SRI Pada Adawiye wechcha amuthu katha

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එත් මං පොඩි කාලේ, සිරිපාදේ ගිහින් එන ගමන් කොච්චියේ footboard එකේ වාඩී වෙලා ආවේ. මට නිදිමතට ඇහ පියවුනා.
    appa mekanam aye kawadawat karannepa machan. ape kollek oyawagema සිරිපාදේ ගිහින් එන ගමන් foot board eke wadi wela awit, uta mahansiyata ninda gihin ehemmama issarahata roll wela gihin wetila meruna..

    ow hena dangerous seen ekak
     
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Meka awilla aware SRI PADE nagga kenek kwwa kathawak

    aware naginawa kynnne lesi wadak neme kyl hamoma danatama dannawa athi ne ithin aware naginakota samahara ayata oya kotiyange diviyange asuuchi ehema ahu wela tynwalu nagina pare tyla habai kattiya sumana saman deviyanta PE wela yana nisa kisima karadarayk nam wela nalu gihin enakm hamoma wage yanakam ma kata paressam karagena nalu naginnne

    ithin mehema maluwa ta gyma aware maluwe inne eka manussayailu eya thamalu e kaleta maluwa balaganne

    me manussaya giya nade kattiyakata kyl tynwalu rata ehema gantare wadina sadde ehenama

    gatha kyna sadda ehenaawa mal suwadawal sahenna enawa ema kyl

    meya kynwa sahena haskam tynwalu

    mewa gana hodatama danne aware gya aya thama
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඔය කියන සිදුරෙන් දැනටත් බලන්න පුලුවන් නේද? මන් ගිය දෙපාරෙම බැළුවා. සිරිපතුල තියපු මැනිකලු පේන්නෙ. එතනින් බැලුවම රතුපාටට පේනවා.
    ඒ අඩෝ මම ගියාට දැක්කෙ නෑනෙ.කොතනද බන් තියෙන්නෙ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    සිරීපාදයේ වන්දනා කරන්න පුංචි කාලේ ඉඳලම ගනන් හැදුවොත් දහ දොලොස් පාරක් විතර ගිහින් ඇති. අවාරෙ තුන් පාරක් ගිහින් තියනවා. ප්‍රධාන පාරවල් හයෙන් හතරක දැනට ගිහින් තියනවා. දොපාරක් ගමන් මාර්ගයේ කෑම්පින් කරලා තියනවා. ඊට අමතරව පලාබද්දල පාරෙ කිමි කිහිපයක් විතර ගිහින් එතන ඉඳන් කැලේ මැද්දට මීටර් 500 විතර ගියහම තියන ගල් ලෙනක ඉඳපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මාසික දානය අරන් ගිහින් තියනවා බොහෝ වතාවක්.

    සිරීපාදයට තියන පාරවල් හයේ කතාව කවුරුත් කියලා නැති නිසා ඒටික ගැන මගේ අත්දැකීම් කියන්නම්. සිරිපාද මලුවට කවුරුත් දන්නා පරිදි පරිදි ප්‍රධාන පාරවල් දෙකක් එනවනෙ. එකක් තමා කවුරුත් වැඩිපුරම යන හැටන් පාර. අනික තමා රත්නපුරා පාර. ඔය පාරවල් දෙක විතරක් උඩට ආවාට මොකෝ, ඔය දෙකටම අතරමගදි සම්බන්ධවෙන තව පාරවල් හතරක් තියනවා. ඒ පාරවල් හතර තමා,

    1) මරේවත්ත පාර.
    2) මුක්කුවත්ත පාර.
    3) කුරුවිට පාර.
    4) උඩමාලිබොඩ පාර.

    ඔය පාරවල් හතරෙන් තුනක්ම රත්නපුරා පාරට සම්බන්ධවෙනවා තැන් තුනකදි. මරේවත්ත පාර සම්බන්ධ වෙන්නෙ හැටන් පාරට. හැටන් පාරෙ ඉඳිකටු පහනත් පහුකරලා මලුවට ලංවෙනකොට අලුතෙන් කොන්ක්‍රීට් පඩිපෙලේ වගයක් පටන් ගන්න තැනක් හම්බෙනවා. තොරණක් වගේ ලොකු බෝඩ් එකක් තියනවා එතන. ආන්න එතනට ටිකක් උඩින් තමා මරේවත්ත පාර හැටන් පාරට සම්බන්ධ වෙන තැන.

