msc ක්ලාස් එක ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,412
    25,624
    113
    ෆීල්ඩ් එකේ වැඩ කරුවෝ අල්ලගෙන මිත්‍රකමෙන් හරි මුදලට හරි ඉගෙන ගනින්. වැඩ්ඩා නම් කඩදාසි සහතික වැඩක් නෑ... (I am a non IT)
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Experience madanam As wenne nathuwa interview walata yanna
    Hoda tech stack ekak thiyana company ekaka Wada kalahama eta passe job opportunities hoyanna amaru naha
    MSc ekak kalath wadak wena ekak na ban Qualification walata Hodai But Theoretical knowledge ekak enne
    Passe kaleka karanna Msc ekak private uni ekakaka with less stress
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,835
    3,315
    113
    මචං මට degree එකේ gpa එක හරිම අඩුයි. මං ඒ කාලේ ඒව ගැන හිතුවේ නෑ. මං හිතුවෙ කැම්පස් ආපුහාම ඔක්කොම හරි යයි කියලා. ඒත් බං මං විභාග් පාස් උනෙත් බොහම අමාරුවෙන්. අනික කැම්පස් එකේ practical(IT) දැනුම දෙන්නෙම නෑ .ඒත් රස්සාවක් ගන්න යද්දි ගොඩක් අසරණ වුණා. .ඉන්ටවිව් විසිපහකට වැඩිය ගියා.. කැම්පස් එකේ ඔය දේශපාලනය කරපු එවුන් උන්ගේ කනෙක්ශන් වලින් හොඳ හොඳ company වලට ගියා.ක්ලාස් තිබ්බ ඔක්කොම එවුන් හොඳ රස්සාවලට ගියා. මට අවුරුද්දකට විතර පස්සේ ජොබ් එක හමුවුනේ..ඒත් මචං එච්චර පඩි නෑ..

    මචං මට හිතෙනවා මං ඉගෙනගෙන මදි කියලා.msc එකක් කරන්න හිතෙනවා. අනික ඒකට අවුරුදු දෙකක් විතර යනවා.
    දැන් ඉන්න කම්පැනියෙන් අයින් වෙන් නැත්තෙ බං වෙන කම්පැනියක ට යන්න බැරිවෙයි කියලා.
    මේ පඩියක් එක්ක ජීවිත් වෙන්න අමාරුයි බං.

    අනික බං අපේ කොම්පැණියේ එච්චර වැඩ සෙට් වෙන්නෙත් නෑ.. side support තමා තියෙන්නේ..

    msc එක කරලා ක්ලාස් එකක් දැම්මත් හොඳද ?
    මචං මේකට මං මොකක්ද කරන්නේ?
    අයි ටී ඩිග්රි එකක් නම් කලේ ප්‍රැක්ටිකල් දැනුම කවදාවත් ඩිග්රි එකකින් බලාපොරොත්තු වෙන්න එපා. අයි ටී ඩිග්රි හදල තියෙන්නේ ප්‍රැක්ටිකල් දැනුම ගන්න නෙවෙයි. ප්‍රැක්ටිකල් දැනුම ඉගෙන ගන්නකොට සහ තේරුම් ගන්නකොට අවශ්ය් තියරි දැනුම දෙන්න විතරයි ඩිග්රි එකක් දෙන්නේ. ප්‍රැක්ටිකල් දැනුම කියන එක කවදාවත් උපාදියකින් දෙන්න බෑ. මොකද ඔයා ඩිග්රිය පටන් ගන්න කාලේ තිබ්බ ටෙක්නොලොජි එක නෙවෙයි ඔයා අවුරුදු කිඉපයක් ඉදල යුනි එකෙන් අවුට් උනාම තියෙන්නේ.
    අනික තමයි ප්පක්ටිකල් දැනුම දෙනවා නම් දීල ඉවර කරන්න බැරි තරමට උගන්නන්න දේවල් තියෙනවා .
    උදාහරණයක් හැටියට ජාවා ඩිවලොපර් කෙනෙක් නම් ජාවා විතරක් නෙවෙයි තියෙන්නේ. තවත් දේවල් තියනවා ඉගෙනගන්න ජාවා එක්ක අවශ්‍ය වෙන. ඊ නිසා මාස්ටර් කලත් ඔච්චර තමයි. ප්‍රැක්ටිකල් දැනුම ඕන නම් ඌන තරම් ප්‍රක්ටිකල දැනුම ගන්න යූටියුබ් එකේ යුඩමි එක වගී ඔන්ලන් රිසෝසස් ගොඩක් තියනවා.
    තව දෙයක් තමයි දේශපාලන කනෙක්ෂන් වලට අයිටී ෆිඉල්ඩ් එකේ ජොබ් ගන්න හරි අමාරුයි. BA හරි Project Management හරි වගේ ගොඩක් ලොකුවට ටෙක්නිකල් දැනුම අවශ්‍ය නොවෙන ජොබ් එකක් ගත්තත් සොෆ්ට්වෙයා , devOps වගේ ජොබ් වලට දෙශපාලනෙන් යන්න බෑ. අයිටී කම්පැනි වල පින් පඩි දී දී හුරතල් කරන උන් මම දැකල තියනවා හරි අඩුයි. ආණ්ඩුවේ ඔපිස් වල අයි ටි කරන උන් නම් එහෙම ඇති.

    බය නැතුව ටිකක් කල් අරන් ඔයා කැමති ටෙක්නොලොජි එකක් ගැන විඩියෝ ටිකක් බලල ඉගෙනගන්න. අමාරු වෙන්නේ නෑ. අයි ටි කියන්නේ රොකට් සයන්ස් නෙවෙයි. කොහොමත් දැනට ඉන්න කොම්පැනියේ වැඩ අඩු නම් ඉගෙනගන්න ගොඩක් වෙලාව තියනවා නේ. ඊකෙන් උපරිම ප්‍රයොජනේ ගන්න. අයි ටි වැඩකාරයෙක් වෙන්න GPA එක අදාළ වෙන්නේම නැ. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා යන්තම් ඩිග්‍රිය ගොඩ දාගෙන ලොකු පඩි ගන්න හොද ජොබ් කරන උන්. ඒ අතරේ පේපර් අසයින්මන්ට් වලට විතරක් ලැස්ති වෙලා ක්ලාස් දාල පොඩි ජොබක් කරන ඉන්න උනුත් ඉන්නවා. සමහරුන්ට අසයින්මන්ට් එක්සෑම් ගොඩ දැම්මට ප්රෝබ්ලෙම් සොල්වින්ග් ස්කිල්ස් නෑ. එහෙම උන් දන්නේ ඉගෙනගන්න විතරයි .
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    server side wage nam redhat aws wage exams karanna.loku salary walata kattiya illanawa samahara welawata

    Experience madanam As wenne nathuwa interview walata yanna
    Hoda tech stack ekak thiyana company ekaka Wada kalahama eta passe job opportunities hoyanna amaru naha
    MSc ekak kalath wadak wena ekak na ban Qualification walata Hodai But Theoretical knowledge ekak enne
    Passe kaleka karanna Msc ekak private uni ekakaka with less stress
    Ow gov uni pere ehema cs msc marawanawa hamadama exams hamadama assignment moratuwa csc eke ochara hard ne
    ------ Post added on Nov 23, 2021 at 10:20 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔතන ඉන්න ගමන් වෙන තැනක් බලපන් මචන්. අනිත් එක youtube එකේ වගේ practical කරන tutorials බලල idea එකක් ගන්න එතකොට අවුලක් නෑ. තමන්ගේ competency හදාගන්න එක තමන්ගේ වැඩක් :yes:

    එහෙම බලන්නේ නෑ :no: aptitude test + interviews හොඳට face කරොත් ගොඩ දාගන්න පුළුවන් :yes:
    Peradeniye 2nd upper or lower illuwa mathaka widihata. Moratuwe kohomada dannaa
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    msc karath ochara thaama , certifications kala nam hodayi
    okkotama kalin job ekak hoya gannin
    Ow azure karnna gatta eth practical knowledge eka nathuwa harima amarui karanna...පැත්තකට දැම්මා
    it sector eke nm inne mchn skill eka kohoma hri hdaganna. spend atleast 3years learning new things. giyapu gaman honda salary hamotma hambenne. salary madi nm year eke ekta company maru krla experience ganna try krnna. msc ma oone ne mchn honda salary ganna.
    GPA adu nm godak welwta hire krnne podi ewa neh, ewageth honda startup ekkta giyoth godak learn krnna plwn. habai ewage weda wedi thama salaryth adui.
    Eth honda experience ekak hada gaththoth ikmnta salary wedi ekakta ynna plwn.
    thank you machan, wayasath yanwa bn.. msc nam wadak na thma . දැන් රටේ යන තත්වෙත් එක්ක කාලය ආයෝජනය කරන්නත් බයයි
    tanyen igena ganin, etakota wada initiate kerane puluwan. ape podi eka subject repeat wewi kere, u java god ada gatta, dan u developer kenek
    math repeat uno :lol:, kattak kanna wei neda..
    කලින් කට්ටිය කියලා තියෙනවා වගේ self study තමයි හොඳම option එක. MSc එක මේකට උත්තරයක් නම් නෙවෙයි.
    - හොඳ certification ටිකක් ගොඩ දාපන්. (තමන් කරන පැත්තෙන් Azure, AWS වගේ.. )
    - Developer කෙනෙක් නම් හොඳ GitHub එකක් හදා ගනින් තමන් තනියම කරපු projects එක්ක
    - LinkedIn එක සුපිරියටම තියා ගනින්
    - Coursera වගේ online platform එකක තමන්ගේ field එකට අදාළ courses ටිකක් බලපං
    - අනිවා interview එකේදී තමගේ self learning සහ self motivated work life එක ගැන කතා කරපං
    man azure patan gatta at practicle knowlege nathuwa paththakta damma, Github heke theyena ewa private repository ewa interview eke pennane khomda, public karanna oneda ?
    youtube eken balnna hithagena inne
    මේ දවස්වල නම් තමාට තමා පමණයි කියලා හොදටම දැනිලා තියෙන්නේ
    හූල්ලන එක නවත්තපන් මුලින්ම.

    උබට අවුරුද්දකට වඩා එක්ස්පීරියන්ස් තියෙනව නන් වෙන තැනකට මාරු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. degree අනම් මනන් ඕනි වෙන්නෙ ෆස්ට් ජොබ් එක ගොඩ දාගන්න. ඊට පස්සෙ උබට තියෙන එක්ස්පීරියන්ස් පෙන්නල ඉස්සරහට යන්න පුලුවන්. ස්කිල්ස් මදි වගේ හිතෙනව නන් හොදම වැඩේ හොද පෙට් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඔයාගෙ ස්කිල් ශාප් කරගන්න. එතකොට ඒක බේස් කරගෙන අලුත් තැනකට යන්න පුලුවන්.
    Man pet project ekk gatta eth eka mobile app patta , dan companye karanne web patta..ethakota eka useful weida ?
    ඔතන ඉන්න ගමන් වෙන තැනක් බලපන් මචන්. අනිත් එක youtube එකේ වගේ practical කරන tutorials බලල idea එකක් ගන්න එතකොට අවුලක් නෑ. තමන්ගේ competency හදාගන්න එක තමන්ගේ වැඩක් :yes:

    එහෙම බලන්නේ නෑ :no: aptitude test + interviews හොඳට face කරොත් ගොඩ දාගන්න පුළුවන් :yes:
    ou machn hoda confident ekk awama wena ekkata paninawa.
    msc ganan gan na bn IT filed eke. wada tamai one. skills hada ganin. interview goda danna ba kiyanne uba madi. msc walin eka hari yan na. upwork eke ehema hoda project tikak karala skills hada ganin. A/L wath pass nathi un niyameta gema gahnwa IT filed eke.
    ou machn
    Framework tikak patta gahapan. Udemy Youtube one tharam tutorial thiyenava. Thaniyama hadanna aluth idea walin app.
    thaniyama :O
    ෆීල්ඩ් එකේ වැඩ කරුවෝ අල්ලගෙන මිත්‍රකමෙන් හරි මුදලට හරි ඉගෙන ගනින්. වැඩ්ඩා නම් කඩදාසි සහතික වැඩක් නෑ... (I am a non IT)
    ow bn. :| thankx
    Experience madanam As wenne nathuwa interview walata yanna
    Hoda tech stack ekak thiyana company ekaka Wada kalahama eta passe job opportunities hoyanna amaru naha
    MSc ekak kalath wadak wena ekak na ban Qualification walata Hodai But Theoretical knowledge ekak enne
    Passe kaleka karanna Msc ekak private uni ekakaka with less stress
    ou, ape company eke rule ekk dala as wenawanam masa 4 kta lkalin kiynna one kiyla
    අයි ටී ඩිග්රි එකක් නම් කලේ ප්‍රැක්ටිකල් දැනුම කවදාවත් ඩිග්රි එකකින් බලාපොරොත්තු වෙන්න එපා. අයි ටී ඩිග්රි හදල තියෙන්නේ ප්‍රැක්ටිකල් දැනුම ගන්න නෙවෙයි. ප්‍රැක්ටිකල් දැනුම ඉගෙන ගන්නකොට සහ තේරුම් ගන්නකොට අවශ්ය් තියරි දැනුම දෙන්න විතරයි ඩිග්රි එකක් දෙන්නේ. ප්‍රැක්ටිකල් දැනුම කියන එක කවදාවත් උපාදියකින් දෙන්න බෑ. මොකද ඔයා ඩිග්රිය පටන් ගන්න කාලේ තිබ්බ ටෙක්නොලොජි එක නෙවෙයි ඔයා අවුරුදු කිඉපයක් ඉදල යුනි එකෙන් අවුට් උනාම තියෙන්නේ.
    අනික තමයි ප්පක්ටිකල් දැනුම දෙනවා නම් දීල ඉවර කරන්න බැරි තරමට උගන්නන්න දේවල් තියෙනවා .
    උදාහරණයක් හැටියට ජාවා ඩිවලොපර් කෙනෙක් නම් ජාවා විතරක් නෙවෙයි තියෙන්නේ. තවත් දේවල් තියනවා ඉගෙනගන්න ජාවා එක්ක අවශ්‍ය වෙන. ඊ නිසා මාස්ටර් කලත් ඔච්චර තමයි. ප්‍රැක්ටිකල් දැනුම ඕන නම් ඌන තරම් ප්‍රක්ටිකල දැනුම ගන්න යූටියුබ් එකේ යුඩමි එක වගී ඔන්ලන් රිසෝසස් ගොඩක් තියනවා.
    තව දෙයක් තමයි දේශපාලන කනෙක්ෂන් වලට අයිටී ෆිඉල්ඩ් එකේ ජොබ් ගන්න හරි අමාරුයි. BA හරි Project Management හරි වගේ ගොඩක් ලොකුවට ටෙක්නිකල් දැනුම අවශ්‍ය නොවෙන ජොබ් එකක් ගත්තත් සොෆ්ට්වෙයා , devOps වගේ ජොබ් වලට දෙශපාලනෙන් යන්න බෑ. අයිටී කම්පැනි වල පින් පඩි දී දී හුරතල් කරන උන් මම දැකල තියනවා හරි අඩුයි. ආණ්ඩුවේ ඔපිස් වල අයි ටි කරන උන් නම් එහෙම ඇති.

    බය නැතුව ටිකක් කල් අරන් ඔයා කැමති ටෙක්නොලොජි එකක් ගැන විඩියෝ ටිකක් බලල ඉගෙනගන්න. අමාරු වෙන්නේ නෑ. අයි ටි කියන්නේ රොකට් සයන්ස් නෙවෙයි. කොහොමත් දැනට ඉන්න කොම්පැනියේ වැඩ අඩු නම් ඉගෙනගන්න ගොඩක් වෙලාව තියනවා නේ. ඊකෙන් උපරිම ප්‍රයොජනේ ගන්න. අයි ටි වැඩකාරයෙක් වෙන්න GPA එක අදාළ වෙන්නේම නැ. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා යන්තම් ඩිග්‍රිය ගොඩ දාගෙන ලොකු පඩි ගන්න හොද ජොබ් කරන උන්. ඒ අතරේ පේපර් අසයින්මන්ට් වලට විතරක් ලැස්ති වෙලා ක්ලාස් දාල පොඩි ජොබක් කරන ඉන්න උනුත් ඉන්නවා. සමහරුන්ට අසයින්මන්ට් එක්සෑම් ගොඩ දැම්මට ප්රෝබ්ලෙම් සොල්වින්ග් ස්කිල්ස් නෑ. එහෙම උන් දන්නේ ඉගෙනගන්න විතරයි .
    රැල්ලට ගොඩයන්න හිතුවට ඒක වෙන්නේ නෑ. තනියම තමා කරගන්ඩ වෙන්නේ .

    ඔව් මචං දැන් තනියම ගේම ගහන්න වෙනවා.
    ඒ දවස් වල හිටපු යාළුවෝ දැන් හොයාගන්නත් නෑ.
    මං හිතන්නේ එයාලටත් ඒ දේම වෙලා ඇති
    server side wage nam redhat aws wage exams karanna.loku salary walata kattiya illanawa samahara welawata

    Ow gov uni pere ehema cs msc marawanawa hamadama exams hamadama assignment moratuwa csc eke ochara hard ne
    ------ Post added on Nov 23, 2021 at 10:20 AM
    azure karanwa , ucsc karnna hitiye wadak na bn...
    Peradeniye 2nd upper or lower illuwa mathaka widihata. Moratuwe kohomada dannaa
    thanks machn,aye onne na bn msc
    Colombo නන් ඕනේ නෑ :)
    thanks

    Linkdin එක ගොඩක් වැදගත් මචං ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    Man pet project ekk gatta eth eka mobile app patta , dan companye karanne web patta..ethakota eka useful weida ?

    ස්කිල්ස් කියන්නෙ මච්න් ප්‍රොජෙක්ට් එක වෙබ්ද, මොබයිල්ද කියන එක නෙවෙයි ඔයාගෙ ප්‍රොබ්ලම් සොල්වින් ස්කිල් එක. ඒක ඔය මොන ප්‍රොජෙක්ට් එක කරත් හැදෙනව. මොබයිල් නන් කැමති ඔය ප්‍රොජෙක්ට් එක හොදට පිළිවෙලට ජිට් එකට එහෙම දාල කරගෙන ගියා නන් නෙක්ස්ට් ජොබ් එකට මොබයිල් ඩෙව් තියෙන පොසිශන් එකකට මාරු වෙන්න පුළුවන්. ගොඩක් කම්පැණි වෙබ් කරන නිසා මොබයිල් කරන අයට හොද මාර්කට් එකක් තියෙනව.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ස්කිල්ස් කියන්නෙ මච්න් ප්‍රොජෙක්ට් එක වෙබ්ද, මොබයිල්ද කියන එක නෙවෙයි ඔයාගෙ ප්‍රොබ්ලම් සොල්වින් ස්කිල් එක. ඒක ඔය මොන ප්‍රොජෙක්ට් එක කරත් හැදෙනව. මොබයිල් නන් කැමති ඔය ප්‍රොජෙක්ට් එක හොදට පිළිවෙලට ජිට් එකට එහෙම දාල කරගෙන ගියා නන් නෙක්ස්ට් ජොබ් එකට මොබයිල් ඩෙව් තියෙන පොසිශන් එකකට මාරු වෙන්න පුළුවන්. ගොඩක් කම්පැණි වෙබ් කරන නිසා මොබයිල් කරන අයට හොද මාර්කට් එකක් තියෙනව.
    මං දැන් කරගෙන යනවා . :D ඒ project ඉන්ටෙව් එකේදි ඉදිරිපත් කරන්නේ ගිට් හබ් එකෙන් නේද. එතකොට work experience එක අවුරුදු වලින් කියන්න බෑ නේද?
    pet project කරලා තමන් demand කරන්න කොහොමද ඉන්ටර්විව් එකේදී ?
     
