මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    තමන්ට හැකි පමණ හම්බු කරන්න. බාගයක් ඉතුරු කරන්න. ඉතුරු බාගෙන් හැම දේම කරන්න. අර ඉතුරු කරපුව කවද හරි රිස්ක් අඩු ව්‍යාපාරයකට යොදවන්න. ෆොරෙක්ස් කියන්නෙ තනිකර සූදුවක්. පුළුවන් තරම් high risky money scheme වලින් අයින් වෙන්න... ඉගෙනගත්තු දේවල් වලින් ගේමක් ගහන්න. credit කාඩ් සුපිරි. හරියට ගෙවනව නම්. කවදාවත් යාළුවොන්ට සත පහක් දෙන්න එපා. අනිවා කෙල වෙනව.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    දැන්වත් කාර් අනම් මනම් විකුණලා බස් වල පලයන්
    වටේ පිටවට ඕනේ විදහට ජිවත් වෙන්න ගියාම ඔහොම වෙනවා

    අපේ ගනුන්ටත් ඕනේ උනේ ඔහොම කරන්න
    තවම වාහනයක් නැ කියල කිසි හෙනයක් නැ මට නම්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lanakwe bahutharayak maseta 10,000 wath ithiri karanne na machan. mehe ithin api salary eka mathama depend unoth homben ma yanawaa family life ekath ekka

    dan ithin kohomhari oyata puluwan widiyata deyak sell karala oya hinga tika gewala danna. Hope you get sorted these issue asap.

    IT Executive කෙනෙක් විදියට 2011

    IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා

    මදි බං experience වලටවත් උබට ගෙවලා නෑ 😳
    normal admin side ithin oya ganna thama bung. manufacturing company wala IT executive unath 35,000 denne starting eka.
    ------ Post added on Mar 3, 2022 at 12:02 PM
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උඹේ මුදල් කළමනාකරණය හදාගන්නෙ නැතුවනම් ආයිත් ගොඩ ආවත් වැඩක් වෙන්නෙ නැහැ.

    උඹ දන්නවද ක්‍රෙඩිට් කාඩ් 03ක් ලස්සනට ඇරියස් නොවී බින්දුවට ගෙවල (ඒවයින් වැඩ අරන්) 03ම ක්ලෝස් කරා, අද වෙනකොට කාටවත් ණය නැහැ, හම්බෙන ගාන ලස්සනට මැනේජ් කරනව මාසෙ අන්තිම දවස වෙනකල්.

    වාහන ලීස් නැහැ, වාහනයක් තියෙනව.

    හවුසින් ලෝන් නැහැ, ගෙයක් තියෙනව.

    උඹ මේ වෙලාවෙ ඉස්සරවෙලාම කරන්න ඕන මුදල් කළමණාකරණය ගැන ඉගෙනගන්න එක.

    ඊට පස්සෙ ඔය ණය වලින් නිදහස් වෙයන්, එතකොට ආයිත් නොවැටී ඉන්න උඹ දන්නව.

    එහෙම නැතුවනම් නිකන් ගොඩ එන්න එපා බන්, කිසිම තෙරුමක් නැහැ.

    අනික ෆොරෙක්ස් ට්‍රේඩිං කියන්නෙ ලොකු රිස්ක් එකක් තියෙන වැඩක්, ඒකට මාකට් එක ඇනලයිස් කරන්න ලොකු එක්ස්පීරියන්ස් එකක් ඕන. උඹ කරල තියෙන්නෙ ගැට්ටට හිරවුන වෙලාවක ලොකුම රිස්ක් එකක් අරන් විනාස වෙච්ච එක.
    "මුදල් කළමණාකරණය" Thread ekak dapanko bosa :cool:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පළවෙනිම දේ, උඹ දැන් ඉන්නෙ ගොඩ ඒන්න බැරි වලක වැටිලා කියලනෙ උඹට හිතෙන්නෙ, ඒහෙම නෑ මචං. ඔයිට වැඩිය මට දැනිලා තියෙනවා, ඔයිට වැඩිය හිරවෙලා තියෙනවා. උඹට ලේසියෙන්ම ගොඩඒන්න පුළුවන් ඔතනින්.

    • කාර් ඒක විකුණපන්. උඹේ වෙලාවට දැන් කාර් මාකට් ඒක අහස උඩින් යන්නෙ. උඹේ වෙලාව හොඳයි. පුළුවන්නම් අනිවාර්යෙන් Leaseing company ඒකට කතා කරලා හොඳ Settlement ඒකකට වරෙන්.
    • ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම settle කරපන්. ඒ් ගමන්ම cancel කරපන්. දවසක් වත් අදින්න ඒපා.
    මේ දේවල් දෙක කරාට පස්සෙ උඹේ ලමයි දෙන්නගෙය් වයිෆ්ගෙය් මූණ බලලා හිතාගනින් උඹට කොච්චර ඒයාලව වටිනවද, උඹේ ජීවිතේ කොච්චර ඒ් ගොල්ලන්ට වටිනවද කියලා..



    හොඳට දවසක් දෙකක් කාටවත් ණය නැතුව ඉන්න නිදහස විඳපන්. ආයෙ කවදාවත් Forex නෙමෙයි මොන හුත්ත කරන්නත් කන්න බොන්න තියෙන, පවුලට Survive වෙන්න තියෙන සල්ලි දාන්නෙ නෑ කියලා හිතාගනින්.



    Then try to find a new job with matching salary to your experience..
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    "මුදල් කළමණාකරණය" Thread ekak dapanko bosa :cool:
    උඹට සුළුහෝ කල්පනාකිරීමේ ශක්තියක් තියෙනවනම් ඕන තරම් ඉගෙනගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් (යූ ටියුබ් ද ඇතුලුව) 🙂
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මොන ප්‍රශ්නද ඕයි මේවා.

    සරල විසදුම් ටිකක් තියෙන්නේ.car එක වික්ක.loans ගෙව්වා.තවත් මදි නම් wife ට ජොබ් එකක් කරන්න කියපන්.ඉඩමක් තියේ නම් වවපන්.බැරි නම් උබ රට පලයන්.යකෝ ඉඩමක් වත් නැතුව අම්මල ලෙඩ පිටින් ඉන්න ගමන් කෙල්ල එක්ක ගොඩ එන්න හදන උන් ඕනි තරම් ඉන්නවා.මුන්ට bike එකේ ළමයි යවන්න බෑ ලු.ඔවා හිතන්න තිබ්බේ ළමයි හදන්න කලින්.උබලගේ ආතල් එකට හරි වයසට ගියාම බලාගන්න ළමයි හදන්න එපා.එත් මිනිස්සු.ඒ ළමයින්ටත් rights තියෙනවා.
    දැන් ඉතින් මේකේ ඉන්න උන් මට බැනපන් ඔහොමද උදව් කරන්නේ කියල.යකෝ මේක ලංකාව.මේ අපායේ ඔයිට වඩා දුක් විදින උන් ඕනි තරම් ඉන්නවා.මුන් මේ අම්මා ලගට වෙලා හැදිලද කොහෙද.මුට ඉන්න තැනකුත් තියෙනවා.car එකකුත් තියෙනවා.මුට මේ තියෙන්නේ ලක්ෂ 10 ක විතර ප්‍රශ්නනේ.උබට පුළුවන් විදිහට ජිවත් වෙයන්.බැරි දේවල් කරලා ලබා ගත්ත මිනිස් ආත්මෙටත් පවු දීල ළමයින්ටත් පව් දීල ගැනිගේ රෙදි ගලවල මැරෙන්නේ නැතුව.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ූඹ ගැන ඇත්තටම දුකයි... කරන්න දෙයක් නෑ උඹේ මෝඩකම ක්‍රෙඩිට් කාඩ් වත් ලෝන් වත් නෙවෙයි.. ෆොරෙක්ස්

    ලංකාව වගේ හිඟන රටක් ( මේ තත්වෙට පත් කලේ කාලකන්නි පාලකයො ) ඇතුලෙ ඉදගෙන ෆොරෙක්ස් වගේ හයි රිස්ක් ගේම් එකක් ප්ලේ කරන එක තමා උඹ කරපු ලොකුම මෝඩ කම. ෆොරෙක්ස් වලින් ගොඩ ගිය අය ඇති. හැබැයි මම මගේ ජීවිතේට දැකලා නැ දන්න කෙනෙකුත් නෑ.

