ත්‍රිමා

lilman

Well-known member
  • May 10, 2009
    40,789
    54,194
    113
    Colombo
    මෙයාට පරාල ඇන ගහපු එකා තවම ඉන්නවලු.කවුද ඌ ??

     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ

    කාල කන්නියෙක්නෙ බන් මූ, පුකටත් ඇනගහන්න තිබුනෙ
    කුහක හිගන වෙසිගෙ පුත්තු.හැම එකක්ම ආන්ඩුවෙන් කරලා දීපියව් කියන හිගන මානසිකත්වයෙන් ඉන්න මුන් වගේ කාලකන්නිත් රටට බරක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ත්‍රීමාට ඈන ගෑහෑව්ව එකා අද පොහොට්ටුවේ ඉන්නේ..... සුසන්ත පුන්චිනිලමේ
     
    • Wow
    Reactions: lilman

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    සුසන්ත පුංචිනිලමේ

    1650878797983.jpeg
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කාල කන්නියෙක්නෙ බන් මූ, පුකටත් ඇනගහන්න තිබුනෙ
    කුහක හිගන වෙසිගෙ පුත්තු.හැම එකක්ම ආන්ඩුවෙන් කරලා දීපියව් කියන හිගන මානසිකත්වයෙන් ඉන්න මුන් වගේ කාලකන්නිත් රටට බරක්
    100% agree. okunuth me arbuda walata waga kiyanna oni
     
