ජෙපි අකුදි

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    උන්ට හම්බුන පොඩි චාන්ස් වලිනුත් උන් හොඳට වැඩ පෙන්නල තියෙනව.ඒ නිසා උන් රට හදයි කියල විශ්වාසයක් තියෙනව.අවුරුදු පහකින් ආය චන්දයක් එනවනෙ.ඒ අවුරුදු පහේ කරන විදිය බලල හොඳ නැත්තම් පන්නල දානව.

    1. ප්‍රාදේශීය සබා/පළාත් සබා නෙමෙයිනෙ රටක් කියන්නෙ.
    2. මුළු රටක්, මිනිස්සු මිලියන 20 එක්ක අවුරුදු 5 එක්ස්පෙරිමන්ට් කරමු කියලද කියන්නෙ?
    3. විශ්වාසෙට නෙමෙයි, කරන්න යන්නෙ මොකද්ද කියල දැනගෙන නෙමේද චන්දෙ දාන්න ඕන?
    4. ඒ අවුරුදු 5 රට කෑවොත් ඊට පස්සෙ කාටද දෙන්නෙ? පරන ඔක්කොම හොඳ නෑ කියල නෙ උන්ට දුන්නෙ.

    උන් දැන් නානවනෙ. නිකමට කියපන් විසඳුම මොකද්ද කියල.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    අ කු දි හොදයි. ඒත් කැම්පස් උන්ට වද දි දී දේශපාලන වැඩ වලට දක්කන උන් ටිකක් රජ උණොත් කොහොම වෙයි ද කියල හිතෙනවා. ඒ නිසා අ කු දි ට දෙන්න හිතෙන්නෙ නෑ මට. ඒක නොතිබුණා නම් අ කු දි ට තමයි.

    ස්වාධීන උන් කවුරු ඉල්ලයි ද?
    වර්ජන කරන්න එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ
    සුකිත මුදිත වෙනවා

    2024 වෙනකල් ඉන්න තව අවුරුදු ගානක් තියෙනවා අකුදී හිටීද නොහිටිද? අන්න එකයි ප්‍රශ්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දික තොටවත්තගෙ ලබ්බක් නෙමෙයි. සිරාවට අහන්නෙ. AKD/JVP මොනවද කරන්න ඉන්නෙ.

    ගිහින් උන්ගෙ පරණ වීඩියෝ ටික බලපන්. කරන්න ඉන්න දේවල් කියල තියෙන්නෙ. ඇවිත් අර සහනෙ දෙන්නං, මේ සහනෙ දෙන්නං, චීනට දීපු ඒව පවරගන්නං වගේ කොරන්න බැරි ඒව කියලා නෑ මතක විදියට. 🤭🤭
     
    • Like
    Reactions: Didy

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ගිහින් උන්ගෙ පරණ වීඩියෝ ටික බලපන්. කරන්න ඉන්න දේවල් කියල තියෙන්නෙ. ඇවිත් අර සහනෙ දෙන්නං, මේ සහනෙ දෙන්නං, චීනට දීපු ඒව පවරගන්නං වගේ කොරන්න බැරි ඒව කියලා නෑ මතක විදියට. 🤭🤭

    ඔය වීඩියෝ දැනට බලල ඇත්තේ කොහොමත් චන්දෙ දෙන අයනෙ.
    ඕව බලන්න උනන්දුවක් නැති කෙනෙක් කොහොමද වෙනස් කරගන්නෙ ඔහොම කියල?
    ඔය වීඩියෝ වල තියෙන සමරියක් වත් කියහන්.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,869
    2,473
    113
    colombo
    1. ප්‍රාදේශීය සබා/පළාත් සබා නෙමෙයිනෙ රටක් කියන්නෙ.
    2. මුළු රටක්, මිනිස්සු මිලියන 20 එක්ක අවුරුදු 5 එක්ස්පෙරිමන්ට් කරමු කියලද කියන්නෙ?
    3. විශ්වාසෙට නෙමෙයි, කරන්න යන්නෙ මොකද්ද කියල දැනගෙන නෙමේද චන්දෙ දාන්න ඕන?
    4. ඒ අවුරුදු 5 රට කෑවොත් ඊට පස්සෙ කාටද දෙන්නෙ? පරන ඔක්කොම හොඳ නෑ කියල නෙ උන්ට දුන්නෙ.

    උන් දැන් නානවනෙ. නිකමට කියපන් විසඳුම මොකද්ද කියල.
    1. ලොකු රටක් නෙමෙයිනේ බන් දැන් ඉන්න වුන් හිටපු එවුන් කැඳ හැලියක් කරගත්තට
    2. දැන් කරන්නෙත් experiment එකක් තමයි
    3. අනිවාරයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කරලා ප්‍රකාශ කරන්න ඕනි ඒක ජනතාව අතරට යවන්න ඕනේ උන් නැතුව ගොඩ යන්න බෑ උන්ට.
    4. ඉලන්කෙයි තමිල් අරසු කච්චි එකට තමයි දෙන්න වෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වීඩියෝ දැනට බලල ඇත්තේ කොහොමත් චන්දෙ දෙන අයනෙ.
    ඕව බලන්න උනන්දුවක් නැති කෙනෙක් කොහොමද වෙනස් කරගන්නෙ ඔහොම කියල?
    ඔය වීඩියෝ වල තියෙන සමරියක් වත් කියහන්.

    බලලම නැත්තං ඒවා බලපන්. වැඩිය ඕන නෑ අර අන්තිමට හිරු සලකුණේ කරපු එක බලන්න. සමරි ලියන්න බෑනෙ ඒකත් දිග වෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    1. ප්‍රාදේශීය සබා/පළාත් සබා නෙමෙයිනෙ රටක් කියන්නෙ.
    2. මුළු රටක්, මිනිස්සු මිලියන 20 එක්ක අවුරුදු 5 එක්ස්පෙරිමන්ට් කරමු කියලද කියන්නෙ?
    3. විශ්වාසෙට නෙමෙයි, කරන්න යන්නෙ මොකද්ද කියල දැනගෙන නෙමේද චන්දෙ දාන්න ඕන?
    4. ඒ අවුරුදු 5 රට කෑවොත් ඊට පස්සෙ කාටද දෙන්නෙ? පරන ඔක්කොම හොඳ නෑ කියල නෙ උන්ට දුන්නෙ.

