ඔබත් වික්‍රමගේ ප්‍රොපර්ටි (Wickramage Property) සමාගමෙන් ඉඩමක් මිලට ගත් හෝ මිලට ගැනීමට බලාපොරොත්තුවක් තිබේ නම්, අනිවාර්යයෙන්ම පරිස්සම් වන්න.
මොකද ඔබටත් නොදන්වාම, බිම් කොටස් වල ඔප්පු සම්පුර්ණ නැති, එහෙත් ඔප්පු සම්පුර්ණ වන තෙක් ඔබ විසින් ගිවිසුමක් මගින් මිලට ගත් ඉඩම් කොටස් ඔවුන් නැවත විකිනීමට උත්සහ දරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉඩම් ඇති කහතුඩුව, පානදුර, වරකාගොඩ වැනි ප්‍රදේශ වල අය පරිස්සම් වෙන්න.
අපිත් පසුගිය මැයි මස 04 වන දින ඔවුන්ගේ පානදුර දිබ්බැද්ද ප්‍රදේශයේ පිහිටි ඉඩම් කට්ටියක් ලක්ෂ 16 කට අධික මුදලක් මූලික ගෙවීමක් වශයෙන් සිදුකර ගිවිසුමක් මගින් අපහට ලබාගත්තා. ගිවිසුමේ පරිදි මාසයක් ඇතුලත වික්‍රමගේ සමාගම විසින් අප ලබාගත් බිම් කොටසට අදාල ඔප්පු ඇතුලු අවශ්‍ය සියලුම ලියකියවිලි ලබාදී ඉතිරි මුදල් අපගෙන් ලබාගෙන ඉඩම අපහට පවරන පොරොන්දු ප්‍රකාරවයි. මෙහි කිසිම ඉඩමකට (ඉඩම් කට්ටි 30ක් පමණ) සම්පූර්ණ ලියකියවිලි නොමැති අතර, මෙහි ඉඩම් ගිවිසුම් මගින් මිලට ගත් සියලුම දෙනා අවධානයෙන් සිටින්න.
නමුත් අද වනවිට මාස 8ක් ගත් වී ඇති අතර ඔවුන් පොරොන්දු වූ පරිදි අප හට කිසිදු ලියවිල්ලක් ලබාදුන්නේ නෑ. නමුත් ඔවුන්ගේ විකුනුම් නියෝජිතයා වන අසෝක නැමැත්තා පසුගිය දා අපගේ හිතවතෙකු හට අපගේ බිම් කොටසම නැවත විකිනීමට උත්සාහ දරා තිබ්බා. පසුගියදා අපි වෙනත් දුරකතන අංකයකින් කතා කල විට, අපටද අපගේ බිම් කොටසම නැවතත් විකිනීමට උත්සහ කලා.
එසේම වික්‍රමගේ ප්‍රොපර්ටි හිමිකරු වන ජානක වික්‍රමගේ අපහට දුරකතනයෙන් අමතා පැවසුයේ අප ගිවිසුම් ගතව සිටියත් ඔහුට ඕන නම් ඉඩම විකුණන බවයි.
අප මේ ඉඩම් වංචාව පිලිබදව එදිනම ඉඩම අයත් පොලිසියේ පැමිනිල්ලක් දැමු අතර ඉදිරි නීතිමය කටයුතු කරමින් පවතී. එසේම මේ සම්බන්ද සියලුම දුරකතන සංවාද අප විසින් පටිගත කර ඇත.
ඔබත් වික්‍රමගේ ප්‍රොපර්ටිසමාගමෙන් ඉඩමක් මිලට ගත් අයකු නම්, ඔබගේ ඉඩම ගැන සොයා බලන්න. මේ වනවිට ඔබගේ ඉඩමද ඔවුන් විසින් නැවත විකුණා හෝ විකිනීමට උත්සාහ දරනවා ඇති.
ඔබත් මෙවැනි වංචාකරුවන්ගෙන් පරිස්සම්වන්න.
Attachments
Last edited:
