පෞද්ගලික රහස්පරීක්ෂකයෙක්, කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ ශර්ලොක් හෝම්ස්! ඇත්තටම Private investigator ලා ඉන්නවා අපරාධ පරීක්ෂණ කරන. නමුත් Private investigator ලාගෙන් බොහොමයක් කරන්නේ අපරාධ ගණයට නොවැටෙන පරීක්ෂණ. Insurance, Background and history වගේ ගොඩක් නීෂ් මාකට් තියෙනවා.
විශේෂයෙන්ම වැඩිම ඉල්ලුම තියෙන්නේ Surveillance investigation පැත්තට. ගෑණි ගැන සැකය, මිනිහා ගැන සැකය, ළමයා ගැන සැකය වගේ දේවල් නිසා බටහිර රටවල් වල මිනිස්සු 20-30%ක් විතර ජීවිතේ එක වරක් හරි Private investigator කෙනෙක් ගේ උදව් ගන්නවා.
PI කෙනෙක් වෙන්න ගොඩක් උදව් වෙනවා military අත්දැකීම් තිබීම. මොකද military හිටපු අයට ගිණි අවි පුහුණුව, ආත්මාරක්ෂාව, ඉවසීම, පීඩනයක් යටතේ තීරණ ගැනීම වගේම පිලිවලට වැඩ කිරීම වගේ දේවල් වලට අත්දැකීම් තියෙනවා.
හමුදාවක් දැකලා වත් නැති අය සාර්ථක PI ලා වෙලා තියෙනවා. කාන්තාවෝ ගොඩක් ඉන්නවා.
Private investigator කෙනෙක්ට සමහර විට එක පින්තූරයකට දවස් ගානක් කට්ට කන්න වෙන්න පුලුවන්. වාහනයක පැය 6-7 නිදා නොගෙන වාඩිවෙලා ඉන්න වෙන්න පුලුවන්. අනතුරු වලට පහරදීම් වලට ලක්වෙන්න පුලුවන්. ගිණිමද්දහනක, ෂටර් වහපු වාහනයක, එන්ජිමත් ඕෆ් කරන් පැය 3ක් ඉන්නවා කියන එක හිතන තරම් සුන්දර නෑ. නිකමට හිතන්නකෝ පැය බාගයක් වහලා අව්වේ පාක් කරලා තිබුන කාර් එකකට නැග්ගාම තියෙන සැප. හැමෝටම එහෙම පරිසරයක වැඩ කරන්න බෑ. ඒක තමයි military අත්දැකීම් මේකට විශේෂ සුදුසුකම් විදිහට සලකන්නේ.
ඊලගට PI කෙනෙක්ට පයින් ලුහුබැඳ යන්න වෙන්න පුලුවන්. සමහර කේස් වල දවසම බෑග් එකකුත් එල්ලන් ඇවිදින්න වෙන අවස්ථා ඕන තරම්. ඒ වගේ අවස්ථාවක් මුහුණ දෙන්නත් හොද පුහුණුවක් ශාරීරික යෝග්‍යතාව ඉතා වැදගත්.
PI කෙනෙක් කියන්නේ Investigation Photojournalist කෙනෙක්. එයාට කැමරාව ගැන හොද දැනුමක් අවශ්‍යයි. අයියෝ තව එකක් ගමු කියන්න බෑ නේ. සමහර වෙලාවට පින්තූරය ගන්න කැමරාව දිහා බලන්නේ වත් නෑ. ඒකට අත්දැකීම් ගොඩක් ඕන. ඉස්සර නම් ගොඩක් යූස් කරේ ෆිල්ම් කැමරා. Infared films. මම දන්න තරමට අපේ රටේ නම් තාම ෆිල්ම් යූස් කරනවා. ඇගිලි සලකුණු එහෙම නම් තාම උසාවිය පිලිගන්නේ 120mm film විතරයි. නෙගටිව් එක සාක්ෂි විදිහට පිළිගැනීම වැඩි වීම තමයි ඒකට හේතුව. ඉතින් මෑතක් වෙනතුරුම PI කෙනෙක් වෙන්න Film එකක් යූස් කරන්න, ඒක ඩිවලප් කරන්න, ප්‍රින්ට් එකක් ගහන්නත් දැනගන්නම ඕන. වගේම අවශ්‍ය උපකරණ තියෙන්නත් ඕන. මොකද අතිශය පෞද්ගලික දේවල් අපිට කලර් ලැබ් එකකට හෝ ස්ටූඩියෝ එකකට දෙන්න බෑ නේ.