    හැබැයි ෆොරෙක්ස් කරලා කෙල වුන අය ශෙයාර් මාකට් දාල කෙලවුන අය ඕන තරම් දැකලා තියෙනවා. ඔය දෙක ගැන අද්‍යාපනයක් දෙන්න කිසිම කෙනෙක් ලංකාවෙ නෑ. ඔය ඇඩ් දාලා කරන උන් ඉස්සරවෙලාම කරන්නෙ උඹලගෙ මනස හදනවා දිව්‍යලෝකෙ පෙන්නලා.. පෙන්නලා උඹලා අන්දගන්නවා. අන්දගෙන උන් ලාභ ලබනවා උඹලා කෙලවගන්නවා. මොකද ඔය ක්‍රමේ නියම ස්පිරිට් එක කිසි කෙනෙක් දෙන්නෙ නෑ.. දුන්නොත් කෙලවෙනවා කියලා දන්නවා.

    මචන් උඹ ඇතුලු එලකිරියෙ ඉන්න හැමෝම දෙවනි ආදායම් මාර්ගයක් තියාගන්න එක මාර වැදගත් වෙනවා. දෙවනි ආදායම් මාර්ගයක් නැත්නම් දැන්මම හදා ගන්න. උඹට කරන්න පුලුවන් බැරි නෑ.

    උඹේ ආදායම හැටියට වියදම සැරයි. අපෙත් එහෙමයි. මමත් බැංකු වලට ණයයි, ක්‍රෙඩිට් කාඩ් වලට ණයයි. ඒත් මම ඒවයින් හදාගෙන තියෙනව අමතර ආදායම් මාර්ග. මට මාසෙකට සැලකිය යුතු අමතර ආදායමක් එනවා. මගේ සැලරි එක නම් ඇත්තටම ඉහල එකක්. ඒත් මම ඒක මදි කියන තැන ඉදලා තමා මේ සියළු ආදායම් මාර්ග හදාගත්තෙ..

    මම ගෙයක් රෙන්ට් එකට දීලා තියෙනවා.. ඒකෙ ප්ලෑන් ඔක්කොම ඇන්දෙ කිරියෙම සහෝදරයෙක්. @HuntsMan
    මම වෝටර් ඩිස්ට්‍රිබුයුට් කරන ඒජන්සියක් තියෙනවා
    කාර් දෙකක් තියෙනවා
    ඊට අමතරව දවසට 500 ගානෙ අතට එන ඉන්වෙස්ට් මන්ට් එකක් තියෙනවා. මාසෙට 6000- 10000 අතර ඉන්වෙස්ට්මන්ට් 3ක් තියෙනවා.

    උබ කිව්වට විශ්වාස කරන්නෙ නෑ.. මමත් සමහර දවස් වලට බය වෙනවා. සල්ලි නෑ නේ කියලා. මට ලයිට් බිල් වලට මාසෙකට යනවා 13000 ක්. ඒසී මැශින් වැඩ නිසා
    ක්‍රෙඩිට් කාඩ් වලට මාසෙට 24000ක් යනවා ( මම ලිමිට් එක 100,000 ෆික්ස් කරලා තියෙන්නෙ, බැංකු වලින් පාර පස්සෙ එනවා වැඩි කරන්න. )
    ඒජන්සියෙන් එනවා මාසෙට 7500 ක විතර ශුද්ද ආදායමක් - ලොරි එකේ ෆිනෑන්ස් ගෙව්වම සේවක පඩි නඩි ගෙව්වම.

    ඒජන්සිය ගැන කියන්න ඕන. මම මේක පටන් ගත්තෙ ලීටර් 20 වතුර බෝතල් දෙකක් සහ මිලි ලීටර් 500 වතුර බෝතල් 24 බන්ඩල් එකක් විකුනලා.

    මේ ඔක්කොම බැලන්ස් කරන්නෙ අමතර ආදායමෙන්. මගේ ක්‍රමය බිංදු බිංදු එකතු වෙලා වැවක් නිර්මානය වෙනවා කියන එක.. මට පලවෙනි බිස්නස් එකෙන් ලාබෙ කීයද දන්නවද ? රුපියල් 248යි. වයිෆ් පවා හිනා වුනා. වයිෆ් ගෙ අම්මලා පවා හිනා වුනා බිස්නස් එකට. ලක්ශ ගනන් පඩි ගන්න එකෙක් රුපියල් 248 ට මැරෙනව නේද කියලා. අද හැම සති දෙකකට සැරයක්ම මට වතුර බෝතල් ලෝඩ් එකක් කම්පැනියෙන් ඉශූ කරනවා.


