වෙන රටවල නායකයින් පත් කර ගන්නේ රටේ යහපත දියුණුව වෙනුවෙන් ....අපේ රටේ නායකයින් පත්කර ගන්නේ දේශපාලකයිනගේ දියුණුව යහපත වෙනුවෙන් ..ඒකයි අපි පෝලි්මේ...උන් V8 වල..
මෙච්චර පුංචි රටකට කොච්චර නම් පක්ශද
ඒ ඔක්කොම එකතුවෙලා අවංකව අව්‍යාජව රට ජනතාව වෙනුවෙන් සේවය කලා නම් සුරපුරයක් කරන්න තිබුනා. ඒ තරමට සම්පත් සහිත රටක්නෙ මේක.
ඒත් ජනතාවට පේන්න පාර්ලිමේන්තුවේ රන්ඩු කරන් , අපිව රවටමින් , මාරුවෙන් මාරුවට බලයට ආවා වසර ගනනාවම.
ඒ ඔක්කොම යාලුවෝ කියන වග සනාත කරමින් මේ වන විටත් , වටු කුරුලු රෑන සේ දැල ඔසවාගෙන එකාවන්ව තම බලය රැක ගනිමින් , කරන්නේ ඒකමයි. අපට සිදුව තිබෙන්නේ බලා සිටින්නද???
නැත , මින් මත්තට හෝ විශ්වාසය මත පදනම්ව හෝ පාට , පක්ශ , පුද්ගල , වහල්බව පදනම්ව හෝ කතිර නොගසා බුද්ධිමත්ව ඉදිරි පාලකයින් තෝරා පාර්ලිමේන්තුවට යැවීමයි අප කල යුත්තේ. නොඑසේ නම් විඳවීමට වන්නේද අපටමයි.
------
Post added on Jul 21, 2022 at 10:53 AM