මගේ බිරිද

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේ සිතිවිලි සියල්ලම මගෙ මනසට ආ පසු මම මගෙ දුරකතනය නැවතත් අතට ගතිමි.....

    "BLOCK"

    ඔව්..මට ඇයව බ්ලොක් කිරීමට අවැසි විණි.මෙනුව හරහා බ්ලොක් කිරීමට තැත් කරන අතරේ යලිත් මැසේජ් එකක් ඇයගෙන්ම.

    "messege seen වෙනකොටම මම දැන ගත්තා ඔයාත් තාම එහෙමයි කියලා..මට ලොකූ reply එකක් type කරනවා නේද සුදූ.. "

    මගේ හීන්සීරුව එවර වැරදිණි.
    දුරකථනය බලා අනිත් අතට බලන මා දුටුවේ, මැසේජ් බීප් නාදයට අවදිවී මා දෙස බලා සිටිනා බිරිඳයි...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දවසක් මම මගේ බිරිද අසල නිදමින් සිටියා...
    ඇසිල්ලෙන් මගේ දුරකතනය නාදවුනා, එය මුහුණුපොතේ මිතුරු ඉල්ලුමකි....
    ගැහැණු ළමයෙකු විසින් එවා තිබූනේ ඇයව මිතුරියක කරගන්නා ලෙසය...
    මට ඇය කව්දැයි දැනගැනීමට උවමනාවක් ඇතිවිය....

    මම ඇයව මිතුරියක් කර ඇයට කෙටිපණිවිඩයක් යැව්වෙමි...

    "කව්ද මේ..."

    "මම අරයා... මට ආරංචි උනා ඔයා විවාහ උනා කියලා... ඒත් මට තවමත් ඔයාව මතක් වෙනවා..."

    (ඇය මගෙ කලින් යාලුවෙක්.. ඇය ලස්සනයි... කැපී පෙනෙන දීප්තිමත් ගැහැණු ළමයෙක් ...)

    මං සංවාදය නවත්තලා හොදින් බැලුවෙ මගෙ බිරිද නිදිද කියලා හරියටම දැනගන්නයි..

    දවස තිස්සේ අමාරු වැඩකටයුතුත් සමග ඔට්ටු වූ ඇය ගැඹුරු සුව නින්දක් ලබමින් සිටියා...

    මම බිරිද ගැන සිතන්නට පටන්ගත්තා...
    ඇය කෙසේද මෙහෙම සුවයෙන් පහසුවෙන් නිදන්නෙ...
    ඇයට මෙය සම්පූර්ණයෙන් අලුත් නිවසකි...

    ඇය ඇගේ නිවසින් දැන් සිටින්නේ බොහෝදුරය...
    අවුරුදු 24ක් පුරාවට ඇය හැදී වැඩුනේ ඇගේ පවුලේ අය යටතේය....

    ඇයට දුකක් තරහක් පැමිණියහොත් ඇගේ මවගේ උකුල මත හිද ඇයට හැඩිය හැක....
    සහෝදරයෙකුගේ හෝ සහෝදරියක් කරනා මෝඩ විහිලුවකට මහාහඩින් සිනාසිය හැක.....
    ඇයගේ පියා නිවසට එනවිට ඇය ආශා කරනා සියල්ල ඇයවෙත ගෙනත් දෙනු ඇත....
    ඇය ඉන් සැනසෙනු ඇත....

    අද ඒ කිසිත් නැතිව මා අසල ඈ සුවසේ නිදන්නේ මා කෙරෙහි ඇති අතිමහත් ආදරයත්, ආරක්ෂාවත් ඇයට හොදින් දැනෙනා නිසා නොවෙද......

    මේ සිතිවිලි සියල්ලම මගෙ මනසට ආ පසු මම මගෙ දුරකතනය නැවතත් අතට ගතිමි.....

    "BLOCK"

    මම ඇය දෙසට හැරී ඇය තුරුළු කර නිදන්නට විය....
    මන්දයත් මම නියම පිරිමියෙක්ය.....
    මොකද නියම පිරිමියා කිසිදිනක තමන්ගේ බිරිදව රවටන්නේවත් ඇයගේ විශ්වාසය කඩා බිදා දමන්නේවත් නැත.....

    ජය ❤❤️
    View attachment 172426
    Sanduni Aththanayake
    From Facebook
    කෙල්ලෙක්ගේ මනෝ පාරක්
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    696
    352
    63
    චේතනාව තමා වැදගත්... චැට් කරා කියලා මැරෙන්නේ නෑ නේ.
     
    • Haha
    Reactions: Hecker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මන්දයත් මම නියම පිරිමියෙක්ය.....
    .
    .
    Sanduni Aththanayake
    From Facebook

    සඳුනි අත්තනායක කොහොමද පිරිමියෙක් වුනේ?? පොන්නයෙක්ද දන්නෑ?? :lol::lol: