අවලස්සන ඇමරිකානුවා හෙවත් Scapegoat

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේ මොහොතේ ලංකාවේ ගහන්න පුළුවන් ඉතා ම තක්කඩි දේශපාලන ගේම් එක ගසමින් ඉන්නේ විමල් වීරවංශ - ගම්මන්පිල - වාසුදේව - අතුරලියේ රතන - මැදගොඩ අභයතිස්ස කල්ලියයි.

    ඔවුන් මේ වෙලාවේ කරමින් ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ "අවලස්සන ඇමෙරිකානුවා" ගිණුමට පමණක් බැරකොට රටේ මිනිසුන් ගේ ඇස්වලට වැලි ගැසීමයි.

    මේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ ගිණුමට පමණක් බැර කිරීමේ භයානකකම වන්නේ එයින් මේ අර්බුදය නිර්මාණය කළ අනෙක් පියවරුන් ගේ පව් ලෙහෙසියෙන් ම සෝදා හැරිය හැකි වීමයි.

    මේ අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් ම බලපෑ අමනෝඥ තීරණ 4ක් තියෙනවා. ඒ තීරණ හතර නොවන්නට ලංකාව අද මේ අගාධයට වැටෙන්නේ නැහැ.

    පළමුවෙනි තීරණය වන්නේ බලයට ආ ගමන් ම ව්‍යාපාරිකයන්ට ලබා දුන් බදු සහන පැකේජයයි. ඒ හරහා රාජ්‍ය ආදායම රුපියල් බිලියන 500කට වඩා අහිමි වුණා.

    එහි බලපෑම මේ රුපියල් බිලියන 500න් පමණක් නතර වූයේත් නැහැ. 2020 මුල ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන්නට මේ තීරණය බලපෑවා.

    ඒ සමග ම ලංකාවට ඩොලර් ලබාගත හැකි මාර්ග ඇහිරෙන්නට පටන් ගත්තා.

    ඒ තීරණය හරියට ම ප්‍රපාතයක් මුදුනේ නවත්තලා තිබෙන වාහනයක රෝදයට හිර කරලා තියෙන අඩකොටය ඉවත් කරනවා වගේ අමනෝඥ වැඩක්.

    ඒ සඳහා ජනාධිපතිවරයා ගේ සිට ඒ මොහොතේ මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටි සියලු ම දෙනා වගකීම භාරගත යුතුයි.

    ආර්ථිකය සම්බන්ධ තීරණ ගත් සියලු දෙනා වගකීම භාරගත යුතුයි. වීරවංශ, ගම්මන්පිල සහ වාසුදේවත් ඒ තුළ ඉන්නවා.

    දෙවැනි තීරණය වන්නේ පසුගිය වසර දෙක තුළ තිස්සේ ම අසීමාන්තික ලෙස කළ මුදල් අච්චු ගැසීමයි.

    ඒ සඳහා වර්තමාන මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල් මෙන් ම මේ ආණ්ඩුව යටතේ ඔහුට පෙර මහ බැංකු අධිපතිවරයාව සිටි මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මූලිකව ම වගකීම භාරගත යුතුයි.

    අනෙක් අමන තීරණය වන්නේ කාබනික පොහොර විගඩම හරහා ලංකාවේ කෘෂිකර්මය විනාශ මුඛයට යැවීමයි.

    මෙතෙක් කල් ලංකාවේ මොන තරම් යුද්ධ තිබුණත්, ත්‍රස්තවාදී කැරලි තිබුණත් ලංකාවේ මිනිසුන් ගේ ආහාර සුරක්ෂිතතාවට හානියක් සිදු වුණේ නැහැ.

    ඒ නිසා රටේ මොන ප්‍රශ්නය තිබුණත් තමන්ට කන්න බොන්න තියෙනවයි කියන සහතිකය සහ විශ්වාසය ලංකාවේ මිනිසුන්ට තිබුණා.

    කාබනික පොහොර විගඩම හරහා ඒ සියල්ල සුණු විසුණු කොට දැම්මා.

    ඒ පසුපස සිටියේ වෛද්‍ය පාදෙණිය, අතුරලියේ රතන ඇතුළු කුඩා කල්ලියක්. ජනාධිපතිවරයා විශේෂඥයන් කියූ සියලු දේ නොසළකා පාදෙණිය සහ අතුරලියේ රතන වැනි ඒ කල්ලියේ අයගෙන් කෘෂිකර්ම උපදෙස් ලබාගත්තා.

    ඒ සියලු දෙනා මේ රටේ ආහාර සුරක්ෂිතතාව බිඳවැටීම සම්බන්ධ වගකීම භාරගත යුතුයි. මේ රටේ ජනතාව ඔවුන්ට ඒ වගකීමෙන් පළා යන්නට ඉඩ නොදිය යුතුයි.

    ඊළඟ වරද වන්නේ මෙබඳු අර්බුදයක් උදාවෙන බව පෙනී පෙනී තිබියදීත් ගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ගොස් විධිමත් සැලසුමකට අනුව ආර්ථිකය ගොඩනැංවීමට අසමත් වීමයි.

    IMF වෙත යාමට මැලි වීමට ප්‍රධානත ම හේතුව වුණේ එවැනි වැඩපිළිවෙලක් තිබෙන විට සොරාකෑමට සහ ආර්ථිකය සමග සූදු කෙළීමට ඇති ඉඩකඩ ඇහිරීමයි.

    IMF පිළිබඳ බිල්ලෙක් රටේ ජනතාවගේ සිතේ මවා තිබුණේ වීරවංශ, ගම්මන්පිල, රතන වැනි විසකුරු ජාතිකවාදී බලවේග සහ යල් පැනගිය වාමාංශිකයන් විසිනුයි.

    ඒ නිසා IMF වෙත නොගිහින් එක් එක් රටවලින් කෙටිකාලීන ණය අරගෙන ඒ හරහා මේ ආර්ථික අර්බුදයට මුහුණ දීමේ විකෘති මනෝභාවයකින් මේ ආණ්ඩුව ක්‍රියා කළා. මේ විකෘති මනෝභාවය පෝෂණය කළේ කබ්‍රාල් ඇතුළු පිරිසයි.

    නමුත් එසේ උදව් ලබාදෙනු ඇතැයි සිතූ බොහෝ රටවල් ලංකාවේ ආණ්ඩුවට උදව් ලබාදුන්නේ නැහැ.

    ඒ නිසා අද මුළු රට ම වසර ගණනකින් හෝ ගොඩ ඒමට අපහසු අගාධයක ගිලී සිටිනවා.

    මේ සියලු පව් "අවලස්සන ඇමෙරිකානුවා" කියන භූතයා ගේ පිටින් යවන්නට උත්සාහ කිරීම කියලා කියන්නේ ම මේ අර්බුදයට වගකිව යුතු අනෙක් සියලු දෙනා ම එයින් නිදහස් කිරීමේ පාදඩ ව්‍යාපෘතියයි.

    වීරවංශ සහ ගම්මන්පිල ඇතුළු පිරිස මේ වන විට කරමින් ඉන්නේ පික් පොකට් කල්ලියක සිටින සොරෙකු තමන් පසුපස මිනිසුන් එළවාගෙන එනවිට පොකට් එක තමන් ගේ සහචරයෙකු දිහාට වීසි කොට "හොරා හොරා" කියමින් ඒ සහචරයා පසුපස පන්නා ගෙන යාමේ භූමිකාවයි.

    තමන් ගේ සහචරයා මිනිසුන්ට අල්ලා දුන් පසු අලුත් ඇඳුම් ඇඳගෙන ඇවිත්, අලුත් චරිතයක් රඟපාමින්, අලුත් විදියට පික්පොකට් ගසන්නට පුළුවන් වේ යැයි මේ පික්පොකට්කාරයා සිතනවා.

    ඒ නිසා මේ පික්පොකට් කල්ලියේ සියලු ම දෙනා ඔවුන් කළ වැරදිවලට වගකියන තැනකට පත් කළ යුතුයි.

    එමෙන් ම නැවත වතාවක් මේ පික්පොකට් කල්ලිය තුළ සිටි කිසිවෙකුට අලුත් සටන් පාඨ හරහා මේ රටේ මිනිසුන් මුළා කොට ඔවුන් ගේ අනාගතය විනාශ කිරීමට ඇති ඉඩ අහුරා දැමිය යුතුයි.
    -

    රසික ජයකොඩි
    27 - 03 - 2022
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,656
    113
    ඔවුන් මේ වෙලාවේ කරමින් ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ "අවලස්සන ඇමෙරිකානුවා" ගිණුමට පමණක් බැරකොට රටේ මිනිසුන් ගේ ඇස්වලට වැලි ගැසීමයි.

    මේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ ගිණුමට පමණක් බැර කිරීමේ භයානකකම වන්නේ එයින් මේ අර්බුදය නිර්මාණය කළ අනෙක් පියවරුන් ගේ පව් ලෙහෙසියෙන් ම සෝදා හැරිය හැකි වීමයි.
    on point. mekata rajapaksha & rajapaksha nowana godak aya wagakiyanna one.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Basil is appointed by the President and it's who I blame. No Rajapaksa, UNP, SLPP, SLFP. දෙන්නන් කාසි වලනං JVP දෙන්නෙත් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,239
    113
    දෙපැත්තෙම ඉත්තො එලියට ඇදගන්න එක හොදා අපිට කාගෙ කාගෙත් රියල් ඇජෙන්ඩ බලාගන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,836
    1
    58,103
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ ආර්ථිකයෙන් 75%ක්ම පැවතුනේ රාජපක්ෂ පවුලේ අය ඇමතිකම් දරපු අමාත්‍යංශ යටතේ කියල අමතක කරවන්න හදන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    බැසිලාට කලින් ගූ ගහන්න ඕනේ ඔය පනික්කියෝ ටිකට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    100% true and me Rasika Jayakodi niyojanaya karana sajithge paksheth ohomama thama...a kiyanne rasika jayakodige politics nam aul...

    Ow kalin sareth Viyathmaga eke un me wage critiques dunna eth unta bale awama thibba tikath na

    Kelawunata passe eka analyze karana eka lesiyi ne, hindsight is 20/20
     
    • Like
    Reactions: usa_nihaal

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    රටට හොද කාලයක් එන්න නම් විමලයා වාසු වගේ උන්ව දේශපාලනෙන් අතු ගාලා දාන්න ඔනෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    පිලිවෙලින් කිව්වොත්, නන්දෙ කපුටා මයිනා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පිලිවෙලින් කිව්වොත්, නන්දෙ කපුටා මයිනා

    මයිනා > කපුටා > නන්දෙ

    මයිනයි කපුටයි 2009 ඉඳන්ම කෑවනේ