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    මං දැන් කරගෙන යනවා . :D ඒ project ඉන්ටෙව් එකේදි ඉදිරිපත් කරන්නේ ගිට් හබ් එකෙන් නේද. එතකොට work experience එක අවුරුදු වලින් කියන්න බෑ නේද?
    නෑනෑ වර්ක් එක්පීරියන්ස් එක ඔයා දැන් ඉන්න SE වගේ එකක කියන්න පුළුවන්නෙ. එතකොට මොබයිල් ඩිවලප්මන්ට් එක්ස්පීරියන්ස් තියෙනව පෙන්නන්න සහ ඒක ගැන තියෙන ටෙක්නිකල් ඉන්ටවිව් එක ගොඩදාගන්න තමා ඔය ප්‍රොජෙක්ට් එක හෙල්ප් වෙන්නෙ. වෙන වෙන සයිඩ් වල එක්ස්පීරියන්ස් තියෙන එක කොහොමත් ප්ලස් පොයින්ට් එකක්
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචං මට degree එකේ gpa එක හරිම අඩුයි. මං ඒ කාලේ ඒව ගැන හිතුවේ නෑ. මං හිතුවෙ කැම්පස් ආපුහාම ඔක්කොම හරි යයි කියලා. ඒත් බං මං විභාග් පාස් උනෙත් බොහම අමාරුවෙන්. අනික කැම්පස් එකේ practical(IT) දැනුම දෙන්නෙම නෑ .ඒත් රස්සාවක් ගන්න යද්දි ගොඩක් අසරණ වුණා. .ඉන්ටවිව් විසිපහකට වැඩිය ගියා.. කැම්පස් එකේ ඔය දේශපාලනය කරපු එවුන් උන්ගේ කනෙක්ශන් වලින් හොඳ හොඳ company වලට ගියා.ක්ලාස් තිබ්බ ඔක්කොම එවුන් හොඳ රස්සාවලට ගියා. මට අවුරුද්දකට විතර පස්සේ ජොබ් එක හමුවුනේ..ඒත් මචං එච්චර පඩි නෑ..

    මචං මට හිතෙනවා මං ඉගෙනගෙන මදි කියලා.msc එකක් කරන්න හිතෙනවා. අනික ඒකට අවුරුදු දෙකක් විතර යනවා.
    දැන් ඉන්න කම්පැනියෙන් අයින් වෙන් නැත්තෙ බං වෙන කම්පැනියක ට යන්න බැරිවෙයි කියලා.
    මේ පඩියක් එක්ක ජීවිත් වෙන්න අමාරුයි බං.