    • Like
    Reactions: lilman

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    100% agree. okunuth me arbuda walata waga kiyanna oni
    ත්‍රීමා එක්ක එකට වර්ජන කරපු එවුන් අද ප්‍රයිවට් ප්‍රෑක්ටිස් කරලා හොදට හම්බු කරනවා. ඒක තමා යතාර්තය
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    පුළුස්සා වැල්ලවායකොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින්පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමාතිබුණි.
    1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි.චිත‍්‍ර ශිල්පියෙකි.ඒ හැමටම වඩා ඔහුසැබෑ මිනිසෙක් විය.
    පද්මසිරි ත්‍රිමාවිතාන දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 පෙබරවාරි මස 29 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පිරි අහිංසක පවුලක, මවගේ පියාගේ හාසොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය.
    මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ, මාදම්පාගම ගා/රොන්නදූව විද්‍යාලයෙන් සහ කහව ගා/වේරගොඩ විජයබා විද්‍යාලයෙන්හැදෑරූ ඔහු ද්විතීයික අධ්‍යාපනය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් විය. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍යපීඨයට ඇතුළත් වීමට වරම් ලැබීය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.
    ජීවිතයේ දිගුගමන් මඟ වසනාවන්ත සාර්ථක එකක් කර ගන්නට වසර 15 කට ආසන්න කාලයක ප‍්‍රාථමික අධ්‍යාපනය ජයගෙන ජීවිතයේ ප‍්‍රාර්ථනා ඉටු කරගන්නට පා තැබූ බුද්ධියේ තෝතැන්න අවසනාවන්ත ලෙස ජීවිතයේ අවසන් භාගය තීන්දු කරාවි යැයි ඔහුනොසිතන්නට ඇත.
    වර්ෂ 1977 දී බලයට පත් ජයවර්ධන රජය එතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක‍්‍රමය වෙනස් කර විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වාදෙමින් පොදු මහජන සේවාවන් ක‍්‍රමයන් පෞද්ගලීකරණය කිරීම ඇරඹීය.ඉනික්බිති අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත ගෙන එන ලදි. මෙම පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස තනි අමාත්‍යාංශයක් වශයෙන් තිබූ අමාත්‍යාංශය එතැන් සිට අමාත්‍යාංශ දෙකක් බවට පත් විය.
    මෙම පනතෙහි විශ්වවිද්‍යාලප‍්‍රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ මෙසේය විශ්වවිද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.” මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්‍යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් ඇති වීම ආරම්භ විය.
    මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් නව ප‍්‍රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්‍යාපන පාඨමාලාපැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරනආකාරය, එම ආයතනයන්හී අධ්‍යාපනය සඳහා වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත්ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේඅනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය.
    ඒඅනුව රාගමතලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹමහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක‍්‍රියාවලියේ අරමුණ විය. නමුත් ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් හා ජීවිත පිරිත්‍යාගයෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය.
    අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්‍යවිරෝධය රළ ගසමින් නැඟී ආවේය. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා දක්නට ලැබිණි.
    මේ ක‍්‍රියාවලියෙන් නිදහස් අධ්‍යාපනයට වන හානිය මනාව තේරුම් ගත්ශිෂ්‍යයන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් යුතුවපෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. නමුත් එය ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් නොවීය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්‍රාශීලීභාවය එයට ප‍්‍රධාන හේතුවක් විය. 1983 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමටබහුතරයක් සිසූහු පෙළ ගැසුනාහ.
    ඔවුන්ගේ උත්සාහය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨයෙන් ස්වායත්ත කිරීම පමණි. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් මඟින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් කොළඹ වෛද්‍යපීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඔවූහු උත්සාහ කළහ.නඩුව ඉවතලන ලද අතර ඇපෑලද පරාජය විය. සිසුන් පන්ති වර්ජනය කර විභාග වර්ජනය කර සිටියහ.
    ලාංකීය ඉතිහාසයේ කලූ පැල්ලමක් වූ 1983 කළු ජූලිය එළඹියේ මේඅතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්‍ය සභාව තහනම් වූ අතර කළුජූලියෙන් පසු එළඹි භීෂණය වෛද්‍ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය නිවාලීය.මේ අතර දෙමාපිය සංගමයක් බිහිවූ අතර ප‍්‍රශ්නය විසදීම තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලීම් කෙරිණි.
    1987 වසර එළබිණි. එය තීරණාත්මක වසරක් විය. ඒ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩිවීමට නියමිතව තිබූ වසරයි.
    ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව අධ්‍යාපන සුදුසුකම් රහිතව මුදලට පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට අතුලූ වූ ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය හිමිකරදීමට ඔවූහුඋත්සාහ කළහ. මේ කඩඉම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට පැහැදිළිවම අභියෝගයක් විය. මෙකී උණුසුම වඩාත් තීව‍්‍ර වූයේ 1987 දී අත්සන් කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම මඟිනි. ඊට එරෙහිව මුල්ම වෙඩි මුරය පත්තු වූයේ සරසවි තුළිනි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දා පිටකොටුවේදී සරසවි සිසූහු ගණනාවක් දිවි පීදූහ.
    එම අවසාන වසර විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දිනය. මෙම අභියෝගයට අභීතව මුහුණ දීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව තීරණය කළ අතර ඒඅනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට සිදු විණ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍යක‍්‍රියාකාරී කමිටුවට හැකි විය. දිවයින පුරා විසිරී සිටින සියළු වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්‍ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවාගත හැකි විය. 1987 ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කෙරුණු අතර 1987 ජූලි 13 දින වෛද්‍යවරුන්ගේ වැඩ වැරුම ඇරඹිණ.
    රජය ප‍්‍රශ්නය විසදීම පසෙක තබා වෛද්‍යවරුන් මර්ධනය කර වර්ජනය නතර කිරීමට උත්සාහ කළේය. අනවශ්‍ය සේවා නියෝග පනවන ලදි. වෛද්‍යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කෙරුණි. වෛද්‍ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්‍යවරුන් දිරිමත්කරමින් කටයුතු කළ නිසා මේ තර්ජන වෛද්‍ය වැඩවැරුම නතර කිරීමට ප‍්‍රමාණවත්නොවිණි. ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පසු ජයග‍්‍රහණය පෙනි පෙනී අතහැර දැමුණි. එහෙත් එම වෛද්‍ය වැඩ වර්ජනය වෛද්‍ය ශිෂ්‍ය අරගලයට ලබා දුන් පිටුබලය අපමණය. ඉගැන්වූ පාඩම් බොහෝය. වෛද්‍ය වර්ජනය ඇරඹෙන විට වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු වී තිබුණි.
    රජයේ අධ්‍යාපනයපෞද්ගලීකරණ ප‍්‍රතිපත්තියට එරෙහි වනු වෙනුවට කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීයඋපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීම එහි අරමුණ විය. සත්‍ය වශයෙන්මඅරගලය ඇරඹිය විය යුතුව තිබුණේ නිදහස් අධ්‍යාපනය රැක දීමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොතිබිය යුතුය යන්න අවධාරණය කරමිනි. හුදෙකලා වෛද්‍ය වර්ජනය පරාජය වීමෙන් පසු සියලූ දෙනාටම මෙම සත්‍ය පසක් විය. ජනතාවට සැකයකින් තොරව බද්ධ විය හැකි ජනතාවාදී සටන් පාඨයක් ඉදිරිපත් වූයේ ඉන් පසුවයි. “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන්න එම සටන් පාඨය විය.
    පද්මසිරි ත‍්‍රීමාවිතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයටතේ 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ.
    වසා දැමුනු වෛද්‍ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණිතී‍්‍රමා නැවත පිටත්ව ගියේ තම පරපුර මුහුණ දෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහාය. ඔහු රත්නපුර ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ප‍්‍රධානියෙක් විය ඇතැම්විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත‍්‍රීමා හිකකඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි.
    වෛද්‍ය සිසුන්ගේ අරගලයවසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්‍ය පීඨ සිසුන්වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ. වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලිකවෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇදරට පුරා ඇලවීමට වෛද්‍ය සිසුන් ක‍්‍රියා කළහ.කෲර මර්ධනය එළඹියේ ඉන්අනතුරුවයි. ත‍්‍රීමාවිතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යනසොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැරගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවායකොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින්පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමාතිබුණි.
     
    • Like
    Reactions: lilman

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ත්‍රීමා එක්ක එකට වර්ජන කරපු එවුන් අද ප්‍රයිවට් ප්‍රෑක්ටිස් කරලා හොදට හම්බු කරනවා. ඒක තමා යතාර්තය
    all a kale idapu jeppo ehemayi.. lokuwatama scene idapu un ehemayi.dan ape area1 idapu bus gini thiyapu eka palathe lokuma lii mola karanawa gas kapa kapa..
    panthi kala eka bahira upadi karala teaching ghn, widuhalpathi wbage liyala dan sl lokuma pasalaka pina wela lamayek daanna laksha5 gaane gannawa kotipathiya, game duppath gedarakin medical awa medical jeppa, dan ispititaale time1th cut krala pp krnawa salli peretaya.. jepponta kal yaddi terenawa samajawade kara kara idapu tike salli goda miss una neda kiyala...
    anyway akd tama denna wenne apata wena kenek ne
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්දෝලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිවඅධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමටනොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.
    අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍යක‍්‍රියාකාරී කමිටුවේ ශක්තිය හා බලය ප‍්‍රදර්ශණය කරවූයේ මෙම ඝාතනයට පසු අවස්ථාවයි. ත‍්‍රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු කිරීමට රජයඋත්සාහ කළහ.එහෙත් වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ඊට එකඟ නොවීය.
    කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්‍ය සිසු සිසුවියන් ත‍්‍රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ආණ්ඩුව එයට ද ඇහුම්කන් නොදුන් විට ඔවූහූ සිරුරට පෙට්රල්වත්කර සිය දිවි හානි කර ගැනීමට තැත් කළහ. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු විය. කුඩා පෙට්ටියක බහාලූ ත‍්‍රිමාගේ මෘතදේහය සොවින් කදුළු සැලූ සටන් සඟයන්ගේ කර මතින් වෛද්‍ය පීඨයට රැුගෙන එනලදි. එයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් පැමිණියහ. ආදාහන පෙරහැර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා විය.අවමඟුලට සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවීය. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල විය.
    මෙම ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්‍ය නායකයාට ඔහු ගෙන ගියඅරගලය ජයග‍්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට ශපථ කළහ. නමුත් එය ඝාතක පෙළක ඇරඹුම පමණක් විය. එමඅරගලයේ මුල් පෙළ නියමුවන් වූ වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික‍්‍රම අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පැහැරගෙන ගොස් මරා දමන ලදි.
    රාජ්‍ය භීෂණය වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රශ්නය විසදිය යුතු විය.
    එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට 1981-89 වෛද්‍ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි.
    ලාංකීය ඉතිහාසය තුළ ශිෂ්‍ය අරගලයක් කම්කරු පන්තිය ඇතුළු පොදු ජනතාව සමඟ බද්ධ වී ඉතාමත් සංවිධානාත්මකව සමස්ථ ශ‍්‍රී ලංකාව පුරාම පැතුරුණු දීර්ඝකාලීන බහු ජන අරගලයක් දක්වා පෙරට ගොස් ජයග‍්‍රහණය අත්පත් කර ගැනීම පිළිබඳව පළමු අත්දැකීම 1981-89 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය බව සනිටුහන් කිරීමට හැකි වීම, එකී අරගලයට නායකත්වය දී දිවිපිදූ සියල්ලන්ගේත් අරගලයේදී අපරිමිත ධෛර්යෙන් යුතුව කටයුතු කළ සියල්ලන්ගේත් ගෞරවය පිණිස වනු ඇත.


    මගේ ජීවිතයේදී වරක් පමණක් අහම්බෙන් හමුවුණු ත්‍රිමා අය්යා මට වඩා වයසින් වැඩිමහල් අවුරුදු තුනකින් විතරයි. එයා 1964 මාර්තු මස 01 වෙනිදා උපන් අයෙක්. මම ඊට වඩා අවුරුදු තුනකට පස්සේ උපන් අයෙක්. ත්‍රිමා අය්යව මරලා දැම්මට පස්සේ තමයි මම එයාගේ නම දැනගත්තේ. එතකොට මම හිටියේ අපේ ගමේ.
    මමත් තවත් අය්යා කෙනෙකුත් එක්ක අපේ ගමේ ඉදලා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ආවා ත්‍රිමා අය්යට ගෞරව කරලා යන්න.
    වීදුරුවකින් සීල් තියපු පෙට්ටියක තමයි ත්‍රිමා අය්යා වැතිරිලා හිටියේ. අදුනගන්න බැරි පුංචි හිසක් වීදුරුවට යටින් තිබුනත් ඒ ත්‍රිමා අය්යා කියලා හිතාගෙන, අපි පෝලිමේ ගිහින් ඒ දේහයට හිස නමලා ගරු කළා. ඒ ගෞරවය දුන්න පෝලිම හුඟක් දිග එකක්. එතකොට මට වයස අවුරුදු විසි එකයි. හරියටම මගේ පුතාගේ වයසේ. දැන් මට පනස් හතරයි.
    1988 ඉදන් අද වෙනකොට අවුරුදු 31ක්. සෑහෙන කාලයක්. හැබැයි ඒ දවසත් ත්‍රිමා අය්යවත් අද වගේම මතකයි.
    මම දැන් ඉතිහාස කතාව ලියන්නම්. 1981 දී රාගම දී ආරම්භ කළා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්. ඒකට කිව්වා නම තමයි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.
    1977 දී බලයට පත්වුණු ජේ. ආර්. ජයවර්ධන රජය එතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක‍්‍රමය වෙනස් කර විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දුන්නා. පොදු මහජන සේවාවන් ක‍්‍රමයන් පෞද්ගලීකරණය කළා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත ගෙන ආවා. මේ පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස තනි අමාත්‍යාංශයක් වශයෙන් තිබූ අමාත්‍යාංශය එතැන් සිට අමාත්‍යාංශ දෙකක් බවට පත් කළා. මෙම පනතෙහි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ “විශ්වවිද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.” යනුවෙන්. මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්‍යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් ඇති කළා.


    69-701x422-1-300x181.jpg
    1978 අංක16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් නව ප‍්‍රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කළා. ඒ ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්‍යාපනය සඳහා වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු වුණා. මේ කියන්නේ විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වූ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගත්තා.
    පනතට අනුව රාගම, තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දුන්නා. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පැවරුවා. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදා. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක‍්‍රියාවලියේ අරමුණ බව සිහි බුද්ධිය යාන්තමින්වත් ඇති අය තේරුම් ගත්තා. ඒ නිසාම අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්‍ය විරෝධය රළ ගසමින් නැඟී ආවා. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා පැවැත් වුණා.
    පෞද්ගලිකකරණය නිසා නිදහස් අධ්‍යාපනයට වන හානිය තේරුම් ගත් ශිෂ්‍යයන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කළා. හැබැයි ආරම්භක අවධියේදී ඒක ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් වුණේ නැහැ.
    ඒ වෙන කොටත් 80 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ තිබුණේ නින්දකට.
    1983 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමට බහුතරයක් සිසූහු පෙළ ගැසුනා.
    ඒ අයගේ උත්සාහය වූනේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨයෙන් අයින් කිරීම. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් හරහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඒ අය උත්සාහ කළා. නඩුව විසි වූනා. ඇපිල් කළත් එකත් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේ ශිෂ්‍යයෝ පන්ති වර්ජනය කළා. විභාග වර්ජනය කළා.
    ඔය අතර තමයි ජේ. ආර්. ගේ ආණ්ඩුව 83 කළු ජූලිවෙනුවෙන් බව කියමින් ජේ. ආර්. ගේම ආණ්ඩුව හදිසි නීතිය දැම්මා. ඒ හදිසි නීතිය මඟින් ශිෂ්‍ය සභා සියල්ල තහනම් කළා. කළු ජූලියෙන් පස්සේ ආපු භීෂණය වෛද්‍ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය අඩුකළා. මේ අතර වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංගමයක් ඇති වුණා. ඒ අය කිව්වේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය විසඳීම ඒ අයට දීලා ශිෂ්‍යයන්ට විභාගයට වාඩි වෙන්න කියන එක.
    ඒ පාර වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයින් මෝඩ වැඩක් කළා. ඒ අය තමන්ගේ දෙවෙනි වසර විභාගය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් සමඟ එකට ලිව්වා.
    ඔයින් පස්සේ 1987 වසර. ඒක තීරණාත්මක වසරක්.
    ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩි වූ වසර. ඒ අයට කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයෝ අවස්ථාව දුන්නා.
    නිසි අධ්‍යාපන සුදුසුකම් නැතිව තමන්ගේ දෙමාපියන්ගේ සල්ලි නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනු අය කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය හිමිකරදීමට උත්සහ කළා. ජේ. ආර්. ගේ ආණ්ඩුවත් පීඨ පාලකයෝත් උත්සහ ගත්තා. ඒ උත්සාහය එදා මෙදා තුර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට දැවැන්තම අභියෝගයක්. ඔය අතර තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ.
    1987 ජුනි 2 රාත්‍රී රොයිටර් පුවතකින් කිව්වේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්‍ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවයි. කිව්වත් වගේම රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් එදිනම පස්වරුවේ, හවස 6 ට විතර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වුණා. ඒ වෙන කොට උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර‍. එයාගේ උපදෙස් පරිදි ‘එඩිතර’ නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ සමඟ වූ නාවික භටයෝ බෝට්ටු ඉදිරියට ඒම නතර කළා. පැය තුනහමාරක විතර කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු එදාම රෑ 9.30ට විතර ඉන්දියාව දෙසට යන්න පටන් ගත්තා.
    ඊට දවසකට පස්සේ ඒ කියන්නේ 1987 ජුනි 4 වෙනිදා ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූවා. ඔහුට කිව්වේ එදාම හවස 3.30ට විතර ඉන්දිය තමන්ගේ ගුවන් යානා මගින් උතුරේ ජනතාවට භාණ්ඩ හෙළන බව. මහ කොමසාරිස් තිලකරත්න එදාම පස්වරු 2.55ට ජේ. ආර්. ගේ ආණ්ඩුවේ විදේශ ඇමති ඒ. සී. එස්. හමීඩ්ට ඒ කතාව කිව්වා.
    කිව්වත් වගේම 1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැං‍ගලෝරයේ ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළා. එදාම පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ ඉඳන් එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිමට දැම්මා.
    ------ Post added on Apr 25, 2022 at 7:41 PM
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    in-la-300x176.jpg
    ඉන්දියාව ගුවනින් පරිප්පු දාලා දවස් 3කට පස්සේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැදුණා. ටී 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් ඒවායින් පැහැර ගත්තා. 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියා සිටියේ ඉන්දිය ගුවන් ආක්‍රමණිකයා හමුවේ මව්බිමේ ආරක්ෂාවට එජාප ආණ්ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් බවයි.ආයෙමත් 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැර ගත්තා.
    1987 ජුලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයින් අමතමින් පානදුරේදී ජනාධිපති ජයවර්ධන කව්රු විරුද්ධ වුනත් තමා ගිවිසුම අත්සන් කරන බව ප්‍රසිද්ධියේ කිව්වා. ඒ තමයි ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමක් ගැන ජේ. ආර්. ප්‍රසිද්ධියේ කිව්ව පලවෙනි අවස්ථාව.
    මේ ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වෙනිදා කොටුව බෝගහ ළඟ විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ එදා උදේ 8ට.
    විරෝධතා ව්‍යාපාරයට මව්බිම සුරකිමේ සංවිධානය වෙනුවෙන් හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ප්‍රින්ස් ගුණසේකර යන අය උන්නා. ඒ අය තමයි මේකේ කැඳවුම්කරුවෝ. සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, බෙංගමුවේ නාලක හිමි, ගාමිණී ඊරියගොල්ල, අනුර බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප අය හුඟ දෙනෙක් උන්නා.
    ඔය කියන 1987 ජුලි 28වැනිදා උදේ 11.30 වෙද්දී විසි තිස් දාහකට ආසන්න පිරිසක් කොටුව බෝගහ ලඟට එක් වුණා. පොලිසිය කඳුළු ගෑස් ගැහැව්වේ බැටන් පාරත් එක්ක. ඊළඟට වෙඩි තිබ්බා. ඉලක්කයක් නැතුව හතර අතේ.
    ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී අරගලයේදී වෙඩි වැදිලා මැරුණේ ශිෂ්‍යයෙක්. ඒ මොරටුව විශ්ව ඉංජිනේරු ශිෂ්‍ය ක්ලිෆඩ් පෙරේරාය අයියා. එදා කොටුවේ බෝ ගහ ළඟ වෙඩි තියලා 21 දෙනෙක් මරුවා.
    1987 ජුලි 29වැනිදා උදේ 10.30ට ඉන්දියා අගමැති රජීව් ගාන්ධියි බිරිඳ සෝනියායි කටුනායකට ආවා. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන අයයි කේ. පී. එස්. මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් ලංකාවට ආවා.
    ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හමුවුනු ඒ උදවිය රට පුරා පැනවුණු ඇදිරිනීති‍ය මැද්දේ 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට ඉන්දු – ලංකා ගිවිසුමට අත්සන් කළා.
    ඒ වසර අවසානයේ වෛද්‍ය විද්‍යාල වසර අවසන් විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දා.
    ඒක අභියෝගයක්. හැබැයි ඊට මුහුණ දෙන්න අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව තීරණය කළා. ඒ අනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට පුළුවන් වුණා. අද වගේ ආන්දුගති නොවුණු රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවට ලැබුණා. රට පුරා විසිරී සිටින සියළු වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්‍ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවා ගන්න ශිෂ්‍යයන්ට පුළුවන් වුණා. 1987 ජූලි මාසය රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතා මාසය ලෙස නම් කෙරුණේ 1987 ජූලි 13 දින වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයකින්.
    ජේ. ආර්. ගේ ආණ්ඩුව ප‍්‍රශ්නය විසදීම පැත්තක් තියලා වෛද්‍යවරුන් මර්දනය කරලා වර්ජනය නතර කරන්න බැලුවා. අත්‍යවශ්‍ය සේවා නියෝග දැම්මා. වෛද්‍යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කළා. මේ සියල්ලටම එරෙහිව වෛද්‍ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්‍යවරුන් සංවිධානය කළ නිසා ජේ. ආර්. ගේ ආණ්ඩුවේ තර්ජන වෛද්‍ය වැඩ වර්ජනය නතර කිරීමට ප‍්‍රමාණවත් වුණේ නැහැ.
    මේ රටේ ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පස්සේ ජයග‍්‍රහණය පෙනි පෙනී අතහැර දැම්මා. වෛද්‍ය වැඩ වර්ජනය ආරම්භ වුණේ වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු කරමින්. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණ කිරීම වැළක්වීමේ දිගුදුර ඉලක්කය වෙනුවට සටන එල්ල වුණේ කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීය උපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීමට විතරයි. පළමු වටයේදීම ඒ හුදෙකලා සටන වෛද්‍ය වැඩ වර්ජනය පරාජය වීමෙන් පස්සේ වෙන් වෙන්න පටන් ගත්තා. සටන නිදහස් අධ්‍යාපනය රක ගැනීම දක්වා පුළුල් වියයුතු බව වැටහුනා. ඒ හුදෙකලා සටන එතැන් පටන් “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” දක්වා අර්ථාන්විතව පුළුල් වුණා.
    1988 ඔක්තෝම්බර් 22 වැනිදා පැහැරගෙන ගොස් හිසට පරාල ඇණ ගසා මරා දමන තුරු ත්‍රිමා අය්යා, පද්මසිරි ත්‍රිමාවිතාන ඒ සටනේ ධෛර්යය පිරි යෞවනයෙක් වුණා.
    ත්‍රිමා අය්යා දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ උපන්නේ 1964 මාර්තු මස 01 දා. එයාගේ තාත්තා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙක්. ත්‍රිමා යයට මල්ලිලා තුන් දෙනයි. එක නංගී කෙනයි. එයා තමයි පවුලේ වැඩිමලා. අම්බලන්ගොඩ කහව පාසලෙන් උසස් පෙළ ලියලා 1985 දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ආපු කෙනෙක්. එයාගේ හොස්ටල් එක බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරය.
    පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතේ 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය වෙනුවෙන් සටන් කළා. ඒ කාලයේ අපි උසස් පෙළට ජීව විද්‍යාව කරපු ශිෂ්‍යයෝ.
    අපි යන්න හිතන් හිටපු වෛද්‍ය පීඨ වහලා සටන් ඇවිලුණු යුගයක රත්නපුර ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ප‍්‍රධානියෙක් වුණ ත්‍රිමා අය්යා මට මුන ගැහුණේ 1987 වගේ කාලයේ එකම එක දවසක්. හමුවුණු දවසේ අපි දැනන් උන්නේ නැහැ එයාගේ නම පද්මසිරි ත්‍රිමාවිතාන කියලා. මරාදැම්මට පස්සේ තමයි ඒ අය්යගේ නම ත්‍රිමා කියලා දන ගත්තේ. දන්නා විදිහට ත්‍රිමා අය්යා හික්කඩුවේ ඉදලා රත්නපුරයට ගිහින් තිබුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ප්‍රශ්නය ගැන මිනිස්සුන්ට කියන්න. ඒ විතරක් නෙමෙයි රටේ තත්වයත් ගැන මිනිස්සුන්ට කියන්න.
    පද්මසිරි ත‍්‍රීමා විතාන, රංජිත් පෙරේරා, ඩී. ඩී. බන්දුවර්ධන යන තුන් දෙනා රත්නපුර බස්නැවතුම් පොලේදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගත්තා. වද බන්ධනයට ලක් කරපු මේ තුන්දෙනා එදාම රෑ මරාදාලා, පුච්චලා වැල්ලවාය, කොස්ලන්ද පාරේ දාලා ගිහින් තිබුණා. සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවලා, යටිපතුල් පලලා, ඇස් උගුල්ලලා, ඔලුව දෙපැත්තට පරාල ඇණ ගහලා ඒ එන වලට ලණු බැඳලා ජීප් එකක මහා පාරේ ඇදගෙන ගිහින් තමයි මේ ය ඝාතනය කරලා තිබුණේ.
    මෙම ඝාතනයේ චෝදනා එල්ල වුණේ ඒ කාලේ සබරගමුව මහ ඇමතිගේ පුතා සුසන්ත පුංචිනිලමේට. නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග වුණා. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට අධිචෝදනා 13 ක් පවරා තිබුණා. අන්තිමට චෝදනා ඔප්පු කරන්න බැරි වුන නිසා ඒ උන්දලා නිදහස් වුණා.