    උන් දැන් නානවනෙ. නිකමට කියපන් විසඳුම මොකද්ද කියල.

    1) ehenam 2/3 tiyana eke 13 wenas karala palath saba ahosi karala dannako
    2) 2019 politics karapu kenek president karala experiment ekak kale, antime e manussayata experience madilu. Habai itin e welawe puthano ta wada pora hodai.
    3) Karanna yana dewal Jeppo okkotama wada hodata explain karala tiyanawa. unge execution tamai api dakala natte
    5) Apita no option IELTS or AKD. AKD dinanne nathi unath trend ekak hadila chanda awoth, dan inna ewun podak baya wela hadei, e wagema alutin politics walata minissu ennat motivate wei. Mama nam ka ganawath 100% wishwasa karanne naha habai api unta ape chanda walin pressure eka denna oni. 2/3 dila tiyeddi un inne comfort zone ekaka, mokada opposition weak nisa paradinna puluwan chance eka adui eka nisa hodata pissu kelinawa
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    උන් කතා කරන එකක්වත් බලන්නේ නැතුව උන් මොනවා කරයිද මොනවා වෙයිද අහනවා
    ඔච්චර කම්මැලි නම් නොදී හිටපන්
    උඹල වගේ උන් ඉන්න රටවල් වලට මෙහෙම වෙලා මදි වැරදිලා හරි හැදුනොත් අපරාදේ අන්තිමට කියයි මොකද්ද වෙච්ච වෙනස කලිනුත් ඔහොමම නේ තිබ්බේ කියල
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    1. ප්‍රාදේශීය සබා/පළාත් සබා නෙමෙයිනෙ රටක් කියන්නෙ.
    2. මුළු රටක්, මිනිස්සු මිලියන 20 එක්ක අවුරුදු 5 එක්ස්පෙරිමන්ට් කරමු කියලද කියන්නෙ?
    3. විශ්වාසෙට නෙමෙයි, කරන්න යන්නෙ මොකද්ද කියල දැනගෙන නෙමේද චන්දෙ දාන්න ඕන?
    4. ඒ අවුරුදු 5 රට කෑවොත් ඊට පස්සෙ කාටද දෙන්නෙ? පරන ඔක්කොම හොඳ නෑ කියල නෙ උන්ට දුන්නෙ.

    උන් දැන් නානවනෙ. නිකමට කියපන් විසඳුම මොකද්ද කියල.
    1.දැන් නව දෙනෙක් කරන අමාත්‍යාංශ නවයක් අනුර තනියම කරා.(තව ඇමතිකම් ටිකකුත් තිබුනා)ඒ ටිකේ කරන්න පුලුවන් උපරිමය කරා.තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව උන් කරපු අවුරුදු පහේ ලංකාවෙ හොඳම ප්‍රාදේශීය සභාව.දැන් උන්ට පාර්ලිමේන්තුවෙ ආසන තුනයි තියෙන්නෙ.ඒත් විපක්ෂෙ කාර්ය භාරය උන් නෙවෙයිද කරන්නෙ.ආණ්ඩුවක් ලැබුනත් උන් ඒ විදියටම කරයි කියල හිතන්න බැරි කමක් නෑ.
    2.ඔව්.දැන් ගෝඨාභය ගෙනල්ලත් කරේ එක්ස්පෙරිමන්ට් එකක්නෙ.ගෝඨා හොරෙක් වංචාකාරයෙක් බව දැන දැනත් ගෙනාවෙ ඒකනෙ.වටේ ඉන්න හොරු ගැනත් නොහිතා පොර තනියම ගේමක් ගහයි කියලනෙ ගෙනාවෙ.2015 මෛත්‍රී ගෙනාවෙත් එහෙමයි.ඒ දෙක මාරුවෙන් මාරුවට ගේන්න පුලුවන් නම් මුන් එක පාරක් ගෙනල්ල බලන්න ඔහොම බය වෙන්න ඕන නෑ.
    3.කරන්න යන්නෙ මොනවද කියල දන්නවා.ඒක ඉතින් මෙතන ලියන්න බෑනෙ.ජනාධිපතිවරණෙට,මහමැතිවරණෙට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයි අතීත භාවිතාවයිනෙ බලන්න තියෙන්නෙ.පොඩි අයිඩියා එකක් ගන්න මේ ඊයෙ පෙරේද ගිය සලකුණ බලන්න.හොඳටම අයිඩියා එකක් ගන්න නම් ජනාධිපතිවරණෙට කලින් අනුර තනියම ආව සිරස සටන බලන්න.හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න.ඒවගෙ සම්පුර්ණ වැඩපිලිවෙල තියෙනවා.ඒවයි අතීත භාවිතාවයි බලල ඒ විදියට කරයි කියල විශ්වාසෙන් තමයි දෙන්න වෙන්නෙ.මොකද අනාගතේ දකින්න අපිට දිවැස් නෑනෙ.
    4.දැනටත් තව විකල්ප තියෙනවනෙ.ඒ වෙද්දි තවත් හැදිල තියෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    1. ප්‍රාදේශීය සබා/පළාත් සබා නෙමෙයිනෙ රටක් කියන්නෙ.

    ප්‍රාදේශීය සභා, පළාත් සභා ඕන නෑ රටට. හැබැයි ඒකෙ ඉඳපු උන් දැන් ඒකෙ ඉන්න උන්ට වඩා පැහැදිලි වෙනසක් තියෙන විදියට වැඩ කරල තියෙනව නං ඒක පාර්ලිමේන්තුවට ගියත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ප්‍රාදේශීය සභාවෙ ඉඳගෙන පාර්ලිමේන්තුවෙ ඉඳන් කළ යුතු වැඩ කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී විදියට ඉඳගෙන ජනාධිපති කරන්න ඕන වැඩ කරන්නත් බෑ.

    2. මුළු රටක්, මිනිස්සු මිලියන 20 එක්ක අවුරුදු 5 එක්ස්පෙරිමන්ට් කරමු කියලද කියන්නෙ?

    මෙච්චර කල් කරලා තියෙන්නෙ මොකද්ද?
    Experiment කරා නං තව කමක් නෑ. පරණ Experiment වලින් ෆේල් කියලා ඔප්පු කරපු දේවල් ආයෙ ආයෙ කරන මිනිස්සු Experiment කරන්නද කියල අහනකොට ඉතින්. 😑😑😑

    3. විශ්වාසෙට නෙමෙයි, කරන්න යන්නෙ මොකද්ද කියල දැනගෙන නෙමේද චන්දෙ දාන්න ඕන?

    හපොයි නැත්තං.
    කරන්න යන දේවල් කියනකොට මොළේ ඇතුව අහන්නත් ඕන. කියනව කියන ඔක්කොම කරන්න පුළුවන් දේවල්ද කියලා. අර සහන, මේ සහන, චීනට දීපුවා ආයෙ ගන්න එක, මාස දෙකෙන් මුලු රටේම කාබනික ගොවිතැන කරන එක, තමන්ගෙ නඩු ටික, නෑයන්ගෙ, හිතවතුන්ගේ නඩු ටික, දඬුවම් ටික අහෝසි කරන උන් රටේ එක නීතියක් හදන එක, පවුලෙ උන් කෝටි ගණන් ගසා කද්දි බැඳුම්කර හොරු අල්ලන වගේ ඒවා..

    4. ඒ අවුරුදු 5 රට කෑවොත් ඊට පස්සෙ කාටද දෙන්නෙ? පරන ඔක්කොම හොඳ නෑ කියල නෙ උන්ට දුන්නෙ.

    රට කෑවොත් කියන එක පැහැදිලිව තේරුම් අරගෙන එහෙම වෙලා නං කලින් පත් නොකරපු වෙනස්ම කණ්ඩායමකට දෙන්න. ජෙප්පො පැහැදිලිව කියලා තියෙනව ක්ෂණිකව සහන දෙන්න විදියක් නෑ රට තියෙන්නෙ අගාධෙක. ඒකෙන් ගොඩ ගන්න වෑඩ කරනවා කියලා. ඒකම තමයි මාත් කියන්නෙ. අරක දෙන්නං මේක දෙන්නං කියන්නෙ පට්ට පල් බොරු. ඒව දුන්නොත් තවත් වැටෙනවා. කරන්න ඕන තව අවුරුදු 10 කින් හරි සහනයක් ගන්න පුළුවන් විදියට රටේ වැඩපිළිවෙළ හදන එක.

    එතකොට තමන්ගෙ පවුලෙ උන්ටයි, නෑයන්ටයි, යාලුවන්ටයි, හිතවත් වෙළෙන්දන්ටයි සහන දීලා කෝටි ගාණක් ගසා කන්න දීලා අනිත් අයට පටි තදකරගන්න කියන බයිලා ගහලා කෙරෙන දෙයක් නෑ. හැමෝම එහෙම කරනවනං විතරයි ඇත්තටම කාට උනත් එහෙම කරන්න හිතෙන්නෙ.

    උන් දැන් නානවනෙ. නිකමට කියපන් විසඳුම මොකද්ද කියල.

    මෙච්චර කල් හිටපු උන් දෙයක් කරේ නැත්තං වෙනත් කණ්ඩායමක් දෙන්න. එච්චර සරලයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය වීඩියෝ දැනට බලල ඇත්තේ කොහොමත් චන්දෙ දෙන අයනෙ.
    ඕව බලන්න උනන්දුවක් නැති කෙනෙක් කොහොමද වෙනස් කරගන්නෙ ඔහොම කියල?
    ඔය වීඩියෝ වල තියෙන සමරියක් වත් කියහන්.

    1) ehenam 2/3 tiyana eke 13 wenas karala palath saba ahosi karala dannako
    2) 2019 politics karapu kenek president karala experiment ekak kale, antime e manussayata experience madilu. Habai itin e welawe puthano ta wada pora hodai.
    3) Karanna yana dewal Jeppo okkotama wada hodata explain karala tiyanawa. unge execution tamai api dakala natte
    5) Apita no option IELTS or AKD. AKD dinanne nathi unath trend ekak hadila chanda awoth, dan inna ewun podak baya wela hadei, e wagema alutin politics walata minissu ennat motivate wei. Mama nam ka ganawath 100% wishwasa karanne naha habai api unta ape chanda walin pressure eka denna oni. 2/3 dila tiyeddi un inne comfort zone ekaka, mokada opposition weak nisa paradinna puluwan chance eka adui eka nisa hodata pissu kelinawa

