මාරක ළිඳ

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මාරක ළිදේ පදින car එක හදන්නේ bike engine එකක් දාලා. Car එකේ ලොකු engine එක අයින් කරලා පොඩි motorcycle engine එකක් තියනවා. ඉස්සර ලංකාවේ පැද්ද ගොඩක් ඒවා හදන්නේ මෙහෙමයි.

    Motorcycle engine එකක් තියන්නේ මුලිකවම බර අඩු කරන්න. Engine හා gearbox දෙකම අයින් කරන්න පුලුවන් හින්දා ලොකු බරක් අඩුවෙනවා.

    Engine එක තිබ්බට පස්සේ brake ඔක්කොම ගලවලා අයින්කරනවා. හදිස්සියේවත් brake පෑගුනොත් car එක පෙරළෙන හින්දා තමයි එහෙම කරන්නේ.

    වලේ පදිනකොට ආසන්න වශයෙන් 40-45kmph අතර සාමාන්‍ය වේගයක් පවත්වා ගන්නවා. ගැලපෙන වේගයක් තිබ්බේ නැතිනම් car එක පෙරළෙනවා.

    car එක වැටෙන්නේ නැතුව තියෙන්නේ friction එකෙන්, gravity එකෙන් හා normal reaction force එකෙන්.

    ළිදේ බිත්තියෙන් normal reaction force එක හම්බවෙනවා. ඒ කියන්නේ බිත්තිය උඩට බලයක් යෙදුණාම, ඒ බලය හම්බවෙන දිශාවට ලම්බකව තල්ලු කරන එක (perpendicular push). මේ හින්දා තමයි car එක ඉස්සරහට චලනය වෙන්නේ.

    මාරක ළිදේ යනකොට gravity එක පහළට ක්‍රියාකරනවා. Friction එක ඉහලට ක්‍රියාකරනවා. මේ දෙක එකිනෙකට විරුද්ධ දිශාවට ක්‍රියාකරමින් car එක වැටෙන්නැතුව තියාගන්නවා.

    Gravity එක friction එකට වඩා බලවත්. එයා අපිව පහලට අදිනවා. නමුත් gravity එක අපිව පහලට අදිනකොට friction එක අපිව පහලට වැටෙන්න නොදී තියාගන්නවා. Friction එක රදා පවතින්නේ වේගය මත. ඒක හින්දා වේගය අඩු උනාම friction එකත් අඩු වෙනවා. එතකොට gravity එක ඊට වඩා ලොකු නිසා car එක පෙරළෙනවා.

    මේ forces තුනම balance වෙලා තියෙන තාක් කල් හා එකම දිශාවකට නොයෙදෙන තාක් කල් car එක වැටෙන්නැතුව ගමන් කරනවා.

    අපේ සිරුරේ හා car එකේ balance එක මතයි control එක රැදිලා තියෙන්නේ.

    මෙතනදී car එකක් පදිනවට වඩා bike පදින එක අමාරුයි සහ අවධානම්. Friction එක ක්‍රියාකරන්නේ tyre හරහා විතරයි. නමුත් gravity එක bike එක හා rider දෙන්නගෙන්ම පහලට අදිනවා. මේ නිසා වැටෙන් නැතුව පදින්න නම් bike එක බිත්තිය පැත්තට lean කරන්න (නවන්න) වෙනවා. එතකොට තමයි මේ torques ඔක්කොම balance වෙන්නේ.

    බැරි වෙලාවත් වැරදි පැත්තට නැමුවොත් torques unbalance වෙන එක කොහොමත් වැඩියි නිසා වැටෙනවා. කෙලින් පැද්දොත් ඒත් වැටෙනවා.

    Car වලදී driver ඉන්නේ car එක ඇතුලේ නිසා gravity එක car එකෙන් විතරයි පහලට අදින්නේ (ඇත්තටම car එක ඇතුලේ තියෙන හැම දෙයකටම gravity එක බලපානවා උනාට bike එකේදී වගේ නෙවේ. Driver එළියෙන් හිටගෙන ගියත් bike එක වගේ නෙවේ. Car එකේ දෙන්නෙක් ගියත් bike එක වගේ නෙවේ. කොහොම උනත් car එකේ control එක රදාපවතින්නේ driver හා යන අයගේ balance එක මතයි).

    බර තමයි ප්‍රධානම දේ. Road cars වල කොහොමත් ලොකු load එකක් තියෙන්නේ. ඒක නිසා බර අඩු පොඩි car තමයි මේකට තෝරාගන්නේ. දැන් බොහෝවිට ගන්නේ Maruti.

    Car එකේ බර ළිඳට උසුලන්න පුලුවන් වෙන්නත් ඕනේ. බර වැඩිවෙනවා නම් ළිදේ දිග හා ප්‍රමාණයත් එයට අනුව වැඩිවෙන්න ඕනේ. නමුත් අපිට ground එකක් තරමට ලොකු ළිඳක් හදන්න බැරි නිසා පොඩි ළිඳක යන්න ඒකට අනුව plan කරන්න වෙනවා. සාමාන්‍යයෙන් මාරක ළිඳ අඩි 20ක් පමණ උසයි. අඩි 25ක විතර විෂ්කම්භයක් සහිතයි.

    තව දෙයක් තමයි g force එක. මිනිහෙක්ට g force එක උහුලන්න පුලුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. එයිට වඩා අත්විදින්න උනොත් මිය යන්න හෝ බරපතල ආබාධ වලට ලක්වෙන්න පුලුවන්.

    ඉතාම ශක්තිවන්ත මිනිහෙක්ට උනත් උහුලන්න පුලුවන් උපරිම g force එක 9g. ඒත් තත්පර 2-3ක් විතරයි. Fighter pilot කෙනෙක්ට 9g අත්විදින්න වෙන අවස්ථා එනවා.

    මිනිහෙක්ට 5g දරාගත හැකි උපරිම කාලය විනාඩි 2ක් විතරයි.

    මිනිහෙක්ට 3g දරාගන්න පුලුවන් උපරිම කාලය පැය 1කයි. නමුත් දරාගැනීම වැඩිවෙන්න වැඩිවෙන්න අපේ පෙනීම, ශක්තිය, තීරණ ගැනීමේ හැකියාව, සිහිය ඔක්කොම අඩුවෙනවා. එතකොට ඇත්තටම පැය 1ක් කිව්වට එයිට වඩා ගොඩක් අඩු කාලයක් තමයි අපිට ඇත්තටම ප්‍රයෝගිකව පුලුවන් වෙන්නේ. අභ්‍යවකාශගාමින් පොළවෙන් ඉහළට යද්දී 3g අත්විදින්න වෙනවා.

    තවත් දෙයක් මේ උපරිම අගයන් test කරලා තියෙන්නේ මාරක ළිදේ යද්දී නෙවෙයි. එමනිසා මාරක ළිදේ යද්දී සාමාන්යෙන් දරාගන්න පුලුවන් උපරිම අගය 4-5g අතර වෙනවා. ඒත් පොඩි වෙලාවකට විතරයි.

    G force එක වැඩිවෙනකොට එයිට අනුව අපේ බරත් වැඩිවෙලා දැනෙනවා. 2g හම්බෙනකොට අපේ බර දෙගුණයක් විතර වැඩිවෙලා දැනෙනවා. 4g හම්බෙනකොට අපේ බර 4ගුණයක් විතර වැඩිවෙලා දැනෙනවා.

    Car එකේ බර, වේගය, කෝණය, කදු, පල්ලම වගේ දේවල් වලට සාපේක්ෂව g force එකත් වෙනස් වෙනවා.

    සාමාන්‍ය motorcycle එකක බර 100kg විතර වෙනවා. මේකක් 4g බලයක් ලබාගනිමින් ළිදේ යනකොට ඕනෑම ස්ථානයකදී බැලුවොත් එහිදී load එක 100x4 = 400kg විතර වෙනවා. 1 tonne බර car එකක මේ load එක 4 tonne විතර වෙනවා. ඒ කියන්නේ ළිදේ යද්දී 4g ලැබෙනකොට වාහනේ බර සාමාන්‍ය බරට වඩා 4 ගුණයක් විතර වැඩිවෙනවා. 3g ලැබෙනකොට 3 ගුණයකින් වැඩිවෙනවා. දැන් මේකට අනුව එක්කෝ ළිඳ හදන්න ඕනේ නැත්තම් ළිඳට අනුව car එක හදන්න ඕනේ.

    4g ලැබෙනකොට අපේ බර 4 ගුණයක් වැඩි වෙලා දැනෙනවා. සාමාන්‍යයෙන් 4g වගේ බලයක් දැනෙද්දී අපේ ඇගේ ලේ ඔක්කොම කකුල් වලට බහිනවා. මේ නිසා මොළයට ලේ පොම්ප කිරීමට heart එකට සැහෙන මහන්සියක් ගන්න වෙන්වා. ලේ ගමනාගමනය අඩාල වීම නිසා ඔක්සිජන් සැපයුමත් අඩාල වෙනවා. මේ හින්දා අපිට කලන්තේ දානවා.

    වේගෙන් යන්න යන්න බිමට වැටෙන එක නැතිවෙනවා. නමුත් මෙහෙම යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනවා. මේ උපරිම වේගය තීරණය වෙන්නේ ළිදේ දිග හා g force එක මතයි. මෙතෙක් ලෝකේ හදලා තියෙන දිගම මාරක ළිදේ car එකක් 100kmph වේගෙන් ගිහිල්ලා තියෙනවා. එතනදී අත්විදින්න වෙච්ච g force එක 6g. නමුත් එයිට වඩා දිග අඩු ළිඳකදී දරාගැනීමට හැකි උපරිම අගය 4g විතර වෙනවා. අනාගතයේ දැනට ලෝකේ හදපු දිගම එකට වඩා දිග ළිඳක් හැදුවත් 6g ට වඩා ලොකු බලයක් දරාගන්න නොහැකියි. මොකද සාමාන්‍ය මිනිසෙක්ට දරා ගත හැකි උපරිම අගයත් ඒක නිසා.

    Bike එකක් මාරක ළිදේ ගිහිල්ලා තියෙන උපරිම වේගය 125kmph. ඒ අඩි 121ක විෂ්කම්භයක් සහිත ළිඳකයි.

    වලේ යද්දී ඇතුලේ සද්දේ නිසා drivers / riders ලට මුකුත් ඇහෙන්නේ නැහැ. ඇතුලේ ඉද්දි කන් බිහිරි කරන තරම් ඝෝෂාවක් තියෙන්නේ. Vibration එකයි එතන තියෙන energy එකයි විතරයි දැනෙන්නේ.

    වලේ bike එකක් පදිනකොට සිරුරේ විවිධ කොටස් වලට දැනෙන acceleration එක වෙනස්. ඒ කියන්නේ bike එකේ ඉදගෙන යද්දී ඔලුවට හා කකුලට දැනෙන acceleration දෙක දෙකක්. මෙහෙම වෙන්නේ ඒවා වල orbital radius වෙනස් නිසා.

    බිත්ති වල තෙතමනය තිබ්බොත් ලිස්සනවා.සුලු වශයෙන් හරි ජල වාෂ්ප ආවොත් උඩට යන්න ඉතාම අමාරු වෙනවා.

    වලේ පැදලා අත්දැකීම් ඇති දක්ෂ driver කෙනෙක්ට modern car එකක් stock condition එකෙනුත් ළිදේ පදින්න පුලුවන්. නමුත් ඊට කලින් අනවශ්‍ය බර අඩුකරන්න ඕනේ. Airbags, dynamic stability control, electronic driver aids වගේ දේවල් off කරන්න ඕනේ. Suspension stiff කරන්න ඕනේ. නැතිනම් ළිදේ පදින්න බැහැ. මේවා කරලා උනත් steering එක collapse වෙන්න, suspension හානි වෙන්න ඉඩකඩ තියෙනවා.

    දැන් ලෝකේ මාරක ළිදේ පදිද්දී helmet දැමීම අනිවාර්ය කරලා තියෙනවා. Look එක අඩුවෙනවා කියල helmet නොදා පදින්න බෑ දැන්.

    මාරක ළිඳ යනු නොදන්නා අන්තයකට පිය මැනීමකි. ඒ car එක හා ළිඳ යන කාරණා දෙකම අපගේ පාලනයෙන් බැහැර විය හැකි නිසාය.

    කාර්මික දෝෂයක් පැමිණිය හොත් නවත්වා පරීක්ෂා කල නොහැක. Car 2ක් එකට පදවන විට timing වැරදීම හෝ වේගය synchronize නොකරගතහොත් අනතුරක් සිදු විය හැක.

    මෙහෙම යනකොට හිටගෙන, අත් අයින් කරලා, අත් වන වන, සැලියුට් ගහලා යනවා. මේවා අනතුරුදායක වුනත් එකේ තමයි මාරක ළිදේ thrill එක රැදිලා තියෙන්නේ. කොටින්ම මාරක ළිඳ කියන්නේ ඒක තමයි. ඒක හැගීමක්. දැනීමක්.. අත්දැකීමක්... moment එකක්....
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,091
    1
    100,771
    113
    34
    Kalutara
    2000ද කොහෙද එකම එක පාරක් මාරක ලිඳක් බලලා තියෙනව. එකවතාවක් ඕකෙන් උඩට වාහනයක්ද බයික් එකක්ද ඇවිල්ලා බලන් හිටපු මිනිස්සුන්ගෙ ඇඟේ වැදිල තියේ නේද?
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    2000ද කොහෙද එකම එක පාරක් මාරක ලිඳක් බලලා තියෙනව. එකවතාවක් ඕකෙන් උඩට වාහනයක්ද බයික් එකක්ද ඇවිල්ලා බලන් හිටපු මිනිස්සුන්ගෙ ඇඟේ වැදිල තියේ නේද?
    ඔව්. මතක විදිහට bike එකක් ආව හොරණ කළුතර පැත්තේ වගේ. වේගය වැඩි කරන්න ගිහින් තමයි ඒක උනේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,797
    39,701
    113
    Homagama
    අනූ ගනන් වල එක පාරක් කානිවල් එකක දැක්කා, අර යකඩ ගෝලයක් තුල බයිසිකල් පදින එක. මාරක ලිදටත් වඩා මාරම ත්‍රිල්. හැම පැත්තටම යනවානේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඇසලමේලා එකේ ආසම අයිටම් එක තමා . පියානන්ට ගිය වෙලේ සිට මාරක ලිද බැලීමට යාමේ අඩවැඩියාව අදටත් මතක් වේ . අතේ බොම්බයි මොටයි කූර කමින් මාරක ලිද බැලිම සොදුරු දසුනකි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අඩෝ ඒ රික්තකයක්ද හදන්නේ?
    මන් හිතන්නෙ මේ අර පයිලට්ලා, රොකෙට්වල යන උන් එහෙම ට්‍රේන් කරන කැරකෙන එකක් තියන්නේ..අර ජී ෆොර්ස් එකට හුරු කරවන සහ ටෙස්ට් කරවන. අන්න ඒකක්..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    අඩෝ ඒ රික්තකයක්ද හදන්නේ?

    නෑ ඕක වේගෙන් කැරකෙනව ගෙඩිය පිටින්ම

    Example


    තව ඕකෙ multi dimensional එවාත් ඇති. එක එක විදියට ඕක හදන්න පුලුවන් නෙ. මම හිතන්නෙ නම් ෆයිටර් පයිලට් ට්‍රේන් කරන ඒවා public දීල නැතුව ඇති, මොකද උන්ට - geforce දරාගන්නත් හුරු වෙන්න ඔනෙ.

    + වලදි ලේ මොලේට යන එක අඩු වෙනව. - අගයදි ඒකෙ අනිත් පැත්ත, ලේ ඔලුවට පීඩනය වැඩි වෙනව. ඒකත් දරාගන්න අමාරුයි ඇස් දෙක රතු වෙලාලු පේන්නෙ එතකොට