    උබට තියෙන ඔපචුනටීස් ගැණ උඹ දන්නෙ නැත්නම් ඉන්බොක්ස් වරෙන්. ස්ටඩි කරලා උඹට අයිඩියා එකක් දෙන්නම්
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න. මේ කතාවෙන් පාඩමක් ගන්න. මන් වගේ වෙන්න එපා.........

    මා මුලින්ම JOB එකක් විදියට කලේ DATA Entry Operator . එවකට මට වයස 23යි. පඩිය 4500/- මාස 6කට පස්සේ මට පඩිය 7000/- ක් උනේ මගේ දක්ෂතාවය නිසාමයි. එකාලේදීම මට Commercial Bank එකේ Credit Card ගන්න පුළුවන් වෙනවා. Limit eka 25,000/- යි . ඒ limit එක තියාගෙන job එක දෙපාරක් මාරු කරන් ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Executive කෙනෙක් විදියට 2011 වෙනකන් හොඳට සල්ලිත් ඉතුරු කරන් ජීවිතය ගෙන ගියා.

    ඔය කාලේදී Ebay වගේ online market වලින් බඩු ගත්තා . ඒවා විකුණලා සල්ලි හෙව්වා. ෆොටෝ edit කරලා සල්ලි හෙව්වා.
    එතකොට මගේ අය්යා , නංගි දෙන්නම විවාහ වෙලා.

    කොහොම හරි 2014 දී මම බදිනවා. ඒ ලංකා බැංකුවෙන් රු.500,000/- ක ණයක් අරන්. මන් ගාව තිබුන රු.300,000/- ත් එක්ක මට හොඳටම ඇති උන ඒ ගාන මගේ වෙඩින් එකට.

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    ඔය අතරේ මන් නැත්තටම නැතිවෙනවා forex marketing කරලා. com bank එකේ limit පනිනවා. එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා. එකෙන් fridge ගන්නවා, යාලුවෙක්ට TV එකක් අරන් දෙනවා. ඌ මාසෙට installment එක දෙන්නම් කියපු විශ්වාසයට . ඌ පොල්ල තියල රට යනවා.crdit කාර්ඩ් වල balance transfer option එකෙන් PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා. නාට්ටටම හිර වෙනවා.

    HNB එකෙන් personal loan එකක් අරන් commercial bank credit card එක settle කරනවා. එත් settle කරපු card එක අයින් කරන්නේ නැතුව තියා ගන්නවා.ලිදට වැටුන මිනිසා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියල හිතලා අයෙත් FOREX කරනවා. අයෙත් හොදම එකෙන් කෙලොගන්නවා.

    ගෙදර මිනිස්සුන්ගේ වදේට පොඩි එවුන් දෙන්න bike එකේ අරන් යන්න බැරි කමට leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා.. මාසෙට Leasing එක 17,000/-යි.

    මොන පිස්සෙක්ද ... පිස්සු හුත්තෙක් ... උබලට හිතෙනවා නේද?

    ඒ අතීතය.... දැන් කියන්නම් අද තත්වය
    මේ මොහොත වෙනකොට.... මගේ අතේ තියනවා රු. 8740/- ක්
    හෙට රු. 17,000/- leasing එකට ගෙවන්න ඕනේ.
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    HNB personal loan එක 10,300ක්
    Car එකේ insurance එක 24000ක් විතර එයි. එකත් 8වෙනිදට Expire වෙනවා.
    පොඩි උන් දෙන්නට, මගේ wife ට මට ඕනේ විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැතිව මම මැරී මැරී උපදිනවා . ඉල්ලා ගන්න කෙනෙක් නෑ ඉල්ලලා පුරුද්දකුත් නා.

    වෙලාවකට හිතෙනවා ඔලුව පුපුරලා මැරෙයි කියල .... මැරෙන්නත් බෑ පොඩි එකීගේ මුණ මතක් වෙනවා. කල්පනා කරලා කරලා ඔලුව පුපුරන්න එද්දී ඔලුව ගහගෙන ඉද්දි මගේ සුදු තාත්තියෝ ඇයි කියල මගේ දෝනි ඔලුව අත ගාද්දී පපුවත් එක්ක හිර වෙනවා.
    credit card ගන්න එපා කියන්නේ නැ .... loan ගන්න එපා කියන්නේ නෑ . වෙලාවට ගෙවන්න. තමන්ට හැකි දේ කරන්න,
    මන් වගේ වෙන්න එපා.
    මගේ වැරදි වලට කවුරුත් පාලි නෑ. කියන්න කෙනෙක්.. අහන්න කෙනෙක් නැති නිසයි හැමදේම අකුරු කලේ.