    අනිත් පාරවල් තුනෙන් කුරුවිට පාර නම් ඉතින් හැමෝම වගේ දන්නවනෙ. නාන්න කියාපුම සීත ගඟුලක් හෙම හම්බෙන පාර ඉතිං ඕක. කොල්ලො සෙට් වලට කයිය ගගහා, ගල් උඩින් පැන පැන යන්න හොඳ පාරක්. ප්‍රධාන පාරවල් තුනෙන් (හැටන්,රත්නපුර,කුරුවිට) අඩුවෙන්ම හදලා තියෙන හැබැයි පරිසරයේ ලස්සන උපරිමයට විඳින්න පුලුවන් පාරක්. එලිමහන් ගල්පොත්තක් උඩ ඇවිදන් ගිහින් එකපාරට හීතල රූස්ස කැලේ ඇතුලට යන්න වෙන තැන් තියනවා. මැදහින්න අම්මබලම හරියෙ තියන අද්භූත කලුවර ගතියත් ඒ ප්‍රදේශය නිතර අලි ගැවසෙනවා කියලා කියන නිසාත් හරිම ගුප්ත වින්දනයක් ගමනට එක්කරනව. අවාරෙට නම් නිතරම දෙපැත්ත බැලවෙන හරියක් මේක, මොකද දෙපැත්තෙම බට ගාල රූස්සව හැදිලා පාරට නැමිලා තියෙන්නෙ. අලි බෙටිත් අවාරෙටනම් හම්බෙනවාමයි. ඉතින් චකිතය මුසු "අමුතු ආතල්" එකක්නම් හිතට එනවා මයි. ඔහොම මේ පාර ගිහින්, රත්නපුරා පාරෙ "හැරමිට්පාන" කියන තැනට සම්බන්ධ වෙනවා. එතන ඉදලා මලුවටම යනකම් රත්නපුරා පාර.

    ඊලඟ පාර තමා මුක්කුවත්ත පාර. මම යන්න ප්ලෑන් කරන් හිටියට යන්න බැරි උන පාරක්. බෑණසමනල කන්දෙ නැගෙනහිර බෑවුම දිගේ ගිහින් රත්නපුරා පාරෙ ඇහැළකණුව ගාවට තමා සම්බන්ධ වෙන්නෙ. ඇහැලකණුව කියන්නෙ ශිවලිංගයක් වගේ ගලක්. ඕකෙ කෝඩුකාරයෝ හුණු තවරනවා කියලා කියනවා.

    අන්තිම පාර තමා මාලිබොඩ පාර. මේක තමා අමාරුම පාර කිව්වොත් නිවැරදියි. 14කිමි වගේ තියනවා.ප්‍රධාන පාරවල් තුනේ වගේ පඩිපෙල් නැහැ. තනිකරම කැලෑ පාරක්. පන්දෙනිය ගඟෙන් තම පාර පටන් ගන්නෙ. පටන් ගන්නෙම රූස්ස කැලෑවෙන්. මට මතකයි අපි ගඟන් එගොඩ උන ගමන්ම එතන තිබ්බ මැංගුස් ගහකින් ඉදිලා තිබ්බ මැංගුස් කෑවා. හරිම අඳුරු පාරක්. අපි මේ ගමන ගියේ අවාරෙ නෙමෙයි "හද්දා අවාරෙ". ඒ කියන්නෙ, වාරය අප්‍රේල් පෝයෙන් ඉවර උනාම ආයෙ පාරවල් සුද්ද කරන්න පටන් ගන්නෙ නොවැම්බර් මැද වගේ ඉඳන්නෙ. ඒක නිසා අගෝස්තු සැප්තැම්බර් විතර වෙනකොට කැලෑව විසින් පාර ගිලගන්නවා. ඇත්තම කිවවෝත් පාර හඳුන ගන්නත් අපහසුයි. ඒ කාලසීමාට තමා හද්දා අවාරෙ කියන්නෙ. අපි ඕක නිසා හොඳ අකරතැබ්බෙකටත් මුහුණ දුන්නා. අනිත් පාරවල් වගේ නෙමෙයි එලිමහනක් හම්බෙන්නේම නැති තරම්. තනිකරම ඝන කැලෑව මැද්දෙන් දියපාරවල් තරණය කරමින් යන්න තියෙන්නෙ. පාරෙ මුල ටික පන්දෙනිය ගඟට සමාන්තරව ගියත් මැදදි ගඟෙන් ඈත්වෙලා කැලේ මැද්දට ඇදෙනවා. සමහර තැන්වලදි ගඟ නැවතත් ඇහෙන්න ගන්නවා හැබැයි. වැහි කාලෙ නිසා මුල් හේදිලා ගිහින් සමහර තැන් වලදි කකුල බහිනවා මුල් අස්සට. එක්කෙනෙක් ඉසස්රහ ඉඳන් පොල්ලක් දික් කරලා ඒකෙ එල්ලිලා නැග්ග තැන් බොහොමයි. ඇඟේ පතේ හොඳ හයියක් තියන, මොරාල් තියන කොල්ලො සෙට් එකක්නං ගේමක් නෑ.

