හයිටිය සහ ශ්‍රී ලංකාව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මචන්ලා නිකන් ඉන්න ගමන් හයිටියයි ලංකාවයි සංසන්දනය කලා. බලාගෙන යද්දි අපි හිතනවාට වඩා ලොකු අවධානමක නේද ලංකාව තියෙන්නේ.

    හයිටිය කියන්නේ ලෝකේ තියෙන පජාතම හිඟන රටක් කියලානේ කියන්නේ. ඒත් උන්ගේ මුදල් ඒකකය රුපියලට වඩා ඩොලරයට සාපේක්ෂව ශක්තිමත්. උන්ගේ 106 යි අපේ 280 පැනලා.මන් හිතන්නේ උන් කොහොමත් ලෝකෙන් වෙන් වෙලා වගේනේ ඉන්නේ ආනයන අපනයන මොකුත් නැති නිසා ඔය ගාන තියාගෙන ඉන්නවා ඇති. අපෙත් මේ යන විදිහට අපනයන ආදායම අඩු වෙලා ආනයන වියදම වැඩි වුනොත් අපි හයිටියට වඩා ඉක්මනට වැටෙයි.

    අනික උන්ගේ GDP Per Capita එක එක්දහස් ගාණක් අපේ තුන්දහස් ගාණක් එකම මට්ටමක වගේ තියෙන්නේ. හැබැයි උන් මැටි කන තත්වෙටම වැටිලා අපි තාම ඒ තත්වෙට වැටිලා නෑ. මටනම් හිතන්නේ අපි ඔලුව උස්සගෙන ඉන්නේ අපිට තාමත් ණය දෙන රටවල් ඉන්න නිසා. බැරි වෙලාවත් ඒ රටවල් අපිට ණය දෙන එක නැවැත්තුත් අපි අනාතයි නේද? මැටිවත් නැති වෙයි කන්න.

    අනික තමයි හයිටිය කියන්නේ ලෝකයෙ අපරාධගහනය වැඩිම රටක්. සංචාරකයෙක් හරි යමක් කමක් තියෙන මනුස්සයෙක් හරි ගෙයින් එළියට බැහැලා ගියොත් ආපහු ගෙදරට එන එක වීරක්‍රියාවක් වගේ. ඒකට හෙතුවත් දුප්පත් කමනේ. අපේ රටටත් ඒ දේ වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා ගෑස් පෝලිම් වලයි ශෙඩ් වලයි මරාගන්න විදිහ දැක්කම.

    Street view වලවත් හයිටියේ පාරවල් වල පින්තුර ගොඩක් අඩුයි. මන් හිතන්නේ ගූගල් එකටත් යන්න බැරුව ඇති කැමරා උස්සනවා ඇති :lol: .
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපනයන ආදායම අඩු වෙලා ආනයන වියදම වැඩි වුනොත් අපි හයිටියට වඩා ඉක්මනට වැටෙයි
    උඹ දන්නවද dialog, hutch calls, sms, data package සේරම සල්ලි යන්නේ පිටරටට.. ස්වර්ණවාහිනී ad දාන සල්ලි සේරම පිටරටට..
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒත් උන්ගේ මුදල් ඒකකය රුපියලට වඩා ඩොලරයට සාපේක්ෂව ශක්තිමත්. උන්ගේ 106 යි අපේ 280 පැනලා.
    මෙහෙම මනින්න බෑ මහත්තයෝ .
    මුදලක වටිනාකම තීරණය වෙන්නේ ඔහොම නෙමෙයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මෙහෙම මනින්න බෑ මහත්තයෝ .
    මුදලක වටිනාකම තීරණය වෙන්නේ ඔහොම නෙමෙයි
    මට ආර්ථික විද්‍යාව ගැන දැනුමක් නෑ. නිකන් බලලා දැම්මේ. කොහොමත් ඔහොම මනින්න බැරුව ඇති. ඔය විදිහටනම් රටේ මුදල් ඒකකයේ ශක්තිමත් බව මනින්නේ අපේ රට මේ වෙද්දි පතල් පිටින් හාරාගෙන මැටි කන්න ඕනේ. ඔයා හදලා බලල කියන්නකො හයිටියට වඩා අපේ මුදල් ඒකකය කොච්චර ශක්තිමත්ද කියලා

    උඹ දන්නවද dialog, hutch calls, sms, data package සේරම සල්ලි යන්නේ පිටරටට.. ස්වර්ණවාහිනී ad දාන සල්ලි සේරම පිටරටට..
    ඒක තමයි බන් කියන්නේ. අපේ රටෙන් හම්බකරගන්නේ පිට රටවල් වල ව්‍යාපාරිකයෝ. පොඩි උන් ඉපදුන දවසේ ඉඳන් දොස්තරයි ඉන්ජිනේරුවයි කරන්න දඟලන එක නවත්තන්න ඕනේ. රට ගොඩ ගන්න පුලුවන් විදේශ විනිමය ගේන ව්‍යාපාරිකයො වැඩි වුනොත් විතරයි
    ------ Post added on Mar 29, 2022 at 5:54 PM
     
