දෙනාසා සිදුරෙන් සැරව වැනි කුණුද එක් කලෙක කටින් පිතද එක්කලෙක සෙමද වමනය වන්නේය. කයින් ඩාදියද, හැමකල්හි හැම ඉරියව්වෙහි වෑහෙන්නේය.
201
“නැවත මේ කායයාගේ සිදුරුවූ හිස හිස් මොළින්, පිරෙනලද, ඒ කය බාල ජනතෙම නොදැනීමෙන් මෙහෙයන ලද්දේ ඉෂ්ට හෙයින් සලකන්නේය.
202
“නැවතද ඒ කය මළේ, ඉදිමුනේ, නිල්වූයේ අමු සොහොනෙහි දමන ලද්දේ, යම් කලෙක හොවිද සියලු නෑයෝ නිරාලයව හරිත්.
203
මළ කය බල්ලෝද, සිවල්හුද, චණ්ඩ මෘගයෝද පණුවෝද, කපුටුවෝද ගිජුලිහිණියෝද, කති. අනිකුත් යම් සත්ව කෙනෙක් ඇද්ද ඒ සත්හු කන්නාහ.
204
මේ ශාසනයෙහි බුදු වදන් අසා විදර්ශනා නුවණ ඇති ඒ මහණ වනාහි ඒ කය පිරිසිඳ දන්නේය. යම් හෙයකින් තත්වූ පරිද්දෙන් දකීද එහෙයිනි.
205
මේ සිත් ඇති අශුභය යම්සේ යාම් සිටීම් හිඳීම් හොවීම් කෙරේද, සිත් නැති මේ අශුභය පළමුවෙන් එසේම කරන්නේ විය. මේ මළ ශරීරය යම්සේ යාම් ඊම් ආදිය නොකෙරේද, මේ සිත් ඇති අශුභයත් මතු එසේ නොකරන්නේය. මෙසේ පිළිපන් මහණ පිළිවෙළින් තමා තුළ වූද පිටත්හිවූද කයෙහි ඇල්ම දුරු කරන්නේය.
206
මේ ශාසනයෙහි රහත්මග නුවණින් යුක්ත ඒ රහත්මගට හික්මෙන මහණ ඡන්ද රාගයෙන් වෙන්වූයේ අමෘතවූ ශාන්ති නම්වූ නිර්වාණ නම්වූ චුති නැති බැවින් අච්චුතයයි යමක් වදාරණ ලදද, ඒ ශාන්ති පදවියට පැමිණියේය.
207
දෙපයත් ඇති මේ මිනිස් සිරුර අපවිත්‍රවූයේ දුගඳ වූයේ පරිහරණය කරයි. කෙස් ඈ නොයෙක් කුණින් පිරුණෝ ඒ ඒ දොරින් අශූචි වැගිරෙන්නේමය.
208
මෙබඳුවූ කුණු කයින් යුක්තවූයේ යම් නුවණ නැති පිරිමියෙක් හෝ ගැහැණියක් උසස් බව සිතන්නට සිතාද අන්‍යයන්ට හෝ අවමන් කරන්ට සිතාද අඥානකම විනා මෙහි අන් කවර කාරණයක් ඇද්ද.”
