බුරු ගහන්න දන්නා එකෙක්

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    බූරු ගහන්න දන්නා එකෙක් කියපන්කො කොහොමද game එක යන්නේ කියලා.
    කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    බූරු ගහන්න දන්නා එකෙක් කියපන්කො කොහොමද game එක යන්නේ කියලා.
    කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
    හැමෝගෙම සල්ලි එකතු කරලා කාඩ් දාගෙන දාගෙන ගිහින් ඉස්සෙල්ලම බූරුවා (J) වැටිච්ච කෙනාට සල්ලි ටික දෙනව නේද?
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    හැමෝගෙම සල්ලි එකතු කරලා කාඩ් දාගෙන දාගෙන ගිහින් ඉස්සෙල්ලම බූරුවා (J) වැටිච්ච කෙනාට සල්ලි ටික දෙනව නේද?
    හැමෝම J වැටුන එකාට සල්ලි දෙනවද ? එතකොට බන් උට risk එකක් නැනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    හැමෝම J වැටුන එකාට සල්ලි දෙනවද ? එතකොට බන් උට risk එකක් නැනේ.
    ඉතින් ඉස්සෙල්ලම කාට J වැටෙයිද කියල දන්නෑනෙ වැටෙනකං

    මටත් ශුවර් නෑ ඔහොම තමා අහල තියෙන්නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Fbi Stalking GIF by RTL
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    බූරු ගහන්න දන්නා එකෙක් කියපන්කො කොහොමද game එක යන්නේ කියලා.
    කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
    තිප්පලක් දාල තෝං එකතු කරගන්න නේද කල්පනාව. පොලිසියෙන් පැන්නම දුවන්න පාරවලුත් හොයාගෙන තියාගනින්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතින් ඉස්සෙල්ලම කාට J වැටෙයිද කියල දන්නෑනෙ වැටෙනකං

    මටත් ශුවර් නෑ ඔහොම තමා අහල තියෙන්නේ

    බූරුව විතරක් නෙමෙයි, ඕනෙ අංකයක් ඉල්ලන්න පුලුවන්. දෙන්නට බෙදාගෙන යනවා. කලින් ආපු එකා දිනුම්. වංශෙ අදාල නෑ. වෙන අයටත් බෙට් දාන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    බූරුව විතරක් නෙමෙයි, ඕනෙ අංකයක් ඉල්ලන්න පුලුවන්. දෙන්නට බෙදාගෙන යනවා. කලින් ආපු එකා දිනුම්. වංශෙ අදාල නෑ. වෙන අයටත් බෙට් දාන්න පුලුවන්.
    එහෙනං බූරුවා ගහනව කියන්නේ 🤔
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    බූරුව විතරක් නෙමෙයි, ඕනෙ අංකයක් ඉල්ලන්න පුලුවන්. දෙන්නට බෙදාගෙන යනවා. කලින් ආපු එකා දිනුම්. වංශෙ අදාල නෑ. වෙන අයටත් බෙට් දාන්න පුලුවන්.
    වෙන අය bet දාන්නේ කාත් එක්කද ?
    සෙල්ලන්ම් කරන දෙන්න නම් ඉතින් 1000 1000 දැම්මොත් දිනන එකාට අරගන්න පුළුවන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වෙන අය bet දාන්නේ කාත් එක්කද ?
    සෙල්ලන්ම් කරන දෙන්න නම් ඉතින් 1000 1000 දැම්මොත් දිනන එකාට අරගන්න පුළුවන්

    දෙන්නෙක් සෙල්ලම් කරනකොට, දිනන එක්කෙනා කවුද කියල බලන් ඉන්න අයට බෙට් දාන්න පුලුවන්. ඒකටත් දෙන්නෙක් අඩුම ගානෙ ඉන්න ඕනෙ.
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    වෙන අය bet දාන්නේ කාත් එක්කද ?
    සෙල්ලන්ම් කරන දෙන්න නම් ඉතින් 1000 1000 දැම්මොත් දිනන එකාට අරගන්න පුළුවන්
    සෙල්ලන්ම් කරන දෙන්නගෙන් කවුද දිනන්නෙ කියල වටේ ඉන්න උන්ට ඔට්ටු අල්ලනවා
     
    • Like
    Reactions: Solo Rider

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බූරුව නෙවෙයි ඕන කාර්ඩ් එකක් ඉල්ලතැහැකි. පිට ඔට්ටු අල්ලන්න පුලුවන් වටේ ඉන්න උන්ට. ඒ කියන්නෙ මුන් දෙන්නගෙන් කවුද දිනන්නෙ කියලා වටේ උන්ට ඔට්ටු දාන්න පුලුවන්. ඔහොම තමා අපි පොඩි කාලෙ බූරුව ගැහුවේ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    බූරු ගහන එක සෙල්ලමක් නොවෙයි, සුදුවක්.

    ජෝකර් කොල අයින් කරන නිසා ඒක ඇරෙන්න වෙනත් ඕනෑම කොලයක් ඉල්ලන්න පුළුවන්.

    මුලින්ම කොළ දෙකක් අහකට බෙදලා, ඊට පස්සේ තමයි බෙදන්නේ.

    ඉල්ලන එක්කෙනා සහ බෙදන (ගහන) එක්කෙනා අතර තමයි සූදුව මූලිකව පැවැත්වෙන්නේ.

    වටේ පිටේ ඉන්න අය "මේකත් ඉල්ලුවට" කියලා රුපියක් දහයක් පිටියට දැම්මොත්, වෙනත් කෙනෙක් ඒකට මැච් වෙන්න රුපියල් දහයක් දාලා, "ගැහුවා" කියනවා. එයින් අදහස් වෙන්නේ පළමු තැනැත්තා කොළ "ඉල්ලුව" එක්කෙනාගේ දිනුම වෙනුවෙන් ඔට්ටු අල්ලන අතර දෙවැන්නා "ගහන" (බෙදන) එක්කෙනාගේ දිනුම වෙනුවෙන් ඔට්ටු අල්ලන එකයි.

    පළමු කොලය (සැබවින්ම තුන්වෙනි කොලය) ඉල්ලන එක්කෙනාට බෙදන අතර, ඉන්පසු බෙදන්නාට කොලය බෙදනවා. මේ පිළිවෙලට බෙදාගෙන යනකොට, ඉල්ලපු කොලය බෙදන එක්කෙනාට ආවොත් එයා දිනනවා. ඉල්ලපු එක්කෙනාට ආවොත් එයා දිනනවා.

    මේ දිනුම් මුදල් සම්පුර්ණයෙන්ම දිනුම් කරුට ලැබෙන්නේ නැහැ. දිනුම් ලැබූ තැනැත්තා තෝං වශයෙන් හඳුන්වන මුදලක් බූරු පිටිය පවත්වාගෙන යන පුද්ගලයාට (තෝං දෙනවා) දිය යුතු වෙනවා.