    Last edited:
    • Sad
    Reactions: siri_ayya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    meka dakkamanam baya hitenwa


    277161828_538371170971522_37139993177029049_n.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    1 usd = 1,213.38 South Korean won
    එහෙනම් ඉතින් අහවල් ලබ්බකටද බන් රුපියල වැටෙනවා කියලා අඬන්නේ. ණය වැඩි කියලා අඬන්න දෙයකුත් නෑ ඇමරිකාව අපිට වඩා ණය වෙලා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි හිතනවාට වඩා ලොකු අවධානමක නේද ලංකාව තියෙන්නේ.
    මෙන්න මේ වගේ හිතන නිසා තමයි ලංකවේ කවදාවත් හදන්න බැරි. "හිතනවාට වඩා ලොකු අවධානමක්" බලපන් මෙච්චර කෙලවෙලා තියෙද්දිත් මේක පොඩි අවධානමක් තියන දෙයක් කියල හිතන් ඉන්නේ. දැන් officially නොකිව්වට ලංකාව බංකොලොත්, නය ලැබුනේ නැතොත් බලපන් තව වෙන විනාසේ..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාව ටිකක් පරණ වලව්වක් වගේ. සුද්දා යද්දී අපිට සාපේක්ෂව හොද සිස්ටම්ස් ටිකක් හැදිලා තිබ්බ. සෞක්‍ය, නිදහස් අධ්‍යාපනය වගේ ඒවා. ඒ දේවල් නිසා අපි සල්ලි නැති උන ගමන් වැටෙන්නේ නෑ. ටික ටික තමයි කෙල වෙන්නේ. ඔය සිස්ටම්ස් මෙන්ටේන් කරන්නත් සල්ලි නැති උනාම ඒවත් කෙලවෙනවා. වලව්කාරයට දැන් සල්ලි නැති උනාට හොද ගෙයක් තියෙනවා මේන්ටේන් නොකර හිටියම ඒකත් ටික කාලෙකදී කඩා වැටෙයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මෙන්න මේ වගේ හිතන නිසා තමයි ලංකවේ කවදාවත් හදන්න බැරි. "හිතනවාට වඩා ලොකු අවධානමක්" බලපන් මෙච්චර කෙලවෙලා තියෙද්දිත් මේක පොඩි අවධානමක් තියන දෙයක් කියල හිතන් ඉන්නේ. දැන් officially නොකිව්වට ලංකාව බංකොලොත්, නය ලැබුනේ නැතොත් බලපන් තව වෙන විනාසේ..
    මේකනේ මචන් මිනිස්සුට තම තමන්ගේ ප්‍රශ්න තියෙනවානේ රටේ ප්‍රශ්න ගැන හිතන්න කලින්..හැබැයි අතේ තියෙන සල්ලි වලටවත් ගන්න බඩු නැති වෙච්ච දවසට තමයි මිනිස්සු ඇත්ත ප්‍රශ්නේ දකින්නේ.මොකද ගෝඨාභය ජාතිය අමතලා ප්‍රශ්න ටික කියලා ගියා වගේ :lol: වෙන ජනාධිපතිලා ප්‍රශ්න කිව්වේ නෑනේ. උන් කිව්වේ මේ රට හැම දෙයින්ම ස්වයං පෝෂිතයි කියලානේ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ලංකාව ටිකක් පරණ වලව්වක් වගේ. සුද්දා යද්දී අපිට සාපේක්ෂව හොද සිස්ටම්ස් ටිකක් හැදිලා තිබ්බ. සෞක්‍ය, නිදහස් අධ්‍යාපනය වගේ ඒවා. ඒ දේවල් නිසා අපි සල්ලි නැති උන ගමන් වැටෙන්නේ නෑ. ටික ටික තමයි කෙල වෙන්නේ. ඔය සිස්ටම්ස් මෙන්ටේන් කරන්නත් සල්ලි නැති උනාම ඒවත් කෙලවෙනවා. වලව්කාරයට දැන් සල්ලි නැති උනාට හොද ගෙයක් තියෙනවා මේන්ටේන් නොකර හිටියම ඒකත් ටික කාලෙකදී කඩා වැටෙයි.
    හැබැයි වලව්කාරයා කන්න නැති උනත් වංසේ කබල් ගාන එක නවත්තන්නේ නෑ. අපිත් එහෙමයි 2500 වංසේ කබල් ගානවා හොම්බෙන් ගියත්
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113


    ඔය රොටිය හදන මඩ වර්ගය ලංකාවේ නෑ.. එහෙම උනොත් පස් තමයි කන්න වෙන්නේ
    ------ Post added on Mar 29, 2022 at 6:31 PM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය


    ඔය රොටිය හදන මඩ වර්ගය ලංකාවේ නෑ.. එහෙම උනොත් පස් තමයි කන්න වෙන්නේ
    ------ Post added on Mar 29, 2022 at 6:31 PM

    Na ban kiri matiyen haduwoth me qulity eka ganna puluwan... welawaka hadala balanna one
     
    Last edited: