බිත්තර කතාවක් 🥚🥚🥚

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,945
    3,293
    113
    බිත්තර කතාවක් 🥚🥚🥚
    _________________________________________
    දැකලා ඇතිනේ සුදු බිත්තර වලට වඩා දුඹුරු බිත්තර රුපියලකින් හරි ගාන වැඩිනේ..

    ඒත් මේ දෙකේ පෝෂණීය අගයේ කිසිම සැළකිය යුතු වෙනසක් නෑ..

    සරලව ම සුදු බිත්තර දාන්නේ සුදු කිකිළියන්..
    දුඹුරු බිත්තර දාන්නේ දුඹුරු කිකිළියන්..
    එතකොට ඇයි මේ ගානේ වෙනසක්..?
    හේතුව තමයි සාමාන්‍යයෙන් දුඹුරු කිකිළියන් සුදු කිකිළියන් ට වඩා ශරීර ප්‍රමාණයෙන් ටිකක් විශාලයි.. ඉතිං වැඩිපුර කන්න දෙන්නත් ඕන..
    ඒ කියන්නේ නිෂ්පාදන වියදම් සාපේක්ෂ ව වැඩි යි.. එතකොට දුඹුරු බිත්තර වල මිල ටිකක් වැඩිකරන්න වෙනවා..

    හැබැයි මේ දෙකේ ම ප්‍රෝටීන ප්‍රමාණය, කොලෙස්ටෙරෝල් ,සෝඩියම් ඇතුළු පෝෂක සියල්ල එක හා සමානයි..

    ඉතිං පෝෂණීය අගය ගැන සළකලා දුඹුරු බිත්තර වලට වැඩිපුර ගෙවන එකනම් තේරුමක් නෑ..

    එතකොට ගම් බිත්තර..?

    ගම් බිත්තර කියන්නේ ගොඩක් වෙලාවට
    ගෘහාශ්‍රිත ව නිදැල්ලේ ඇතිකරන කිකිළියන් ගේ බිත්තර..
    එහෙම ඇතිකරන ගොඩක් කිකිළියන් දුඹුරු කිකිළියන්..
    උන්ගේ බිත්තර කොහොමත් දුඹුරු පාටයි..
    හැබැයි ගම් බිත්තර කහ මදය දීප්තිමත් කහ,තැඹිලි පාටයි..
    ඒකට හේතුව ගම් කිකිළියන් ට වෙන ම ආහාර ලබාදෙන්නේ නෑ..
    උන් නිදැල්ලේ හැසිරෙන්නේ..
    අවට පරිසරයෙන් තමයි ආහාර හොයාගන්නේ.. ගොවිපොළක වගේ එකම වට්ටෝරුවක් නෙමෙයි නිදැල්ලේ හැසිරෙමින් ආහාර හොයාගන්නකොට ඔවුන් කැමති විවිධ ආහාර ලැබෙනවා..
    විටමින්,කැරොටින් බහුල ආහාරත් ලැබෙනවා..
    අන්න එතකොට තමයි කහමදය අර විදිහට දීප්තිමත් කහ පාටක් වෙන්නේ..
    ඒවා ෆාම් බිත්තර වලට සාපේක්ෂ ව පෝෂණීය ගුණයෙන් ඉහළයි..
    ඒ වගේම මිලෙනුත් වැඩි යි..

    කොහොම වුණත් බිත්තර කියන්නේ ලාබදායී ම ප්‍රෝටීන ප්‍රභවයක්..

    මස්,මාළු කන්නේ නැති කෙනෙක්ට කන්න හොඳම සත්ත්ව ප්‍රෝටීනයක්..

    වැඩිහිටි කෙනෙක් දවසට බිත්තර දෙකක් කෑවත් ප්‍රශ්නයක් නෑ..

    (උපුටා ගැනීමකි)
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,740
    10,371
    113
    රතු බිත්තරවල කට්ට සුදු බිත්තර වලට වඩා ටිකක් හයියයි. ඒක නිසා බිදෙන්න තියන ඉඩකඩ අඩුයි සාපේක්ෂව. ඒකත් මිල වැඩි වීමට බලපානවා..
    Ehenam mila adu wenna one rthu ekeneda ?
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,202
    687
    113
    බිත්තර 55යි.ලංකාවෙ දරුවන්ගෙ පෝෂණය පහලට ම බැහැල.මුන්ට සාප වෙනව.දරුවො බඩගින්නෙ නිදා ගන්නෙ.
     
    • Sad
    Reactions: NRTG and PHBhagya