භාෂා දෙකේම සෑහෙන වැරදි ඇති.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,125
    74,338
    113
    පෞද්ගලික රහස්පරීක්ෂකයෙක්, කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ ශර්ලොක් හෝම්ස්! ඇත්තටම Privet investigator ලා ඉන්නවා අපරාධ පරීක්ෂණ කරන. නමුත් Privet investigator ලාගෙන් බොහොමයක් කරන්නේ අපරාධ ගණයට නොවැටෙන පරීක්ෂණ. Insurance, Background and history වගේ ගොඩක් නීෂ් මාකට් තියෙනවා.

    විශේෂයෙන්ම වැඩිම ඉල්ලුම තියෙන්නේ Surveillance investigation පැත්තට. ගෑණි ගැන සැකය, මිනිහා ගැන සැකය, ළමයා ගැන සැකය වගේ දේවල් නිසා බටහිර රටවල් වල මිනිස්සු 20-30%ක් විතර ජීවිතේ එක වරක් හරි Privet investigator කෙනෙක් ගේ උදව් ගන්නවා.

    Privet investigator කෙනෙක් වෙන්න ගොඩක් උදව් වෙනවා military අත්දැකීම් තිබීම. මොකද military හිටපු අයට ගිණි අවි පුහුණුව, ආත්මාරක්ෂාව, ඉවසීම, පීඩනයක් යටතේ තීරණ ගැනීම වගේම පිලිවලට වැඩ කිරීම වගේ දේවල් වලට අත්දැකීම් තියෙනවා.

    හමුදාවක් දැකලා වත් නැති අය සාර්ථක PI ලා වෙලා තියෙනවා. කාන්තාවෝ ගොඩක් ඉන්නවා.

    Privet investigator කෙනෙක්ට සමහර විට එක පින්තූරයකට දවස් ගානක් කට්ට කන්න වෙන්න පුලුවන්. වාහනයක පැය 6-7 නිදා නොගෙන වාඩිවෙලා ඉන්න වෙන්න පුලුවන්. අනතුරු වලට පහරදීම් වලට ලක්වෙන්න පුලුවන්. ගිණිමද්දහනක, ෂටර් වහපු වාහනයක, එන්ජිමත් ඕෆ් කරන් පැය 3ක් ඉන්නවා කියන එක හිතන තරම් සුන්දර නෑ. නිකමට හිතන්නකෝ පැය බාගයක් වහලා අව්වේ පාක් කරලා තිබුන කාර් එකකට නැග්ගාම තියෙන සැප. හැමෝටම එහෙම පරිසරයක වැඩ කරන්න බෑ. ඒක තමයි military අත්දැකීම් මේකට විශේෂ සුදුසුකම් විදිහට සලකන්නේ.

    ඊලගට PI කෙනෙක්ට පයින් ලුහුබැඳ යන්න වෙන්න පුලුවන්. සමහර කේස් වල දවසම බෑග් එකකුත් එල්ලන් ඇවිදින්න වෙන අවස්ථා ඕන තරම්. ඒ වගේ අවස්ථාවක් මුහුණ දෙන්නත් හොද පුහුණුවක් ශාරීරික යෝග්‍යතාව ඉතා වැදගත්.

    PI කෙනෙක් කියන්නේ Investigation Photojournalist කෙනෙක්. එයාට කැමරාව ගැන හොද දැනුමක් අවශ්‍යයි. අයියෝ තව එකක් ගමු කියන්න බෑ නේ. සමහර වෙලාවට පින්තූරය ගන්න කැමරාව දිහා බලන්නේ වත් නෑ. ඒකට අත්දැකීම් ගොඩක් ඕන. ඉස්සර නම් ගොඩක් යූස් කරේ ෆිල්ම් කැමරා. Infared films. මම දන්න තරමට අපේ රටේ නම් තාම ෆිල්ම් යූස් කරනවා. ඇගිලි සලකුණු එහෙම නම් තාම උසාවිය පිලිගන්නේ 120mm film විතරයි. නෙගටිව් එක සාක්ෂි විදිහට පිළිගැනීම වැඩි වීම තමයි ඒකට හේතුව. ඉතින් මෑතක් වෙනතුරුම PI කෙනෙක් වෙන්න Film එකක් යූස් කරන්න, ඒක ඩිවලප් කරන්න, ප්‍රින්ට් එකක් ගහන්නත් දැනගන්නම ඕන. වගේම අවශ්‍ය උපකරණ තියෙන්නත් ඕන. මොකද අතිශය පෞද්ගලික දේවල් අපිට කලර් ලැබ් එකකට හෝ ස්ටූඩියෝ එකකට දෙන්න බෑ නේ.