    1.දැන් නව දෙනෙක් කරන අමාත්‍යාංශ නවයක් අනුර තනියම කරා.(තව ඇමතිකම් ටිකකුත් තිබුනා)ඒ ටිකේ කරන්න පුලුවන් උපරිමය කරා.තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව උන් කරපු අවුරුදු පහේ ලංකාවෙ හොඳම ප්‍රාදේශීය සභාව.දැන් උන්ට පාර්ලිමේන්තුවෙ ආසන තුනයි තියෙන්නෙ.ඒත් විපක්ෂෙ කාර්ය භාරය උන් නෙවෙයිද කරන්නෙ.ආණ්ඩුවක් ලැබුනත් උන් ඒ විදියටම කරයි කියල හිතන්න බැරි කමක් නෑ.
    2.ඔව්.දැන් ගෝඨාභය ගෙනල්ලත් කරේ එක්ස්පෙරිමන්ට් එකක්නෙ.ගෝඨා හොරෙක් වංචාකාරයෙක් බව දැන දැනත් ගෙනාවෙ ඒකනෙ.වටේ ඉන්න හොරු ගැනත් නොහිතා පොර තනියම ගේමක් ගහයි කියලනෙ ගෙනාවෙ.2015 මෛත්‍රී ගෙනාවෙත් එහෙමයි.ඒ දෙක මාරුවෙන් මාරුවට ගේන්න පුලුවන් නම් මුන් එක පාරක් ගෙනල්ල බලන්න ඔහොම බය වෙන්න ඕන නෑ.
    3.කරන්න යන්නෙ මොනවද කියල දන්නවා.ඒක ඉතින් මෙතන ලියන්න බෑනෙ.ජනාධිපතිවරණෙට,මහමැතිවරණෙට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයි අතීත භාවිතාවයිනෙ බලන්න තියෙන්නෙ.පොඩි අයිඩියා එකක් ගන්න මේ ඊයෙ පෙරේද ගිය සලකුණ බලන්න.හොඳටම අයිඩියා එකක් ගන්න නම් ජනාධිපතිවරණෙට කලින් අනුර තනියම ආව සිරස සටන බලන්න.හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න.ඒවගෙ සම්පුර්ණ වැඩපිලිවෙල තියෙනවා.ඒවයි අතීත භාවිතාවයි බලල ඒ විදියට කරයි කියල විශ්වාසෙන් තමයි දෙන්න වෙන්නෙ.මොකද අනාගතේ දකින්න අපිට දිවැස් නෑනෙ.
    4.දැනටත් තව විකල්ප තියෙනවනෙ.ඒ වෙද්දි තවත් හැදිල තියෙයි.
    එහෙනම් ඇයි ඇමති ධූර 9ක්ද කොහෙද තිබ්බ ජ වි පෙ දැන් 3ට බැස්සෙ කොහොමද? 3%කටත් අඩු ඡන්ද ප්‍රතිශතයකට බැස්සෙ මොනව කරලද? එයාලට මෙච්චර කාලයක් ලංකාවෙ හිටපු එකේ මේව ක්‍රමයෙන් වර්ධනය කරගෙන පෙන්නන්න තිබ්බ නේහ්? ඇයි එන්න එන්නම බැස්සෙ. මිනිස්සුන්ගෙ අප්‍රසාදයට ලක් වුණේ?

    මේකට හරියට කෙළින් උත්තරයක් දෙන්නකො.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එහෙනම් ඇයි ඇමති ධූර 9ක්ද කොහෙද තිබ්බ ජ වි පෙ දැන් 3ට බැස්සෙ කොහොමද? 3%කටත් අඩු ඡන්ද ප්‍රතිශතයකට බැස්සෙ මොනව කරලද? එයාලට මෙච්චර කාලයක් ලංකාවෙ හිටපු එකේ මේව ක්‍රමයෙන් වර්ධනය කරගෙන පෙන්නන්න තිබ්බ නේහ්? ඇයි එන්න එන්නම බැස්සෙ. මිනිස්සුන්ගෙ අප්‍රසාදයට ලක් වුණේ?

    මේකට හරියට කෙළින් උත්තරයක් දෙන්නකො.

    amathidura 9k tibbe naha antimata tibbe 6y. oka 3 unama hithenne 50% adu una kiyalane. percentage gattoth
    2015 -> 4.87%
    2020 -> 3.84%

    2015 mahinda paraddala opposition ekata hype eka tiyeddi JVP eka 4.87% weddima therum ganna oni jeppanta chanda naha kiyala, 2015 unta 10%-15% ganna barinam 2020 ganna kohomath baha. anika pasku bomba gahala ibrahim list eke indalath ohoma beruna eka hodatama athi

    Minissu chande denna chanda porondu walatai e welawe tiyana state ekata. godak pidanaya wena ayata vision wedak naha podi prashna wisadanna oni ikmanata eka nisa porundu walata ahu wenawa. hodama example eka;

    Gota gihin kiyanawa ayya kiwwalu nikan pohoro denna kiyala, itin api nikan pohora denawa kiyanawa meeting wala, puthano gihin ekata 2nd nowi porath pohora denawa kiyanawa. minissu okkoma hooray kiyanawa

    Jeppo gihin kiyanawa pohora sahanadaraya satha 5k wedi karanne naha kiyala. eka kiyala hena loku process ekak kiyanawa meka improve. itin unta chande labei da? ekko un boru porondu denna purudu wenna oni ekki api aththa therum ganna purudu wenna oni
     
    • Love
    Reactions: Sathira529

    එහෙම තමයි ඕනම පක්ෂෙකට වැටෙන කාල එන්න පුලුවන්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එක පාරක් ආසන 17ටද කොහෙද වැටුනෙ.දැන් යූඑන්පී එක එක ආසනේකට වැටිල තියෙන්නෙ.2018 ඉඳන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ආව පොහොට්ටුව ඉස්සරහට එන මැතිවරණ වලදි දරුණු කඩා වැටීමකට ලක් වෙන්න නියමිතයි.එහෙම තමයි.දේශපාලන පරිවර්තන ක්‍රමිකව අඩු වෙමින් හෝ වැඩි වෙමින් යන්නෙ නෑ.එක පාරම ලොකු නැග්මක් හරි බැස්මක් හරි වෙන්න පුලුවන්.ඕක තමයි කතාව.ඒ වගේම
    යුද්ධය අවසන් කරාට පස්සෙ මහින්ද මහත්තයට ලැබුන අසීමිත ජනප්‍රියත්වය,පක්ෂය ඇතුලෙ ඇති වුන දෙකඩ වීම්,පෙරටුගාමීන් ඉවත් වීමත් එක්ක ගම් මට්ටමේ සංවිධාන ශක්තිය අඩු වීම,ඒකත් එක්ක කොච්චර හොඳ උනත් දිනන්න බෑනෙ කියන මතය බිම් මට්ටමේ තදින්ම මුල් බැහැ ගැනීම,අනෙක් පක්ෂ වලින් වගේ ජවිපෙන් පුද්ගලික වාසි ගන්න බැරි වීම,සමාජ මාධ්‍ය හා රජයේ මාධ්‍ය වලින් කරපු සංවිධානාත්මක මඩ කැම්පේන්..මේවත් හේතු උනා වෙන්න පුලුවන්.
     
    හැබැයි මට නම් හිතෙන්නෙ ජෙ.වී.පී එකට මිනිස්සු අකමැති වුණේ උන් හෙමින් සැරේ රනිල්ට සපෝට් කරපු නිසා. ඒ ඇරෙන්න උන්ගෙ සෘණාත්මක ආකල්ප නිසා. හැමදේම සෘණාත්මක පැත්ත උන් දකින්නෙ කිසිම දේක ධනාත්මක දෙයක් දකින්නෙ නැති පක්ෂයක් නේහ්. ඉතිං වෙන පක්ෂෙක ධනාත්මක දෙයක් දකින්න අකමැති, වෙන පක්ෂයකට වල කපන පක්ෂයක් හරියට රටේ වැඩක් කරයි කියල කොහොමද බලාපොරොත්තු වෙන්නෙ.

    ඒව වැඩක් නෑ හැබැයි මම නම් දකින්නෙ මේ පසුබෑමට ප්‍රධානම හේතුව 2018 මහින්ද අගමැති කරපු වෙලා උන් රනිල් දීපු සපෝට් එක නිසා කියල. මිනිස්සුන්ට ඒකෙන් තේරුම් ගියා මුන් දෙගොල්ලො හොඳ යාලුවො කියල. එදා ඉඳලම උන් මහින්දලට වැඩියෙන් බැනල රනිල්ලට අඩුවෙන් බනිනනව නිකං බොරුවට. ඊට පස්සෙ 2014 පිස්සෙක් ගේන්න හොඳටම සපෝට් එක දීපු පක්ෂය ජවිපෙ. ඊට අමතරව 88-89 කාලෙ ලොකු බ්ලැක් මාර්ක් එකක් උන්ට තියෙනව ඒ නිසා උන්ට මැරුවත් ඡන්දෙ නොදෙන ලොකු පිරිසක් තියෙනව. එයිට අමතරව ලංකාවෙ බහුතරයකගෙ හිතේ තියෙනව ඔය සමිති සමාගම්, වර්ජන, ශීෂ්‍ය කමිටු අනං මනං මෙහෙයවන්නෙ උං කියල. හැබැයි මාත් හිතන්නෙ ඒක එහෙම තමයි.

    මම දකින විදියට මේව තමයි උන්ගෙ විනාශයට මුල. මොකද හිතන්නෙ?

    ඔයාල දෙන්නම් හොඳ වැදගත් විදියට අහපු ප්‍රශ්නෙට උත්තර දීපු නිසා මෙච්චර දේවල් විස්තර කරල කිව්වෙ. නැතුව රචනා නෙමෙයි මේව.
     
    • Haha
    Reactions: sriyasas

    owa bayyo hadana katha ban. (gota chande dana okkoma bayyo widiyata mama dakinne naha harida?)
    uba poddak hithala balapan.
    2015 Mahinda paradune nulen, laksha 4kin (58 vs 62)

    Hodatama penawa wena wenama chande illuwoth 50% ganna baha mokada laksha 62 athule SLMC, TNA, JVP chanda tiyanawa
    eken berannam JVP eka ranil support karanna puluwan hodama widiya tamai UNP ekka set wela ekama lakunen illana eka (Jeppo 2004 kala wage). nattam wena wenama lakunu walin eddo chanda kadenawa district wala seats adu wenawa

    Antime une UNP ekata 113k hadanna bari una taniyama. seats 106k wage awe. dan Jeppo support karanna tiyana hodama widiya Ranil ekka set wela seat 112k karala thawa seat ekak ussala anduwak hadana eka. jeppo ehema kaleth naha.

    Jeppo ehema karaddi mahinda market karala chanda gattu ara hawul andu haduwa amathi kam gatta. Etakota kawuda support kale?
    Thawa 19A ta chande dunna okkoma ekathu wela wiruddawa chande dunne sarath weerasekara witarai. Dan pohottuwe inna aya jeppanta wada ranil ta support karala tiyanawa. Mahinda mahattayath dinner ganne ranil ekka misak uba api ekka nemeine ban

    Sirase news damoth pennanne Anura mahindata banina tika. mokada UNP karayanta wada baninne anura. Anura UNP ekata banina ewa sirasa danne naha. Derana news dammoth danne Pohottuwe aya anudwata banina ewa misak Anura anduwata banina ewa nemei. Uba oya dakina okkoma media walin dakina ewa misak 100% okkoma dakinne naha. ubata ewa okkoma dakinna oni nam parlimenthuwe hansard wartha aran balanna wenawa :D
     
    අර මම උඩින් කීවෙ සංවිධානාත්මක මඩ කැම්පේන් කියල.ඒ තමයි මේවා.එකින් එක ගමු.
    හැමදේම ඍණාත්මකව දකින්නෙ නෑ.ගෝඨාභය උනත් ආපු මුල් කාලෙ කරපු හොඳ වැඩ ජවිපෙ අගය කරා මාධ්‍ය ඉස්සරහම.ඒ වගේම කරන හොඳ වැඩ වලට සපෝට් කරනවා.ජවිපෙ අනන්තවත් කීවා කොරෝනා මර්දනයට උනුත් සපෝට් කරන්න කැමති කියලා.උන් පුලු පුලුවන් විදියට දේවල් ටිකක් කරා.ඒත් ආණ්ඩුව උන්ගෙ සපෝට් එක පිලිගත්තෙ නෑ.උන් කරපු ටිකත් හෑල්ලු කළා.කලින් ආණ්ඩුවෙත් ජාතික විධායක සභාව වගේ දේවල් වලට සම්බන්ධ වුනා මඩත් කාගෙන.අනුර ලඟදිත් කීවා ගෝඨාභය හොරු අල්ලන්න පොරගෙ උදව් ඉල්ලුවොත් දන්න සේරම කියනව කියල. ඔය ආණ්ඩු ඔක්කොම හොඳ එකක් කරොත් දහයක් කරන්නෙ නරක වැඩ.රටට හානි වෙන වැඩ.එතකොට ඉතින් ඒව ගැන වැඩිපුර කතා කරන්න වෙනවනෙ.අනික දැන් ඔය නෙලුම් කුළුණ මත්තල හුවන් තොටුපොල හම්බන්තොට වරාය වගේ දේවල් හදද්දිත් විරුද්ධ උනේ ඒවගෙ තිබුන වංචා වලට.ඒ වගේම ඒ වෙලාවල ඊට වඩා ප්‍රමුඛතාවක් දෙන්න ඕන වැඩ තිබුනා රටේ.අනික ගන්න ණය වලට හරියන්න ඒවගෙන් අවුට්පුට් එකක් ලැබෙන්නෙ නෑ.ඒකයි ඒවට විරුද්ධ වුනේ.කොරෝන වෙලාවෙ ජොගින් ට්‍රැක් හදන්න එපා කියනව වගේම කතාවක් තමා උන් කීවේ.ඒ දේවල් දැන් ඇත්ත වෙලානෙ තියෙන්නෙ.
    ජවිපෙ කවදාවත් රනිල්ට උදව් කරේ නෑ.රනිල්ව එලවන්න ගෙනාපු විශ්වාසභංග ඔක්කොම වගේ ගෙනාවෙ ජවිපෙ.රනිල්ගෙ ආණ්ඩුව පටන් ගද්දිම නාපු හේතුව ඇද්දෙ ජවිපෙන්.මහ බැංකු හොරකම.රනිල් එක්ක යාලුයි නම් ඒ තරම් ලොකු හානියක් වෙන වැඩක් ජවිපෙ කරන් නෑ.
    2018දි ජවිපෙ රනිල්ට උදව් කරේ නෑ.උන් හැදුවේ රටේ ව්‍යවස්ථාව රැකගන්න.ප්‍රජාතන්ත්‍රවාදයෙ මූලික කුලුණු තුනෙන් එකක් තමයි ව්‍යවස්ථාව කියන්නෙ.එක වැටුනොත් ප්‍රජාතන්ත්‍රවාදය ත් වැටෙනවා.පකිස්ථානෙ වගේ රටවල් වල අද වෙලා තියෙන්නෙ ඒක.ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනවා ජනාධිපතිට අවුරුදු හතර හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ,අගමැති වෙනස් කරන්න බෑ කියලා.ඒත් මෛත්‍රී ඒ දෙකම කරා.ඒකෙන් ව්‍යවස්ථාව දරුණු විදියට උල්ලංඝනය වෙනවා.අන්න ඒකටයි විරුද්ධ වුනේ.නැතුව රනිල්ට සපෝට් කරේ නෑ.ඕක ඔය විදියටම අනිත් පැත්තට උනා නම්,ඒ කියන්නෙ රනිල් හිටපු තැන මහින්ද හිටිය නම් ඒත් ජවිපෙ ඒක කරනවා.උන් ඒක කියලත් තියෙනවා.
    අවසානෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතිකව තීරණය උනා මෛත්‍රී කරපු වැඩෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන බව.ඒකෙනුත් පැහැදිලි වෙනව ජවිපෙ කරේ හරි දේ බව.
    2014 ජවිපෙ වැඩ කළේ මහින්දව පරද්දන්න.මෛත්‍රී දිනවන්න නෙවෙයි.ජවිපෙ කරපු දේ නිසා මෛත්‍රී දිනුවා.හැබැයි හැම රැස්වීමකම ජවිපෙ කීවා මෛත්‍රී ත් විශ්වාස කරන්න බැරි බව.
    ජවිපෙ කියන්නෙ ලොකු පක්ෂ දෙකක් මැද තියෙන පොඩි පක්ෂයක්.උන් කරන හැමදෙයක්ම,ගන්න හැම පියවරක්ම ලොකු පක්ෂ දෙකෙන් එකකට වාසි හෝ අවාසි වෙනවා.එකකට වාසි උනොත් අනිකට අවාසි.ඒ හැටි.එහෙම උනා කියල උන් කාට වත් සපෝට් කරනව කියල කියන්න බෑ.
    උන් සපෝට් කරනව නම් හැංගි හැංගි කරන්නෑ එලිපිටම කරනවා.2005 මහින්දට සපෝට් කරා වගේ.2011 ෆොන්සේකට සපෝට් කරා වගේ.
    වෘත්තිය සංගම් නිසා තමයි ආයතනෙකට ඕන ඕන විදියට සේවකයො හූරන් කන්න,අයින් කරල දාන්න බැරි වෙලා තියෙන්නෙ.රස්සාවක් කරන අය කවදාවත් වෘත්තිය සංගම් වලට බනින් නෑ(බහුතරයක්).ඒවට බනින්නෙ ඒව ගැන නොදන්න උන්.එහෙම නැත්තම් අර වසන්තා හඳපාන්ගොඩ වගේ රස්සාවට වඩා පක්ෂෙ ලොකු කර ගත්ත උන්. හැම ක්ෂේත්‍රයකම වගේ වැඩිම සේවකයො ගානක් ඉන්නෙ ජවිපෙ වෘත්තිය සංගම් වලට.මොකද උන් තමා හොඳටම සේවකයින්ගෙ අයිතීන් රකින්නෙ.සංගම් වල හිටියට ජේවීපී එකට සේවකයො ඡන්දෙ නම් දෙන් නෑ ඒත් උන් හැමෝගෙම අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.ඒක නරක දෙයක් නෙවෙයි අගය කරන්න ඕන දෙයක්.ශිෂ්‍ය සංගම් ගැනත් කතාව ඒකමයි.හැබැයි අන්තරේ නම් දැන් තියෙන්නෙ පෙරටුගාමීන් ගාව.
    88/89 කතාව ඇත්ත.ඒකට උන්ට හේතුත් තිබුනා.ඒත් උන් අතින් වෙන්න ඕන නැති දේවල් උනා.ඒක හරි.හැබැයි උන් 94 ඉඳන් කවදාවත් ආයෙ ප්‍රචන්ඩත්වයට ගියෙ නෑ.ජේවීපී කාරයො හය දෙනෙක් 94 ඉඳන් මේ වෙනකම් ආණ්ඩු වලින් මරල තියෙනව.ඒත් උන් ආයෙ ආයුධ ගන්න ගියෙ නෑ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    well said
    me langadi anuraya sajithta banala tibba election ekakata yamu kiwwama
    poragen e gana ayet ahuwama kiwwe mechchara corona awith kela wela tiyeddi election ekaka yamu kiyana moda kathawak kiyala. anika awurudden awurdda ohoma andu maru kaloth maruwata tiyey

