is there any website or book with english sentences and their exact sinhala translations?
https://wol.jw.org/en/wol/h/r1/lp-e
Tuesday, March 21
Just as Jehovah freely forgave you, you must also do the same.—Col. 3:13.
In your private prayers, think about specific mistakes you have made during the day and then ask Jehovah for forgiveness. Of course, if you have committed a serious sin, you will also need the help of the elders. They will listen to you and offer loving counsel from God’s Word. They will pray with you, asking Jehovah to continue applying the value of Jesus’ sacrifice “so that you may be [spiritually] healed.” (
Jas. 5:14-16) Also, it will be helpful to meditate on the ransom. You may find it painful to think about how God’s Son suffered so much. But the more you meditate on the sacrifice Jesus made, the deeper your love for him and for his Father will become. Each year we deepen our gratitude for the ransom by attending the Memorial of Jesus’ death and by zealously inviting others to join us. What a privilege Jehovah has given us to teach others about his Son!
w21.04 18-19 ¶13-16
Examining the Scriptures Daily—2023
මාර්තු 21, අඟහරුවාදා
“යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලො. 3:13.
හැම දවසකම යාච්ඤා කරන්න කලින් දවස ඇතුළත ඔයා අතින් වුණ වැරදි ගැන හොඳට හිතන්න. ඊටපස්සේ ඒ ගැන යෙහෝවා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න. ඔයා අතින් බරපතළ පාපයක් වුණොත් වැඩිමහල්ලන්ගේ උදව්වත් ඔයාට ඕන වෙයි. ඔයා ඒ ගැන වැඩිමහල්ලන්ට කියද්දී එයාලා හොඳින් ඔයාට ඇහුම්කන් දීලා බයිබලේ පාවිච්චි කරලා ඔයාට ආදරෙන් උපදෙස් දෙයි. යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් ඔයාගේ වැරදිවලට සමාව දෙන්න කියලා වැඩිමහල්ලන් ඔයාත් එක්ක යෙහෝවාට යාච්ඤා කරයි. (
යාකො. 5:14-16) ඒ වගේම ජීවිත පූජාව ගැන හොඳට හිතන එකත් ඔයාට උදව් වෙයි. යේසුස් වින්ද වේදනාව ගැන හිතද්දී ඔයාටත් ලොකු දුකක් දැනෙනවා ඇති. හැබැයි ඔයා ඒ ගැන හිතන තරමටම දෙවියන් ගැනත් යේසුස් ගැනත් ඔයාට තියෙන ආදරය තවත් වැඩි වෙයි. හැම අවුරුද්දකම අපි යේසුස්ගේ මරණය සිහි කරද්දී, අනිත් අයට ඒකට ආරාධනා කරද්දී යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය තවත් වැඩි වෙනවා. යේසුස් ගැන අනිත් අයට කියලා දෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක් නේද?
w21.04 18-19 13-16¶
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2023