    දැන් නම් ඕන කෙනෙක්ට Phone එකෙත් 4k වීඩියෝ වුනත් කරතෑකි. හැබැයි අපි හොයන තොරතුරු ගෙඩිය පිටින් අපිට සේවා දායකයාට දෙන්න බෑ. සමහර අනෙක් පාර්ශ්වයන්ට සෙන්සිටිව් දේවල් අපි ආරක්ශා කරන්න ඕන. පැය 4-5ක වීඩියෝවක 10s කෑල්ලක් විතරක් වෙන්න පුලුවන් වැදගත්. ඉතින් Privet investigator කෙනෙක් කියන්නේ Video editor කෙනෙකුත් වෙන්න ඕන.

    පැය 4ක් වීඩියෝ කරපු එකක් එඩිට් කරන්න පැය 4ක් ආපහු බලන්න වෙලා ගත්තොත් අපිට ජීවිතේට නිදියගන්න වෙන්නෑ. ඉතින් අපි වෙන හැම දේම වෙලාව ටයිම්කෝඩ් තියාගන්න ඕන. ඒකටත් හමුදා පුහුණුවත් අත්දැකීම්නුත් ගොඩක් උදව් වෙනවා.

    PI කෙනෙක් කියන්නේ Field Audio Recordist කෙනෙක්. සමහර වෙලාවට සාකච්ඡාවක් ටිකක් දුරක ඉදන් හොරෙන් රෙකෝඩ් කරන්න වෙන්න පුලුවන්. ඒවාට උපකරණ සහ දැනුම අත්දැකීම් ගොඩක්ම වැදගත්. ඊ ලගට අනවශ්‍ය නොයිස් ක්ලීන් කරලා වොයිස් අප් කරගන්න audio engineering දැනුම ඕන.

    ඊලගට හැම මගුලම අපි ඉගනගන්න ඕන. අපිට ඉන්වෙස්ටිගේට් කරන්න වෙන්නේ musician කෙනෙක් වෙන්න පුලුවන්, Doctor කෙනෙක්, Banker කෙනෙක්, Civil Engineer කෙනෙක්, නෙමෙයි කොටින්ම දේශපාලන චරිතයක් වුනත් වෙන්න පුලුවන්. අපි ඒ කෙනෙක් ෆලෝ කරනකොට එයාලා කරන්නේ මොනවාද? කන්නේ බොන්නේ, යන තැන්, හම්බුවෙන මිනිස්සු, අදින පලදින හැටි, හැම මගුලම සාපේක්ෂව ගොඩක් වෙනස්. ඉතින් මේ හැමෝම ඊලගට තියන පියවර අනුමාන කරන්න නම් ඔවුන් ගැන අපිට හොද අවබෝධයක් තිබිය යුතුමයි. ඉතින් අපිට ඉගනගන්න සෑහෙන්න දේවල් තියෙනවා.

    ඔය ඔක්කොම තිබුනත් සහජ ඉව වැදගත්. ලෝකේ හොදම ස්නයිපර් විදිහට සලකන Chris Kyle යුදපිටිය වසර ගණනාවක් සාර්ථකව සවයිව් වෙලා ගෙදර ඇවිත් ඔහුගේම ට්‍රක් එකේ, ඔහුගේම ගිණි අවියෙන් වෙඩි කනවා මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක්ට උදව් කරන්න ගිහින්. වෙඩි තැබූ කෙනා කියනනේ අනික් දෙන්නා මාත් එක්ක කතා කරන්නැති නිසා වෙඩි තිබ්බා කියලා. ඔහු හරි විදිහට ඒ කේස් එක හැඩල් කරා නම් තාමත් ජීවතුන් අතර. කොච්චර යුධ වීරයෙක් වුනත් ඔහුට සහජ ඉව ස්ථානෝචිත ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ සිවිල් ජීවිතයේදී. ඔය වගේ උදාහරණ 1000ක් දෙතෑකි. සහජ ඉව සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වගේම ලෝකයේ හැම දේම ගැන යම් හැදෑරීමක් තිබීම ඉතා වැදගත්.

    ඉතින් මම PI කෙනෙක් වෙන්න මූලික සුදුසුකම් ගැන කිව්වා. රස කතා නම් එමටයි. තව ලියන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
    Sinhala ekek weyan, English ekek wenna kalin hariyata "Private" spell karanna igena ganin
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    Sinhala ekek weyan, English ekek wenna kalin hariyata "Private" spell karanna igena ganin
    බොහොම ස්තූතියි! මම උත්සාහ කරනවා පුලුවන් තරම් සිංහලෙන් ලියන්න. මම අවුරුදු ගානක් සිංහලෙන් වත් English වලින් වත් අකුරක් ලියලා නෑ. මම වැඩ කරපු රටේ ඔය දෙකම භාවිතා වෙන් නෑ. මට භාෂා දෙකේම සෑහෙන වැරදි ඇති.

    uba pvt investigator kenekda?
    ලංකාවට එන්න කලින් එහෙම වෘතියක යෙදුනා.
    ------ Post added on Oct 11, 2021 at 11:09 AM
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    මේවාගේ එතික්ස් තියෙනවා මචං. නිකන් කියන කියන එකා ගැන හොයන්නෑ. හොයන්න කියන කාරණය ඇත්ත නෙමෙයි නම් කිසිම තොරතුරක් දෙන්නෙත් නෑ.

    ලංකාවේ මේ වෘතිය නීතිගත නොවුනාට වෙන රටවල් වලදී මේවාට වෘතීය මය නීති රාමු තියෙනවා. වැරදි වැඩ කරොත් ලයිෂන් එකත් නැතුව හිරේත් යන්න වෙනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Proposal walin kasada badinna inna ayata nam godak wedagath wei.

    Mata pudgalika athdakeemak thiyenawa yaluwekge akka divorce wela aye kasada badinna yaddi set wechcha okkoma wage boru karayo.

    Mama minissu dennek gena social engineering and deela thiyena wisthara ekka godak dewal hoyala dunna.

    Ekekge wahane number eka gahala baladdi lease ekak thibba. Leasing company ekata katha kara wahane ganna wage. Un kiwwa wahane wife ge namata thiyenne kiyala. Hoyala baladdi mu marry karala inna gaman thawa ewa hoyaganna ekek
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221

    කසාද කෙරෙන්නෙම නැති තත්වෙකට ගිහින් සිංහල ජාතිය වඳ වෙලා යයිද?
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    Proposal walin kasada badinna inna ayata nam godak wedagath wei.

    Mata pudgalika athdakeemak thiyenawa yaluwekge akka divorce wela aye kasada badinna yaddi set wechcha okkoma wage boru karayo.

    Mama minissu dennek gena social engineering and deela thiyena wisthara ekka godak dewal hoyala dunna.

    Ekekge wahane number eka gahala baladdi lease ekak thibba. Leasing company ekata katha kara wahane ganna wage. Un kiwwa wahane wife ge namata thiyenne kiyala. Hoyala baladdi mu marry karala inna gaman thawa ewa hoyaganna ekek
    ඒ වගේ ඒවා හොයන්න විශේෂ කණ්ඩායම් ඉන්නවා. එයාලා ඒවට හොදට අත්දැකීම් තියෙනවා. තව ඔය රෝල්රොයිස් වගේ බ්‍රෑන්ඩ් කාර් එකක් ගන්න ගියාමත් හිස්ට්‍රි හොයනවා. සමහර සල්ලිකාරයෝ ඉන්න රියල්ස්ටේට් බිස්නස් වලත් සල්ලි තිබුනට ගන්න බෑ.

    සමහර රස්සා වලටත් බැග්රවුන්ඩ් හොයන ඉන්වෙස්ටිගේටර්ලාට ගෙවලා හොයනවා
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    lankawe oka karanna puluwanda
    ලංකාවේ නීතිගත නෑ. නමුත් කරන අය ඉන්නවා. හරියට වෙහිකල් උස්සන සීසර් ලා වගේ තමා. එහෙම මංකොල් කන රස්සාවක් නීතිගත නෑ නේ.
     
    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    ලංකාවේ නීතිගත නෑ. නමුත් කරන අය ඉන්නවා. හරියට වෙහිකල් උස්සන සීසර් ලා වගේ තමා. එහෙම මංකොල් කන රස්සාවක් නීතිගත නෑ නේ.
    mama ehuwe clients la innawada bn owata?
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    mama ehuwe clients la innawada bn owata?
    අපෝ කොහේද මචං ගෑණු සැක කරන පිරිමි සහ පිරිමි සැක කරන ගෑණු නැතතේ. ලංකාවේ උන් තරම් සැක කරන උන් නැතුව ඇති ලෝකේ කොහේ වත්
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ නීතිගත නෑ. නමුත් කරන අය ඉන්නවා. හරියට වෙහිකල් උස්සන සීසර් ලා වගේ තමා. එහෙම මංකොල් කන රස්සාවක් නීතිගත නෑ නේ.
    ඔය හොයා ගන්න කරුනු අපිටම අගේන්ස්ට් යොදාගත්තොත් මොකද කරන්නෙ
     
    • Like
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    ඔය හොයා ගන්න කරුනු අපිටම අගේන්ස්ට් යොදාගත්තොත් මොකද කරන්නෙ
    හොද ප්‍රශ්නයක්. අන්න එතන ලොකු ගැටලවක් තියෙනවා. මොකද ලංකාවේ උන්ට එතික්ස් නැති නිසා. නමුත් බටහිර රටක නම් එහෙම වෙන්නේ නෑ ලේසියෙන්. මොකද එහෙම කරොත් එයාගේ රස්සාව අනතුරේ. එක තැනක කළු පැල්ලමක් වැදුනොත් ආපහු රස්සාවකට යන්න බෑ.

    දෙවැනි කොටස මෙතනින්
    ------ Post added on Oct 11, 2021 at 9:47 PM
     
    • Like
    Reactions: sakuntha1996