ජීප් එකක් ආවේ කිව්වට Jeep කියන්නේ Brand එකක්නේ. ඒ වගේම Antares කියන කම්පැනි එකේ Autotune කියන Plugin එකෙන් තමයි ගොඩක් අය ඔය Digitalized වගේ Effect එක හදාගත්තේ. ඒක ඒ දවස් වල ඉඳන්ම ඒ නමින්ම දිගට දිගට ආව. නැත්තන් ඕක Pitch Correction Plugin එකක්. ඔය වගේ Industry එකේ පාවිච්චි වෙන ගොඩක් ඒවා තියෙනව. මතක විදියට Wavesලගේ තිබුණා Waves Tune කියල එකක් ඒකත් ගොඩක් හොඳයි. ඔය විදියට Digitalized වගේ ටොන් එකක් නැතුව Pitch Tune කරන්න ගන්නව Celemony උන්ගේ Melodyne. පට්ටම Advanced, වැඩ කෝටියයි.