කොරෝනා ඉවර වේගෙනද යන්නේ?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    3rd shot eka gahan na wenawa :yes::yes:

    Israel

    59787281_7.png


    59787279_7.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    නෑ නේද දැන් ලන්කාවම රෝගී කලාපයක්ලුනෙ නේද @N A K A M U R A

    කොරෝනා නීති යලි දැඩි කරයි. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි. නව නීති මෙන්න.​


    ශ්‍රී ලංකාව සමස්ත භූමි ප්‍රමාණයම කොරෝනා රෝගී ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරනන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති ගත කර තිබේ.

    නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් මෙම සීමාවන් පනවා ඇත.

    නව රෙගුලාසි යටතේ නිසි බලධාරියාගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී රැස්වීම් පැවැත්වීම තහනම් වෙයි.

    2-1.jpg
    ------ Post added on Nov 12, 2021 at 12:11 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    කොවිඩ් රැල්ලක් ගැන රතු එළියක්​

    November 12, 2021 10:56 am


    රට තුළ සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
    එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා වු නිර්දේශ ඇතුළත් ලිපියක් එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
    ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම් දැඩි ලෙස බලාත්මක කළ යුතු බව එම නිර්දේශ අතර වේ.
    එහිදී සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ.
    එමෙන්ම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් එන්නතක් ලබාදීමේ වැදගත්කම ද එම සංගමය නිකුත් කළ නිර්දේශ අතර වේ.
    වැඩිහිටියන් ට කොවිඩ් -19 ආසාදනය වීමේ අවදානම වත්මන් තත්ත්වය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.
    එබැවින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත අවුරුදු 60ට අඩු රෝගීන් සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හට ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් මාත්‍රාව ප්‍රමාදයකින් තොරව ලබාදිය යුතු බව ද වෛද්‍ය සංගමය නිකුත් කළ නිර්දේශ අතර වේ.
    සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංලග්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම් ආදියේ සංඛ්‍යාව සීමා කරමින් පොදු උත්සව සඳහා අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන් ම ලිහිල්කිරීම තවත් කාලයක් ප්‍රමාද කරන ලෙස රජයේ වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.
    මීළඟ ආසාදන රැල්ල වැළැක්වීමට නම්, ආසාදනවල වැඩිවීමක් කලින් හඳුනා ගැනීම අතිශයින් ම වැදගත් බවත්, සුපරීක්ෂාකාරීව කොවිඩ් ආසාදනය වී ඇති මට්ටම නිරීක්ෂණය කිරීම රජයට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව උදා කරනු ලබන බවත් එම ලිපිය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර තිබේ.



    Link....
    http://sinhala.adaderana.lk/news/160256/කොවිඩ්-රැල්ලක්-ගැන-රතු-එළියක්