    ehema baluwoth indirectly pora kiyanne anduwa 2025 wenakan tiyenna oni kiyala. Habai yana anduwe weradi pennala criticize karanna oni
    corona nisa 2020 chande tiyanna epa kiwwa jeppo 2021 eketh un inne ekama mathaye.

    heta chandayak tibboth jeppanta supiri % ekak ganna puluwan 3% walata wada, habai 2025 weddi oya heat eka adu wela un 3% wennat puluwan. api danaganna oni ehema nokara inna
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    owa bayyo hadana katha ban. (gota chande dana okkoma bayyo widiyata mama dakinne naha harida?)
    uba poddak hithala balapan.
    2015 Mahinda paradune nulen, laksha 4kin (58 vs 62)

    Hodatama penawa wena wenama chande illuwoth 50% ganna baha mokada laksha 62 athule SLMC, TNA, JVP chanda tiyanawa
    eken berannam JVP eka ranil support karanna puluwan hodama widiya tamai UNP ekka set wela ekama lakunen illana eka (Jeppo 2004 kala wage). nattam wena wenama lakunu walin eddo chanda kadenawa district wala seats adu wenawa

    Antime une UNP ekata 113k hadanna bari una taniyama. seats 106k wage awe. dan Jeppo support karanna tiyana hodama widiya Ranil ekka set wela seat 112k karala thawa seat ekak ussala anduwak hadana eka. jeppo ehema kaleth naha.

    Jeppo ehema karaddi mahinda market karala chanda gattu ara hawul andu haduwa amathi kam gatta. Etakota kawuda support kale?
    Thawa 19A ta chande dunna okkoma ekathu wela wiruddawa chande dunne sarath weerasekara witarai. Dan pohottuwe inna aya jeppanta wada ranil ta support karala tiyanawa. Mahinda mahattayath dinner ganne ranil ekka misak uba api ekka nemeine ban

    Sirase news damoth pennanne Anura mahindata banina tika. mokada UNP karayanta wada baninne anura. Anura UNP ekata banina ewa sirasa danne naha. Derana news dammoth danne Pohottuwe aya anudwata banina ewa misak Anura anduwata banina ewa nemei. Uba oya dakina okkoma media walin dakina ewa misak 100% okkoma dakinne naha. ubata ewa okkoma dakinna oni nam parlimenthuwe hansard wartha aran balanna wenawa :D

    අර මම උඩින් කීවෙ සංවිධානාත්මක මඩ කැම්පේන් කියල.ඒ තමයි මේවා.එකින් එක ගමු.
    හැමදේම ඍණාත්මකව දකින්නෙ නෑ.ගෝඨාභය උනත් ආපු මුල් කාලෙ කරපු හොඳ වැඩ ජවිපෙ අගය කරා මාධ්‍ය ඉස්සරහම.ඒ වගේම කරන හොඳ වැඩ වලට සපෝට් කරනවා.ජවිපෙ අනන්තවත් කීවා කොරෝනා මර්දනයට උනුත් සපෝට් කරන්න කැමති කියලා.උන් පුලු පුලුවන් විදියට දේවල් ටිකක් කරා.ඒත් ආණ්ඩුව උන්ගෙ සපෝට් එක පිලිගත්තෙ නෑ.උන් කරපු ටිකත් හෑල්ලු කළා.කලින් ආණ්ඩුවෙත් ජාතික විධායක සභාව වගේ දේවල් වලට සම්බන්ධ වුනා මඩත් කාගෙන.අනුර ලඟදිත් කීවා ගෝඨාභය හොරු අල්ලන්න පොරගෙ උදව් ඉල්ලුවොත් දන්න සේරම කියනව කියල. ඔය ආණ්ඩු ඔක්කොම හොඳ එකක් කරොත් දහයක් කරන්නෙ නරක වැඩ.රටට හානි වෙන වැඩ.එතකොට ඉතින් ඒව ගැන වැඩිපුර කතා කරන්න වෙනවනෙ.අනික දැන් ඔය නෙලුම් කුළුණ මත්තල හුවන් තොටුපොල හම්බන්තොට වරාය වගේ දේවල් හදද්දිත් විරුද්ධ උනේ ඒවගෙ තිබුන වංචා වලට.ඒ වගේම ඒ වෙලාවල ඊට වඩා ප්‍රමුඛතාවක් දෙන්න ඕන වැඩ තිබුනා රටේ.අනික ගන්න ණය වලට හරියන්න ඒවගෙන් අවුට්පුට් එකක් ලැබෙන්නෙ නෑ.ඒකයි ඒවට විරුද්ධ වුනේ.කොරෝන වෙලාවෙ ජොගින් ට්‍රැක් හදන්න එපා කියනව වගේම කතාවක් තමා උන් කීවේ.ඒ දේවල් දැන් ඇත්ත වෙලානෙ තියෙන්නෙ.
    ජවිපෙ කවදාවත් රනිල්ට උදව් කරේ නෑ.රනිල්ව එලවන්න ගෙනාපු විශ්වාසභංග ඔක්කොම වගේ ගෙනාවෙ ජවිපෙ.රනිල්ගෙ ආණ්ඩුව පටන් ගද්දිම නාපු හේතුව ඇද්දෙ ජවිපෙන්.මහ බැංකු හොරකම.රනිල් එක්ක යාලුයි නම් ඒ තරම් ලොකු හානියක් වෙන වැඩක් ජවිපෙ කරන් නෑ.
    2018දි ජවිපෙ රනිල්ට උදව් කරේ නෑ.උන් හැදුවේ රටේ ව්‍යවස්ථාව රැකගන්න.ප්‍රජාතන්ත්‍රවාදයෙ මූලික කුලුණු තුනෙන් එකක් තමයි ව්‍යවස්ථාව කියන්නෙ.එක වැටුනොත් ප්‍රජාතන්ත්‍රවාදය ත් වැටෙනවා.පකිස්ථානෙ වගේ රටවල් වල අද වෙලා තියෙන්නෙ ඒක.ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනවා ජනාධිපතිට අවුරුදු හතර හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ,අගමැති වෙනස් කරන්න බෑ කියලා.ඒත් මෛත්‍රී ඒ දෙකම කරා.ඒකෙන් ව්‍යවස්ථාව දරුණු විදියට උල්ලංඝනය වෙනවා.අන්න ඒකටයි විරුද්ධ වුනේ.නැතුව රනිල්ට සපෝට් කරේ නෑ.ඕක ඔය විදියටම අනිත් පැත්තට උනා නම්,ඒ කියන්නෙ රනිල් හිටපු තැන මහින්ද හිටිය නම් ඒත් ජවිපෙ ඒක කරනවා.උන් ඒක කියලත් තියෙනවා.
    අවසානෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතිකව තීරණය උනා මෛත්‍රී කරපු වැඩෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන බව.ඒකෙනුත් පැහැදිලි වෙනව ජවිපෙ කරේ හරි දේ බව.
    2014 ජවිපෙ වැඩ කළේ මහින්දව පරද්දන්න.මෛත්‍රී දිනවන්න නෙවෙයි.ජවිපෙ කරපු දේ නිසා මෛත්‍රී දිනුවා.හැබැයි හැම රැස්වීමකම ජවිපෙ කීවා මෛත්‍රී ත් විශ්වාස කරන්න බැරි බව.
    ජවිපෙ කියන්නෙ ලොකු පක්ෂ දෙකක් මැද තියෙන පොඩි පක්ෂයක්.උන් කරන හැමදෙයක්ම,ගන්න හැම පියවරක්ම ලොකු පක්ෂ දෙකෙන් එකකට වාසි හෝ අවාසි වෙනවා.එකකට වාසි උනොත් අනිකට අවාසි.ඒ හැටි.එහෙම උනා කියල උන් කාට වත් සපෝට් කරනව කියල කියන්න බෑ.
    උන් සපෝට් කරනව නම් හැංගි හැංගි කරන්නෑ එලිපිටම කරනවා.2005 මහින්දට සපෝට් කරා වගේ.2011 ෆොන්සේකට සපෝට් කරා වගේ.
    වෘත්තිය සංගම් නිසා තමයි ආයතනෙකට ඕන ඕන විදියට සේවකයො හූරන් කන්න,අයින් කරල දාන්න බැරි වෙලා තියෙන්නෙ.රස්සාවක් කරන අය කවදාවත් වෘත්තිය සංගම් වලට බනින් නෑ(බහුතරයක්).ඒවට බනින්නෙ ඒව ගැන නොදන්න උන්.එහෙම නැත්තම් අර වසන්තා හඳපාන්ගොඩ වගේ රස්සාවට වඩා පක්ෂෙ ලොකු කර ගත්ත උන්. හැම ක්ෂේත්‍රයකම වගේ වැඩිම සේවකයො ගානක් ඉන්නෙ ජවිපෙ වෘත්තිය සංගම් වලට.මොකද උන් තමා හොඳටම සේවකයින්ගෙ අයිතීන් රකින්නෙ.සංගම් වල හිටියට ජේවීපී එකට සේවකයො ඡන්දෙ නම් දෙන් නෑ ඒත් උන් හැමෝගෙම අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.ඒක නරක දෙයක් නෙවෙයි අගය කරන්න ඕන දෙයක්.ශිෂ්‍ය සංගම් ගැනත් කතාව ඒකමයි.හැබැයි අන්තරේ නම් දැන් තියෙන්නෙ පෙරටුගාමීන් ගාව.
    88/89 කතාව ඇත්ත.ඒකට උන්ට හේතුත් තිබුනා.ඒත් උන් අතින් වෙන්න ඕන නැති දේවල් උනා.ඒක හරි.හැබැයි උන් 94 ඉඳන් කවදාවත් ආයෙ ප්‍රචන්ඩත්වයට ගියෙ නෑ.ජේවීපී කාරයො හය දෙනෙක් 94 ඉඳන් මේ වෙනකම් ආණ්ඩු වලින් මරල තියෙනව.ඒත් උන් ආයෙ ආයුධ ගන්න ගියෙ නෑ.

    මම අන්තිමටම අහන්නෙ ඔයාල දෙන්නට අනුර ඇතුලු JVP එකේ කිසිම වැරැද්දක් පේන්නෙ නැද්ද? Perfect පක්ෂයක්ද ඒක?
     
    • Haha
    Reactions: sriyasas

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    අනුර කුමාර ජනාධිපති වෙලා JVP එකට බලය තියෙන ආණ්ඩුවක් හැදෙනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ?
    351.jpg
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මම අන්තිමටම අහන්නෙ ඔයාල දෙන්නට අනුර ඇතුලු JVP එකේ කිසිම වැරැද්දක් පේන්නෙ නැද්ද? Perfect පක්ෂයක්ද ඒක?
    ඔව් බයියො තමයි ප'ෆෙක්ට්
    ස' ෆක්