ආර්තික අර්බුදයට හේතුව ඩොලර් නැති කම.. ඩොලර් නැති වෙන්න හේතුව
අපනයන වෙලද පොල දියුනු නොකිරීම. ඒ කියන්නෙ රටට ඩොලර් එන නිශ්පාදන එක්ස්පෝට් නොකරන එක ( විදේශ විනිමය කියන්නෙ හැම එකම තමා ) ආවත් ඒ නිශ්පාදන වල අමුද්‍රව්‍ය ගේන්න ආයෙ පිට රටට මුදල් යවන එක. උදා හරන ගාමන්ට්. ඉදිකට්ටත් චයිනා වලින් ගේන රටක ලොකු ආදායමක් හොයන්න බෑ. ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ලැබෙන ආදායමින් 80% විතර ආයෙ අමුද්‍රව්‍ය ගේන්න වැය කරනවා. තේකොල කියන්නෙ ලංකාවෙ දෙවන වැඩිම ආදායමක් ලැබෙන ව්‍යාපාරයක්. ඒ කට අවශ්‍ය දේවල් පවා රටින්ම ගේන නිසා සාමාන්යෙන් ලැබෙන සම්පූර්ණ ආදායමෙන් ලංකාවට එන්නෙ 20% වගේ සුලු කොටසක්.
කිසිම පාලකයෙක් මෙ 80% ගැන හිතුවෙ නෑ. 20% තියාගෙන ආතල් එකේ හිටියා. එතකොට සංචාරක ව්‍යාපාරය කියන්නෙ ලංකාවෙ පොකට් මනි. රෝල ගහන්නෙ ඕකෙන්. වැදගත්ම දේ වුනේ විදෙස් ශ්‍රමිකයින් එවන සල්ලි.
අර්බුදයට ඇත්තම හේතුව ඔය ටිකම නෙවෙයි. ගෙවන්න තියන අදික ණය කන්දරාව එක්ක ලැබෙන ආදායම් මදි වීම. ණය කන්දරාවට හේතුව ආදායමක් නැති ප්‍රොජෙක්ට්ස්..