    අනික බං අපේ කොම්පැණියේ එච්චර වැඩ සෙට් වෙන්නෙත් නෑ.. side support තමා තියෙන්නේ..

    msc එක කරලා ක්ලාස් එකක් දැම්මත් හොඳද ?
    මචං මේකට මං මොකක්ද කරන්නේ?
    M.Sc walata class den ne
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    නෑනෑ වර්ක් එක්පීරියන්ස් එක ඔයා දැන් ඉන්න SE වගේ එකක කියන්න පුළුවන්නෙ. එතකොට මොබයිල් ඩිවලප්මන්ට් එක්ස්පීරියන්ස් තියෙනව පෙන්නන්න සහ ඒක ගැන තියෙන ටෙක්නිකල් ඉන්ටවිව් එක ගොඩදාගන්න තමා ඔය ප්‍රොජෙක්ට් එක හෙල්ප් වෙන්නෙ. වෙන වෙන සයිඩ් වල එක්ස්පීරියන්ස් තියෙන එක කොහොමත් ප්ලස් පොයින්ට් එකක්
    ඔව් එතකොට වෙබ් ඉන්ටව් එකට ගියත් එක ගැන කියනවා නේද?
     
    • Like
    Reactions: jennt

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    M.Sc walata class den ne
    ඔයා පේරාදෙනිය ද pdn.ac.lk :lol::P

    ඔව් මචන්. කොහොමත් ඒව ඔක්කොම පෙන්නන එක ප්ලස් පොයින්ට් තමා.
    තෑන්ක්ස් මචං
    ------ Post added on Nov 23, 2021 at 12:11 PM
     
    • Like
    Reactions: jennt

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    Masters damma karanna epa therumak na. IT is all about experiance. Certifications karapan puluwa tharam uba asa paththen. Azure, forti , checkpoint, VM , VEEM , cisco , ruckus, owa karapan hoda salary ekakata yanna puluwan . mata digree ekakwath diploma ekak wath na but have 7y+ experience and certifications. 150k + hambenawa danata
     
    Ah...thank you machn...man karannm 😀

    Good Luck Bro.Eka path ekak toragena eke expert kenek una nam Job Hoyagena enne macho
    ------ Post added on Nov 23, 2021 at 12:30 PM

    තෑන්ක්ස්...
     
    • Like
    Reactions: jennt

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මචං මට degree එකේ gpa එක හරිම අඩුයි. මං ඒ කාලේ ඒව ගැන හිතුවේ නෑ. මං හිතුවෙ කැම්පස් ආපුහාම ඔක්කොම හරි යයි කියලා. ඒත් බං මං විභාග් පාස් උනෙත් බොහම අමාරුවෙන්. අනික කැම්පස් එකේ practical(IT) දැනුම දෙන්නෙම නෑ .ඒත් රස්සාවක් ගන්න යද්දි ගොඩක් අසරණ වුණා. .ඉන්ටවිව් විසිපහකට වැඩිය ගියා.. කැම්පස් එකේ ඔය දේශපාලනය කරපු එවුන් උන්ගේ කනෙක්ශන් වලින් හොඳ හොඳ company වලට ගියා.ක්ලාස් තිබ්බ ඔක්කොම එවුන් හොඳ රස්සාවලට ගියා. මට අවුරුද්දකට විතර පස්සේ ජොබ් එක හමුවුනේ..ඒත් මචං එච්චර පඩි නෑ..

    මචං මට හිතෙනවා මං ඉගෙනගෙන මදි කියලා.msc එකක් කරන්න හිතෙනවා. අනික ඒකට අවුරුදු දෙකක් විතර යනවා.
    දැන් ඉන්න කම්පැනියෙන් අයින් වෙන් නැත්තෙ බං වෙන කම්පැනියක ට යන්න බැරිවෙයි කියලා.
    මේ පඩියක් එක්ක ජීවිත් වෙන්න අමාරුයි බං.