දැන් නම් ඕන කෙනෙක්ට Phone එකෙත් 4k වීඩියෝ වුනත් කරතෑකි. හැබැයි අපි හොයන තොරතුරු ගෙඩිය පිටින් අපිට සේවා දායකයාට දෙන්න බෑ. සමහර අනෙක් පාර්ශ්වයන්ට සෙන්සිටිව් දේවල් අපි ආරක්ශා කරන්න ඕන. පැය 4-5ක වීඩියෝවක 10s කෑල්ලක් විතරක් වෙන්න පුලුවන් වැදගත්. ඉතින් Private investigator කෙනෙක් කියන්නේ Video editor කෙනෙකුත් වෙන්න ඕන.
පැය 4ක් වීඩියෝ කරපු එකක් එඩිට් කරන්න පැය 4ක් ආපහු බලන්න වෙලා ගත්තොත් අපිට ජීවිතේට නිදියගන්න වෙන්නෑ. ඉතින් අපි වෙන හැම දේම වෙලාව ටයිම්කෝඩ් තියාගන්න ඕන. ඒකටත් හමුදා පුහුණුවත් අත්දැකීම්නුත් ගොඩක් උදව් වෙනවා.
PI කෙනෙක් කියන්නේ Field Audio Recordist කෙනෙක්. සමහර වෙලාවට සාකච්ඡාවක් ටිකක් දුරක ඉදන් හොරෙන් රෙකෝඩ් කරන්න වෙන්න පුලුවන්. ඒවාට උපකරණ සහ දැනුම අත්දැකීම් ගොඩක්ම වැදගත්. ඊ ලගට අනවශ්‍ය නොයිස් ක්ලීන් කරලා වොයිස් අප් කරගන්න audio engineering දැනුම ඕන.
ඊලගට හැම මගුලම අපි ඉගනගන්න ඕන. අපිට ඉන්වෙස්ටිගේට් කරන්න වෙන්නේ musician කෙනෙක් වෙන්න පුලුවන්, Doctor කෙනෙක්, Banker කෙනෙක්, Civil Engineer කෙනෙක්, නෙමෙයි කොටින්ම දේශපාලන චරිතයක් වුනත් වෙන්න පුලුවන්. අපි ඒ කෙනෙක් ෆලෝ කරනකොට එයාලා කරන්නේ මොනවාද? කන්නේ බොන්නේ, යන තැන්, හම්බුවෙන මිනිස්සු, අදින පලදින හැටි, හැම මගුලම සාපේක්ෂව ගොඩක් වෙනස්. ඉතින් මේ හැමෝම ඊලගට තියන පියවර අනුමාන කරන්න නම් ඔවුන් ගැන අපිට හොද අවබෝධයක් තිබිය යුතුමයි. ඉතින් අපිට ඉගනගන්න සෑහෙන්න දේවල් තියෙනවා.
ඔය ඔක්කොම තිබුනත් සහජ ඉව වැදගත්. ලෝකේ හොදම ස්නයිපර් විදිහට සලකන Chris Kyle යුදපිටිය වසර ගණනාවක් සාර්ථකව සවයිව් වෙලා ගෙදර ඇවිත් ඔහුගේම ට්‍රක් එකේ, ඔහුගේම ගිණි අවියෙන් වෙඩි කනවා මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක්ට උදව් කරන්න ගිහින්. වෙඩි තැබූ කෙනා කියනනේ අනික් දෙන්නා මාත් එක්ක කතා කරන්නැති නිසා වෙඩි තිබ්බා කියලා. ඔහු හරි විදිහට ඒ කේස් එක හැඩල් කරා නම් තාමත් ජීවතුන් අතර. කොච්චර යුධ වීරයෙක් වුනත් ඔහුට සහජ ඉව ස්ථානෝචිත ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ සිවිල් ජීවිතයේදී. ඔය වගේ උදාහරණ 1000ක් දෙතෑකි. සහජ ඉව සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වගේම ලෝකයේ හැම දේම ගැන යම් හැදෑරීමක් තිබීම ඉතා වැදගත්.
ඉතින් මම PI කෙනෙක් වෙන්න මූලික සුදුසුකම් ගැන කිව්වා. රස කතා නම් එමටයි. තව ලියන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
කෙනෙක් අකුරු වැරදි ගොඩක් පෙන්වලා තිබුනා.

බොහොම ස්තූතියි! මම උත්සාහ කරනවා පුලුවන් තරම් සිංහලෙන් ලියන්න. මම අවුරුදු ගානක් සිංහලෙන් වත් English වලින් වත් අකුරක් ලියලා නෑ. මම වැඩ කරපු රටේ ඔය දෙකම භාවිතා වෙන් නෑ. මට භාෂා දෙකේම සෑහෙන වැරදි ඇති.Sinhala ekek weyan, English ekek wenna kalin hariyata "Private" spell karanna igena ganin
Last edited: