වතුර කපලා

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    board wela inne Wijerame
    එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරේ. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ. *කොළඹ 04, 05, 06, 07 සහ 08 *කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ *මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.