කෙල්ලොන්ට විතරක් help line එකක් දීලා බෑ අපිටත් ඕන
බස් එකේ ඕනතරම් seat තියෙද්දි අක්කා කෙනෙක් මං ගාවින් ඇවිල්ලා වාඩි වුණා
මං හොදටම බය වුණා
අඩෝ මටත් ඔහොම seen එකක් වුණා.. අක්කා කෙනෙක් ඇවිත් සීට් දෙක තුනක් හිස් තියෙද්දී මගේ seat ඒකෙ වාඩිවුණා.. ඔහොම එද්දී පොඩි සැකයක් හිතෙනවනෙ මොකාටද එන්න හදන්නේ කියලා.. Bus එක යන්න ගත්තම මේකි කොන්ඩේ බැඳන් ඉන්න මොකක්ද එක ලිහුවා.. දැන් හුළඟට කොන්ඩේ වදිනවා මගේ මුණේ.. මේකි ඒක දැක දැකත් පිළියන්දල ඉඳන් කොට්ටාවට ම ඒ විදිහට ගියා කියපන්කො..කෙල්ල ලස්සන නිසා and කොන්ඩේ සුවඳ නිසා ඉවසන් ගියා, නැත්නම් අම්මපා හොඳ එකක් කියන්න හිටියේ
ඇයි උඹේ හිරි ඔතප් බිඳෙයි කියලා බය උනා ද
ඒක පාරක් bus ඒකෙ මුළු bus එකටම මන් විතරක් ඉන්නවා පිටිපස්සේ seat ඒකෙ කෙලවරේ වාඩි වෙලා.. මෙන්න dial එකක් නැගල පිටිපස්සේ අච්චර දිග seat ඒකෙ මට එහාපැත්තෙ වාඩි වුණා කියපන්කො.. මන් කල්පනා කරා මූ කොලුකරයෙක්ද තක්කඩියෙක් ද කියලා..විනාඩියක් විතර මූ ඉස්සරහ බලන් ඉඳලා වටපිටත් බලලා මෙන්න මෙහෙම කියනවා මට..
"මල්ලි මන් ඊයේ රෑ සන්ගීතෙකට ආව.. මොකක් වුනාද දන්නෑ සිහිය නැතිවෙලා ඉන්දල දන් ටිකකට කලින් නැගිට්ටේ.. සතපහක් නෑ සේරම missing බන්.. මට හබරකඩ ට යන්න රු 100ක් තියේනම් දියන්කෝ "
මන් කිව්වා "අය්යෙ මන් කැම්පස් යන්නේ.. අද මේ ගොඩක් දුර ඉඳලා ඇවිත් බෝඩිමට යන ගමන්.. මන් ගාවත් bus සල්ලි විතරයි තියෙන්නේ.. මහපොළ වැටුනම තමා අය්යෙ ගේමක් ගහන්නේ" කියලා..
පොර "හ්ම් හ්ම්" කියලා බැහැල ගියා යන්න.. ඔයවගේ seen නිසා තමා මොකෙක්හරි ඔහොම ළඟට එනවට බය.. හොර තක්කඩින්ට ගෑණු පිරිමි බේදයක් නැහැනේ..
------
Post added on May 7, 2022 at 6:34 PM