    එත් මට දැන් මහන්සියි ...නයකාරයන්ට , company වලට පින්සෙන්ඩු වෙලා.
    කැමතිනම් මට බැනපල්ලා.... එත් මන් වගේ කලකන්නියෙකුට බැනල මොනවා කරන්නද ?
    ණය ගන්න, ලිමිට් නැතිව වියදන් කරන්න හිත හය්ය උනාට. තාමත් මැරෙන්න මන් බයයි.
    නොමැරී ඉන්න හිතේ හයිය තිබුනොත් අයෙත් ඇවිත් බලන්නම් ... මන් වගේ වෙන්න එපා
    මම කියන්නේ ..උඹ සිරාම වැඩ්ඩෙක් යකෝ...උඹම හිතලා බලපන්....මිනිස්සු ලීසිං දෙන්නේ...තියන මිනිහෙක්ට..උඹ මාරම වැඩ්ඩෙක්..උඹ හිතන විදිය චුට්ටක් වෙනස් කරපන්..මම මෝටිවේසන් අප්පච්චි නෙමෙයි...

    මට දැනෙන විදියට ..කියන්නේ.

    පුලුවන්නම් උඹ ආදායම් මාර්ග වැඩි කරගන්න ට්‍රයි කරපන්...බැරි නැහැ... සයිඩ් බිස්නස් ඒකක්...උඹට

    පුලුවන්..!! මන්තරයක් වගේ කියවපන්

    මමත් ඔය වගේ හිටපු කෙනෙක්...!!! අතහරින්න ඒපා !
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මේ වෙලාවේ තමයි උබ අල්ලගෙනම ඉන්න ඕන.මේක ටෙස්ට් එකක් කියලා හිතපන්.


    images


    lBYOKAMcxIvuk9s9hMuecB9dPBV.jpg


    මේ ෆිල්ම් දෙක බලලා නැත්නම් බලපන්.
    උබට ගේම ගහන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,හැබැයි ඉතින් උබේ හිත කොච්චර හයියද කියලා උබටම ටෙස්ට් කරගන්න වෙලාවක් මේක
    මට කෙල වුන වෙලාවේ ..මම බැලුවා..මොරාල් ඒකක් ඒනවා.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උඹට සුළුහෝ කල්පනාකිරීමේ ශක්තියක් තියෙනවනම් ඕන තරම් ඉගෙනගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් (යූ ටියුබ් ද ඇතුලුව) 🙂
    Lankawata galapenna? :nerd: hari balannam :cool: (y)
     