    මේ පාරෙ ලොකුම අවුල තමා වැස්සට අලුතෙන් පාරවල් හැදෙන එක. ඒ කියන්නෙ, ට්‍රේල් එක ප්‍රධාන ඇලවල් 7ක් උඩින් යනවා. ඒ අතරට පොඩි පොඩි දියපාරවලුත් පහුකරන්න ඕනෙ. සමහර වෙලාවට මේ දියපාරවල් අපේ ගමන් මාර්ගයත් හෝදාගෙන යනවා. අපි යන්න ඕනෙ පාර මොකද්ද වතුර පාර මොකද්ද කියන එක හොයාගන්න අමාරුයි. අපිට එහෙම ඉදිරියට ගිහින් ආපහු හැරිලා එන්න සිදුවුන තැන් කිහිපයකුත් තිබ්බා. බලන බලන අත රූසස කැලය නිසා පොඩි බය මිශ්‍ර අසරණකමකුත් හිතට නොදැනුනා නෙමෙයි. මගේ පාසල් කාලයේ සිටම දේව විශ්වාස ඒතරම් ගනනකට නොගත් යහළුවෙක් මගේ පාටාපස්සෙන් එනගමන් "සමන්දෙවි හාමුදුරු පිහිටයි, සමන්දෙවි හාමුදුරුපිහිටයි" කියනවා ඇහිලා මට හිනාත් ගියා. අදටත් මතක් කරලා හිනා වෙනවා. ඉතින් ඔය පාරේ අමාරු හරිය සමාප්ත වෙන්නෙ කුරුඟග තරණයත් එක්ක. ඊටපස්සේ මාලිබොඩ පාර හෙමීට ඉදිරියට ඇදිලා කුරුවිට පාරටම එකතුවෙනවා. මේ එකතුවීම වෙන්නෙ මැදහින්න අම්බලමත් ඉඳිකටුපානත් අතර තැනකට. මැදහින්නට වඩාත් ලඟයි. ඔතන ඉදලා තියෙන්නෙ උඩ කියපු පාරම තමා.

    දැන් හැරෙමු මලුවට යන ප්‍රධාන පාරවල් දෙකට. හැටන් පාර හැමෝම දන්න නිසා ඒක ගැන වැඩියමක් කියන්න ඕනෙ නැහැනෙ. එතකොට අර පාරවල් හතරෙන් තුනක්ම එකතුවෙන ප්‍රධාන මාර්ගය වෙන රත්නපුරා පාර තමා ඉතිරි. සාමාන්‍යයෙන් මේ පාරෙ යන්නෙ බලංගොඩ රත්නපුර නිවිතිගල පැත්තෙ අය තමා. ලොකූ සෙනගක් යන්නෙ නැහැ. මලුවට යනකන්ම පඩිපෙලේ හදලා තියන නිසා නගින්න අපහසුවක් නැහැ. පෞරාණික අම්බලම් කිහිපමයක්ම හම්බෙන පාරක්. දැනට වල්වැදිලා කැලයට වැහිලා නිශ්චිතව හොයාගන්න අපහසුව තියෙන පුරාණ රජමාවතට සමාන්තරව ඇදෙනවා කියලා තමා ගොඩදෙනෙක් කියන්නෙ. ගජමන් නෝනා හැදුවා යැයි කියන ගජමන්සැල තියන හරිය ටිකක් විතර හීතල වැඩියි. ඒ හරියෙ පොඩි ගුප්ත බවකුත් තියනවා. ලිහිණි අක්කා හෙලට පැන්න තැනදි ලිහිණි අක්කට කෝචොක් දාන නඩත් නැතිවම නෙමෙයි. ගල්පඩි ගනන්කරන්න බැහැ කියන ධර්මරාජ ගල, බටයක් හයිකරලා නාන්න හදලා තියන ගෙත්තම්පාන හෙම හරි සුන්දර තැන් මේ පාරෙ. ගෙත්තම්පානෙ සුවිශේෂී ලක්ෂණයක් තමා එකපාරටම මීදුමෙන් වැහිලා යන එක. මෙතනදි එළිමහන් පරිසරයක ඉඳන් කැලෑවට ඇතුලුවෙන තැනක් නිසා අර මීදුම පිරිච්ච සීතල අමුතුම හැඟීමක් ගේනවා. මේ පාරෙ ලොකුම ගිමන්හල තියෙන්නෙ හැරමිටිපහනෙ. මම නම් කරන්නෙ උදෙන්ම හෙමීට හෙමීට නැගලා හවස් වෙද්දි මෙතනට එන එක. ඔතනට ටිකක් කලින් නාන්න හොඳ තැනක් හම්බෙනවා හීන්ගඟුල කියලා. ඔතනින් නාලා දැඩිව දාන්නෙ නැතිවෙන්න සීරුවට නගිනවා හැරමිටිපානට. හැරමිටිපානෙ කඩෙන් රැට කාලා පැදුරු දෙකතුනක් අරන් ඇලවෙලා කයියක් ගහගෙන ඉදලා පොඩි නින්දකුත් දානවා. ඔහොම ඉඳලා උදේ 2 විතර වෙද්දි මූනකට අතපය හෝදාගෙන ගල්වංගෙඩිය කඩෙන් හොඳ නෙස්ටමෝල්ට් එකක් ගහලා ආයෙත් හෙමීට නගින්න පටන් ගන්නවා. එතකොට ගානට ඉරසේවය බලක්න මලුවට යන්න පුලුවන්.

