මචන් nic.lk එකේ රෙජිස්ට්‍රේෂන් වලට real personal details ද දැම්මෙ?
අයි උඹ බොරු එව්වද දැම්මේ ? ඉල්ලුවේ නැද්ද උඹේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් එහෙම upload කරන්න කියල ? business එකකට නම් BR එකත් ඉල්ලනවනේ.
නැහැ අයිඩී පිටපතක් ඉල්ලල නැහැ, සමහරවිට ඊලග පේජ් එකේදි ඉල්ලයි.
රියල් ඩීටේල්ස්ම දානව එහෙනම්.. උඹත් රියල් ඩීට්ස් ද දැම්මෙ?
me page eke inne mama -
https://rs.domains.lk/signup
මචන් මම අන්තිමට ගත්ත එකෙත් ඉල්ලුව. ඉස්සහරට ඉල්ලයි. සමහර වෙලාවට උන් වෙනම email එකකුත් දාල document submit කරන්න කියල කියනවා.
මට එහෙම එක domain එකකට අතින් ලියුමක් ලියල sign කරලා දෙන්නත් උනා. දැන් ලඟදි ඉඳන් එව්වා වෙනස් කරලද දන්නේ නැහැ හැබැයි. කෝකටත් රියල් details දෙන්න.
Domain එකක් ලියාපදිංචි කිරීමේ දී සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි, එම තොරතුරු සනාථ කිරීම සඳහා සත්‍යය ලියකියවිලි ඉදිරිපත් කිරීම ද අත්‍යවශ්‍යයි. එසේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ඔබගේ domain නාමය de-register කිරීමකට ලක්වීමට හේතු වේ. LK domain නාමයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ LK domain registry ආයතන සතුවයි. අප සිදු කරනුයේ එය මිලදී ගැනීමක් නොව කුලී පදනම මත ලබා ගැනීමක් පමණි. මෙම කාරණය third-party ආයතනයක් හරහා domain එකක් මිලදී ගැනීමේදී domain එකෙහි අයිතිය පිළිබඳ ප්‍රශ්න ඇති කිරීමට හේතු වේ.
Domain නාමයක් ලබා ගැනීමේදී සත්‍යය තොරතුරු ඉදිරිපත් පත්කිරීම .com .net .org වැනි අනිකුත් domain නාම වලටත් වලංගුයි. මොකද domain hijack කිරිමට වගේ ලක් වීමක් සිදු වුවහොත් domain නාමය නැවත ලබා ගැනීමේදී එය ඉතා වැදගත් කාරණයක් වෙනවා.
Doamins.lk හි ලියාපදිංචි වීමේදී අනන්‍යතාවය සහතික කිරීම අත්‍යවශ්‍යවනවා. මේ සඳහා ඔබට ජාතික හැදුනුම්පතේ පිටපතක් හෝ ජල හෝ විදුලි බිල් පතක් ඉදිරිපත් කළ හැකියි. එම ලියවිලි ලබා ගත නොහැකි අවස්ථාවකදී ග්‍රාම නිලධාරී මහතා සහතික කරන ලද පදිංචිය සහතික කරන ලද ලියවිල්ලක් ද ප්‍රමාණවත් වේ. සියලුම ජංගම දුරකථන බිල්පත් සහ ස්ථාවර දුරකථන බිල්පත් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
එම ලියවිලි නිසියාකාරව upload කළ පසු දින දෙකක් ඇතුලත ඔබගේ ගිණුම ක්‍රියාකාරී නොවුණහොත් ඔවුන්ගේ දුරකථන අංකයට හෝ email ලිපිනයට දැනුම් දීම මගින් ගිණුම සක්‍රීය කර ගත හැක. ඔබ හදිසි අවස්ථාවක සිටින්නේ නම් ලියවිලි upload කර පැයකට පමණ පසු ඔවුන්ගේ දුරකථන අංකයට ඇමතීමෙන් ගිණුම ඉක්මනින් සක්‍රිය කරගත හැක. ගිණුම සක්‍රිය වන තුරු ඔබට domain එකක් request කිරීමේ හැකියාවක් නොපවතී.
වැදගත්:
ඔබ සිදුකරන සියලුම domain ලියාපදිංචි කිරීමක්ම ඔබ ගිණුම නිර්මාණය කිරීමේ දී ලබාදුන් email ලිපිනයට සිදුකරන බැවින් එය නිවැරදි සහ ක්‍රියාකාරී තත්වයේ ඇති බව සනාථ කර ගන්න. මෙය පසුව වෙනස් කිරීම ඉතා කරදරකාරී කටයුත්තකි. ඔබ ඔබගේ සේවාදායකයෙකු වෙනුවෙන් හෝ ආයතනයක් වෙනුවෙන් domain මිලදී ගැනීමක් සිදු කරන්නේ නම්, ඒ සඳහා ඔවුන්ගේ email ලිපිනය භාවිතා කර වෙනමම ගිණුමක් නිර්මාණය කරන්න. මෙය පසු කාලීනව අනවශ්‍ය ප්‍රශ්න වලින් වැළකී සිටීමට ඉතාම ප්‍රයෝජනවත් වේ.
------
Post added on Jun 26, 2022 at 8:29 PM