බොහොම පින්.
ඒවගේම ඔය මාතෘකාව ඉදිරියට එන සෑම විටම වාගේ මට මතක්වෙන සූත්‍රයක් තමා "සංයෝග විසංයෝග සූත්‍රය". උපතින් ලද ස්ත්‍රී සහ පුරුෂ ඉන්ද්‍රියත්, තමා තුල ගොඩනැගෙන ගැහැනු සහ පිරිමි කියන ආකල්ප වලටත් ඇදිලා බැඳිලා හිඳීමෙන් සිද්දවෙන්නෙ නිර්වාණයෙන් ඈත්වීමම පමණයි.
සංයෝග විසංයෝග සූත්‍රය
ඒ සංයොග වියෝග දහම් කොටස කවරේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය (හඬ), ස්ත්‍රී අලංකාරය, (යන මෙයින් යුක්තවූ) අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ඇය එහි ඇලෙයි. එහි රමණය කරයි. ඇය එහි ඇළුනී, එහි රමනය කරන්නී, බාහ්‍යවූ (පිටත) පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය යන මෙහි ඈ ඇලෙයි. එහි රමණය කරයි. ඈ එහි ඇළුනී, එහි අභිරමණය කරන්නී, පිටත එක්විම බලාපොරොත්තු වෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇළුනාවූ සත්ත්වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි.
(පෙර පරිදිම පුරුෂයා ගැනත් කියවේ)
“මහණෙනි, කෙසේ විසංයෝගය (වෙන්වීම) වේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මෙසේවූ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකෙර්ද, ඇය එහි නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමනය නොකරන්නී, බාහ්‍යවූ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලංකාරය යන මෙහි ඇය නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමණය නොකරන්නී, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු නොවෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ආශා නොවූ, නොඇළුනාවූ ස්ත්‍රිය පුරුෂයන් කෙරෙහි වෙන්වූයේ වෙයි. මහණෙනි, ස්ත්‍රිය එසේම ස්ත්‍රී භාවය ඉක්මවයි.
(ඉහත ආකාරයටම පුරුෂයා ගැනත් කියවේ)
මෙම සූත්‍රයේ තථාගත උපදෙස වෙන්නෙ ස්වසන්තාන වල ඇති හැඟීම් ආකල්ප මාන වලට යට උවහොත් පිරිමියාද ගැහැනියද යන දෙදෙනාම සංසාර චක්‍රයට හසුව නිර්වාණ ධාතුවෙන් ඈත්වන බවයි. ස්වසන්ථාන වල උපදින හැඟීම් ආකල්ප මාන වලට යට නොවෙමින් විපස්සනා මාර්ගයෙහි ගමන් කරන්නා වූ ස්ත්‍රියත් පුරුෂයාත්, තම ස්ත්‍රිත්වයත් පුරුෂත්වයත් ඉක්මවන බවයි.
ඒවාගේම වර්තමාන "egalitarian" දෘෂ්ටීන් තුලින් ධර්මය තේරුම් ගැනීමට හෝ බුද්ධ ධර්මය වර්තමාන egalitarian යැයි සම්මත දෘෂ්ටීන් හා සමපාතය යැයි සිතීමත් අනතුරුදායක බව දැනගත යුතුය.

Last edited: