මුසාවාදා හා ගැහැණු දැරිවිය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    බොහොම පින්.

    ඒවගේම ඔය මාතෘකාව ඉදිරියට එන සෑම විටම වාගේ මට මතක්වෙන සූත්‍රයක් තමා "සංයෝග විසංයෝග සූත්‍රය". උපතින් ලද ස්ත්‍රී සහ පුරුෂ ඉන්ද්‍රියත්, තමා තුල ගොඩනැගෙන ගැහැනු සහ පිරිමි කියන ආකල්ප වලටත් ඇදිලා බැඳිලා හිඳීමෙන් සිද්දවෙන්නෙ නිර්වාණයෙන් ඈත්වීමම පමණයි.

    සංයෝග විසංයෝග සූත්‍රය

    ඒ සංයොග වියෝග දහම් කොටස කවරේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය (හඬ), ස්ත්‍රී අලංකාරය, (යන මෙයින් යුක්තවූ) අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ඇය එහි ඇලෙයි. එහි රමණය කරයි. ඇය එහි ඇළුනී, එහි රමනය කරන්නී, බාහ්‍යවූ (පිටත) පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය යන මෙහි ඈ ඇලෙයි. එහි රමණය කරයි. ඈ එහි ඇළුනී, එහි අභිරමණය කරන්නී, පිටත එක්විම බලාපොරොත්තු වෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇළුනාවූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි.

    (පෙර පරිදිම පුරුෂයා ගැනත් කියවේ)

    “මහණෙනි, කෙසේ විසංයෝගය (වෙන්වීම) වේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මෙසේවූ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකෙර්ද, ඇය එහි නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමනය නොකරන්නී, බාහ්‍යවූ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලංකාරය යන මෙහි ඇය නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමණය නොකරන්නී, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු නොවෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ආශා නොවූ, නොඇළුනාවූ ස්ත්‍රිය පුරුෂයන් කෙරෙහි වෙන්වූයේ වෙයි. මහණෙනි, ස්ත්‍රිය එසේම ස්ත්‍රී භාවය ඉක්මවයි.

    (ඉහත ආකාරයටම පුරුෂයා ගැනත් කියවේ)

    මෙම සූත්‍රයේ තථාගත උපදෙස වෙන්නෙ ස්වසන්තාන වල ඇති හැඟීම් ආකල්ප මාන වලට යට උවහොත් පිරිමියාද ගැහැනියද යන දෙදෙනාම සංසාර චක්‍රයට හසුව නිර්වාණ ධාතුවෙන් ඈත්වන බවයි. ස්වසන්ථාන වල උපදින හැඟීම් ආකල්ප මාන වලට යට නොවෙමින් විපස්සනා මාර්ගයෙහි ගමන් කරන්නා වූ ස්ත්‍රියත් පුරුෂයාත්, තම ස්ත්‍රිත්වයත් පුරුෂත්වයත් ඉක්මවන බවයි.

    ඒවාගේම වර්තමාන "egalitarian" දෘෂ්ටීන් තුලින් ධර්මය තේරුම් ගැනීමට හෝ බුද්ධ ධර්මය වර්තමාන egalitarian යැයි සම්මත දෘෂ්ටීන් හා සමපාතය යැයි සිතීමත් අනතුරුදායක බව දැනගත යුතුය.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,735
    1
    8,923
    113
    බුදුරජාණන්වහන්සේ එසේ කියා ඇති බව කියන්නේ කෙසේ ද?
    ඉතින් ඔය කියල තියෙන්නේ. හරි හරි කෙල්ලෙක් හම්බුනා තමා. හැබැයි කෙල්ල සමහර විට ලෝකෙ ඉන්න නරකම කොල්ලෙක්ට වඩා චුට්ටක් හොඳ වෙන්න පුලුවන්. සහ හොඳ "කොල්ලො වදන මැෂිමක්" වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වැඩේට හරියන විදියට කෙල්ලව ලොකු කරගන්න කියලා. මහරජ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම එක හා සමානව වටිනවා කියල නෑනේ.
     
    • Like
    Reactions: hitlermash

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරි නන්දෙගේ (හෙවත් මහමෙව්නාවේ) ගෝලයෙක්ද?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    @greenthunder
    ඕක තමයි මමත් අහලා තියෙන්නේ . ඊට අමතරව ගෑණු බාවය ඉක්ම යන්නේ නෑ කියනවා නිතරම තමුන්ගේ ශරීරාංග ගැන හිතන අයට. ඒ අංග කොහොමද ලස්සනට තියාගන්නේ අන් අයට කැපිලා පේන්න ඉන්නේ කියන සිතිවිලි නිතරම තියෙන අය ගෑණු ආත්ම බාව වල තමයි ඉපදෙන්නේ .
    හැබැයි අපි දකිනවා කුණු අදින කම්කරු රස්සා කරන ගෑණු අය ශරීරයේ පෙනුම ගැන හිතන්නේ නැතුව . මේ අය මරණින් පසු මනුෂ්‍ය ආත්ම බාවයක් ලබන්න පිං තියෙනවා නම් පිරිමි කෙනෙක් වෙන්න වැඩි සම්බාවිතාවක් තියෙනවා කියලා කියවෙනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හාමුදුරුවන්ට බැන්නම අකුසල් වැඩෙනවා නම් කරන්නෙ තියෙන්නේ බැනුම් අහන ටෝක්ස් දෙන් හාමුදුරුවන්ට ප්‍රසිද්ද මාධ්‍ය තහන්ම් කරන එක. මිනිස්සුන්ට පව් පුරවන එක වටින්නෙ නෑ නේ හාමුදුරු කෙනෙක්ට.

    එහෙම ඉන්න බැරිනම් ඉතින් රටේ මතු අනාගත යහපත උදෙසා ජෝන් කොතලාවල කිව්ව දේ කියන්න ඕනේ. නැත්නම් බෑනේ මේක කරන්න. උන් ගොන් කතා කියන්නයි අපිට අකුසල් වැඩෙන්නයි. හරි කෙලියක් නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    @greenthunder
    ඕක තමයි මමත් අහලා තියෙන්නේ . ඊට අමතරව ගෑණු බාවය ඉක්ම යන්නේ නෑ කියනවා නිතරම තමුන්ගේ ශරීරාංග ගැන හිතන අයට. ඒ අංග කොහොමද ලස්සනට තියාගන්නේ අන් අයට කැපිලා පේන්න ඉන්නේ කියන සිතිවිලි නිතරම තියෙන අය ගෑණු ආත්ම බාව වල තමයි ඉපදෙන්නේ .
    හැබැයි අපි දකිනවා කුණු අදින කම්කරු රස්සා කරන ගෑණු අය ශරීරයේ පෙනුම ගැන හිතන්නේ නැතුව . මේ අය මරණින් පසු මනුෂ්‍ය ආත්ම බාවයක් ලබන්න පිං තියෙනවා නම් පිරිමි කෙනෙක් වෙන්න වැඩි සම්බාවිතාවක් තියෙනවා කියලා කියවෙනවා.
    ගැහැණු වේවා උපතින් වෙනස්කමක් තියෙන මොනම මනුස්සයෙක් හෝ වේවා පහත් කරල සලකන එක ගෝත්‍රික සමාජයක ලක්සණයක්. ඔය විකාර කතා ජෛනයන්ගෙ බමුණු මත.
     
    • Like
    Reactions: hitlermash

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    ගැහැණු වේවා උපතින් වෙනස්කමක් තියෙන මොනම මනුස්සයෙක් හෝ වේවා පහත් කරල සලකන එක ගෝත්‍රික සමාජයක ලක්සණයක්. ඔය විකාර කතා ජෛනයන්ගෙ බමුණු මත.
    අනිවාර්යෙන්. මම මෙතන දැම්මේ ධර්මයේ මම අහලා තියෙන දේ . අපි ගෙදර බුදුන් අම්මා කියලා කියනවනේ . එතකොටම ඔය කියන කතාව සම්පුර්ණ වැරදියිනේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,768
    98,836
    113
    ඕක හරිද වැරදිද තර්ක කරන කිසි කෙනෙක්ට ඔය පොයින්ට් එක් පෘ කරන්නත් බෑ බොරු කියන්නත් බෑ.

    පලය්ක් හැදෙනා හේතුවක් කියල ඒක අපිට බාරගන්න බෑ කිව්වට ඒක එහෙම වෙනව නන් වෙනවම තමා අපි කොච්චර අකමැති උනත් කොච්චර සමාජ සම්මත වලට විරුද්ධ උනත් නැතත්.

    ඔය ප්‍රකාශනයෙන් ගෑණු කට්ටියට වෙච්ච අවමානය මොකද්ද කියන එක තමා මට පැහැදිලි මදි. දන්න කෙනෙක් ඉන්නව නන් පැහැදිලි කරල දියන්කො.
    ( @TonyMontana83 @dilann @Ace Viper @TechnWeb @hpalpola @aneasarayana uda uthara deepu un tika mention kare adhasak athi kiyala hithala )
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    අනිවාර්යෙන්. මම මෙතන දැම්මේ ධර්මයේ මම අහලා තියෙන දේ . අපි ගෙදර බුදුන් අම්මා කියලා කියනවනේ . එතකොටම ඔය කියන කතාව සම්පුර්ණ වැරදියිනේ .
    ධර්මය අවුරුදු ගාණක් කටින් කට ආව එකනෙ බං. කොච්චර දේවල් වෙනස් වෙන්න හැලෙන්න ඇතිද. එක එක අය තමන්ගෙ වාසියට කොච්චර දේවල් එකතු කරන්න ඇතිද. ඔය කතායි, හාමුදුරුවො විවේචනය කලොත් පවු සිද්ද වෙන කතායි එහෙම ඒවා. බලය රැකගන්න ගහපු ගැට.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    gender discriminations

    ධර්මය අවුරුදු ගාණක් කටින් කට ආව එකනෙ බං. කොච්චර දේවල් වෙනස් වෙන්න හැලෙන්න ඇතිද. එක එක අය තමන්ගෙ වාසියට කොච්චර දේවල් එකතු කරන්න ඇතිද. ඔය කතායි, හාමුදුරුවො විවේචනය කලොත් පවු සිද්ද වෙන කතායි එහෙම ඒවා. බලය රැකගන්න ගහපු ගැට.
    දැන් කොහොමද හරි කෑලි වැරදි කාලි වෙන් කරගන්නේ 🙃
    ------ Post added on May 26, 2022 at 8:45 PM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,487
    164,752
    113
    එකමත් එක රටක
    ඕක හරිද වැරදිද තර්ක කරන කිසි කෙනෙක්ට ඔය පොයින්ට් එක් පෘ කරන්නත් බෑ බොරු කියන්නත් බෑ.

    පලය්ක් හැදෙනා හේතුවක් කියල ඒක අපිට බාරගන්න බෑ කිව්වට ඒක එහෙම වෙනව නන් වෙනවම තමා අපි කොච්චර අකමැති උනත් කොච්චර සමාජ සම්මත වලට විරුද්ධ උනත් නැතත්.

    ඔය ප්‍රකාශනයෙන් ගෑණු කට්ටියට වෙච්ච අවමානය මොකද්ද කියන එක තමා මට පැහැදිලි මදි. දන්න කෙනෙක් ඉන්නව නන් පැහැදිලි කරල දියන්කො.
    ( @TonyMontana83 @dilann @Ace Viper @TechnWeb @hpalpola @aneasarayana uda uthara deepu un tika mention kare adhasak athi kiyala hithala )
    බැල්ලියෙක් , බැලලියෙක් වගේ ස්ත්‍රී ලිංගික සත්තු ඉපදෙන විදිය ඔය තියරියෙන් පොඩ්ඩක් කියන්න බැරිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,768
    98,836
    113
    බැල්ලියෙක් , බැලලියෙක් වගේ ස්ත්‍රී ලිංගික සත්තු ඉපදෙන විදිය ඔය තියරියෙන් පොඩ්ඩක් කියන්න බැරිද?
    මොන තියරියෙන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,768
    98,836
    113
    gender discriminations
    එහෙම දෙයක් ඔය කියපු ප්‍රකාශයෙන් වෙලා නෑනෙ බන්. පලයට හේතුවක් කියල විතරයිනෙ. නිකන් මේ වගේ ෆැක්ට් එකක් විදියට නොසලකා ඒක ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේශන් එකක් විදියට සලකන්නෙ ඇයි කියන එක තමා මට තියෙන ප්‍රශ්නෙ.
    meiosis_error1.png

    “දෙමාපියන්ගේ සංසාරයේ කරනු ලැබූ මුසාවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු දරුවන් පවුලකට උපදින බව එහිදී කියයි.”
    ඔය ෆැක්ට් එක ඇත්තද බොරුද කියන්න අපි ලග සාක්ෂිවත් පරීක්ෂණයක්වත් නෑනෙ. ඒක ෆැක්ට් එකක් විතරයිනෙ ඒක බේස් කරගෙන තර්ක කරන්න අඩුම ඔක කියපු හාමුදුරුවන්ටවත් පුළුවන් වෙයි කියල මම නන් හිතන්නෙ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,487
    164,752
    113
    එකමත් එක රටක
    ඔය ෆැක්ට් එක ඇත්තද බොරුද කියන්න අපි ලග සාක්ෂිවත් පරීක්ෂණයක්වත් නෑනෙ. ඒක ෆැක්ට් එකක් විතරයිනෙ ඒක බේස් කරගෙන තර්ක කරන්න අඩුම ඔක කියපු හාමුදුරුවන්ටවත් පුළුවන් වෙයි කියල මම නන් හිතන්නෙ නෑ.
    එහෙම හිතුවොත් මුස්ලිම් උන් කියන කන්‍යාවියො ලැබෙන කතාවත් ඇත්තද බොරුද කියන්න සාක්ෂි නෑ.. අනිත් ආගම් වල තියන ඔය වගේ බයිල වලටත් ඔහොමම කියන්න පුලුවන්..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    gender discriminations

    දැන් කොහොමද හරි කෑලි වැරදි කාලි වෙන් කරගන්නේ 🙃
    ------ Post added on May 26, 2022 at 8:45 PM
    තමන්ට නිවැරදියැයි හැඟෙන දේ පිළිගැනීමෙන්. මමනම් කරන්නෙ ඒක. මම කර ගහගෙන යන්නෙ නෑ, හොඳ දේ පිළිගන්නවා කොයි ආගමෙත්. මම විශ්වාස කරන්නෙ මනුස්සයෙක්ට හරියට ජීවත් වෙන්න නම් ආගමක් ඕනෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,768
    98,836
    113
    එහෙම හිතුවොත් මුස්ලිම් උන් කියන කන්‍යාවියො ලැබෙන කතාවත් ඇත්තද බොරුද කියන්න සාක්ෂි නෑ.. අනිත් ආගම් වල තියන ඔය වගේ බයිල වලටත් ඔහොමම කියන්න පුලුවන්..
    ඇත්තටම ඔව්. උන්ට ගෝචර වෙන නිසානෙ උන් පිලිගන්නෙ.
    උබට ඒක වෙන්න බෑ වගේ නිසානෙ උබ ඒක පිලිගන්නෙ නැතුව තව හේතු හොයන්නෙ. මේකත් එහෙම තමා මේක ගැනත් තව හොයන්න පුලුවන්.

    සරලවම උබ පිලිගන්නෙ නෑනෙ හේතුවක් නැතුව පලයක් තියෙනව කියන එක. පොඩි දෙයක් එක්ස්ප්ලේන් කරන්න උබ හිතන විදියට සමහර මිනිස්සු පාටට ඉපදිල සමහර අය කලුවට ඉපදෙන්නෙ ඇයි කියපන්කො. එහෙම නැත්තන් උබ ඔය හාමුදුරුවන්ගෙ ප්‍රකාශනය ප්‍රතික්ශෙප කරන්නෙ ඇයි කියල කියන්නකො.
     
    • Like
    Reactions: animation

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    අනිවාර්යෙන්. මම මෙතන දැම්මේ ධර්මයේ මම අහලා තියෙන දේ . අපි ගෙදර බුදුන් අම්මා කියලා කියනවනේ . එතකොටම ඔය කියන කතාව සම්පුර්ණ වැරදියිනේ .

    මුලින්ම කියන්න ඕනෙ ඔය මහමෙව්නා හාංදුරුවො ඔයවගේ කෑලි කියන්න හරි දක්ශයි. අගක් මුලක් තැනක් නොතැනක් නොදැන ඔහේ කියවනවා. ඊටවඩා ඒ ගැන යමක් කියන්න සූදානමක් නෑ දැනට.

    දෙවනුව, ධර්මයේ තිබෙන සමහර කාරණා පොලිටිකලි කරෙක්ට් නැහැ. ඉගලටේරියන් අජෙන්ඩා තියෙන අයට ඒවා නොගැලපෙන දේවල් විදිහට පේනවා. ඒකට හේතුව ඒ අයට ඕනෙ "හැමෝම සමානයි" කියන යුටෝපියානු සමාජයක් හදන්න. නමුත් කාලයේ තාලය වෙනස් වෙනවා. කාලයෙන් කාලයට සමාජයේ අරමුණු වෙනස් වෙනවා. ඒ ඒ අරමුණු අනුව නිර්වචන, ඉගැන්වීම්, පිළිගැනීම් වෙනස් වෙනවා.නමුත් ධර්මයේ අරමුණ නිර්වාණය. අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එය එසේම විය යුතුයි.