    ඔන්න ඕක තමා මගේ සිරිපා අත්දැකීම. ඕවා අස්සෙ තව රසකතා බොහොමයක් තියනවා. සත්තු මූනට හමු වෙච්ච ඒවා. බයට නඩේ පිටිපස්සෙන්ම එන කෙනා ශේප් එකේ ඉස්සරහටම යන ඒවා. කෑම පාර්සල් අතුරුදහන් වෙච්ච ඒවා. කැලේ තනි වෙච්ච අවස්ථාවක්, රිලවුන්ට අලි කියලා බය වෙච්ච ඒවා ආදී කතා. තරුණ නඩ වලට යන්න කියාපු ගමනක්. ඇඳුම් දෙක තුනක් අරගෙන, හෙමීට හෙමීට කයිය ගගහා වැස්සට පොඩ්ඩක් තෙමිලා ගියහම ගමන යනවා නෙමෙයි යැවෙනවා...
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔන්න ඕක තමා මගේ සිරිපා අත්දැකීම. ඕවා අස්සෙ තව රසකතා බොහොමයක් තියනවා. සත්තු මූනට හමු වෙච්ච ඒවා. බයට නඩේ පිටිපස්සෙන්ම එන කෙනා ශේප් එකේ ඉස්සරහටම යන ඒවා. කෑම පාර්සල් අතුරුදහන් වෙච්ච ඒවා. කැලේ තනි වෙච්ච අවස්ථාවක්, රිලවුන්ට අලි කියලා බය වෙච්ච ඒවා ආදී කතා. තරුණ නඩ වලට යන්න කියාපු ගමනක්. ඇඳුම් දෙක තුනක් අරගෙන, හෙමීට හෙමීට කයිය ගගහා වැස්සට පොඩ්ඩක් තෙමිලා ගියහම ගමන යනවා නෙමෙයි යැවෙනවා...

    mcn supiri mcn ane plwn nam ara bath athurudahan una ewa kale atharaman wechcha katha tikath dapanko bn himita kywanna asai bn
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    mcn supiri mcn ane plwn nam ara bath athurudahan una ewa kale atharaman wechcha katha tikath dapanko bn himita kywanna asai bn
    ඒවා එහෙම කියන්න තරම් ලොකු සිදුවීම් නෙමෙයි.වෙලාවක් හම්බෙන හැටියට දාන්නම්.
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    අනෙ මන්ද මට නම් තාම sure නෑ හාස්කම්.
    මේව ඇත්තද කියල test කරල බලන සංගමයක් වත් හදාගෙන යමුද :rolleyes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    mcn supiri mcn ane plwn nam ara bath athurudahan una ewa kale atharaman wechcha katha tikath dapanko bn himita kywanna asai bn

    පස්වෙනියගෙ කතාව.

