🙁 ලෝක උරුමයේ කරුමය 🙁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    image_f4974b1efa.jpg

    ලෝක උරුම සීගිරිය ප්‍රදේශය වර්තමානය වනවිට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශවාසීහු පවසති.

    සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

    ලෝක උරුම බිම්කඩක් බවට නම්කළ ස්මාරකය ද මේ වනවිට විනාශවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් ගෙන දේ. මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැලක් දැකගත හැකිය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළෙඳසැල් සියල්ල ගරාවැටී දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩී අපිරිසිදුභාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එය පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩී ගිය බාල්දිවලට ජලය ගෙනත් දීම සිදු කරන බව ඔහු කියයි.

    සීගිරිය නවනගරය අයිතිකරුවකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ පවසති.

    image_a364d1976c.jpg
    image_76ff6e47eb.jpg

    ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම සීගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බවය. දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් බවය. ප්‍රාදේශීය සභාවෙන් තමන්ට අයිති නැති බව කියන්නේයැයි ඔවුහු කියති.

    කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණෙති. මේ දිනවල දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය සංචාරකයන් දහස ඉක්මවා පැමිණෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

    දේශීය එක් සංචාරකයකුගෙන් සීගිරිය නැරැඹීමට අය කරන මුදල රුපියල් සියයකි. විදේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 30කි.

    image_a6955c5f29.jpg

    සීගිරියේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දැක් වූ සීගිරිය රජමහා විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ:

    “බලධාරීන්ට අපි යෝජනා කර සිටින්නේ දේශීය විදේශීය සංචාරකයන්ට මේ ලෝක උරුමය බලන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. විදේශීය සංචාරකයෝ විතරක් නෙවෙයි දේශීය සංචාරකයෝත් සීගිරියට ඇවිල්ල බැණ බැණ තමයි යන්නේ. අවුරුදු තිහකට ආසන්න කාලයක් සීගිරිය නව නගරය මේ විදිහටමයි පවතින්නේ. කවුරු පාලනයට ආවත් මේකෙ තියෙන සල්ලි ටික අරන් යන්න විතරයි බලන්නේ. ලෝක උරුම බිම්කඩක් කියලා නම් කරලා හදපු ස්මාරකය ළඟට ගිහිල්ලා බලන්න. මහලොකුවට උජාරුවට ලෝක උරුමයක් කියලා කියනවා. හැබැයි ඒ බිම් කඩෙහි නම් කරපු තැන්වලට ගිහින් බැලු‍වම ඇඟ හිරි වැටෙනවා.

    සීගිරිය නව නගරයේ කඩවල් ටික තනිකර හරක් මඩුවක්. වැසිකිළිවලට යන්න තියා හිතන්නවත් බෑ. වැසිකිළියට ගිහිල්ලා ඉවර වෙනකොට බාල්දියේ තියෙන වතුර ටික ඉවරයි. අර මනුස්සයෙක් ඉඳගෙන නළ ළිඳකින් වතුර ගහලා කැඩිච්ච බාල්දියකට ගිහින් දෙනවා. මේවා දකින විදේශීය සංචාරකයෝ සීගිරිය ලෝක උරුමයක් නෙවෙයි මහා කරුමයක් කියලා ඔළුවේ අත තියාගෙන දුවනවා.

    හැබැයි දේශීය සංචාරකයන් වැඩි වශයෙන් එන සීගිරිය නව නගරයට තමයි මේ විදිහට කණකොකා හඬලා තියෙන්නේ. විදේශීය සංචාරකයන් වැඩියෙන් ගැවසෙන පැත්ත හොඳට හදාගෙන තියෙනවා. මොකද ඒවාට ඩොලර් හම්බවෙන නිසා. හැබැයි අපේ අහිංසක මිනිස්සු දෙන්නේ රුපියල් නිසා තමයි මෙහෙම සලකන්නේ.

