මගේ කතාව #END

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මගේ කතාව #END

    Kathawa Part 1

    ඉහත සබැඳිය හා බැදේ.

    මැරි කරලා දෙන්නම රට යන්න හිටියේ.අන්තිමට මම තනි වුනා.කතාව පටන් ගන්නේ මීට අවුරුදු 2කට කලින්.මන් කලින් වැඩ කරපු තැන ඉද්දි මන් ගියේ කෝච්චියේ.එයාව හම්බ උනෙත් කෝච්චියෙන්.කොච්චි වල ගොඩක් ගෘප් විදියට සෙට් වෙලා යනවනේ.ඉස්සර වෙලාම දැකපු දවසෙම ආදරේ හිතුන.ටික දවසකින් කිවුව.(මේක නිසා මගෙත් එක්ක එකට ගිය එකා තරහ උනා.ඌත් ටික දවසකට කලින් යාලු වෙන්න අහලා බෑ කියල)අද වගේ මතකයි.මන් එයාට ආදරේ කිවුව විදිය.පාන්දර 1ට විතර WHATSAPP එකෙන් චැට් කර කර ඉන්න ගමන් කිවූ ආදරෙයි කියල.එයා එතකොට කිඋවේ අම්මලාගෙන් ඇවිත් අහන්න කියලා.ඊට දවස් 3කට පස්සේ මන් ගිහින් අම්මලාව හම්බුනා එයාලත් කැමති.පස්සේ අපේ අම්මලත් යන්තන් කැමති කරගෙන එයාලගේ ගෙදර ගියා.මෙයාලගේ අම්මලට ඕන උනේ ඉක්මනට කසාදෙ කරන්න.ගෙදර ගිය වෙලාවේ මුකුත් නොකීවත් අම්මල ගෙදර ඇවිත් කිඋව අක්ක බදිනකන් ඉන්න කියල.පස්සේ ඔහොම කාලේ ගෙවිල ගියා.මාත් නිතරම නොවුනත් මාසෙකට එක පාරක් හෝ දෙපාරක් කෙල්ලගේ ගෙදර ගියා.කෙල්ලත් ok එයාගේ තිබ්බ එකම අවුල් සහගත දේ තමයි කියන දේ අහන්නේ නැති එක ටිකක් හිතුවක්කාරයි.මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ.හැබැයි මන් වැඩිය තරහ ගන්න ගියේ න..කොරෝන නිසා එය කරපු ජොබ් එක (ට්‍රෛනින්ග් එකක්)අයින් වෙලා ගෙදර හිටියේ.දැන් මාස 2ක වගේ ඉදන් කෙදිරි ගානවා ජොබ් එකකට යන්න ඕන කියල.මත කිවූව ඇප්ලයි කරන්න හොද ඒවාට කියලා .එහෙම කියල පොටෝෂොප් වලින් ලස්සන cv එකකුත් හදලා දුන්නා.අන්තිමට මෙයාට interview 2ක් ආවා එකෙන් එකකට සිලෙක්ට් උනා.(ප්‍රසිද්ද ලිසිං ආයතනයක්)එකේ හෙඩ් ඔෆිස්.එක කොහෙත්ම එයාට ගැලපෙන ජොබ් එකක් නෙවෙයි.එතනින් තමයි රණ්ඩුව පටන් ගත්තේ.එයා ඉන්ටව් එක ඉවර වෙලා කතා කරලා කිවුවේ යන්න එන්න ට්‍රාන්ස්පෝට් දෙනවා ෆෝන්ස් පාවිච්චි කරන්න බැ වැඩ කරන වෙලාවේ කියල.මන් කිවුවා ඕකට යන්න ඕන නැහැනේ ඔයාට degree එකත් තියෙනවනේ වෙන හොද එකක් බලමු කියලා.(පඩිය 28000)සතියට දවස් 6ක් වැඩ.කියන දේ අහුවේම නෑ ගියා.පලවෙනි දවසේ ලන්ච් එකේදී කෝල් කළා.6 පාරක් විතර ගත්තම ආන්සර් කළා.මන් කිවුවා ඔයා ඕක ජොබ් එකද මාවද කියල තීරණේ කරන්න කියල.ඔයා ඕක තොර ගන්නවා නම් මන් මේක නවත්තනවා කියල කිවුවා.එතනින් පස්සේ මන් ආයේ කෝල් කලේ නැ.එදා හවසත් සද්දයක් නැ .පහුවදා උදේ බලද්දී whatsapp අයින් කරලා Phone නම්බර් අයින් කරලා.උදේ 11ට විතර කෙල්ලගේ තාත්ත ගත්තා.මගෙන් ඇහුවා පුතේ ඔයාල සම්බන්දෙ නතර කළා කියල නංගි කිවුවා.මන් කිවුවා ඔවු තාත්තේ එයා කියන දේ අහන්නේ නෑ කියලා.ඊට පස්සේ ආ එහෙමද පුතේ එහෙනම් ආයේ ඔයා එයාට කතා කරන්න එපා කියල ලොක්ක කියපි නැතැයි.මාත් ඉතින් හා කිවුවා.එදා ඉදන් අද මේ වෙනකන් කිසිම call එකක් වත් msg එකක් වත් නැ .මන් හිතන්නේ ආයේ කතා කරන එකකුත් නැ .මොනවා කරන්නද මට මන් විතරයි කියල හිත හදාගන්නවා ඇරෙන්න.හරියටම නැවතුනේ 2021/12/07.තවමත් හරි හේතුවක් හිතා ගන්න බැ මචන්ලා .මොනවා කරන්නද කුකුලනි දුක තමයි.බ්‍රහ්මචාරී පතන ගෑනු නොපතන්.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උඹ කොන්ද කෙලින් තියන් වැඩ කරල තියනවා..නියම පිරිමියෙක් වගේ.. බොහොම හොදයි..
    ඔහොම කියන දේ නාහන එකෙක් බැදගත්තත් උඹට නිවනක් වෙන්නේ නෑ..මරාලෙකින් බේරුණා කියල හිතාගනින්...

    p.s.ලබුගෙඩියා අයියගෙ ලයිෆ් ස්ටොරි1 දන්නවනේ.. මේකේ ඉස්සරම ගියේ.. ඕව හුජ්ජ කේස් බං මිනිස්සු කන කටු එක්ක(ලව් කටු ) උඹේ වේදනාව උඹ තමයි දන්නේ කියාවි..ඒ උනාට සමාජෙ අත්දැකීම් තියන එකෙක් විදියට ඔය වගේ සිද්ධි 30,40ක් ලගම විදියට දන්න එකෙක් මම..මගේ අල්ටිමේට් ඇඩ්වයිස්1 තමා ඕක ඔතනින් ඉවර කරපන් පුතේ... නැත්නම් තොට වෙන්නේ හිරේ විලංගුවේ වැටෙන්න කවදහරි... අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි...
     
    Last edited:

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    කිසිම කෙනෙක්ට අාදරේ කරන්න ඵපා තමන් තමන්ට අාදරේ කරන තරමටම..ඵතකොට ඔය ප්‍රශ්ණ නෑ..
    ඔවු මචන් මන් කැමති දෙයක් ගැන වත් හිතන්නේ නැතුව හැමදාම යද්දී එයා කන්න කන්න කැමති දේවල් පවා මන් ගිහින් දීලා තියෙනවා.එකට කමක් න හිතට දුකක් නැ බන් මන් හිත පිරෙන්න ආදරේ කළා කියල හිත හදා ගන්නවා
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    ජීවිතේ ඔහොම තමයි කොල්ලෝ. මූදේ ඉන්නේ එක මාලුවද