    image_4a5a30b9a2-300x120.jpg
    ජේ. ආර්. ගේ ආණ්ඩුව මරාදාපු ත්‍රිමා අයගේ මළසිරුරටත් බය වුණා. ආණ්ඩුව හැදුවේ හොර රහසේම දේහය ගෙදර අයට බාරදීලා අවසන් කටයුතු කරන්න. හැබැයි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒකට එකඟ වුණේ නැහැ.


    6090f-thrima252cbandu252cranjith-17-300x196.jpg
    කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ත‍්‍රිමාගේ මළසිරුර ඉල්ලලා මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. ජේ. ආර්. ගේ ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඒ ය තමන්ගේ සහෝදර ත්‍රිමාගේ දේහය ඉල්ලලා පෙට්රල් වත්කර සිය දිවි හානි කර ගන්න හැදුවා. අන්තිමට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබ්බ, විධායක ජනාධිපති ජේ. ආර්. ගේ ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ ගැහැව්වා. තමන්ගේ හෙන්චයියන් විසින් අමානුෂික වැඩ බන්ධනයන්ට ලක් කරලා මරපු පද්මසිරි ත්‍රිමාවිතාන නම් තුරුණු ශිෂ්‍යයාගේ දේහය කුඩා පෙට්ටියක දාලා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට දුන්නා.
    ඒ දේහයට අවසන් ගෞරවය දක්වන්න පද්මසිරි ත්‍රිමාවිතාන දැන සිටි නොසිටි ලක්ෂ සංඛ්‍යාත මිනිස් ගඟක් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලට ගැලුවා. ඒ ආපු මිනිස් ගඟ මුලින් කී විදුරු ආවරණය යට හුන් පුංචි යෞවනයාට දණ ගහලා වැන්දා. කඳුළු පෙර පෙරා ඒ දේහයට ගෞරව කළා. කාලකන්නි මිනීමරුවන්ට උස් හඬින් සාප කළා.