    මම අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ සීගිරියේ ලොකු හාමුදුරුවෝ හැටියට මේ අපරාදේ සිද්ද වෙන්න තවත් ඉඩ දෙන්න එපා. මේක සොයා බලා වහාම පියවර ගන්න. සීගිරිය කිසිම කෙනෙක් නිකම් බලන්නේ නෑ. සල්ලි දීලා බලන්නේ. පාසල් ළමුන් ආපුවාම කෑම ටිකක් කන්න තැනක් නෑ. වැසිකිළියට යන්න බෑ. මොන තරම් අපරාධයක්ද. අද කාශ්‍යප රජතුමා හිටියා නම් ඔය පාලකයන් ඔක්කොටම දඬුවම් දෙනවා. නිකන්ම දඬුවම් නෙවෙයි හිස ගසා දාලා තමයි පස්ස බලන්නේ.”‍

    සීගිරිය නවනගර වෙළෙඳ සංගමයේ ලේකම් කේ.ජී. බැද්දේගෙදර මහතා:

    “අපිට සිද්ද වුණේ අපේ ඉඩම් නව නගරයට දීලා එදා ඉඳලා අද දක්වාම හූල්ලා වැටෙන්න. අද සීගිරිය නව නගරය තනිකරම බල්ලන්ට ගිහිල්ලා. බල්ලො පනහක් හැටක් විතර ඇවිල්ලා සංචාරකයන් හපන්න හදනවා. තැන තැන කැඩිලා ගිහිල්ලා තියෙන කඩ කාමරවල තමයි බල්ලො ජීවත් වෙන්නේ. සංචාරකයෝ මේ ප්‍රදේශයට ඇවිල්ල මේක ද සීගිරිය කියලා ඔළුවේ අත තියාගෙන තමයි යන්නේ. මොකද ඒ අය එනකොට දාගෙන එන චිත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    මධ්‍යම සංස්කෘතික අරමුදලට මේවා අයිතියි කියලා තමයි දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් කියන්නේ. සංස්කෘතික අරමුදලෙන් කියන්නේ මේ නව නගරය ප්‍රාදේශීය සභාවට අයිතියි කියලා. අන්තිමට ඒ දෙගොල්ලෝ කඹ අදිනවා. හැබැයි දෙගොල්ලම සල්ලි ගන්නවා. වාහන නවත්තන එකෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කරනවා. සීගිරිය බලන්න එන එකෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි ගන්නවා. මේ දෙගොල්ලගෙන්ම නව නගරයට කුඩම්මගෙ සැලකිලි. ඒ නිසා අපිට තවදුරටත් මේක බලාගෙන ඉන්න බැහැ. දැන් දශක තුනකට කිට්ටු වෙන්න බලාගෙන ඉන්නවා හරියට උතුරේ තිබ්බ යුද්දෙ වගේ.”‍ ඔහු පැවැසුවේය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතාගෙන් ජනතාව නගන චෝදනා පිළිබඳව අපි විමසීමක් කළෙමු.

    “සීගිරිය නව නගරයට වසර ගණනාවකට ඉස්සර තමයි අත්පත් කරගෙන ඔය කඩ හදලා තියෙන්නේ. මේ අත්පත් කර ගැනීමේදී ඒ කාලේ භූමිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. නිසියාකාරව භූමිය පැවරීමක් සිද්ධ වෙලා නෑ කියලා තමයි තියෙන්නේ. එනිසා අපි එහි භාරකාරත්වය ප්‍රාදේශීය සභාවට පවරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඉදිරියේදී ඒක සිද්ධවේවි.

    අපි දේශීය එක සංචාරකයකුගෙන් රුපියල් 100 ක මුදලක් අයකරනවා. ළමයකුගෙන් රුපියල් 50 ක් අය කරනවා. විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අය කරනවා සීගිරිය බලන්න.

