අද සිට ඉදිරි දින 03ක කාලයතුල සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් මුළු දිවයිනටම පැය 48ක කාලයක් විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන සභාපති රන්ජන් ජයලාල් මහතා පවසයි.
බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බව ජයලාල් මහතා පැවසීය.