    IMG_2805-copy-300x200.jpg
    IMG_2799-copy-300x200.jpg

    දන්නා පරිදි ලක්ෂ තුනකට වඩා එතැනට ඇදී ආ මිනිස් ගඟ අවසන් දිනය දා ආදාහන පෙළහර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා වුණා. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල් උත්සවය.
    වට රවුමක් ගසා බොරැල්ලේ කනත්තට ඇදී ආ ඒ ජන ගඟ සටන් පාඨ කියමින් මිනිස් ධෛර්යය අවුලුවමින් අවට ජනයාගේ නොමඳ සහය ලද අතිශය සාමකාමී විරෝධතාවයක් වුනා. බොරැල්ල කනත්තට එන අතර මග රැකවල්ලා ල සිටි තරුණ හමුදා සෙබලෙකු ඉදිරිපිට විරෝධතාවය දැක්වූ අවස්තාවක් මට තාමත් අමතක කළ නොහැකියි.


    thrima6-300x195.jpg
    thrima-7-300x195.jpg

    තරුණියන් තුන් දෙනෙක් ඒ හමුදා සේමලා ඉදිරිපිට ‘සෙබල සොයුර මේ අහන්න – ඔය ගිනි අවි අපිට දෙන්න’ කියා සටන් පාඨ කිව්වා. එක් වරම ඒ හමුදා සෙබලා තමන්ගේ අතේ තිබුණ ටී. 56 ගිනි අවිය අර තරුණියන්ට දුන්න. ඒ තමයි මගේ ජීවිතයේ මම දැක්ක හෘදය සාක්ෂියේ අවස්ථාවක්.
    වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රිමාවිතාන ගේ ඒ ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක්. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්‍ය නායකයාට ඔහු ගෙන ගිය අරගලය ජයග‍්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට විදුලිය පවා ලබා නොදුන් බොරැල්ල කනත්තේදී දිව්රා පොරොන්දු වුණා. කනත්තෙන් එළියේ හිටපු ලක්ෂ ගණනක මිනිස් සමූහය මැද හුන් මමත් ඒ දිව්රුම දුන්නා. එදා එතන උන්න වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික‍්‍රම, අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පසු කලෙක පැහැරගෙන ගොස් මරා දැම්මා.


    wenura.jpg
    මරන්න මරන්න ජේ. ආර්. – ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව ඒ අය ගොඩනැගූ අරගලය රට පුරාම පැතිරුනා. මරලා මරලා කොච්චර ගොඩ ගැහැව්වත් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගෙන ඉන්න බැරිබව ආණ්ඩුව තේරුම් ගත්තා. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රශ්නය විසදිය යුතු වුණා.
    අන්තිමට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබ්බ, විධායක ජනාධිපති බලයක් තිබ්බ ජේ. ආර්. ගේ ආණ්ඩුව තමන්ගේ හිතුවක්කාරී පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය අකුලාගෙන රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කළා.
    ඒ තමයි ඉතිහාසය.
    ඒ කාලේ නිරෝධායන නීති, අණ පනත් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ තිබුණේ තුනෙන් දෙකක බලය වෙනුවට හයෙන් පහක බලයක්. ඒත් දේශපාලන දැනුමින් වැඩුණු ශිෂ්‍ය සමුහයක් සමාජයේ සෙසු සමාජ කණ්ඩායම් එක්ක එකතු වෙලා මුළු ආණ්ඩුවම දණ ගැස්සුවා.
    ඒ තමයි ඉතිහාසය.
    ඒ ඉතිහාසයේ එක් දීප්තිමත් මතකයක් තමයි මගේ ජීවිතයේ එකම එක දවසක් මුණ ගැහුණු පද්මසිරි ත්‍රිමාවිතාන කියන රටම දන්නා ත්‍රිමා අය්යා.
    1988 ඔක්තෝම්බර් 22 වෙනිදා ත්‍රිමා අය්යව පැහැරගෙන ගිහින් මරලාදාපු උන්න්ගේ නම්, ගම් අපි කව්රුවත් දන්නේ නැහැ. එකම එක කාලකන්නියෙක්ගේ නම විතරයි අපි දන්නේ. හැබැයි අවුරුදු 33කට පස්සෙත් අපි ඒ ආදරණීය යෞවනයාගේ නම මුමුණනවා. ගෞරවයෙන් සිහිකරනවා. අපේ දරුවන්ට එයා ගැන කියා දෙනවා.
    ත්‍රිමා අය්යා මරලා අවුරුදු 33කට පස්සේ අදත් ඒ වගේමයි. අධ්‍යාපනය නිදහස් කරගන්න මිනිස්සු සටන් කරනවා. රාගම මොකද කොතලාවල මොකද, වෙනස නම් වල විතරයි. සටන සටනමයි.
    තවත් අවුරුදු 33ක් ගිය තැන අද සටන ගැන මිනිස්සු කතා කරයි. ඒ ජයග්‍රාහී දවසටත් ත්‍රිමා වගේ නමක් මිසක් වයසක සටන්කාමීන්ට පහරදුන් පොලිස් බටයන්ගේ නම්, ගම, වගවාසගම් හොයාගන්නවත් බැරි වෙන එකනම් සහතිකයි.
    ඒ තමයි ඉතිහාසය.
    -සිසිර යාපා (fb)
     
    • Like
    Reactions: U-tag and lilman

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    එතකොට එදා හිටපු රනිල් වික්‍රම සිංහ මේ දැන් ඉන්න රනිල් වික්‍රම සිංහ නෙවෙයිද ? නම නෑ නේ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,194
    113
    Colombo
    මෙන්න මේ වීඩියෝ එකේ විදියට ඒ කලෙ ගුපියො හොඳටම කරල නෙහ් ?

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ

    කාල කන්නියෙක්නෙ බන් මූ, පුකටත් ඇනගහන්න තිබුනෙ
    කුහක හිගන වෙසිගෙ පුත්තු.හැම එකක්ම ආන්ඩුවෙන් කරලා දීපියව් කියන හිගන මානසිකත්වයෙන් ඉන්න මුන් වගේ කාලකන්නිත් රටට බරක්

    ow un ova kale nattan umbata rajapaksage puthek gen beheth ganna tibba ada

    DR chchi wage :rofl: :rofl:
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ow un ova kale nattan umbata rajapaksage puthek gen beheth ganna tibba ada

    DR chchi wage :rofl: :rofl:
    දන් ඌට ආචර්ය උපාදිය දීලා තියෙන්නෙ මොකෙන්ද කියලා උබට අමතක උනාද?
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔව් ඔව් මට මතකයි. චන්ද්‍රිකාගේ කාලේ නේ, එකෙනුත් බේරුනා මු..
    Ow mareddi avrudu 29ka kollekne mn podi ethakota mata mathakai a kaale Rathnapure giyama sahenna duk wenaw ehe minissu paksha vipaksha case ekak nathuwa...
    oya kariya Ellawalawa maranna kalin kiyala thibbalu "Rathnapureta aiyala dennek oni na" kiyala
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ

    කාල කන්නියෙක්නෙ බන් මූ, පුකටත් ඇනගහන්න තිබුනෙ
    කුහක හිගන වෙසිගෙ පුත්තු.හැම එකක්ම ආන්ඩුවෙන් කරලා දීපියව් කියන හිගන මානසිකත්වයෙන් ඉන්න මුන් වගේ කාලකන්නිත් රටට බරක්
    ඕකට විරුද්ධ වෙච්ච ශිෂ්‍ය නායකයො පෝලිමට මරල දාන්න තරන් දෙයක් කරන්න පුලුවන් වෙච්ච රජය ඔය පෞද්ගලික විශ්ව විද්‍යාලෙ standards කොහොම maintain කරන්න ඇතිද කියල හිතපන්කො. අනික ඔය කාලෙ දැන් තරන් government faculty නෑ. බොහොම සුලු දෙනයි AL වලින් කැම්පස් යන්නෙත්. එහෙම කාලෙක සල්ලි වලට රජයේ හෙංචයියොන්ට උපාධි විකුණන්න පෞද්ගලික විශ්‍ව විද්‍යාලයක් ආරම්භ කරපු එකටයි ශිෂ්‍යයො විරුද්ධ උනේ. Context එක දන්නැතුව කතා කරන්න එපා.