    අනික බං අපේ කොම්පැණියේ එච්චර වැඩ සෙට් වෙන්නෙත් නෑ.. side support තමා තියෙන්නේ..

    msc එක කරලා ක්ලාස් එකක් දැම්මත් හොඳද ?
    මචං මේකට මං මොකක්ද කරන්නේ?
    මටත් ඕකමයි උනේ . මම අවුරුදු 2ක් හිටිය IT ජොබ් එකක් හොය හොයා. BSc science degree එකක් තියෙන්නේ. Just Pass එකක්. අවුරුදු 2කට පස්සේ junior programming level එකේ job එකක් හම්බුනා .පඩිය 13000. එතකොට මට GF කෙනෙක් හිටිය.(රස්සාවටත් කලින් පරස්තාව )
    අවුරුදු 2ක් ගියාට පස්සේ GF ගේ පැත්තෙන් බඳින්න force කළා. ගෙදරිනුත් වලි දාගෙන බැන්ද . හරි අමාරුවෙන් ජීවත් උනේ . ඒ ජොබ් එකේ ඉද්දිත් ගොඩක් jobs වලට try කළා .හම්බ උනේ නැහැ . අවුරුදු 3කට පස්සේ ජොබ් එකක් සෙට් උන. පඩිය 35000. ඒ වෙද්දී මගේ යාළුවො ගොඩක් රට ගිහින්. සමහරක් මෙහෙ jobs වල 150K පැනල පඩි. ඒ පඩියත් මදි ජිවත් වෙන්න දෙන්නෙකුට .rent එකට හිටියේ . මේ ජොබ් එකේ දැන් අවුරුදු 8 වැඩ. පඩිය 250k දක්වා වැඩි උනා ටික ටික. මෙතන වැඩ කරන්න නිදහස් හින්ද වෙන එකක් try කලේ නැහැ . ඒ අතරතුර මම MSc එකත් complete කළා. GPA 3.65 තියාගත්තා .
    සාරාංශ යක් වශයෙන් කියන්න තියෙන්නේ, බොහෝ දුරට IT field එකේ jobs හම්බ වෙන්නේ Technically capable නම් විතරයි. Interview එකකට face කරද්දී Technical දේවල් පිළිවෙලට study කරල තියෙන්න ඕන. බොහෝ දුරට එකම questions තමයි හැම company එකකම අහන්නේ . practical session එකක් තිබ්බොත් ready වෙලා යන්න වෙනවා . කොහොමත් දැන් කරන job එකෙන් practical exposure එකක් නැතිනම්, හොඳම දේ තමයි self study කරන එක . එහෙම නැත්තම් freelancing කරන්න . හොඳ practical knowledge එකක් ගන්න පුළුවන් freelancing කරලා . MSc වලට jobs දෙන කාලයක් නෙවෙයි මේක. අනික Msc වල course content හරිම ප්‍රාථමිකයි(මම Msc කලේ මොරටුවෙන් ) .මොකද non IT fields වලිනුත් ළමයි එන හින්දා. නිකන් ඉන්න කාලයේ පුළුවන් තරම් latest දේවල් ගැන update වෙන්න. deep ඕන නැහැ . interview වලදී latest දේවල් just දන්නවා කිව්වත් points හම්බවෙනවා. (basic definitions කියාගන්න පුලුවන්නම් ) . ඒක දන්නැහැ /මේක දන්නැහැ කියනවට වඩා , මම මෙහෙම දෙයක් කරලා තියෙනවා කියල interview එකේදී practically කරපු දෙයක් explain කරන්න පුළුවන් වෙන්න ඕන .

    මේ ටික හොඳට බලාගෙන යන්න interview එකකට යද්දී .

    1. OOP (4 pillars/abstract vs interface/access modifiers)
    2. Design Patterns (3 commonly used patterns)
    3. MVC
    4. Dependency Injection
    5. Micro service (Introduction)
    6. Frontend frameworks (at least 1 practical knowledge)
    7. Database normalization
    8. SQL query/join/Indexing
    9. Exception handling/Loggers
    10. Security
    11. CI/CD
    12. Source code versioning (git)