    මේක අපේ කෝඩුකාර අවාරෙ සිරිපාගමනෙදි වෙච්ච දෙයක්. කුරුවිට පාරෙන් මම ඇතුලුව හතරදෙනෙක් තමා ගමන ගියෙ. උදේටයි දවල්ටයි කන්න කෑම ඔතාගෙන, රැටයි පහුවදාටයි උයන්න බලාගෙන පෝටබල් කෙරොසීන් ප්‍රෙශර් කුකර් එකක් හෙම අරගෙන ගියෙ. හතර දෙනෙක් ගියාට මොකෝ අපි පහ පහ කෑම පාර්සල් දහයක් අරන් ගිහින් තිබුනා. හතර දෙනාටම බත් පාර්සල් අටක් දෙවේලටම ඇති උනත් වැඩිපුර කන්න හිතෙයි කියලා හදලා දුන්න ඒවා.

    ඉතින් කෝමින් කොහොම හරි අපි උදෙන්ම ට්‍රේල් හෙඩ් එක ගාවට ඇවිත් ගමන පිටත් උනා. ටික දුරක් යනකොට අපේ හතර දෙනාගෙ නඩේට බලු නඩයකුත් සෙට් උනා. උඩට යන්න යන්න බලුනඩේ කෑලි හැලුනා. උඩටම යනකන් ආපු එක්කෙනෙකුත් හිටියා. එයා අපිත් එක්ක යනවට වඩා අපිට පාර පෙන්නන ආපු ලයින් එකෙන් තමා හිටියෙ. අපිට ඉස්සරහින් ටික දුරක් යනකන් යනවා එනකන් බලං ඉන්නවා. ආයෙ හිටිගමන් උඩහට දුවලා නොපෙනී යනවා, එකපාරට පාරෙ උඩ අපි එනකං බලන් ඉන්නවා පේනවා.

    ඉතිං ඔහොම ගිහිං ගිහං උදේට කෑවෙ අවාරෙ මහ වැස්සට බාගෙට කැඩිලා තිබුණ කඩකෑල්ලක් ලඟ ඉඳගෙන. බත් පාර්සල් ටික උදේ දවල් කියලා වෙනමම බැඳලා තිබ්බ නිසා උදේ පාර්සලය අතට ගත්තා. අරං කට්ටිය අතරෙ බෙදාගන්න බලනකොට පාර්සල් 4යි තියෙන්නෙ. ඕක ඉතිං වැඩිය ගානක් ගියෙ නැහැ ගෙදර අයට බත් පාර්සලයක් දාන්න අමතක වෙලා ඇති කියලා හිතලා ඔන්න ඔහේ කෑවා. කාලා ඉවර වෙලා ලන්ච්ශීට් සිලිබෑග් පත්තරකොල ටික බැක්පැක් එකට ඔබද්දි දවල් කෑම පාර්සලේ ගනන් කරලා බැලුවා.ඔන්න ඒකෙනං කෑම පාර්සල් පහක් තියනවා ගානට.

    උදේට එහෙම වැඩේ ඉවර වෙලා දවල් වෙනකොට අපිට සීතගඟුල ක්‍රොස් කරන තැනට යාගන්න පුලුවන් උනා. එතනදි මූන අතපය හෝදාගෙන දවල්ට කෑවා. පහක් තිබ්බට මොකෝ බිස්කට්, බීම බඩට මගදි දාගත්ත නිසා එක බත් එකත් කෑවෙත් අමාරුවෙන්. ඉතින් කාලා ඉවරවෙලා ප්ලේන්ටියකුත් ගහන්න කුකර් එක හෙම හදලා වතුර රත්වෙන්න දාලා අපි ෆොටෝ ගහන්න ගියා සීත ගඟුල පැත්තට.

    ගිහින් ඇවිත් අර බත් කාපු තැන අස්කරලා ඉතිරි බත් එක බලනකොට ඒක නැහැ. මුලින් හිතුවෙ අපිත් එක්ක ආපු බලුබාස් වැඩේ දිලා කියලා. ඒත් ඉරලා දාපු බත් එකක් අහලකවත් නැහැ. බුවා ඉන්නවා නැට්ට වනවනා සිරික්කිය දාගෙන. අනික මිනිහට කට්ටිය ඉතිරි කරපු බතුත් ගොඩක් දාලා තිබ්බා.

    ඕකෙන් පස්සෙ පොඩි අවුලක් ආවා හිතට. මේ මොකද උනේ කියලා. විහිලුවට වගේ "මචං ඒ පස්වෙනියා" කියලා කිය කියා අපි ඉදිරියට ඇදුනා. ඔතනින් පස්සෙ හම්බෙන්නෙ මැදහින්න අම්බලම. එතනට යනකංම කට්ටියගෙ හිතේ පොඩි චකිතයකුත් තිබ්බා. ඒ හරියට එනකොට අහසත් කලු කරගෙන ආව නිසා රේන්කෝට් දාගෙන තමා නැග්ගෙ. ඔය මැදහනින් හරියෙදි ට්‍රේල් එක හරිම අත්භූතයි. ඝන කැලෑවයි සීතලයි නිසා අර චකිතය කට්ටියගෙම හිත්වල හොඳට දුවලා තිබිලා තියනවා. කුරුවිටින් ගිහින් මැදහින්න ප්‍රදේශය මතක අයට මම කියන කතාව තේරෙනවා ඇති.

    ඒ මදිවට රේන්කෝට් වලට වතුර වැටෙනකොට සටසට සද්දෙට මොකුත් ඇහෙන්නෙ නෑ. නඩේ අන්තිමටම යන මට දැන් මට පිටිපස්සෙන් පස්වෙනියෙක් එනවා වගේ දැනෙනවා. රේන්කෝට් දාලා නිසා හැරෙනවා නම් ඇඟම හරවලා බලන්න ඕනෙ. එච්චර හරියක් කරන්න බැරි නිසා මම මගේ ඉස්සරහින් ගියපු සගයව පහුකරලා හෙමීට ඉස්සරහට ඇදුනා. දැන් මම තුන්වැනියා. ඔහොම ටිකවෙලාවක් යද්දි පිටිපස්සෙ ගියපු කෙනාත් මම කලා වගේම ඉස්සරහට ඇද්දා. මමත් තිබ්බ බයට ආයෙත් ඉස්සරහට ඇද්දා. මේක කිහිප වතාවක්ම සිද්ධ උනා ඕන්. දැන් දෙන්නා කියානොගත්තට මොකේ දෙන්නම එකම දේ තමා හිතන්නෙ. මුලින්ම ගිය දෙන්නට මේ සිද්ධිය ඒතරම් ගානක් නැහැ. පිටිපස්සෙ ගිය අපිට තමා වැඩේ නෝට්. අන්තිමට ඉඳිකටුපහන ගාවට එනකම්ම මොන්ටිසොරි කාලෙ දෙන්නා දෙන්නා අත් අල්ලන් ගියා වගේ තමා ගමන ගියෙ.

    අදටත් දන්නෙ නැහැ බත් පාර්සල් වලට මොකද උනේ කියලා. ගෙදරින් ඇහුවම බත් පාර්සල් දහයක් බැඳලා දීලා තියනවා. දවල් එක අර නයිදෙ කෑවා වෙන්නත් බැහැ. පස්වෙනියා අපේ හිත කියලා තමා විශ්වාස කරන්නෙ. ඒ උනාට අදටත් අපි හතරදෙනා ආපහු එනකන් පස්වැනියා මැදහින්නට වෙලා බලං ඉන්නවද දන්නෙත් නැහැ...
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පස්වෙනියගෙ කතාව.

    මේක අපේ කෝඩුකාර අවාරෙ සිරිපාගමනෙදි වෙච්ච දෙයක්. කුරුවිට පාරෙන් මම ඇතුලුව හතරදෙනෙක් තමා ගමන ගියෙ. උදේටයි දවල්ටයි කන්න කෑම ඔතාගෙන, රැටයි පහුවදාටයි උයන්න බලාගෙන පෝටබල් කෙරොසීන් ප්‍රෙශර් කුකර් එකක් හෙම අරගෙන ගියෙ. හතර දෙනෙක් ගියාට මොකෝ අපි පහ පහ කෑම පාර්සල් දහයක් අරන් ගිහින් තිබුනා. හතර දෙනාටම බත් පාර්සල් අටක් දෙවේලටම ඇති උනත් වැඩිපුර කන්න හිතෙයි කියලා හදලා දුන්න ඒවා.

    ඉතින් කෝමින් කොහොම හරි අපි උදෙන්ම ට්‍රේල් හෙඩ් එක ගාවට ඇවිත් ගමන පිටත් උනා. ටික දුරක් යනකොට අපේ හතර දෙනාගෙ නඩේට බලු නඩයකුත් සෙට් උනා. උඩට යන්න යන්න බලුනඩේ කෑලි හැලුනා. උඩටම යනකන් ආපු එක්කෙනෙකුත් හිටියා. එයා අපිත් එක්ක යනවට වඩා අපිට පාර පෙන්නන ආපු ලයින් එකෙන් තමා හිටියෙ. අපිට ඉස්සරහින් ටික දුරක් යනකන් යනවා එනකන් බලං ඉන්නවා. ආයෙ හිටිගමන් උඩහට දුවලා නොපෙනී යනවා, එකපාරට පාරෙ උඩ අපි එනකං බලන් ඉන්නවා පේනවා.

    ඉතිං ඔහොම ගිහිං ගිහං උදේට කෑවෙ අවාරෙ මහ වැස්සට බාගෙට කැඩිලා තිබුණ කඩකෑල්ලක් ලඟ ඉඳගෙන. බත් පාර්සල් ටික උදේ දවල් කියලා වෙනමම බැඳලා තිබ්බ නිසා උදේ පාර්සලය අතට ගත්තා. අරං කට්ටිය අතරෙ බෙදාගන්න බලනකොට පාර්සල් 4යි තියෙන්නෙ. ඕක ඉතිං වැඩිය ගානක් ගියෙ නැහැ ගෙදර අයට බත් පාර්සලයක් දාන්න අමතක වෙලා ඇති කියලා හිතලා ඔන්න ඔහේ කෑවා. කාලා ඉවර වෙලා ලන්ච්ශීට් සිලිබෑග් පත්තරකොල ටික බැක්පැක් එකට ඔබද්දි දවල් කෑම පාර්සලේ ගනන් කරලා බැලුවා.ඔන්න ඒකෙනං කෑම පාර්සල් පහක් තියනවා ගානට.

    උදේට එහෙම වැඩේ ඉවර වෙලා දවල් වෙනකොට අපිට සීතගඟුල ක්‍රොස් කරන තැනට යාගන්න පුලුවන් උනා. එතනදි මූන අතපය හෝදාගෙන දවල්ට කෑවා. පහක් තිබ්බට මොකෝ බිස්කට්, බීම බඩට මගදි දාගත්ත නිසා එක බත් එකත් කෑවෙත් අමාරුවෙන්. ඉතින් කාලා ඉවරවෙලා ප්ලේන්ටියකුත් ගහන්න කුකර් එක හෙම හදලා වතුර රත්වෙන්න දාලා අපි ෆොටෝ ගහන්න ගියා සීත ගඟුල පැත්තට.

    ගිහින් ඇවිත් අර බත් කාපු තැන අස්කරලා ඉතිරි බත් එක බලනකොට ඒක නැහැ. මුලින් හිතුවෙ අපිත් එක්ක ආපු බලුබාස් වැඩේ දිලා කියලා. ඒත් ඉරලා දාපු බත් එකක් අහලකවත් නැහැ. බුවා ඉන්නවා නැට්ට වනවනා සිරික්කිය දාගෙන. අනික මිනිහට කට්ටිය ඉතිරි කරපු බතුත් ගොඩක් දාලා තිබ්බා.

    ඕකෙන් පස්සෙ පොඩි අවුලක් ආවා හිතට. මේ මොකද උනේ කියලා. විහිලුවට වගේ "මචං ඒ පස්වෙනියා" කියලා කිය කියා අපි ඉදිරියට ඇදුනා. ඔතනින් පස්සෙ හම්බෙන්නෙ මැදහින්න අම්බලම. එතනට යනකංම කට්ටියගෙ හිතේ පොඩි චකිතයකුත් තිබ්බා. ඒ හරියට එනකොට අහසත් කලු කරගෙන ආව නිසා රේන්කෝට් දාගෙන තමා නැග්ගෙ. ඔය මැදහනින් හරියෙදි ට්‍රේල් එක හරිම අත්භූතයි. ඝන කැලෑවයි සීතලයි නිසා අර චකිතය කට්ටියගෙම හිත්වල හොඳට දුවලා තිබිලා තියනවා. කුරුවිටින් ගිහින් මැදහින්න ප්‍රදේශය මතක අයට මම කියන කතාව තේරෙනවා ඇති.

    ඒ මදිවට රේන්කෝට් වලට වතුර වැටෙනකොට සටසට සද්දෙට මොකුත් ඇහෙන්නෙ නෑ. කඩේ අන්තිමටම යන මට දැන් මට පිටිපස්සෙන් පස්වෙනියෙක් එනවා වගේ දැනෙනවා. රේන්කෝට් දාලා නිසා හැරෙනවා නම් ඇඟම හරවලා බලන්න ඕනෙ. එච්චර හරියක් කරන්න බැරි නිසා මම මගේ ඉස්සරහින් ගියපු සගයව පහුකරලා හෙමීට ඉස්සරහට ඇදුනා. දැන් මම තුන්වැනියා. ඔහොම ටිකවෙලාවක් යද්දි පිටිපස්සෙ ගියපු කෙනාත් මම කලා වගේම ඉස්සරහට ඇද්දා. මමත් තිබ්බ බයට ආයෙත් ඉස්සරහට ඇද්දා. මේක කිහිප වතාවක්ම සිද්ධ උනා ඕන්. දැන් දෙන්නා කියානොගත්තට මොකේ දෙන්නම එකම දේ තමා හිතන්නෙ. මුලින්ම ගිය දෙන්නට මේ සිද්ධිය ඒතරම් ගානක් නැහැ. පිටිපස්සෙ ගිය අපිට තමා වැඩේ නෝට්. අන්තිමට ඉඳිකටුපහන ගාවට එනකම්ම මොන්ටිසොරි කාලෙ දෙන්නා දෙන්නා අත් අල්ලන් ගියා වගේ තමා ගමන ගියෙ.

    අදටත් දන්නෙ නැහැ බත් පාර්සල් වලට මොකද උනේ කියලා. ගෙදරින් ඇහුවම බත් පාර්සල් දහයක් බැඳලා දීලා තියනවා. දවල් එක අර නයිදෙ කෑවා වෙන්නත් බැහැ. පස්වෙනියා අපේ හිත කියලා තමා විශ්වාස කරන්නෙ. ඒ උනාට අදටත් අපි හතරදෙනා ආපහු එනකන් පස්වැනියා මැදහින්නට වෙලා බලං ඉන්නවද දන්නෙත් නැහැ...

    mcn patta bn tyna okkoma eperince tika share kragnin api ekka thawa eka deyak danaganna one oya sri pada adawiye bawana karana hamuduruwanta danyak pooja krnna plwn wdyak tynwanm kypnko bn ara kalin kathwe uba dala tbbe ubala gya kyl anna e wage
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    mcn patta bn tyna okkoma eperince tika share kragnin api ekka thawa eka deyak danaganna one oya sri pada adawiye bawana karana hamuduruwanta danyak pooja krnna plwn wdyak tynwanm kypnko bn ara kalin kathwe uba dala tbbe ubala gya kyl anna e wage
    ඒවානම් මට අහම්බෙන් සෙට් වෙච්ච චාන්ස්. ඒ දානය අරන් ගියෙ සිරීපාදෙ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමකට. දැන් නම් ඒ ස්වාමීන් වහන්සේ අසනීප සහ වයස නිසා ගම්මානයට ලඟ කුටියක ඉන්නවා කියලා තමා කියන්නෙ. තව ඕනෙතරම් ස්වාමීන් වහන්සේලා ඇති, හැබැයි ප්‍රවේශමෙන්. වනගත වෙච්ච පමණින් සීලවන්ත ගුණවන්ත නැහැ හාමුදුරුවරු. සිරිපාද කැලෙන්ම මට ඒවගේ අත්දැකීම් තියනවා. ඒ පැත්තට වෙන්න ඉන්න අඳුරන අයගෙන් හොයලා බලන්න. හොයාගන්න බැරිවෙන එකක් නැහැ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒවානම් මට අහම්බෙන් සෙට් වෙච්ච චාන්ස්. ඒ දානය අරන් ගියෙ සිරීපාදෙ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමකට. දැන් නම් ඒ ස්වාමීන් වහන්සේ අසනීප සහ වයස නිසා ගම්මානයට ලඟ කුටියක ඉන්නවා කියලා තමා කියන්නෙ. තව ඕනෙතරම් ස්වාමීන් වහන්සේලා ඇති, හැබැයි ප්‍රවේශමෙන්. වනගත වෙච්ච පමණින් සීලවන්ත ගුණවන්ත නැහැ හාමුදුරුවරු. සිරිපාද කැලෙන්ම මට ඒවගේ අත්දැකීම් තියනවා. ඒ පැත්තට වෙන්න ඉන්න අඳුරන අයගෙන් හොයලා බලන්න. හොයාගන්න බැරිවෙන එකක් නැහැ.

    Mara asawak tyna mcn ehema hamduruwo namakata danayak denna