    මමත් ටික දවසකට කලින් අවුරුදු ගානක් තිබුන අෆෙයා එක නැවැත්තුවා. පහුවදාම ගියා ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ෆීලින්ස් කන්ට්‍රෝල් කරන්න. දැන් අම්මයි බබයි දෙන්නම සතුටෙන්.
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,156
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔවු මචන් මන් කැමති දෙයක් ගැන වත් හිතන්නේ නැතුව හැමදාම යද්දී එයා කන්න කන්න කැමති දේවල් පවා මන් ගිහින් දීලා තියෙනවා.එකට කමක් න හිතට දුකක් නැ බන් මන් හිත පිරෙන්න ආදරේ කළා කියල හිත හදා ගන්නවා
    කොච්චර කරත් වැඩක් නෑ බං සමහර කෙල්ලන්ට. එහෙමත් එකියක් තමා දිගටම ඉන්නේ. උබ තමන් ගැන හිතලා උබේ යහපතට වැඩ කරගනින්. මොකා කොච්චර ආදරේ කිවත්, අන්තිමට ඉන්නේ අම්මා තාත්තා විතරයි කොල්ලො.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උඹ කොන්ද කෙලින් තියන් වැඩ කරල තියනවා..නියම පිරිමියෙක් වගේ.. බොහොම හොදයි..
    ඔහොම කියන දේ නාහන එකෙක් බැදගත්තත් උඹට නිවනක් වෙන්නේ නෑ..මරාලෙකින් බේරුණා කියල හිතාගනින්...
    @sanjuprasad
    අමාරුයි තමයි මචන්...ඒ වුනාට උබටම තේරේයි.... :yes:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    අයියෝ...🙁 කොහොම හරි හිත හදා ගන්න. කාලෙත් එක්ක දුක අඩු වෙයි. බඳින්න කලින්ම ඔහොම වුන එක හොඳයි කියලා හිත හදා ගන්න. ඔය ටයිප් ගෑණු ළමයි ලේසියකට වෙනස් වෙන්නේ නෑ වගේ තේරිලා තියෙනවා(මට තිබ්බ ඒකපාර්ශ්වික ආදරේ හින්දා දන්නේ. එයත් ඔය ටයිප්). ඔයාට හරියන ටයිප් එකේ එක්කෙනෙක් සෙට් වෙයි 👍🙂
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හිතන්න එපා බන් ඕවා ගැන .උබ කියන දෙයක් අහන්නේ නැති කෙල්ලක් ගෙන් වැඩක් නැහැ .මාමණ්ඩිය ප්‍රශ්නෙට උත්තරේ දීපු විදිහෙන්ම තේරෙනවා ඒ මගුල හරි යන්නේ නැහැ කියලා . උබට හොද කෙල්ලක් සෙට් වෙයි . ඔය මගුල ඇත ඇරලා දාපන් . මාස 2 තුනක් යද්දී උබට ඕක අමතක වෙයි .ආයේ call කර කර messege කර කර ලත වෙන්නනම් එපා :)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    කිසිම කෙනෙක්ට අාදරේ කරන්න ඵපා තමන් තමන්ට අාදරේ කරන තරමටම..ඵතකොට ඔය ප්‍රශ්ණ නෑ..
    මේක හරි. ගොඩක් ගෑනුළමයි දැනුවත්ව හෝ නොදැනවත්ව ඔය තියරි ඒක තමයි යූස් කරන්නේ කියලා හිතෙනවා. එයාලා සාවයිව් වීම සාර්ථක කරගන්නේ එහෙමයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,933
    21,956
    113
    ගම මහනුවරයි
    Menna meka thamai ubata une... Muna podi una.. goal eka dunne na....

    Podda hitha riduna.. Jiwithe beruna... :yes: e kella mula idanma akamaththen idala aththe... Ubata therenna kal gihin ..

    save in the face GIF by Major League Soccer
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    උඹ කොන්ද කෙලින් තියන් වැඩ කරල තියනවා..නියම පිරිමියෙක් වගේ.. බොහොම හොදයි..
    ඔහොම කියන දේ නාහන එකෙක් බැදගත්තත් උඹට නිවනක් වෙන්නේ නෑ..මරාලෙකින් බේරුණා කියල හිතාගනින්... (2)


    #redpilled #based