ලංකාව දැන් “කාගෙත් සුන්දරී” වෙලා නේද?
කඩේ මුදලාලිය එනව දවස් දෙකකට විතර ඇති වෙන බඩු මල්ලකුත් අරගෙන ගෑනි නැති වෙලාවක් බලල @erozan ගෙ ගෙදරට.
ආයෙ ටික දවසකින් ආරච්චියත් එනව. ආයෙ ටික දවසකින් පොල් කඩන එකත් ඇවිත් පැයක් දෙකක් ඉදල පොල් ටිකත් කඩල දීල යනව.
කෝ ජින්පින්ගෙන් නෑනෙ කිසි සප් එකක්. පොඩ්ඩක් කතා කරල ගොඩ දාල දියන් ඩීල් එකක්. මොළ හතත් එරිලනෙ ඉන්නෙ
ඉන්දු ලංකා ගිවිසුම බලපන් අපිට බලෙන් ගහපු ලංකාවේ බිස්නස් ටික කෙලවෙලාම ගියා නේ සීපා එට්කා ගිවිසුම මතකද ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙල්වෙන්නම ගහපු . චින්නුට කවදාවත් එට්කා වගේ දෙයක් කරන්න බැහැ ඉන්දියාව ලග ඉන්න නිසා
. ඒ වගේ ගිවිසුමක් තමයි මේපාර සෙට් වෙන්නේ ඉන්දියා ව තියා කිසිම රටක් අපිට ආදරේ නැහැ . ඉන්දියාවේ හොද හිත නැතුව නැතුව අපට පැවැත්මක් නැහැ හැබැයි ඉන්දියාවෙන් මෙච්චර යැපෙන්න නරකයි . අනිතිමට සදාකල් වහල්ලු වෙන ගැටෙකට අහුවෙලා තමයි නවතින්නේ
ඉවරයි ඉතින්. ඉන්දියන්ස් ලා එයි අඩු පඩියට ලන්කාවේ වෑඩ කරන්න.
උඹ දන්නේ නෑ ඉන්දියානුවෝ ගෑන..ලන්කාවේ එවුන් වගේ නෙමේ.. බොහෝම පොඩි දේවල් වලින් සෑහීමකට පත් වෙනවා..දැන් ලන්කාවෙ රුපියල් වලින් පඩි අරන් මොනව කරන්නද බන්? ඉන්දියාවට යනකොට රුපියල් දීල ඩොලර් ගන්න පුලුවන්ද?
උන් උනත් දැන් එන්නේ නැති වෙයි බන්. 2018 දී එක්ටා ගැහුව නම් එනවා..උඹ දන්නේ නෑ ඉන්දියානුවෝ ගෑන..ලන්කාවේ එවුන් වගේ නෙමේ.. බොහෝම පොඩි දේවල් වලින් සෑහීමකට පත් වෙනවා..

Be eken naya gewanna be.imports witarai puluwanඉන්දියාව දෙන්නේ මිලියන 500 යි බන්. ඒකෙන් පුලුවන් ජනවාරි වල ණය ගෙවන්න. එතනින් එහාට ආයෙ මෙච්චරම තමයි. තනිකරම එදාවේල ටුවර්ස් යන්නේ දැන්.
උද්දච්ච ගොබ්බයා කරපු කාබනික නාඩගම නිසා මහ කන්නයේ අස්වැන්න අඩුවෙනවා. එතකොට තමයි අපිට හොදටම අමාරු වෙන්න පටන් ගන්නේ.
උන් උනත් දැන් එන්නේ නැති වෙයි බන්. 2018 දී එක්ටා ගැහුව නම් එනවා..
------ Post added on Dec 13, 2021 at 5:23 PM
Be eken naya gewanna be.imports witarai puluwan
meka thma wenna one.. prshne ape deshapaluwoo ohom molen wdk kranne nha.. un giwisuma ghuwoth ghnne loweth apata kelawena mari moda wdhktaරටක් දුප්පත් වුනාම ධනවත් රටවල්වලින් දෙන ණය ගන්න වෙනවා. ඒ ණය එක්ක කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා. දුප්පත් රටකට කේවල් කරන්නත් බැහැ. ඉතින් මොන විධියකින් හරි ධනවත් වෙන්න ඕන. සිංගප්පූරුව පුංචි රටක් වුනත් කිසි එකෙක් උන්ගේ රටට ඇඟිලි ගහන්නේ නෑ. ඉතින් අපි මොකද කරන්න ඕන? ඉන්දියාව නොසළකා හැරලා ඒ මාකට් එක වෙනුවට වෙනත් මාකට් එකක් බලාගෙන බඩු විකුණනවද? එහෙම දෙයක් කරන්න තරම් තරඟකාරී නිෂ්පාදනයක් කරන්න තරම් ස්වභාවික සම්පතින් අනූන රටක්ද? ඉන්දියන් එවුන් මෙහෙ එනවා කියල අපේ ජොබ් මාකට් එක සචුරේට් වෙනවා කියල හිතනවට වැඩිය උගත් ඉන්දියන් එවුන් මෙහෙ එන නිසා බ්‍රේන් ඩ්රෙන් එකකට වැඩිය බ්‍රේන් ගේන් එකක් හොඳ නැතිද? මෙහෙ වතු වැඩ වලට ලාබ ශ්‍රමය නැති නිසා නිෂ්පාදන වියදම වැඩි වෙලා ලාබ තීරුව අඩු වෙනවට වැඩිය ඉන්දියාවෙන් කම්කරු ශ්‍රමය ගෙන්වන එක හොඳ නැතිද? ලංකාවෙන් ජොබ් එකට අදාළ සුදුසුකම් සොයාගන්න බැරි නම් විතරක් අදාළ ජොබ් එකට සුදුසු අය වෙනත් රටකින් සොයාගන්න කියල කොන්දේසියක් දාගන්න. එහෙම කොන්දේසි දාන්න කියල දේශපාලනයට බලපෑම් කරන්න. එහෙම කලොත් ජොබ් නැතිවෙයි කියල බය වෙන්න ඕන නැහැ.

Good.ඉවරයි ඉතින්. ඉන්දියන්ස් ලා එයි අඩු පඩියට ලන්කාවේ වෑඩ කරන්න.
උබ ඉන්දියන් කාරයෝ ගැන නොදැන ඔහොම කියන්නේ සීපා ගේනකොට මුලින්ම කියපු දෙයක් තමයි ලංකාවේ හිගයක් තියෙන වුර්තිකයෝ ගෙන්න කියලා ?හැබැයි වුන් වුර්තිය සුදුසුකමක් නැති ඕනෑම එකෙක්ට් ලංකාවට එන්න ගිවිසුම ගහන්න ගියේ කොන්දේ කපන බාබරුත් ඉන්දියන් . පස්සේ etca වලත් it releated job විතරයි ටාගට් කලේ මොකද අඩුම වුර්තිය එකමටුවක් තිබ්බේ it වුන්ට ?එට්කා,සීපා ගිවිසුම් තිබුන නන් ලන්කාවෙ මැද පන්තියේ මිනිහට ඇල්ටෝ කට්ටක් හරි ගන්න තිබුන. ලන්කාවෙ මිනිස්සුන්ට කෑම,බෙහෙත් හිගයක් නැතිව ගේන්න තිබුන. කොල්ලෙක්ට බයික් එකක් හරි ගන්න තිබුන.
ලන්කාව දියුණු කරන්න නන් මෙහෙ ප්‍රඩක්ට්ස් වල කොලිටි වැඩි කරන්න ඕන. කොලිටි වැඩි කරන්න මිනිස්සු පෙලබෙන්නෙ කම්පෙටිශන් එකක් තියෙනකොට.
hapooo rachana boysකිලෝමීටර් හාර දාහකටත් වඩා ඈතින් ඉන්න චීන්නුන් වෙනුවට කිලෝමීටර හතළිහක් ඈතින් ඉන්න සංස්කෘතිය අතින්, භාෂාව අතින් අපට සමාන ඉන්දියාව තමයි හරි නම් අපි මිත්‍ර කරගන්න ඕන. ලංකාවට වැඩිම බලපෑමක් කරන්න පුළුවන් ඉන්දියාවට. චීනුන් හැදුවේ අපේ ස්වභාවික ඉන්දියන් විරෝධය පාවිච්චි කරලා ඉන්දියාව කොටු කරන්න තමයි. ඉස්සර ලංකාවේ සිනෙමා කර්මාන්තය එක්ක ඉන්දියාව විශාල වශයෙන් සම්බන්ධ වෙලා තිබුන. එත් අපි ඒ හැම සම්බන්ධයක්ම නතර කරලා සිංහල සිනේමාවක් හදන්න ගියා. එත් මොකද වුනේ මෙහෙ සිංහල සිනේමාවක් ඉතුරු වෙලා තියෙනවද? යෝහානී සීන් එක බලන්න. රෝ එක යෝහානී උස්සල ප්‍රොමෝට් කරලා උස්සල දුන්න වෙන්න පුළුවන්. එත් කල්පනා කරලා බලන්න බිලියන් 1ක් මිනිස්සු ඉන්න මාකට් එකක් අතැරලා චීනුන් බදාගෙන ඉන්න එක අමු ගොන් කමක්. උන් එදිරිවාදී කම් කරනවා වෙන්න පුළුවන් එත් පොටෙන්ෂල් එක බලන්න බිලියන් 1 මිනිස්සු ඉන්න මාකට් එකක්. මිලියන 600ක් මධ්‍යම පන්තිය. කොටින්ම කිව්වොත් ඇමෙරිකානු ජනගහනය වගේ දෙගුණයක් වියදම් කිරීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා. රාවණා මෙහෙ හිටියේ නැතත් රාවණා ප්‍රොමෝට් කරලා මිලියන 600න් 1/100 හරි ආගමික වන්දනා වලට මෙහෙ එන්න පොළඹවා ගන්නවා නම් ලංකාවේ ආර්ථිකයට ලොකු හය්යක්. මොකද ඒ මිනිස්සු ඩොලර් 100 හරි මෙහෙ ආර්ථිකයට එකතු කරන නිසා.