️ අධ්‍යාපන_අමාත්‍යාංශය
6 වන බදවා ගැනීම සදහා අයදුම් පත් කැදවීම
#පොලී_රහිත_ශිෂ්‍ය_ණය_යෝජනා_ක්‍රමය
අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය මගින් අ.පො.ස. උසස් පෙල විභාගය සමත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් උදෙසා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි...
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිලිගත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන මගින් මෙහෙයවනු ලබන තෝරා ගත් උපාධි පාඨමාලා හැදෑරීම් සදහා මෙමගින් අවස්ථව සලසනු ලබයි...
2018/2019/2020 වර්ශයන් හී අ.පො.ස (උසස්පෙළ විභාගය) සමත් සිසුන්
#6_වන_බදවාගැනීම_සදහා_සුදුසුකම්_ලබයි
උපාධි වැඩසටහන්
සියලුම උපාධි වැඩසටහන් ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන අතර,උපාධි වැඩසටහන් 111ක් ඇත.
www.studentloan.mohe.gov.lk වෙබ් අඩවියෙහි ඇති ශිශ්ය මාර්ගෝපදේශ පොත මගින් එම ලයිස්තුවට යොමු විය හැක.
අයදුම් කල යුතු අන්දම
සුදුසුකම් ලත් අපේක්ශකයින්
www.studentloan.mohe.gov.lk මගින් මාර්ගගත අයදුම් පත් ඉදිරිපත් කිරීමේ පද්ධතිය භාවිතා කල යුතුය.
අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය
️ආරම්භක දිනය :- 2021-12-21
️අවසන් දිනය :- 2022-01-31
ඇතුලත් වීම සදහා අවම සුදුසුකම්
අ.පො.ස. (උසස්පෙළ) විභාගයට අනුමත විශයන් තුනක් සදහා අවම වශයෙන් තෙවරකට නොවැඩි වාර ගනනකදි සාමාන්‍ය සාමාර්ථ (S)ලබා ගැනීම සහ
අ.පො.ස (උසස්පෙළ) විභාගයෙදි සාමාන්‍ය පොදු පරීක්ශනයට උපරිම වාර තුනක් යන කොන්දේසියට යටත් ව අවම වශයෙන් ලකුනු 30 ක් ලබා සිටීම.
(i) අ.පො.ස.(උසස්පෙළ) සාමාන්‍ය ඉන්ග්‍රීසි විශයට සාමාන්‍ය (S) සාමාර්ථයක් හෝ අ.පො.ස (සාමාන්‍ය පෙළ) ඉන්ග්‍රීසි විශයට සාමාන්‍ය (S) සාමාර්ථ ලබා සිටීම හෝ
(ii)ශිෂ්‍ය මාර්ගෝපදේශ.පොතේ සදහන් ඕනෑම ඈදුනු පාඨමාලාවක ඉන්ග්‍රීසි හා සන්නිවේදන නිපුණතා විශය සදහා සාමාර්ථ ලබා තිබිම.
අයදුම්කරුවන්ගේ වයස 2022 ජනවාරි 31 දිනට අවුරුදු 25 හෝ ඊට අඩුවිය යුතුය.
වෙනත් සුදුසුකම්
උපාධි වැඩසටහන් සදහා ඇතුලත් වීමේ අනික් සුදුසුකම් දැනගැනීමට
www.studentloan.mohe.gov.lk හි මාර්ගෝපදේශ පොත පරිශීලනය කරන්න.
තෝරාගැනීමේ නිර්ණායකයන්
අදාල පාඨමාලා සදහා බදවා ගැනීම පහත සදහන් කරුනු මත පදනම් වේ.
(1)අයදුම්කරු විසින් සපුරාලිය යුතු අවම සුදුසුකම්
(2)උපාධි පාඨමාලා සදහා අයදුම්කරුවන් විසින් සදහන් කර ඇති ප්රමුඛ තා අනුපිලිවෙල
(3)අදාල රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන විසින් එක් එක් උපාධි වැඩ සටහන් සදහා ප්රදානය කොට ඇති ආසන සංඛ්‍යාව
(4)ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව අදාළ ආයතනයේ එක් එක් උපාධි වැඩසටහන සදහා වන ආසන ධාරිතාව ඉක්මවා යන විටදි අයදුම්කරුවන් අ.පොස. (උ/පෙළ) විභාගයේදී ලබා ගන්නා Z අගය.
උපරිම ණය ප්‍රමානයන්
ණය වර්ගය - පාඨමාලා ගාස්තුව
වසර 3 උපාධි වැඩසටහන් - රු. 600,000
වසර 4 උපාධි වැඩසටහන් - රු. 800,000
ණය වර්ගය - ශිෂ්‍යධාර
වසර 3 උපාධි වැඩසටහන් - රු. 225,000
වසර 4 උපාධි වැඩසටහන් - රු. 300,000
ඉහ්ත සදහන් ණය මුදලින් සම්පූර්ණ පාඨමාලාව හැදෑරිය හැක.
ශිශ්යාදාර ණය මුදල එක් කාර්තුවකට රු.18,750 (මසකට රු. 6,250 බැගින්) ශිෂ්‍ය යින්ට ගෙවනු ලැබේ.
ණය ලබාගන්නේ කෙසේද
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබූ සිසුන් ණය ලබාදීමට සුදුසු බවට ලංකා බැංකුව වෙත නිර්දේශ කරන අතර,සිසුන් තම අයදුම්පත් ඇපකරුවන් දෙදෙනෙක් (දෙමාපියන් ගෙන් එක් අයෙක් හා ලගම ඥාතියකු) සමග ඉදිරිපත් කල යුතුය.
ශිෂ්‍යයින්ගේ ප්‍රගතිය සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන පරිදී සමාසිකව පාඨමාලා ගාස්තු ගෙවනු ලැබේ.
ශිශ්ය වගකීම
පොලී රහිත ණය යෝජනා ක්‍රමය යටතේ පහසුකම් ලබන සියලුම සිසුන් උපාධි වැඩසටහනහි සෑම අනිවාර්ය විශයක් සදහාම අවම "C" සාමාර්ථයක් කාලසිමාව ලබාගත යුතු අතර,ඔවුන් ගේ අධ්‍යන කාල සීමාව තුල පැමිණි ම අවම වශයෙන් 80% පවත්වා ගත යුතුය.
ආපසු ගෙවීය යුතු අන්දම
සම්පූර්ණ ණය කාලසීමාව වසර 12 කි.
අධ්‍යයන කාල සීමාව හා එක් වසරක සහන කාලයකට පසුව ණය මුදල ආපසු ගෙවීම ආරම්භ කල යුතුය.
උපාධි වැඩසටහන්හි කාල සීමාව - වසර 3
සහන කාලය - වසර 1
ආපසු ගෙවීම ආරම්භ ය හා වාරික ගනන - වසර 4ට පසු වසර 8ක් තුල සමාන වාරික 96 කින්
උපාධි වැඩසටහන්හි කාල සීමාව - වසර 4
සහන කාලය - වසර 1
ආපසු ගෙවීම ආරම්භ ය හා වාරික ගනන - වසර 5 ට පසු වසර 7 ක් තුල සමාන වාරික 84 කින්
️වැඩි විස්තර සදහා අමතන්න
070 355 970
070 355 979
www.mohe.gov.lk
[email protected]
️උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2021-12-19
post created by - Heshan Liyanag