මේව ගන්න තැනක් හෝ ගෙන්නන විදියක් ගැන දන්නවද කවුරුහරි? ෆේස්බුක් සෝල ගෲප් එකේ ඇඩ්මින් සර්විස් එකත් නවත්තල තාම කිසි අප්ඩේට් එකක් නෑ උන්ගෙන්. මම ඉන්වර්ටර් එකකුත් අලි එකෙන් ගෙන්නුව ඒ නිසාම දැන් බැට්රි එකත් ගෙන්නන්න වෙන ලයින් එකක් තියෙන්නෙ. වැඩේ තියෙන්නෙ ෂිපිං කොස්ට් එක සෑහෙන වැඩියි. රොසෙන් ඩීලර්ගෙන් ඇහුවම අලි එකේ ඉන්න එයාල කිව්ව ජෙන්සොලු ලංකාවට ඉන්නෙ එහෙන් අහන්න කියල. එහෙන් ගාන ඇහුවම ලක්ෂ 8ක් 5Kw බැට්රි එක, ඒකත් ෆුල් පේමන්ට් කරල මාස 3-4ක් ඉන්න ඕනලු. පට්ට රිස්කි, අනිත් එක කලු කඩේ වගේ එකට එකක් ගණං. එයිට වැඩිය ලාභෙට ගන්න පුලුවන් අලි එකෙන්ම ෂිපිං එකත් දාල ගත්ත නම්. ඒ අස්සෙ ඉම්පෝට් කරන්න බැරි කේස් එකකුත් යනවලු. මේ ගැන දන්න එකෙක් ඉන්නව නම් අප්ඩේට් එකක් දෙන්න එහෙම ගෙන්නල දෙන විශ්වාසවන්ත කෙනෙක්වත් ඉන්නව නම්.



