අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011
ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......
1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන.
2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව.
3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා.
4. විශ්‍රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව.
5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්‍යවශ්‍ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන)
6. කල යුතු වැඩ ප්‍රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව.
රජයේ සේවකයන් වර්ග කීපයකි.
පුර්ණ රජයේ සේවකයෝ. ඔවුන් දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, නගර සබා ආදියේ සේවය කරයි. (තරග විබාග වලින් පත්වීම් ලබයි, දේශපාලන බලපෑමෙන් තොරයි). යුනියන් වල ශක්තිය අවමයි
ඔවුන් කාණ්ඩ තුනකි. සුළු සේවක (පියන්), යටත් සේවක (ක්ලාර්ක්) සහ මාණ්ඩලික (සහකාර ලේකම් සිට ජනාදිපති ලේකම් දක්වා වැඩි පහසුකම් බුක්තිවිදින පන්තිය)
අර්ධ රජයේ සේවකයෝ. ඔවුන්, වරාය , තෙල් සංස්ථාව ආදියේ සේවය කරයි. (තරග විබාග ඇතත් , අදාල ඇමති ගේ හෙන්චය්යන් වැඩි වශයෙන් තනතුරු ලබා ඇත . යුනියන් වල ශක්තිය ප්‍රබලයි.
මොවුන්ද ඉහත පරිදිම කාණ්ඩ තුනකි. කෙසේ වුවත් මෙම කාණ්ඩ තුනම, උපරිම ලෙස පහසුකම් බුක්ති විදියි. පුර්ණ අංශයට වඩා වැඩි වැටුප්, වැඩි අතිකාල , ණය පහසූකම් ලබයි. ETF ඇත. සමහර විට විශ්‍රාම වැටුපටද හිමිකම් ලබයි.