    විදේශීය සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වැසිකිළි කැසිකිළි පහසුකම් සියල්ල ඉතා හොඳට නඩත්තු කරගෙන යනවා. මේ දවස්වල විදේශීය සංචාරකයෝ දවසකට පන්සියයකට වැඩිය සීගිරිය නරඹනවා. දේශීය සංචාරකයෝ දාහ පැනල සීගිරිය නරඹන්න එනවා. සමහර විට ඉදිරියේදී වැඩිවීමක් තියේවි.”

    දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක මහතාගෙන් ද අප මෙම ගැටලුව පිළිබඳ විමසීමේ දී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

    “සීගිරිය නවනගරය අපට මේ වෙනකම් බාර දීලා නැහැ. අපට ලිඛිතව නීත්‍යනුකූලව දෙනවා නම් අපි ඒවා නඩත්තු කරන්න සූදානම්. හැබැයි අදටත් අපි පාරවල් ටික සුද්ද කරලා කුණු ටික ඇදලා පුළුවන් විදිහෙන් උදව් උපකාර කරනවා. අපි වාහන නවත්වනවාට මුදලක් අය කරනවා. පාරවල්වල සීගිරියට ඇවිල්ලා තැන තැන නවත්තලා තියෙන වාහනවලින් මුදලක් අය කරනවා. එහෙම නැතුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාහනවලින් අපි මුදල් ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ.

    සීගිරිය කියන්නේ මුළු දඹුල්ලම දියුණු කරන්න පුළුවන් තරම් මුදල් එන ස්ථානයක්. හැබැයි සීගිරිය දඹුල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ පිහිටා තිබුණට අපේ පාරවල් මාර්ග සහ අනෙකුත් ස්වභාව සෞන්දර්ය පාවිච්චි කළාට අඩුම තරමේ ප්‍රාදේශීය සභාවට රුපියලක්වත් දෙන්නෙ නෑ.”‍

    සටහන/ ඡායාරූප: දඹුල්ල
    කාංචන කුමාර ආරියදාස
    - lankadeepa.lk -
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    සීගිරිය කියන්නේ ඉස්සර ඉදන්ම මන්කොල්ල හදාගත්ත තැනැක්.ඕකේ ඉස්සරත් බබරු අනිනවට හදලා තිබ්බා කූඩාරම් වගේ එවා අස්සට කුනු දාලා තිබුනේ ඒවට යන්න බැරි වෙන්න..සල්ලි ගරා ගන්නවා විතර්යි.කාශ්‍යප හිටිය නන් ගලෙන් පැනලා මැරෙන්නේ.

    පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැන් වලට යන්න ටිකට් කඩන එකට මම නන් විරුද්දයි.ඕවා හැදුවේ අපේ මුතුන් මිත්තෝ.අපි කවුරුවත් ඕවට වියදම් කරලා නෑනේ.අපි ඒවා හම්බකරගන්න ගන්නවා.සුද්දන්ට ගන්න ටිකට් එක හෙන වැඩි..මහ කැත සිද්දි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සීගිරිය ගැන තියෙන්නේ ලොකු ප්ලෑන් එකක්... සීගිරිය පේන මානේ ලොකු ජාවාරමකට සැරසෙන්නේ කාලයක ඉදන්... නම් ගම් පවා වුනත් කියන්න පුලූවන්.... හැබැයි ෂොට් එක දෙන්න ගිය හැම වෙලාවකම මාධ්‍යයි පරිසරයට ආදරය කරන එවුන්ගේ කෑගැහිල්ලයි හින්ද තාවකාලිකව යටපත් වුණා... දැන් ආයෙත් කෂ්ටිය ලක ලෑස්තිවෙනවා....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සීගිරිය කියන්නේ ඉස්සර ඉදන්ම මන්කොල්ල හදාගත්ත තැනැක්.ඕකේ ඉස්සරත් බබරු අනිනවට හදලා තිබ්බා කූඩාරම් වගේ එවා අස්සට කුනු දාලා තිබුනේ ඒවට යන්න බැරි වෙන්න..සල්ලි ගරා ගන්නවා විතර්යි.කාශ්‍යප හිටිය නන් ගලෙන් පැනලා මැරෙන්නේ.

    පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැන් වලට යන්න ටිකට් කඩන එකට මම නන් විරුද්දයි.ඕවා හැදුවේ අපේ මුතුන් මිත්තෝ.අපි කවුරුවත් ඕවට වියදම් කරලා නෑනේ.අපි ඒවා හම්බකරගන්න ගන්නවා.සුද්දන්ට ගන්න ටිකට් එක හෙන වැඩි..මහ කැත සිද්දි.
    මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත. අඩුම ගානේ foreigners ලාගෙන ගන්න ගානට හරියන service එකක් වත් දෙන්නේ නැහැ Sanitary facility අන්තිමයි.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    සීගිරිය ගැන තියෙන්නේ ලොකු ප්ලෑන් එකක්... සීගිරිය පේන මානේ ලොකු ජාවාරමකට සැරසෙන්නේ කාලයක ඉදන්... නම් ගම් පවා වුනත් කියන්න පුලූවන්.... හැබැයි ෂොට් එක දෙන්න ගිය හැම වෙලාවකම මාධ්‍යයි පරිසරයට ආදරය කරන එවුන්ගේ කෑගැහිල්ලයි හින්ද තාවකාලිකව යටපත් වුණා... දැන් ආයෙත් කෂ්ටිය ලක ලෑස්තිවෙනවා....
    kawda ape loka poojitha kumara aiyada?
     
    • Like
    Reactions: Stimulus mind

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    kawda ape loka poojitha kumara aiyada?
    බලාගෙන හිටපංකෝ මාතෘකාව ළගදිම කරළියට එයි... දන්න නිසයි කියන්නේ... ලෙහල බලන්න තියෙන පඩංගුවට ඇයි ඇනල බලන්නේ....???
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    බලාගෙන හිටපංකෝ මාතෘකාව ළගදිම කරළියට එයි... දන්න නිසයි කියන්නේ... ලෙහල බලන්න තියෙන පඩංගුවට ඇයි ඇනල බලන්නේ....???
    onna ohe kiyala dapan bn. ඇනල balana eke tama podi lul ekak tiyenne

    joey tribbiani sand GIF
     
    • Like
    Reactions: Stimulus mind

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කන තැනම රීලා විනාශ කරන අඩුකුලේ තැරි දාර ගව බයියෝන් ගෙන් එක ටිකට් එකකට රුපියල් 2500 ක් ගත්තා නම් ඔය විනාශය වෙන්නේ නෑ. උන් පත්කරන කුපාඩි තක්කඩි කම්බා හොර පාලකයෝ තමයි අනික් සක්කිලි කොටස. කොහෙවත් ඉන්න බල්ලොන්ට බැනලා ඇඟ බේරගන්න හදන්නේ එවුන්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    බලාගෙන හිටපංකෝ මාතෘකාව ළගදිම කරළියට එයි... දන්න නිසයි කියන්නේ... ලෙහල බලන්න තියෙන පඩංගුවට ඇයි ඇනල බලන්නේ....???
    කළුගල් වලට විකුණා ගෙන සීගිරිය…
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය…
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    පොන්න පාලකයන්ගෙ වැරැදි වලට අහින්සක බල්ලො පලි ද?

    මේක ලියපු බූරුවට, බල්ලො ඇලර්ජික් සීන් එකක් මට නන් පේන්නෙ. :angry:
    අම්මෝ,ඉස්සර මාත් බල්ලන්ට කැමති ගිය සතියේ එකෙක් හැපුවා දැනට 13ක් විද්දා බේත්.තව තියෙනවා විදින්න.බල්ලා මලොත තව විදින්න ඕනි.දැන් නන් මට අර පාරේ ඉන්න බල්ලන්ට කන්න දෙන බව් බව් එකේ වුන්වත් පෙන්න බෑ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කන තැනම රීලා විනාශ කරන අඩුකුලේ තැරි දාර ගව බයියෝන් ගෙන් එක ටිකට් එකකට රුපියල් 2500 ක් ගත්තා නම් ඔය විනාශය වෙන්නේ නෑ. උන් පත්කරන කුපාඩි තක්කඩි කම්බා හොර පාලකයෝ තමයි අනික් සක්කිලි කොටස. කොහෙවත් ඉන්න බල්ලොන්ට බැනලා ඇඟ බේරගන්න හදන්නේ එවුන්.
    සහතික ඇත්ත!!!

    ලංකාවේ ඉන්න නුගත්, ගන්-කබර, හිගන හැතිකරේට සිරිත් උගන්නලා ශිෂ්ටත්වයට ගන්න පුළුවන් ආර්ථික බාධක පනවලා විතරයි! මාර්ග නීති කඩන එක යම් තරමකට හරි නවත්වන්නන ඕනේ නම් අවම දඩය 10000/- වත් කරන්න ඕනේ .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සහතික ඇත්ත!!!

    ලංකාවේ ඉන්න නුගත්, ගන්-කබර, හිගන හැතිකරේට සිරිත් උගන්නලා ශිෂ්ටත්වයට ගන්න පුළුවන් ආර්ථික බාධක පනවලා විතරයි! මාර්ග නීති කඩන එක යම් තරමකට හරි නවත්වන්නන ඕනේ නම් අවම දඩය 10000/- වත් කරන්න ඕනේ .

    කස පාරක් ගැහුවනම් පට්ට.
    එහෙම කරන ඕන එකෙක්ට මම චන්දෙ දෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    සීගිරිය කියන්නේ ඉස්සර ඉදන්ම මන්කොල්ල හදාගත්ත තැනැක්.ඕකේ ඉස්සරත් බබරු අනිනවට හදලා තිබ්බා කූඩාරම් වගේ එවා අස්සට කුනු දාලා තිබුනේ ඒවට යන්න බැරි වෙන්න..සල්ලි ගරා ගන්නවා විතර්යි.කාශ්‍යප හිටිය නන් ගලෙන් පැනලා මැරෙන්නේ.

    පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැන් වලට යන්න ටිකට් කඩන එකට මම නන් විරුද්දයි.ඕවා හැදුවේ අපේ මුතුන් මිත්තෝ.අපි කවුරුවත් ඕවට වියදම් කරලා නෑනේ.අපි ඒවා හම්බකරගන්න ගන්නවා.සුද්දන්ට ගන්න ටිකට් එක හෙන වැඩි..මහ කැත සිද්දි.
    Gobba katha kiyanna epa ban. Who the fuck is going to maintain it if you aren't going to charge money? The problem is no one is properly maintaining the place.

    I agree with you on the part where there have been a lot of scams. I remember going with my wife few years ago and had to take a 3 wheel to reach the place where you can start climbing. Locals are having small shops and run their own business. I don't mind that but you need to have sort of control where everyone benefits.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    Gobba katha kiyanna epa ban. Who the fuck is going to maintain it if you aren't going to charge money? The problem is no one is properly maintaining the place.

    I agree with you on the part where there have been a lot of scams. I remember going with my wife few years ago and had to take a 3 wheel to reach the place where you can start climbing. Locals are having small shops and run their own business. I don't mind that but you need to have sort of control where everyone benefits.
    නෑ බන්.අපෙන් 100 ෆොරින් නන් 2500යි.එහෙම මහ මූසල ටිකට් කැඩිල්ලක් තියෙන්නේ කැමරා ගෙනියනවා නන් තව ටිකට් එකක් ගන්න ඕනි සමහර තැන් වල.අනික මගේ අදහස නන් මධ්‍යම රජය බදු මුදල් වලින් මේවා නඩත්තු කරලා.බලන්න එන හැමෝටම නිකන් බලන්න දෙන්න ඕනි..ඒක පැත්තකින් තියමු අපිට සල්ලි මදි නිසා.