    • Like
    Reactions: Shamal3001

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තරහ වෙන්න එපා මෙහෙම කිවුවට. මුලින්ම කියන්න ඕන උබ ඔය ඉදල තියෙන්නේ IT industry එකේ වෙන්න බෑ. data entry කියන්නේ IT නෙමෙයි.
    මම ඔයවගේ අතරමන් වෙන්න ගිය කොල්ලෙක් ගොඩ දැම්මා මුලදීම තේරුම් කරලා දීලා. ඌ gss(නම sure නෑ කියල එකක data entry job එකක් සෙට් වෙලා මාර ගැම්මෙන් හිටියේ. credit card ගත්තා, bike එකක් ගත්තා. මන් පොරට තේරුම් කරලා දුන්නා මචන් ඕව කරලා උබට අනාගතයක් නෑ ඔය IT නෙමෙයි කියලා. මුලදී ඌ හිතුවේ මන් ඉරිසියාවට කියනවා කියලා. හැබැයි දවසක් අපේ පොරක් කරපු RPA project එකක් ගැන කිවුවම අරුට තේරුණා ඉස්සරහට උන්ගේ ජොබ් නැතිවෙනවා, ඔක්කොම automate වෙනවා කියලා. පස්සේ ඩයල් එක පොල් බිස්නස් එකක් පටන් ගත්තා. දැන් හොදට ඉන්නවා.
    මන් දන්නේ නැ උබ තවමත් කරන්නේ data entry ද කියලා. දැනුත් එක නම් ඉක්මනට වෙන දෙයක් පටන් ගන්න. අපේ මල්ලිත් කර බන් A/L ඉවර වෙලා නිකන් ඉන්න කාලේ අතල් එකට වගේ. pocket money හොයාගන්න වගේ හොදයි.
    මම දැන් අවුරුදු 5+ IT/software field එකේ. තාම credit card එකක් නෑ. loan නෑ. car එකේ lease එක තියනවා. එකත් හදිස්සි වෙලා ගත්තේ අපරාදේ කියල හිතුනා මුලදී. මොකද මට lease කරපු ගාන එකතු කරන්න තිබුන. එත් දැන් වාහන මිල වැඩි උන නිසා එකත් මට ලාබයි. installment එක monthly income එකෙන් 1/3ක් වගේ වෙන්න ගත්තේ. දැන් 1/4ක් වගේ. ලොකු බරක් නෑ. අනිත් එක හදිසියේ හරි ජොබ් එකක් නැති උනොත් මාස 4ක installment ගාන fixed deposit එකක් දාල තමයි මන් වාහනේ ට්‍රිප් එකක් හරි යන්න පටන් ගත්තේ.
    මම මේ එක lease එකක් ගැන මෙච්චර හිතනවා. මට තේරෙන්නේ නෑ උබට ඔහොම නය වෙන්න හිත හදාගන්නේ කොහොමද කියලා.
    ලොකු නයක් ගත්තට කමක් නෑ අදායමක් ලැබෙන දෙයක් වෙනුවෙන්. කවදාවත් car එකකට වගේ ලොකුවට නය වෙන්න එපා. එකෙන් අපිට කියක් වත් හම්බ වෙන්නේ නෑ අතේ තියන සල්ලි ටිකත් වියදම් වෙන එක වෙන්නේ. එක්කෝ uber දුවල හරි lease එක cover කරන්න.
    freelance වැඩ මොනවා හරි කරන්න බලන්න රෑවෙලා. මොකක් හරි තියන skill එකක් use කරලා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    කට්ටිය කියනවා වගේ car එක විකුණන්න තියෙන්නේ. ඔක්කොටොම වඩා ජීවත් වෙන එක වටිනවා නේ. වටේ පිටේ අය හිතන ඒව අනං මනං හිතන්න යන්න එපා. ඕනම නම් car එක විකුණන සල්ලි වලින් ආයේ බයික් එකක් ගන්න එකවැර දීලා. ඉතුරු සල්ලි ටික කොටසක් fixed දාන්න. තව පොඩි කොටසක් savings හරි ඔය forex මගුලේ දන්නේ නැතුව මොකක් හරි හරි විධියකට හරි තැනක invest කරත් කමක් නෑ. දැනට ඉන්න තත්වෙන් ගොඩ එන්න ඉස්සෙල්ලා. පස්සේ දියුණු වෙන්න බැරි යෑ. ඔය ප්‍රශ්නෙ wife ගෙන් හංගන්න එපා. එයටත් කියලා ඒ විදියට කරන්න තියෙන්නේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔන්න ඔය වෙලාවට තමා ෆයිනෑස් ඩිග්‍රී එකක් තියෙන එකේ හොඳකම තේරෙන්නෙ. කවදාවත් කාර් ගන්න වෙඩින් ගන්න ලෝන් ගන්නෙපා ඒක තමා කරන්න පුලුවන් ලොකුම ගොන් වැඩේ. අනික තමන්ට දරන්න අමාරු නං ක්‍රෙඩිට් කාර්ඩ් ලිමිට් වැඩි කරගන්නෙපා. පඩිය වැඩි උනාට තමන්ගෙ ලයිෆ් සට්යිල් එක වෙනස් කරගන්නෙපා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔන්න ඔය වෙලාවට තමා ෆයිනෑස් ඩිග්‍රී එකක් තියෙන එකේ හොඳකම තේරෙන්නෙ. කවදාවත් කාර් ගන්න වෙඩින් ගන්න ලෝන් ගන්නෙපා ඒක තමා කරන්න පුලුවන් ලොකුම ගොන් වැඩේ. අනික තමන්ට දරන්න අමාරු නං ක්‍රෙඩිට් කාර්ඩ් ලිමිට් වැඩි කරගන්නෙපා. පඩිය වැඩි උනාට තමන්ගෙ ලයිෆ් සට්යිල් එක වෙනස් කරගන්නෙපා.
    මමත් වෙඩින් එකට ලෝන් එකක් ගත්තා. ඒක තමා මම මගේ ජිව්විතේ කරපු ලොකුම මෝඩ කම
     
    • Like
    Reactions: SK29 and Shamal3001

    nidarsha91

    Well-known member
  • අංක 01 එක. උඹ මට ලොකුම ලොකු පොරක්. තමන්ගෙ ජීවිතෙන් තව එකෙක්ට හැදෙන්න පාඩමක් දෙන්න හැමෝටම බෑ ලොක්කා. උඹ ඒක කරලා ඉවරයි.
    අංක 02 දෙක. කේමදාස මහත්තය බෙල්ලට තොන්ඩුව දාගෙන කල්පනා කර කර ඉද්දි යාලුවෙක් ඇවිත් එදා කතා කරනවා. ඊට පස්සෙ තමයි හැමෝම කේමදාස මාස්ටර්ව අඳුන ගන්නෙ. එහෙනං මම දැන් උඹේ කතාවට හැරෙන්නන්...

    වයසින් උඹ මට නං ලොකු අයියා කෙනෙක්. අනිත් පැත්තෙන් මට මාව පේනවා උඹේ සමහර ලක්ෂන වලින්. 2014 වෙනකන් ගොඩ යාම. ඒකත් අමාරුවෙන්. 2014 මැදකින් පස්සෙ කෙලවීම පටන් ගැනීම. 2017 ජනවාරියෙන් පස්සෙ මේ වෙනකන් ලෙසටම කෙලවීම. දැන් තව කෙනෙක්ගෙ උපකාරයක් නැතුව ඉදිරියට යන්න තියෙන අමාරුකම. මුදල් සම්බන්ද කටයුතු , විකුණන කටයුතු කරන්න යන එකෙන් කෙලවීම.

    මගෙ මතය නම්, උබ මකරෙක්. මොකද උඹ දුනු කාරයෙක් නම් උඹට මුදල් නැති වුනත් ව්‍යපාර ගොඩ යන්න ඕන. අනික මැරි කරන්න ලැබෙන්න අමාරුයි. මිතුන වුණා නම් ලමයි එක්ක වයිෆ් උඹ එක්ක මේ වෙද්දි නෑ. කක්කුට්ටෙක් උනා නං ඒත් ඒකමයි. මම කියවපු ටිකෙන් කිව්වෙ. මේක වෙනස් වෙන්නත් පුලුවන්.

    හැබැයි අයියෙ මේ දවස් වල උඹට මෙහෙම උඹට වුන දේ කියන්න වුනේම හේතුවක් ඇතුව නම්, උඹ කන්යාත් නෙමෙයි. උඹ දැන් කරන දේ අල්ලන් පලයන්. අප්‍රියෙල් 29න් පස්සෙ මේ තත්වෙ වෙනස් වෙනවාමයි. 2034 වෙනකන් උඹට ඔය කාලය නෑ කියලයි මගෙ අදහස. හරියටම 2023 07 වන මාසෙන් උඹේ ඔය අමාරු කාලෙ ඉවර වෙනවා. 2024 කියන්නෙ උඹට උඹේ වාසනාවන්තම කාලයේ ආරම්භය වෙයි.

    ඒ නිසා වඳින්නන් ඉක්මනට යමන් කවුන්සලර් කෙනෙක් ලගට. උඹ ඉන්න පලාත කියපන්. හොඳ කෙනෙක්ව සජෙස්ට් කරන්නම්. එහෙමත් මාරු නං, උඹට ගැස්ට්‍රික් පේන්ස් ලොකූවටම නැතිව ඇති. ඒත්, Fluoxetine කියල කැප්සියුල් එකක් තියෙනවා. ඒකෙ 20mg එකයි Omeprazole 20mg එකයි උදේ කෑමෙන් පස්සෙ ගනින් සතියක් දෙකක්. ඊට පස්සෙ අප්පි ආයෙ කතා කරමු.

    තෙරුවන් සරනයි ! ජේසු පිහිටයි ලොක්කා !

    P.S. Let your wife to balance the economy in your family brother. You focus on Earnings and don't go to maintain the Management. Let your wife to make lists and go through on them. Focus on Earnings !